වෛද්‍ය සාෆී
ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්‍රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්‍රසිද්ධ යැයි මත පලව
වෛද්‍ය සාෆී ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්‍රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්‍රසිද්ධ යැයි මත පලවුණු මේ වෛද්‍යවරයා හිතාමතා ඇළුත උපන් දරුවෙකුගේ කකුලක් කැපු බව තවත්ප්රසිද්ධ ආගමික දේශපාලන චරිතයක් විසින් සමාජගත කරමින් තිබුණි. සිසේරියන් සැත්කමක් කරද්දී එවෙලේ උපදින බිලිඳාගේ කකුලේ කැපුමක් අතිකරේ සාෆී පමණැක් නොවේ එසේ කරන්නට ප්‍රසිද්ධ වී සිටි වීඕජී තුමෙක් ගැනයි මේ කථාව..
"ඩොක්ටර් ඔන්න ඩොක්ටර්ගේ තෑග්ග"
මලක් වැනි රෝසම රෝස පාට බිලිඳියක් කොළපාට රෙදි ගොඩකින් ඔතා ම අසළ ට්‍රොලිය මතින් තැබුවේ තියෙටර් සිස්ටර් විසිනි. මම උඩ බිම බැලුවේ අනුන්ගේ ළමයෙක් මට තෑග්ගක් ලෙස දෙන්න හේතුව කුමක්දයි යන විමතිය මගේ දෑසින් පළකරමිනි. "ඇයි සිස්ටර් මට තෑග්ගක් උදේ පාන්දරම ? "විමතිය සඟවමින් ප්‍රශ්න කළෙමි.. නෑ සර් අතින් මේ බබාගේ කකුල කැපුණා ඒකට ස්ටිච් එකක් දාන්න ... "උපන් හැටියේ ළමයෙකුගේ කකුලට මැහුම් දාන්න ?" මම වික්ෂිප්ත වූයේ දෙමව්පියන් මොනවා නොසිතයිද ඉපදෙනකොටම කකුල කැපුණම ? යන ගැටළුවද මා සිත තුළ දෝංකාර දුන් නිසාය.. "ඩොක්ටර් අදද මේක දැක්කේ ? අපි නම් සෑහෙන්න වාරයක් දැකලා තියෙනවා සර් කළබලෙන් සීසර් එක කරද්දි සමහර බබාලගේ අත පය කැපෙනවා.. "මා වෙත මැහුම් දාන්නට අවශ්‍ය උපකරණ ගෙනැත් දෙන අතරරේ සිස්ටර් කියයි.
. වීඕජී තුමා සහ එස් එච් ඕ කෙනෙක් තියෙටර් ටේබල් එකේ වැඩය දෙන්නාම ආර්ය සිංහල වාසගම් සහිත වෛද්‍යවරු දෙදෙනෙකි .. ඔවුන්ගේ ඉන්ටර්න් වූ මම අපේ බොස් අතින් කැපුණු ළමයාගේ කකුලට මැහුමක් දැම්මෙමි, මව සහ අළුත උපන් බිලිඳියද සිංහල බව මගේ මතකය පවසයි. ඒ කෙසේ වෙතත්මෙළොව එළිය දුටු මොහොතේම මැහුම් දැමීමක් සිදුවූ ඓතිහාසික බිලිඳුන් අතරට ඇයද එක්වන්නට ඇත.
සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි. මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"
සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි. මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"කුලක් කැපු බව තවත්ප්රසිද්ධ ආගමික දේශපාලන චරිතයක්
Stories of my life from childhood , experiences I had as a child as well as an adult ....මට මතක ඇති අතීතයේ සිදු වූ රසබර සිදුවීම් වල එකතුවක්
Friday, 13 September 2019
Friday, 23 August 2019
එක හීනෙන් එළිවුණු ඇල්ල රොක් සිහිනය
සතියේ වැඩ ඉවර වෙලා ගෙදර ආවා හයට හය හමාරට විතර. බිරිඳත් එක්ක සතියේ විස්තර සාකච්චා වෙද්දි ඇල්ල රොක් ගිණි ගැනීම , ලංකාවේ දේශපාලන තත්ත්වය අපේ යාළුවන්ගේ අදහස් සිරිසේන මොනවා කරයිද? ඔන්න ඕවා තමයි කථා කරේ . එයා දෙවැනි ඉනිම බලද්දී ධර්මප්‍රිය ඩයස්ගේ දක්ෂ කම් ගැන කිය කියා හිටි මම ආපහු මගේ කාමරයට ගිහින් මුහුණු පොතේ සැරිසරණවා .
තව ටිකක් රෑ වෙලා ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් කෙටි පණිවිඩ එවනවා ආධාර රැස් කිරීමේ ලන්ච් එකක් ගැන (ඔයත් එන්න බලන්න පුළුවන්නම් පුතාගේ චිත්‍රයකුත් ගේන්න අපේ වෙන්දේසියට තියන්න)
මම: " ඔයා දන්නවද ඔය කට්ටිය ගියපාර එකතු කරලා යවපු රෝහල් උපකරණ ඔක්කොම රේගුවේදිම විනාශ කරනවා කියලා ?"
" අම්මෝ ඔයාට කොහොමද ඒ ගැන දන්නේ ? "
"මට මිනිස්ට්‍රියෙන් තොරතුරු එනවා "
".. අය්යෝ ඔය වැඩේට මම මහන්සි වෙච්ච තරමක් . මේ වෙලාවේ ඔයාට කරදර කරාට කණගාටුයි අපි හෙට කථා කරමු ඔය ගැන". ( මේ වෙලාවෙත් ලංකාවෙ වැඩ කෙරෙන හැටි , දේශපාලනය වැඩ වලට බලපාන හැටි මෙකී නොකී කුණු කන්දල් මගේ ඔළුවට එනව ස්වභාවයෙන්ම)
ඔය කතා බස් පණිවිඩ හුවමාරු එහෙම ඉවරවෙලා කොහොම හරි නින්දට වැටුණා කියමුකෝ .
ඔන්න සාගර රත්නායක මම සුසිල් විජේරත්න රෝහණ වණසිංහ, සුජිත් රත්නායක ඇතුළු කොල්ලෝ රෑණක් ඇල්ල රොක් නඟින්න යනවා( මේ කට්ටිය තමයි මාත් එක්ක එකට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙඩිසින් තේරුණේ). ටික වෙලාවක් යද්දී කොල්ලෝ රෑණ මට මඟ හැරෙනවා . මම එයාලට වඩා ටිකක් පහුවෙලා එන්නේ කොහොම හරි මුං ටික අල්ලනවා කියලා මමත් හය්යෙන් හය්යෙන් කිතල් ඇල්ල පැත්තේ ඇල්ල රොක් බලා යනවා.
පුදුමෙකට වගේ මගේ ලඟ හොඳ මොබයිල් ෆෝන් එකකුත් තියෙනවා.. ඔන්න දැන්න ඇල්ල රොක් පැත්තට යන්න ඕනි පාර දෙකට බෙදෙනවා එක පැත්තක් ( වම ,පුළුල් එහෙත් නොගැඹුරු ඔයක් හරහා එගොඩවෙලා යන්න ඕනේ) මේ වැඩේට මට සපත්තු මේස් එහෙම ගලවලා අතට ගන්නවෙනවා . කළිසමේ කකුලුත් නමන්න වෙනවා .. අනික් පැත්ත වියළි ගිරිදුර්ග සහිත පාරක් .. මම එතැන ඉන්න ගම්වැසියෙක් ගෙන් අහනවා "මෙහෙම මහත්තුරු කට්ටියක ආවා කොයි පැත්තෙන්ද යන්න ඇත්තේ? කියලා . සාගරලා වමට ගිය බව තමයි ඔහු හඟවන්නේ . මමත් වමට හැරිලා ඔයෙනුත් එගොඩවෙලා ආපහු ඇල්ල රොක් බලා යනවා .
ටික දුරක් යද්දී මට ඇලකණ්ඩියක් උඩින් යන්න වෙනවා . තවමත් සාගරලා නෑ.. දැන් මම සෑහෙන්න කළබල වෙලා එයාලාගේ නම් මොබයිල් එකේ හොයන්න උත්සාහා කරනවා "රත්නායක සාගර , රත්නායක සුජිත්" එකක් වත් එන්නේ නෑ .. අහළ පහළ් ඉන්න මිනිස්සුත් මා දිහා බලනවා.
මේ අතරේ අපේ ලසිත් ගේ වගේම චිත්‍රයක් මට විකුණන්න හදනවා එක්කෙනෙක් .. මම අර මහත්තුරු කොහෙද අහ අහා දඟලනවා..
දැන් මට වෙහෙසයි ඒ වගේම භයයි කන්ද උඩට යන්න හදනවා හදනවා යැවෙන්නේ නෑ .. සාගරලා පේන තෙක් මානෙක ඇත්තෙත් නෑ මොබයිල් එකේ එයාලගේ නම් වදින්නෙත් නෑ .ඔහොම අතරමං වෙලා ඉද්දි එකපාරම අපේ අම්මා මතුවෙනවා
සාගර ලා එහෙම හොයාගන්න බැරුව ඇල්ල රොක් එකේ අතරමං වෙලා ඉද්දි පිහිටට එන්නේ අපේ අම්මයි අය්යයි . මුලින්ම අම්මා පුදුමයි එයා අතෙත් මොබයිල් ෆෝන් එකක් තියෙන්න ව පොඩ්ඩක් හිටපන් ආ මේ තියෙන්නෙ නොම්බරේ .. රත්නායක ඔන්න ලියාගනින් අම්ම කියනවා.
අම්මත් එක්ක මම ඇල්ල රොක් එකේ පහළට එද්දි මහ සෙනඟක් කොල්ලෝ කෙල්ලෝ , ලොකු පොඩි හැමෝම ඇල්ල රොක් එක නගින්න එනවා
ඒ අතරේම අම්මා වැද්ගත්ම ප්‍රශ්නේ මගෙන් අහනවා .. සාගරයලා එක්ක කෙල්ලොත් හිටියද ? පිස්සුද අම්මා කොල්ලෝ ටික විතරයි ..
අම්ම මාව පල්ලෙහාට අරන් එද්දී ඇල්ල් ප්‍රදේශයේ තියෙන ගෙයක් ලඟින් අපි යනව පෙනෙනවා. ඒ ගෙදර ජනේලෙන් පෙනෙන රූපවාහිනී තිරයේ මුස්ලිම් පල්ලියක දර්ශනයක් තමයි තියෙන්නේ ඒකේ මහා හය්යෙන් "අල්ලාහ් අක්බර්" කියලා අර පැය කිහිපයකට වතාවක් ආගම කියන එක යනවා මේ අතරේ රැවුළත් වවාගත්තු අපේ බැචෙක් මටත් අත වනාගෙන ඇවිත් සිමෙන්තියේ දණ ගහගෙන යාතිකා කරනවා..
ඔන්න ඒත් එක්කම අල්ලපු කාමරෙන් ( ඒ ගෙදරම ) "යංකිච්චි විත්තං ඉධවා හුරංවා" කියලා අර සද්දෙටම සමාන හඬකින් ගුවන්විදුළි යන්ත්‍රයක හඬ ඇහෙනවා . ඔය අතරේ අපේතවත් බැචෙක් කතාකරනවා ඇහෙනවා " මොනවද ඔය හ්තලා ගගා කියන කුණුහරුප ? කියා උස් හඬින් හිනාවෙන ගමන්
ටික වෙලාවක් යද්දි මම ලෙඩ වෙලා ඒ අතරේ අම්මගේ උදව්වට අපේ අය්යත් ඇවිත් (හැමදාම වගෙ එදත් අපේ අය්යගේ වධානය යොමුවෙනවා මම ලෙඩ වුණාම ).
ඔන්න දැන් අය්යයි අම්මයි මාව රෝදපුටුවක තියන තල්ලු කරන් යනවා. ටික දුරක් යද්දි රෝද පුටුවම ටොයිලට් එකකුත් වෙනවා.
ටික වෙලාවකින් මහජන වැසිකිළියක බිම කහපාට පැල්ලම් දැක දැක මම හිරිකිතේ ඉන්න බැරුව රෝද පුටුවෙන් යනවා (මගේ කකුල් දෙකේ සෙරෙප්පුත් නෑ).. එක පාරම ඇහැ ඇරිලා බලද්දි මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ කාමරේ ජනේලෙන් එළියේ කුරුල්ලෝ සිංදු කියන සද්දේ ඇහෙනවා.
අවසානයේ වම් පැත්තෙන් ගිය මම අතරමං වෙලා එක්කන් එන්නේ අම්මයි අය්යයි .. අපේ යාළුවෝ ගියෙ වමෙන්ද දකුණෙන්ද ගියාද නැද්ද ආපහු ආවද මොකුත් පැහැදිළි නෑ .. ආගම් දෙකකට අධිකව ආදරේ කරන අපේ බැචාලා දෙන්නෙක් ( ඔබ අපි කවුරුත් හොඳින් හඳුනන ) එකම ගෙදරක ඉන්නවා .. මම ලංකාව , යාළුවෝ, පරිසරය , නෑදෑයෝ , ජාතිය , ආගම දේශපාලනය සියල්ල එකට කැටිවුණු හීනයක් දැකලා අවධිවෙනව. මගේ හීනේ සත්‍ය තත්ත්වයට කොච්චර සමීපද කියලා හිතා බලන එක ඔබ සැමට භාරයි
Sunday, 18 August 2019
ඈ කටකාරී .... ඈ හැඩකාරී..
ඈ කටකාරී .... ඈ හැඩකාරී..
අපිට පරිවාස භාරයට යන්න බෑ . අම්මයි තාත්තයි එක්ක ලුණුයි බතුයි කාලා හරි අපිට එකටයි ඉන්න ඕනේ.. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක බණ්ඩාරවෙල වාර්තාකරු ඉදිරියේ ඇය තම අදහස ඉදිරිපත් කලේ එලෙසිණි . අනතුරුව ගතවූ දින කිහිපයේදී අපි අපේ බණ්ඩාරවෙල හිතවතුන් හරහා ඇයගේ පවුළේ විස්තර හොයන්නට ගත්තෙමු. අවසානයේ ඇයත් මල්ලිලා තුන්දෙනත් අම්මත් තාත්තත් එකට ගුළිවී එක ඇඳක මෝඩ ගඩොලින් තැනූ තනි කාමරයක සිටින කාලය අවසන් වන බව ඇයට දැනගන්නට ලැබිණි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුළේ දියුණුව වෙනුවෙන් ගැනෙන්නට නියමිත වෙනත් පියවරවල් ද ඈ හට දැනගන්නට ලැබී තිබුණි. වෙනදා අම්මා හා තාත්තට එන දුරකථන ඇමතුමට ඊයේ ඇය උත්තර දෙන්නේ අහම්බයකිනි.
"හෙලෝ කව්ද කථා කරන්නේ?"
" හෙලෝ අම්මා හරි තාත්තා හරි නැද්ද?"
" අංකල් අම්මා මේ ලඟ කඩේට ගියා බඩු ගේන්න තාත්තා නම් වැඩකට ගියා, උදේම. අම්මා තව ටිකකින් එයි එතකොට කථා කරන්න "
".. හරි හරි පුතා ඔයා මම කව්ද කියලා දන්නවද?"
"අම්මලා කියලා තියෙනවා අපිට උදව්කරන මාමලා කට්ටියක් කියලා "
".. පුතා ඔයාගේ නම මොකක්ද?"
" බී සමෘධිකා "
" වයසකීයද? ඉස්කෝලේ කීයේ පන්තියෙද ඉන්නේ? .."
" මට එකොලහයි ඉන්නේ හයේ පංතියේ ."
". ශිෂ්‍යත්වේ ට මොකද වුණේ පුතා ? "
"මට ලකුණුඑකසිය තුනයිනේ තිබ්බේ අංකල් ."
". ඔයා මොනවගේ කෙනෙක් වෙන්නද කැමැති ?"
" ටීච කෙනෙක් වෙන්න"
" .. හරි හරි පුතා ටීච කෙනෙක් වෙන්න ශිෂ්‍යත්වේ පාස්වෙන්නම ඕනේ නෑ දැන් ඉඳලාම හොඳට පාඩම් කරොත් පුළුවන්.. මල්ලී කීයෙද ඉන්නේ? ""එයා දෙකේ , එයා නම් ටිකක් දඟයි.. "
"ඒක නෙවෙයි ඔයා නේද ටීවී එකේ මාමලා ආවම අම්මලා දාලා යන්න බෑ කියලා ඇඬුවේ? "
"ආහ් ඔව් ඔව් ඉතිං සමෘද්ධි නෝනා එහෙම කිව්වම මට භය හිතුනනේ?"
"ඒක නෙවෙයි තාත්තා බොනව නේද?"
" ඉස්සර බිව්වා දැන් බොන්නේ නෑ. ගේ හදලා දෙනවා කිව්ව දවසේ ඉඳන් තාත්තා බීලා එන්නේ නෑ ."
" ඒ කාලේ තාත්තා අම්මට ඔයාලට එහෙම බීලා ඇවිල්ලා කරදර කරාද?" " නෑ එහෙමටම නෑ .. "
"අම්මට එහෙම ගහන්න හැදුවද?"
" නෑ එච්චරම කළබල කරේ නෑ . එයාට අපිට ඉන්න ගෙයක් හදාගන්න බැරිකම ගැනම තමයි කිය කියා හිටියේ.. "
මේ අවුරුදු එකොළහක කෙල්ලෙකි . ගෙදර වැඩිමහළු ගැහැණු ළමයා ඇයයි . අවුරුදු තිස්දෙකක් වූ තරුණ බිරිඳත් සමඟ එකම කාමරයකින් යුතු නිවසක කුඩා දරුදැරියන් හත්ර දෙනෙකු සමඟ වෙසෙනා දිනපතා කුලී වැඩ කරනා තිස් හය හැවිරිදි මිනිසෙකුගේ සිතැඟි තේරුම් ගන්න බලමු. මේ තියෙන්නේ ගෘහස්ථ හිංසනයට අවශ්‍ය සියළුම අඩුම කුඩුමය . සමාජයක් ලෙස අප මේ දරු දැරියන්ට අසාධාරණයක් කරන්නේ කොතැනද බලන්න.
"ඔයා අපි කරන්න යන්නේ මොකක්ද කියලා දන්නවද? "
"ඔව් අපිට සල්ලි හොයාගන්න ක්‍රමයක් හදලා දෙන්න යනවා කියලානේ අම්මා කිව්වේ? "
"අන්න හරි ... ඔයාලාට දැන් පොත් පත් එහෙම තියෙනවද? "
"ඔව් .. ඊයේ පෙරේදා ගොඩක් කට්ටිය ගෙනැත් දුන්න නේ? '
"එහෙනම් ආයේ පොත් පත් වැඩියේ ඕනේ නෑ? "
"ඔව් ඕනේ නෑ.."
" හරි එහෙනම් ඔයා දැන් කැමැති මොනවා වෙනවටද? "
"අපේ ගේ හදාගෙන අම්මාට මොකක් හරි සල්ලි හොයාගන්න ක්‍රමයකුත් ලැබෙනවානම් හරි .. "
සමෘධිකා .. ඈ කටකාරියකි .. එමෙන්ම හැඩකාරියක්ද බවට මට ඔවුන්ගේ නිවස බලා ගිය අපේ හිතවතා එවූ චායාරූප සාක්ෂි දරයි..
මම අප ඔවුන් වෙනුවෙන් කරන්නට යනදේ වෙනුවෙන් සියයට දෙසීයක් කැපවෙන්නට තීරණය කළෙමි ( විස්තර පසුවට )
Saturday, 8 June 2019
හොඳම දේ දරුවන්ටයි
අපේ මී මැසි පාලක කරුණාරත්න මහතා වගේම බණ්ඩාරවෙල මී මැසි පාලනය කළමණාකරණය කරන වසන්ත සංජීවත් මේ දවස්වල මී මැස්සෝ වගේම කඩිසරයි . එහාට දුවනවා මෙහාට දුවනවා. අද උදේ වරුවේ කරුණාරත්න මහත්මා හිටියේ බණ්ඩාරවෙල වලස්බැද්දේ. ඊයේ හිටියේ දෝව උඩුකුඹල්වෙල.
මීට සුළුමොහොතකට පෙර වසන්තත් කරුණාරත්නත් යන දෙදෙනාම හිටියේ මී මැසි පෙට්ටි මිලදී ගන්න ගිහින් . අද දවසේ වලස්බැද්දට ගිය කරූ මහතාට දැක ගන්න ලැබුණු දේවල් ඔහුවත් ඒ හරහා වසන්තලා සහ අපිත් ඉතාමත් සතුටුදායක තත්ත්වයකට පත්කලා .
1. වලස්බැද්දට දුන්න පෙට්ටි 22 කම දැන් ජනපදවලින් පුරවලා ඉවරයි. ( අභයරාජා ප්රමුඛ වල්ස්බැද්දේ සමිති සාමාජික සාමාජිකාවන් විසින්)
මේ සමිතියේ වැඩිපුර ඉන්නේ සාමාජිකාවෝ.
මේ සමිතියේ වැඩිපුර ඉන්නේ සාමාජිකාවෝ.
2. කරූ මහතා එහි යනතෙක් බලාගෙන හිටපු අමුත්තෙකුගේ කථාව.
ඔහු පහළොස් හැවිරිදි පාසැල් දරුවෙක් අම්මාට උදේම කියලා පාසැල් නොගිහින් නැවතිලා කරූ මහතා දෙන මී මැසි පාලන අධ්‍යාපනයට වහවැටිලා.
කරූලා , වසන්තලා අභයරාජලා ඇතුළු අපෙන් පස්සේ පරිසරයට ,ගහටකොළට සතා සීපාවට ආදරේ කරන ළමයෙක් හැදෙන බව දුටු කරූට හරි සතුටුයි. අපි වැය කරන කාළය , ශ්‍රමය සහ මිලමුදල් අපතේ නොයා අනාගත පරපුරටත් යමක් යනවා දැක්කම සතුටු නොවී කොහොමද ?
Monday, 3 June 2019
සොඳුරු සිහිනයක් -"ගමන් ගෙඩියක්"
සති අන්තයේ මහ අමුතු හීනයක් දැක්කා . ගුමු ගුමු ගාගෙන අපේ වත්තේ ( බණ්ඩාරවෙල මාරබැද්දේ මයෙ හිතේ ) පහළට "ගමන් ගෙඩියක්" යනවා . මගේ අතේ තිබ්බේ පෑණක් විතරයි .
මම හනි හනිකට අම්මාටත් කෑගහගෙන ගෙට දුවනවා "අම්මා ඉලත්තට්ටුවක් ගේන්න .. ඉලත්තට්ටුවක් ගේන්න ." මොකද චූටි පුතා උඹ මේ ආඟිරි දෙන්නේ ? මොන මල යකෙක් වැහුණද උඹට? "
" නෑ නෑ මේ "ගමන් ගෙඩියක්" යනවා අම්මා ඉකමණට ඉලත්තට්ටුවයි යකඩ ඇණයකුයි ගේන්න. මේ මී මැස්සෝ ටික කොහේ හරි ගහක නවත්ත ගන්න. "
අම්මා එනපාටක් නෑ මම ලඟ තිබ්බ ටකරම් කෑල්ලකට ගගහා ගමන්ගෙඩිය පස්සෙන් දුවනවා. මී මැස්සො පස්සේ දුවලා දුවලා මහන්සියටම මට ඇහැ ඇරුණා.
බලනකොට මම ඔස්ට්‍රේලියාවේ මගේ ගෙදර ඇඳේ . කොහොමවුණත් "ගමන්ගෙඩිය" එක්ක මම බණ්ඩාරවෙලටම ගිහින් ..
Friday, 17 May 2019
මහමෝදර බත් අම්මා තම්බි ඇන්ටී
රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය කරාපිටියේ තිබෙද්දි එහි ප්‍රධානම ශිෂ්‍ය නේවාසිකාගාරය ආරම්භ වන්නේ මහමෝදර රෝහල් භූමියේ පිහිටි වෛද්‍යපීඨය මුලින්ම පැවැති ගොඩනැඟිල්ලේ . ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල අග භාගයේ.
අපි එක්දාස් නමසිය අනූ තුනේ කරාපිටියට එන වෙලාවේ ( පළමු වසරේ වෛද්‍ය සිසුන් විදිහට ) මහමෝදර නේවාසිකාගාරය හොඳ පදනමක් ඇති සිසුන් හතලිහක් පණහක් තම තාවකාලික වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණු තැනක්.
මම මුලින්ම මහමෝදරට එද්දි අපේ වසරේ කිසිකෙනෙක් එහේ හිටියේ නෑ . අපට ඉහළ වසරවල් වල ජේෂ්ඨ සිසුන් රාශියක් තමයි හොස්ටල් එකේ හිටියේ .
පළමුවසරේ නවකවද සමයේම හොස්ටල් එකට ගියනිසා පොඩි පොඩි නවක සංග්‍රහ ලබාදුන්නත් ඉතා ඉක්මණින් මගේ හොස්ටල් ජීවිතය පිළිවෙලක් කරගන්නට සහය වෙන්නට ඔවුන් අමතක කලේ නෑ .
ඒ අතරින් සුවිශේෂ චරිත කිහිපයක් වූ බුලත් , සෙට්ටි නන්දේ ඇතුලු 12 වෙනි කණ්ඩායමේ අයත් පැණියා , ගල්ලන්ගොඩ ඇතුළු 13 වෙනි කණ්ඩායමේ අයත් තමයි මගේ අසල්වාසීන් ලෙස මට හඳුනාගන්නට ලැබුණේ.
මුල් දවස් වල නේවාසිකාගාරයේ අප සිටි අන්තයේ සිටි පියා , කේ බී , නිලාන් ඇතුළු බොහෝ පිරිසක් අපත් සමඟ ආශ්‍රයට වැටුණා. හොස්ටල් එකේ ගතකල මුල්ම දිනවලදී මා හට කෑම ලබාගන්නේ කෙසේද යන්න ගැටළුවක් ව තිබුණා . ඒ නිසා මම ඒ ගැන අපේ අසල්වාසී හිතවතුන් වූ බුලත් , පැණියා ඇතුළු පිරිසකගෙන් විමසා සිටියා පිළිතුර ලැබුණේ අපේ හිතවත් බුලත් අය්යාගෙන් " මූණා උඹත් වරෙන් අපිත් එක්ක තම්බි ඇන්ටිලා ගෙදරින් කෑම ගන්න "
ඔහු එසේ පවසා සිටියේ ඒ වෙනකොටත් හොස්ටල් එකේ සිටි වැඩි පිරිසක් තුන්වේලටම කෑම ගත් මහමෝදර රෝහල පිටිපස්සේ පිහිටි මුස්ලිම් ඇන්ටිකෙනෙක් ගේ නිවස ගැනයි. එක්දහස් නවසිය අසූගණන් වල අගභාගයේ සිට 2004 සුනාමියෙන් පසු මහමෝදර හොස්ටල් එක ඉවත්කරන තුරුම අපේ වෛද්‍යශිෂ්‍යන් වැඩි පිරිසකට කෑම දුන්නේ මේ තම්බි ඇන්ටිලා ගෙදරින්.
ඊට අමතරව උපුල් චන්දන නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ මාමාකෙනෙක් සහ හොස්ටල් එක පිරිසිදු කරන්නාගේ ගෙදරින් ඉතාම සුළු පිරිසක් කෑම ගත්තා . මට මතක හැටියට 13 කණ්ඩායමේ අය සහ තරමක් පොෂ් ගතියක් පෙන්නූ කිහිපදෙනෙක් තමයි මේ දෙන්නාගෙන් කෑම ගත්තේ . බහුතරයක් සිසුන්ගේ ආහාර පාන සැපයීමේ වගකීම දැරුවේ මේ මුස්ලිම් ඇන්ටී සහ ඇගේ පවුල විසින්.
හොස්ටල් එකට එන්නට පෙර මම කෑමගත්තේ කරාපිටිය වෛද්‍ය පීඨය අසල සිටි තරමක නගරං කාරයෙකු වූ හැන්ඩි අය්යාගෙන්. "උඹලට ඕනෑනම් කෑම එකක් ගනිල්ලා නත්නම් නිකං ඉඳපල්ලා , මම තමයි කරාපිටියේ චණ්ඩියා " යන ආදර්ශය පාඨයට කෑම විකුණූ හැන්ඩි ගෙන් පසු මේ මුස්ලිම් පවුලේ කෑම ගණුදෙනු කෙසේ වේ දැයි යන සාධාරණ සැකයක් මා තුල හටගත්තා.
දුර බැහැර පළාත්වලින් පැමිණි අහිංසක ගැමි සිසුන් ලෙස අප දුටු පළාතේ බොහෝ මිනිසුන් අතර හැන්ඩි තවත් එක්කෙනෙක් විතරක් බවද අප වටහාගෙනයි තිබුණේ.
"හරි හරි මම එහෙන් කෑම ගන්න කැමැතියි කොහොමද ඒ බව මුස්ලිම් ඇන්ටිලාට කියන්නේ ? "
ඇන්ටිත් හැන්ඩියා වගේම කෑම වෙලෙන්දෙක් වෙන්න ඇති යැයි සිතූ මම බුලත් ගෙන් විමසා සිටියා.
"වැඩි විස්තරයක් කරන්න ඕනේ නෑ උඹ අපිත් එක්ක අද රෑ ඇන්ටිලා ගෙදර කෑම කන්න යන්න වරෙන් . එතනදි අපි උඹව ඇන්ටිට අඳුන්වලා දෙන්නම්කෝ. "
.... යකෝ එහෙට ගිහිල්ලත් කෑම කන්න පුළුවන් ද? අපිට ඕන හැටියට බෙදා ගෙන?....... මම කල්පනාවට වැටුණේ අපේ හාදයන්ගේ බඩගින්නේ තරමට එහෙම කෑම දෙන්න ගියොත් මොනවායින් මොනා වෙයිද කියලයි.
මොනවද උඹකල්පනා කරන්නේ. අපි ඇන්ටිලාව මරාගෙන කනවා කියලා හිතුවද?
අපේ බඩපිරෙනකම් විතරයි බං අපි බත් කන්නේ .වැඩිම වුණොත් තුන් හතරපාරක් බත් බෙදාගයි නැද්ද මචං ? බුලත් තමා අසලම සිටි "වන්නකු " දෙසට හැරුණා.
මේ අතර 13 කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඇන්ටිලා ගෙදර කෑම පිරිසිදු නැති බවත් ඊට වඩා මිලෙන් තරමක් වැඩි වුණත් උපුල් චන්දන අංකල් ගේ කෑම හොඳ බවත් කැමති නම් චන්දන අංකල් ගෙන් කෑම ගන්න එක්වෙන ලෙසත් කියා සිටියා.
ඒ වෙනකොට මුස්ලිම් ඇන්ටී බුලත් ලාගෙන් මුලු මාසයටම කෑම සඳහා අය කරේ රුපියල් හයසිය පණහක් වැනි සුළු ගාණක් . චන්දන අංකල් එක කෑම පාර්සලයක් විතරක් දෙන්න ( ඔහු කෑමදුන්නේ දවල්ට පමණය රුපියල් පහළොවක් අයකරනවා.
රුපියල් දහසක් වූ මගේ මහපොළට ගැලපුණු හොඳම තැන, ඒ වගේම විශේෂයෙන් රාත්‍රියට බඩකට පුරා කෑමට ඉඩක් ලැබෙන තැන, මහමෝදර මුස්ලිම් ඇන්ටිලා ගෙදරින් කෑම ගන්නට මමත් තීරණය කලා.
ඒ දවස්වල මහමෝදර හොස්ටල් එකේ තිබුණේ අමුතු දිනචර්යාවක්. හවස හත හතහමාර පමණ වන්විට බුලත් , ජගත්, පියා ඇතුළු පිරිස මුස්ලිම් ඇන්ටිලා ගෙදර යන්නට ලැහැස්ති වෙනවා. ඒ ෆැකල්ටියේ සිට ආවාට පස්සේ තේ එකකින් එහෙම සප්පායම් වෙලා , බාත් රූම් එකට පැනලා වතුර ටිකක් එහෙම නාගෙන රාත්‍රී ආහාරයට සූදානමින්
මේ අතරේ බොහෝ සැන්දෑ කාලවල හොස්ටල් එක පැත්තේ කැරකෙන තවත් චරිතයක් තියෙනවා. ඒ තමන්ගේ ඇඟේ අමාරුව යන්න හොස්ටල් එකේ කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහන්න හෝ වොලිබෝල් ගහන්න එකතුවෙන කෙනෙක් .
අප හොස්ටල් එකට එන්නට බොහෝ අප හොස්ටල් එකට එන්නට බොහෝ කලකට පෙර එහි සිට ඉවත්ව ගොස් ඒ වනවිටත් වෛද්‍යවරෙයෙක් ලෙස සේවය කල ඔහු තමයි බෝනා අය්යා.
හොස්ටල් එකේ සිටි සියළුම දෙනා බෝනා අය්ය ගැන දන්නවා ඒ ක්‍රිකට ගහන්න , වොලිබෝල් ගහන්න එහෙමත් නැත්නම් ටේබල් ටෙනිස් හරි ගහන්න තමන්ව ඇදලා ගන්න ක්රීඩාවටම බර කෙනෙක් හැටියට
බෝනා අය්යා ආපු දවසට හොස්ටල් එකේ ඉන්න පහළ බැච් තුනේ කොල්ලෝ බොහෝ දෙනෙක් ක්‍රිකට ගහන්න හෝ වොලිබෝල් ගහන්න සෙට් වෙනවා.
හොඳටම කරුවල වෙනතෙක් සෙල්ලම් කරන බෝනා ඇතුළු ඔහුගේ ක්‍රීඩා නඩයත් ක්‍රීඩාවෙන් පසු නා පිරිසිදු වී තම්බි ඇන්ටිලා ගෙදරට රාත්‍රී කෑමට එක් රොක් වෙන එක සිරිතක්.
ඔන්න එදා හවස හතහමාර විතර වෙද්දී බුලත්ලා කට්ටිය මගේ කාමරේ ලඟට ඇවිත් සද්දයක් දානවා .
"අඩෝ උඹ අද අපිත් එක්ක එනවා කිව්වා නේද? අපි දැන් යන්න හදන්නේ තම්බි මරන්න . උඹත් එනවානම් වරෙන් . "
රෑට කෑම කන්න යන්න හිතාගෙන හිටියත් තම්බි මරන්න යන කථාවේ අගක් මුලක් තේරුම් ගත නොහැකි වූ මම
"මොකක්ද බුලත් අය්යා ඒ තම්බි මරණ කතාව ? "
යැයි ප්‍රශ්නාර්ථයක් මතුකලා.
"ඇයි යකෝ ඕකවත් තේරෙන්නේ නැද්ද ? අපේ එවුන් එතන ගිහිල්ලා කන කෑමේ හැටියට තම්බි ඇන්ටිලා ඉතුරුවුණොත් නේ පුදුමේ . අපේ එවුන් එහේ ගිහිල්ලා කෑම කනවා කියන්නේ ඉතින් ඒ මිනිස්සු මරණවා වගේ වැඩක් තමයි බං"
දණි පනි ගා කලිසමක් සහ ටීශර්ට් එකක් දාගත්ත මම බුලත්, පියා සහ වන්නකු ඇතුළු කල්ලියට එකතුවුණා . අපි තවම හොස්ටල් එක ඇතුළේ එක පාරම අසල ඇති මුස්ලිම් පල්ලියකින් මහා දවසට හතර පස් සැරයක් ඇහෙන , ඔවුන්ගේ දෙවියන් ගැන කියවෙන අල්ලාහ් අක්බර් නම් වාක්‍ය ඛන්ඩය ඇහෙනවා.
ඊට අනුකූලව එහි හොස්ටල් එකේ පරිවර්තනය අප අසළ සිටි බුලතා යටිගිරියෙන් ගායනා කරනවා " අය්යා අරන් පලෝ , අය්යා අරන් පලෝ.. අල්ලා හු අක්බර් .. අල්ලා..// අල්ලන්න එන්නේ .. අල්ල්ලන්න එන්නේ" අල්ලා හු අක්බර් .. අල්ලා..//
බුලත්ගේ දේව කන්නලව්වත් අහගෙනම අපි මුස්ලිම් ඇන්ටිලා ගෙවල් බලා පිටත්වෙනවා.
මීටර් පන්සියයක පමණ දුරක් ගෙවා මහමෝදර -කරාපිටිය පාර අයිනේ පිහිටි කුඩා නිවසක් වෙත අප ලඟාවෙද්දි බුලතා සහ වන්නකු ඉස්සර වෙනවා.
ඒ අතරේ ආධුනිකයා වූ මට ඇන්ටිලා ගෙදර හැසිරෙන පිළිවෙල කියලා දෙන්නෙත් බුලතා විසින්.
"අපි ආව බව ඇන්ටිට ඇඟෙව්වාම අර මැද කාමරේ තියෙන මේසෙට කෑම ගෙනත් තියෙනව. එතකන් මෙන්න මේ සාලෙට වෙලා ඉන්නයි අපිට තියෙන්නේ.
අපි එනකොට කෑම මේසේ කට්ටිය පිරිලා නම් උන්ටික කාලා යනකම් සාලෙට වෙලා ඉන්නයි තියෙන්නේ ,ඔය මිරානියා, රිස්වානා , ෆයාස්, මුෆාස් ලාට එහෙම විහිළුවක් කරගෙන."
ගොඩක් වෙලාවට ඔය යට තට්ටුවේ ඉන්න වයසක සින්නෝ ටික එහෙම කලින්ම ඇවිල්ලා කෑම මේසේ අල්ලාගන්නවා . උන්ටික ගිය ගමන් අපිට වැඩේට බැස්සහැකි .
බුලතා කිව්වා වගේම අප එහි යනවිටත් පහත මාලයේ කාමරවල සිටි අවසන්වසරේ සිසුන් කිහිපදෙනෙක් මුස්ලිම් ඇන්ටිලා ගෙදර කෑම ගනිමින් ඉන්නවා .
"ඇන්ටී මෙන්න අපි අළුත් යාළුවෙක් එක්කං ආවා . මෙයා අද ඉඳලා ඇන්ටිලාගෙන් කෑම ගන්නවා."
"ඒයි උඹට දවල්ට ෆැකල්ටි ගෙනියන්නත් කෑම එකක් ඕනෙනම් ඇන්ටිට කියපං එතකොට හෙට උදේ ෆයාස් අතේ කෑම එක කාමරේට එවයි උදේ කෑම එක එවනකොටම "
එදා බුලත්ලා එක්ක මුල්ම කෑම වේලට මුස්ලිම් ඇන්ටිලා ගෙදර ගිය මම එදාසිට හැමදාම රාත්‍රී ආහරය ගන්න එහාට ගියා .
මාද ඇතුළුව අපේ හොස්ටල් මිතුරන් බත් පිඟන් , හරක්මස් දීසි , මාළු දීසි හිස්කරන වේගය දෙස බැලු ඕනෑම කෙනෙකුට අපට කෑම දී තම්බි ඇන්ටී නොමැරී ඉතුරුවුණොත් ඇති යන හැඟීම ඇතිවෙනවා නියතයි .
ඒ වගේම පසු කාලෙක තම්බි ඇන්ටිගේ මහත්තයා කුවේට් බලා යද්දී අපේ කොල්ලෝ තවත් කතාවක් හැදුවේ "ඔන්න අපිට කන්න දෙන්න සල්ලි හොයා ගන්න බැරුව ඇන්ටී අන්කල් රටයවලා" යනුවෙනි
Friday, 19 April 2019
ටොමියා
එක්දාස් නමසිය අසූ ගණන්වල බණ්ඩාරවෙල අපේ ගම් පැත්තේ මේ වගේ දර්ශන හරි සාමාන්‍යයයි.
බෝංචි ගෝණියක්, වම්බටු ගෝණියක්මෙහෙම හිසින් අරන් එන සිංහල , දෙමළ ගොවියෝ, ගෙවිළියෝ හරියට හිටියා අපේ පැත්තේ.
උදැල්ල කටින් අරන් නොගියාට අපිටත් මේ වගේම හිතවත් බල්ලෙක් හිටියා ටොමියා කියලා . කුඹුරට , වතුපිටිවලට අපිත් එක්ක උදේහවා ගමන් කරන. ඒ දවස් වල ටොමියා අල කොටු, තක්කාලි කොටුවල පැල් රකින්න ගියහැටි මතක්වෙනකොටත් හිනායනවා.
Sunday, 17 March 2019
Saturday, 2 March 2019
Friday, 22 February 2019
ලේ වල සීනි (දියවැඩියාව ) හැදෙන්නේ සීනී කෑමෙන්ද?
ලේ වල සීනි (දියවැඩියාව ) ඇතිවන්නේ අපි වැඩිපුර සීනි කන නිසාද? එහෙම නැත්නම් අපිකන අනෙක් කෑම වර්ග නිසාද කියලා හොයලා බලන්න වටිනවා. දියවැඩියාව කියන රෝග තත්ත්වයේදි සිදුවෙන්නේ අපේ ලේ වල තියෙන ග්ලුකෝස් ප්‍රමාණය ඉහළ යෑමයි.
අප ආහාරයට ගන්නා බත් , පාන් , අල , බතල ආදීයේ තිබෙන පිශ්ඨය (පිටි ) ශරීරය තුලදී සීනි (ග්ලුකෝස්) බවට හැරෙනවා. ආහාරයෙන් එන ග්ලුකෝස් මුලින්ම එකතුවන්නේ ලේ වලට. ලේ වලතිබෙන ග්ලූකෝස් අපේ සෛලවල (විශේෂයෙන් මාංශ පේශිවල) ශක්තිය නිපදවන්න යොදාගන්නවා.
දියවැඩියාව සහ ඉන්සියුලින් අතර ඇති සම්බන්ධය මොනවගේද?
ඒ කියන්නේ දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ නිපදවෙන ඉන්සුලින් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවෙන තත්වයක්. ඉන්සුලින් නිපදවන්නේ අපේ ආමාශයට පිටුපසින් තියෙන අග්න්‍යාශය නම් ග්‍රන්ථියක් මඟින්. මෙසේ නිපදවෙන ඉන්සුලින් මඟින් කරන්නේ අපේ ඇඟේ තිබෙන ග්ලුකෝස් පාලනය කිරීමක් . අපේ ආහාරයේ තිබෙන ග්ලුකෝස් සෛලවලට අවශ්‍ය ශක්තිය ලබාගන්නට යොමුකිරීම තමයි ඉන්සියුලින් මඟින් සිදුවන්නේ.
ආහාර , ව්‍යායාම සහ රැධිරයේ සීනී (ග්ලූකෝස්) පාලනය එකට සම්බන්ධවෙන හැටි බලන්න
ඒ වගේම අපි එකතැන වාඩිවෙලාම ඉන්නවානම් එහෙම නැත්නම් මෝටර්සයිකල්,ත්‍රීවීල් , කාර් බස්වලින්ම ගමන්කරමින් පයින් යන දුරප්‍රමාණය අඩුම කරනවානම් අපි ගත්ත ආහාරයේ තිබ්බ සීනි (ග්ලුකෝස්) එසේ දහනය වීම අඩුවෙනවා.කාලයක් තිස්සේ මෙහෙම වුණාම ඉන්සියුලින් වලටත් පාලනය කරගන්න බැරිතරම් අපේ ඇඟේ සීනි වැඩිවෙනවා . ඒ ආකාරයත් අපිට දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්.
ඔබේ වෛද්‍යවරයා , හෙදනිළධාරිනිය ඔබට නිතරම කෑම පාලනය කරන්න වැඩිපුර ව්‍යායාම කරන්න කිය කියා කියන්නේ ඇයිද කියලා දැන් තේරෙණවා නේද?
දියවැඩියාව ඇතිවීම ප්‍රමාද කිරීමටත්, තිබෙන දියවැඩියාව පාලනය කිරීමටත් හොඳම ක්‍රමය අපේ ආහාරයේ ඇති පිශ්ඨය සහ සීනි ප්‍රමාණය අඩු කිරීමත් එදිනෙදා කරන ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩි කිරීමත් තමයි.
දියවැඩියා රෝග තත්ත්වය දෙයාකාරයි. "පළමුවර්ගයේ දියවැඩියාව" ඇතිවෙන්නේ තරුණ අයට සහ කුඩා ළමයින්ට. ඔවුන්ගේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය ඉතාම අල්පවීම නිසා තමයි ඔවුන්ට දියවැඩියාව ඇතිවෙන්නේ .මේ අයගේ අග්න්‍යාශයේ සෛලවලට ශරීරයේ ප්‍රතිදේහජනක පද්ධතිය මඟින්ම සිදුවන හානියක් නිසා තමයි කුඩා දරුවන්ට හා තරුණතරුණියන්ට ඇතිවන "පළමු වර්ගයේ දියවැඩියාව" අතිවෙන්නේ. මෙයාලට ජීවත්වෙන්න නම් ජීවිත කාලය පුරාම ඉන්සියුලින් එන්නතක් විදිහට දෙන්න වෙනවා.
"දෙවන වර්ගයේ දියවැඩියාව" ඇතිවන්නේ අවුරුදු තිහ හතළිහ වගේ වයසෙදි. ලෝකයේ දියවැඩියාව තියෙන අයෙගෙන් සියයට අනූවක් පමණම ඉන්නේ මේ දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන කට්ටිය. දෙවන වර්ගයේ දියවැඩියාව දකින්නට ලැබෙන්නෙ අවුරුදු තිහ, හතළිහට වැඩි, තරබාරු එමෙන්ම තමන්ගන්න ආහාරයේ අධික පිෂ්ඨය සහ මේදය අඩංගු දේවල් තිබෙන මිනිසුන් අතර. මුල් කාලයේදි දෙවන වර්ගයේ දියවැඩියාව තනිකරම ආහාර සහ ව්‍යායාම මඟින් පාලනය කරන්න පුළුවන්. මේ දෙක හරියට නොකෙරුණුත් දියවැඩියා පාලන පෙති (මෙත්ෆෝමින් වැනි) ගන්නවෙනවා. කාලයක් යද්දී මේ අයටත් ඉන්සියුලින් ගන්න සිද්ධවෙන්න පුළුවන් හරිහමන් දියවැඩියා පාලනයක් නැතිවුණොත්.
දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවාද?
දියවැඩියාවත් එක්තරා ආකාරයකට අධිරුදිර පීඩනය (ප්‍රෙශර් එක) වගේ තත්ත්වයක් ලේ වල සීනි ප්‍රමාණය සෑහෙන්න වැඩිවෙන තෙක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. මේ අර්ථයෙන් ගත්තහම දියවැඩියාව කියන්නේ නිහඬ් මාරයෙක් කිව්වොත් නිවැරදියි.
එහෙම නම් අපිට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද?
ඔබේ මව පියා , සහෝදරයා හෝ සහෝදරිය , පෙම්වතා පෙම්වතිය තරමක් තරබාරුනම්, තරමක් අලසව ඇඟපත වෙහෙසා වැඩ නොකරන කෙනෙක් නම්, නිතරම වාහනවලින් ගමන් කරන වැඩිපුර පයින් ගමන් නොකරන කෙනෙක්නම් ඔවුන් වෛද්‍යවරයෙක් වෙතට රැගෙන ගිහින් රුධිරයේ ග්ලුකෝස් පරීක්ෂාවක් (රාත්‍රීකෑමෙන්පසු කිසිවක් ආහාරයට නොගෙන කරන) හෝ පසුගිය මාස තුනක කාලයේ රුධිරයේ සීනි මට්ටම පාලනය වූ අයුරු පෙන්වන "එච් බී ඒ වන් සී"/HbA1C පරීක්ෂාව කරගන්න ඕනේ . මේ පරීක්ශා දෙකෙන් ඔහුට ඇයට දියවැඩියාව තියෙනවද (විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව )කියලා හොයාගන්න පුළුවන්.
රුධිරයේ ග්ලුකෝස් මට්ටම සෑහෙන්න ඉහළගිය පසු (බොහෝ විට පළමුවර්ගයේ දියවැඩියාව හඳුනාගන්නේ මෙහෙමයී) රෝගලක්ෂණ සමූහයක් දකින්න පුලුවන්.
නිතර නිතර වැඩිපුර මුත්‍රා පිට කිරීම (පැයෙන් පැයට වගේ)
රාත්‍රී කාලයෙත් කිහිපවරක් මුත්‍රා පිට කිරීම
අධික පිපාසය
මහන්සිය සහ ශක්තිය නැතිගතිය
සුවනොවන තුවාල
නිතර නිතර ආසාදන (හමේ සහ පෙනහළු වල වගේ) ඇතිවීම
බර අඩුවීම (මෙය සිදුවන්නේ පළමුවර්ගයේ දියවැඩියාවෙදී
සමහර විට ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කැසීම
උච්චාවචනය වන මනෝභාවය (මූඩ් එක)
Tuesday, 15 January 2019
Drawing a Rail Bridge Using Coloured Pens. (දෙමෝදර ආරුක්කු නවයේ පාළම )
ගියමාසේ මැද හරියේ අපි හිටියේ ලංකාවේ . බණ්ඩාරවෙල ගිය දවසේ පහුවදාම අපේ පුතාට දෙමෝදර ආරුක්කු නවයේ පාළම බලන්න යන්න ඕනෑවුණා . උදේ පාන්දර වාහනේට නැගුණු අපි පැය භාගයක් වගේ කාලයක් ඇතුලත දෙමෝදරට ලඟා වුණා . එහිදි දෙමෝදර පාළමේ චායාරූපගොඩක් ගත්තු අපේ පුතා නැවත ඔස්ට්‍රේලියාවට ආපු ගමන් කරේ ඒ පාළම චිත්‍රයට නඟන එක . මේ තියෙන්නේ ඒ චිත්‍රය..
Saturday, 12 January 2019
බ්ලොග් ලියැවිල්ලක් හරහා හමුවූ අව්‍යාජ මනුෂ්‍යත්ත්වය
වජිර ද සිල්වා (මෙල්බන් සිටින වජිර මල්ලී) මට මුණගැහුණේ අහම්බෙන්.2015 මැද භාගයේ අප කිරිඔරුවේ රංජිත් රාජපක්ෂගේ නිවසේ වැඩ ගැන ලියපු බ්ලොග් පෝස්ට් එකක් යට " මේ වගේ සමාජ සත්කාරක වැඩ වලට මම හරි කැමතියි . ඊලඟ වැඩේට මමත් මුදල් පරිත්‍යාගයකින් සහය වෙනවා . ඊලඟ සමාජ සත්කාරය ගැන මට කියන්න " කියලා කමෙන්ටුවක් දාලා තිබ්බා වජිර. එදා සිට මේ දක්වා අප කල සියළු වැඩවලට මුල්‍යමය වශයෙන් වගේම අදහස් සහ යෝජනා වලින් සහය වුණු වජිර මේ වෙනකොට අපේ නවතම ව්‍යාපෘති සැලසුම් කිරීමේ සිට ඒවාගේ මුදල් හුවමාරු කළමනාකරණය , ලංකාවේ අපේ වැඩ කරවන නියෝජිතයින් සමඟ ගණුදෙනු ඇතුළු සියල්ල සිදු කරනවා. අපේ සමාජ සත්කාර වලට උදව් උපකාර කරන අයට නම් වජිර කියන්නේ හුරු පුරුදු නමක්. මගේ නමටත් වඩා. මෙච්චර ලොකු වැඩ කොටසක් කරගෙන ගිය වජිරයි මමයි ජීවිතේ පළමු වතාවට මුහුණට මුහුණ හමුවුණේ ඊයේ (12/01/2019) වජිරගේ චූටි දූ සෙසඳිගේ පළමු උපන්දිනය දා...