Tuesday 21 February 2017

&*%$ නිවසේ දැන් තත්වය











අනාරක්ෂිත වහලයක් යට කුඩා දරු දැරියන් තිදෙනක් සිටී නිවසක් ගැන මම ඔබට කිව්වේ මිට මාස කිහිපයකට පෙරයි.

ඒ අපේ ගමේ පාරම්පරික ඉඩම් හිමිව තිබී පසුව ඒවා ටිකින් ටික අහිමි වී ගිය &&*%$ සහ ඔහුගේ පවුලේ විස්තරයයි.




රංජිත්ගේ නිවස අප සමබන්ධ වන විට තිබුණේ මෙහෙමයි 

තරුණ එළවලු ගොවියෙකු ලෙස මා &*%$ත්ලාගේ කුඹුරේ එළවළු හැදු සැටිත් වසර දෙකක් අප එසේ කරනු බලා සිටි &*%$ ඉන් පන්නරය ලබා එලවලු වගාවට බැස්ස හැටිත් මම ඔබට කීවෙමි.

මේ කතා සියල්ලෙන් අනතුරුව අපි &*%$ ලාගේ නිවස ළමයින් සහ ඔහුට ආරක්ෂිතව ජිවත් විය හැකි තත්වයකට ගොඩනගන්නට තීරණය කළෙමු.

අවශ්‍ය ප්‍රතිපාදන මගෙන් සහ මගේ බ්ලොග්  සහ මුහුණු පොතේ හිතවතුන්ගෙන් .

අපි ලඟදි ලංකාවට ගිය වෙලාවේ &*%$ ලා මුණ ගැහෙන්න ගියා . අපේ බ්ලොග් හිතවතා "ලොකු පුතා " දුන්න ෆිලර් එහෙම අරගෙන.

&*%$ ගේ ළමයින්ට තෑගිබෝග එහෙම අරගෙන අපේ නිම්මිත් මා සමග ගියා.

මේ චයාරුප වලින් පෙනෙන්නේ &*%$ නිවසේ අලුත්ම තත්වය. පෙනෙන හැටියට එයාලට කුස්සිය කපරාරු කරගන්න සහ වයරින් එක ඉවර කර ගන්න බැරිවෙලා තාම ..


&*%$ නිවසේ ඉදිරිපස  පෙනුම



කුස්සිය (  කපරාරු කරවන්න බැරිවුණ)


&*%$ ගේ බිරිඳ කුස්සියේ ( මෙසේ යට තියෙන්නේ ලොකුපුතා දුන්න ෆිලර් ටින් දෙක/කළු පාට බැරල් දෙක  )


කාමරයක් , &*%$ත්ගේ එළවළු වලට බෙහෙත් ගහන ටැංකිය පසෙකින් 



ළමයි පාඩම් කරන මේසය  ( භාගෙට කල වයරින් එකත් සමග ) 


  විසිත්ත කාමරය 



7 comments:

  1. කපරාරු කළ යුතු නම් එසේ කළ යුත්තේ මුලින් නිවස ඇතුලේ වැඩියෙන් ම භාවිතා කරන කාමරවල බිත්ති නේද?

    ReplyDelete
  2. ස්තුතියි රසික. ඔයා දුන්න සහයොගයත් රන්ජිත්ලා කපරාරුව කරන්න ප්‍රයොජනයට ගත්තා. හරිනම් කුස්සිය කපරාරු කරලා ඉන්න ඔනෙ මුලින්ම . ඒත් රන්ජිත්ලා මුලින්ම සාලේ. ඊට පස්සෙ එලියෙ බිත්ති ඒ පිලිවෙලටයි කරලා තියෙන්නේ. කුස්සියයි තව කාමරයකුයි ඉතිරි කරගෙන. හැබැයි රන්ජිත් උත්සහවන්තයා ඉතිරි ටික හිමින් කරගයි

    ReplyDelete
  3. Replies
    1. ස්තුතියි අජිත්, රන්ජිත්ගෙ ලමයි ඉගෙනගන්න දක්ශයි. අපි ඔවුන්ට පාසැල් උපකරන අරන් දිලා ආවා ඒ සම්බන්ද පොස්ට් එකක් ලියවෙනව ඉදිරියෙදි "දාන මාන හා සපත්තු දාන" කියලා

      Delete
  4. ගොඩක් සතුටුයි මේක දැක්කහම. මේ වගේ දෙයකට උදව් කරන්න මගේත් ලොකු කැමැත්තක් තියෙනවා. පුළුවන් විදියක් තිබුනොත් ඉදිරියේදී මේ වාගේ දෙයකට සම්බන්ධ වෙන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වජිර.. ඉදිරියෙදී මෙවැනි ව්‍යාපෘතියක් ආවොත් කියන්නම්

      Delete
    2. බ්ලොග් අවකාශයේ සහ මුහුණුපොතේ ඇතිවන අවබෝධය සහ එකෙනෙකා අතර ඇතිවන විශ්වාසය හරහා ලොකු දේවල් කරන්න පුලුවන් හොඳම උදාහරණය තමයි මෙහි ඉහතින් ප්‍රතිචාර දැක්වූ වජිර මල්ලී සහ අප අතර මෙවැනි සමාජ හිතකාමි වැඩ ගැන ඇතිවූ එකඟතාවය. මේ පොස්ට් එක හරහා අප ගොඩනඟා ගත් හිතවත් කම හරහා ඉන් පසුව අප සිදු කල සියළුම සමාජ සංවර්ධන වැඩ වල මූලිකත්වය ගන්නට තරම් වජිර ඉදිරියට ආවා. හොඳම උදාහරණය දැනට වැඩ අවසන් කරමින් සිටින දෙමෝදර , ඇල්ල ප්‍රදේශයේ අප කරගෙන යන නිවාසය.. මේ සබඳතා ගැන වෙනමම පොස්ට් එක ලියන්න ඉන්නේ අද හෙටම

      Delete