Thursday 21 April 2016

ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා



මට  1983-1984  කාලයේදී සිදු වූ සිදුවීම් මාලාවක් මතක් වුනා  . එවකට මම  අරලගංවිල මහා විද්‍යාලයේ අට -නවය වසර වල ශිෂ්‍යයෙක්.

ඒ කතාව මතක් වීමට මූලික හේතුව අපේ තාත්තා  මෑතකදී මට එවන ලද චායාරූප කිහිපයක් .



ඒවායින් පෙන්නුම් කරන්නේ මන්ද මානසික අක්ක නගෝ දෙදෙනෙක් අබලන් වූ නිවසක් ඉදිරිපස සිටිනා දර්ශනයක්



මේ චායාරුප වල ඉන්නේ අපේ අම්මාගේ ගම වූ කිරඹ ඔය  ප්‍රදේශයේ  දැනට වාසය කරන වැඩිහිටි කාන්තාවක්  දෙදෙනේක් .

ඔවුන්ගේ  අම්මා , තාත්තා සහ  අය්යා  යන තිදෙනාම දැන් ජිවතුන් අතර නැහැ.

එම නිසා අවිවාහක කාන්තාවන් වූ මේ දෙන්නා දැන් මේ ගෙදර ජිවත් වන්නේ තනියමයි.



මේ දෙදෙනාගේ  මව අප කුඩා කල හැඳින් වුයේ "ඤන්   ඤඋන්"  ආතා  යන නමින්.

ඤන්   ඤඋන්   හඬින්  ( නහයෙන් කතා කරමින්) මිනිසුන් අමතන නිසා කිරඹ ඔයේ අය ඇයට මේ නම පටබැඳ තිබුණා.

එතරම් උස නැති  එමෙන්ම කෙට්ටු ශරීරයකට හිමිකම් කී ඇය  අපේ ගෙවල් වල එන්නේ  කුඩා පන් මල්ලක්

කිහිල්ලේ රුවාගෙනයි.

චිත්තයද  තරමක් කොටට හැඳ සිටින ඤන්   ඤඋන්   ආතා වැනි චරිත බොහෝ ටෙලිනාට්‍ය වල දකින්නට ලැබෙනවා.

ඔවුන් ගේ  පියා "හුලං " මුත්තා . එයා  කෙට්ටුම කෙට්ටු මනුස්සයෙක්.

හුලඟකට වුනත් ගහගෙන යන්න තරම්  සැහැල්ලු මිනිහෙක් නිසා එයාට ගම්මු හුලං  කියලා කිව්වා.

හුලං මුත්තා මිය ඇදිලා ගොඩක් කල්. හැබැයි ඤන්   ඤඋන් නැතිවුනේ මේ ළඟදී කියලයි ආරංචි.

එයාගේ තුන්මාසේ දානේ දෙන්න යද්දී වැස්ස එනකොට වහලෙට උඩින් ඉටිරෙදි දාලා තමයි දානේ දීලා තියෙන්නේ.

"බිඩි විමලේ" නමින් හැඳින් වුන විමලරත්න මාමා තමයි ඔවුන්ගේ අය්යා.

ඔහු බිඩි  බිම නිසා ඇතිවූ හදවත් රෝගයට  බියවී සියදිවි නසාගත්තා.

චමින්දලා අප්පච්චිගේ  කඩේ  ලෑලි බන්කුවට වී   ගංගා බිඩි කිහිපයක් සාක්කුවේ රුවාගෙන  බිඩි බොන විමලේ මාමා එකල  සුලභ දර්ශනයක්.



කිරඹඔය ගමේ බොහෝ දෙනෙක් ගේ වගේම  මේ දෙදෙනගේද නම් අවසන් වන්නේ "රාජපක්ෂ" යන පෙළපත් නාමයෙන් .

අපේ අම්මා මෙන්ම   කුඩා කල සිට මේ දක්වාම  පැවතෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තියකට  උරුම කම් කියන
චමින්ද   ගේත් නම් අවසන් කෙරෙන්නේ  "රාජපක්ෂ" කෑල්ලකින්.

පසුගිය දිනක අපේ ප්‍රජා සත්කාර වැඩ ගැන කතා කල චමින්ද   ඤන්   ඤඋන්  ආතා ගේ  දියණියන් දෙදෙනා ජිවත් වන  මේ නිවසේ වහලය අබලන් වී ඇති බවත් ඒ නිසා  ඒ වෙනුවෙන් අප දෙදෙනා මැදිහත් විය යුතු බවත් සඳහන් කළා.

"ඒක නෙවෙයි මචං... අපේ අර ගෙවල් දෙකේ කපරාරු වට යි  ජනෙල් වලටයි කියලා ඩොලර් 1100 ක්  දුන්නා අපේ ඉස්කෝලේ යාළුවෙක්"

"මිනිහා මෙහෙ ඉන්න  GP කෙනෙක් "

මම චමින්ද එක්ක කිව්වේ අපේ  අපේ ප්‍රජා සත්කාර වැඩ වලට මෑතකදී  ලැබුණු ලොකු ආධාරයක් ගැනයි.

"මචං කිටී.. ඕකෙන් ටිකක් දාපන්කෝ බං අර  විමලේ මාමලා ගෙදර වහලේ හරි ගස්සලා දෙන්න.."

"එහෙම බැහැනේ බං, .......  කාලිංගයා යි  සෙව්වන්දියි  මේ සල්ලි දුන්නේ අර ගෙවල් දෙකට  ..අපි  මේකට වෙනම සල්ලි හොයමු "

"උඹලා අක්කටත් කියපන් ගානක් දෙන්න කියලා "

මම නැවතත්  වහලේ ගණුදෙනුව චමින්දගේ ඇඟේ ගසමින් පැවසුවෙමි.

"උඹලා චාමර මල්ලිගේ  අකවුන්ට් එකට සල්ලි දාමු . අපි ඉස්සෙල්ලාම  අර කලුලා ගෙදර වැඩේ පටන් ගත්තෙත් එහෙමම මනේ "

"මම අපේ තාත්තා සෙට් කරලා දෙන්නම්  මල්දෙණිය පැත්තෙන් වැඩේට බහින්න . කිරඹ ඔයෙන් උඹලා මල්ලියි  හෙළ ගෙදර අමරේ මාමයි ගමු."

මම වැඩේ කෙරෙනා හැටි  චමින්දට පැහැදිලි කළෙමි.

සාකච්චාව අවසන් කල මා අප සිටිනා රටේම පදිංචි චමින්දගේ අක්කා  නිම්නා අක්කාට  දුරකථන ඇමතුමක් ගත්තෙමි.

"හරි මල්ලී මම ඩොලර් 150 ක්  දාන්නම්" .

 පළමු ලන්සුව නිම්නා අක්කාගෙනි.

අනතුරුව  ගමේ පන්සලේ හාමුදුරුවෝ රුපියල් 2000ක් සහ  චමින්ද ගේ සහභාගිත්වයත් ඇතුව  අර මුදල  දැන් රුපියල් 27000ක්  වී තිබේ.

තාත්තා සහ අමරේ මාමා එකතුවී   වහළයට සෙවිලි ගැනීමට සහ අනෙකුත් දේවල් වලට යන වියදම් සලකා බලා ඇස්තමේන්තුවක්  සකස් කර ඇත.

ඒ අනුව මේ සඳහා වැය වන්නේ  රුපියල් 80000- 90000 ක් අතර ප්‍රමාණයකි.


ලැබෙන ආධාර රැස් කෙරෙන්නේ චාමර මල්ලිගේ  BOC අකවුන්ට් එකේය.

චාමර මල්ලිගේ ගිණුමේ විස්තර පහළින් :

ගිණුමේ නම :   

ගිණුම් අංකය:  

බැංකුව සහ ශාඛාව:  ලංකා බැංකුව  , බණ්ඩාරවෙල 


කරුණා කර ඔබට දිය හැකි ආධාරයක් මේ ගිණුමට යොමු කරන්න. ඒ  අතර ඒ බව මට මුහුණු පොතෙන් හෝ මෙම බ්ලොගය තුලින් දැනුම් දෙන්න.

කිරඹ ඔය- මල්දෙණිය දෙගම් වාසින් ශ්‍රමධානයක් මගින් මේ වැඩේ කරන්නට සුදානම් . අපි හැකි ඉකමනින් මුදල් එකතු කර දෙමු.

ඤන්   ඤඋන්  ආතා අපේ කුඩා කාලයට සම්බන්ධ වූ හැටි ඊළඟ පොස්ට් එකෙන්..


ඔබ සැමට  ජය!!!

මේ  ගෙදර  කල මුල්ම ශ්‍රමදානය ගැන ලිව්වා.. මෙන්න මේක කියවන්න

23/07/2016

මේ ගෙදර වහලයෙන් පස්සේ බිත්ති  සුදු කීරීමට සහ  වයරින් එක අලුත් වැඩියා කිරීමට උවමනා බව තාත්තා කිව්වා..
එයාලා කපරාරුව දැන් කරගෙන යනවා . බාසුන්නැහෙලා  හොයාගන්න බැරිව ටිකක් ප්‍රමාද වුණා.



51 comments:

  1. I'll deposit Rs.5000 tomorrow from me. Will do this soon. All the best!

    ReplyDelete
    Replies
    1. thanks Ka. Mi. you are a star.. I will inform Kumara Mallie and thaththa about it

      Delete
  2. ...මමත් පිං සිද්ද වෙන ඔය කාර්යයට උදව්වක් කරන්නම්....

    ReplyDelete
    Replies
    1. හොඳමයි .. කමල් ඉතින් මගේ , චමින්දගේ පුණ්‍ය කටයුතු වල කොටස් කාරයෙක් නේ කවදත්.. ඒ විතරක්යැ අපි දෙන්නාගේම බෝඩින් සගයෙක් වෙලත් හිටියනේ.. බොහොම ස්තුතියි මේ දක්වා දුන් සහයෝගයට..

      Delete
  3. අපේ කිරඹ ඔයේ ලොකු මාමගේ දුවලා දැන් ලොකුයි . එයාගේ පොඩි දුව චතුරිකා බණ්ඩාර රාජපක්ෂ රුපියල් 2000ක් පොරොන්දුවුනා සඳුදා මගේ BOC අකවුන්ට් එකට . ඒක ඉන්පස්සේ මම චාමර මල්ලිගේ ගිණුමට දානවා. ඒ විතරක් නෙවෙයි චතුරිකා නංගි එයාගේ අක්කටත් කියනවා කිව්වා උදව් කරන්න කියලා.. මේ නැන්දම්ම්ලා දෙන්නගේ වෙලාව හොඳයි වගේ .... ජයවේවා !!

    ReplyDelete
  4. මෙන්න අපේ ලොකු මාමගේ තරුණ කාලේ විස්තර http://helmalu.blogspot.com.au/2015/05/blog-post_3.html
    එයත් මේ වහලේ ගහන ශ්‍රමධානයට එනවලු..

    ReplyDelete
  5. මේ වගේ සත්කාර වලට උදව් නොකර කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.. චාමර මල්ලිගේ ගිණුමට මුදල් දමද්දී මට දැනුම් දෙන්න . විගණන කටයුතු සඳහා...

      Delete
  6. හොඳ වැඩක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපේ අවංක ආදර ස්තුතිය

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අපේ බ්ලොග් අවකාශයේ හිතවතා සුමිත් කලනසිරි (කලාහිත ) අද මේ සෙවිලි අරමුදලට දායක වුනා රුපියල් 5000ක් පරිත්‍යාග කරමින් . ඔහු චාමර මල්ලිගේ ගිණුමට මුදල් දමා තිබුනා අද... කලාහිතටත් ඔහුගේ පවුලේ සැමටත් බෙහෙන්වින්ම ස්තුතියි..

    ReplyDelete
  9. මගේ තවත් පාසල් හිතවතෙක් ( අදටත් ඉතා සමීප හිතවතෙක්) වන "කමල් සසරසිංහ " රුපියල් 5000ක් චාමර මල්ලිගේ ගිණුමට දානවා කීවා අද හවස... කමල්ටත් බොහොම ස්තුතියි..

    ReplyDelete
  10. මේ අතර අපේ තාත්තා ( මල්දෙණියේ නාමරත්න ) පන්සලේ සිල් ගන්න යන අතර දානපතියන් තුන් දෙනෙක් හොයාගෙන තිබෙනවා. ර. මු . කරුණාරත්න මල්වත්ත බණ්ඩාරවෙල රුපියල් 1000යි, විරාන් ජයන්ත ද සිල්වා 1000 , ලාල් ද සිල්වා නුවර එලිය රුපියල් 1000 , සේපාලිකා රත්නායක -නුවරඑලිය රුපියල් 200 යි. මේ නුවරඑළියේ කට්ටිය අපේ ගමේ නෑදෑ ගෙදරක ඇවිත් ඉඳලා ( සැම්සන් අය්යාගේ මල්ලිගේ ගෙදර )

    ReplyDelete
  11. හොඳ වැඩක්..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  12. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

    ReplyDelete
  13. බොහොම ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උඩු... ඔබේ නවතම පොස්ටුවේ කියවුන පරිදිම සමහරු කාර් රේස් පදින්නේ මෙවැනි මිනිසුන් ඉන්නා බවක් ගැන හිතන්නේ වත් නැතිවයි....

      Delete
  14. අපෙ තාත්තයි .. කිරඹ ඔයේ මුගටි මුත්තාගේ ලොකු පුතා අමරේ මාමයි ඊයේ අපේ ගම් දෙකේ ඇවිදලා රුපියල් 30000ක ආධාර එකතු කරගෙන තිබුනා ගමෙන් .. කට්ටිය "මෙන්න මේක නම් හොඳ වැඩක් කියමින් 500, 1000 , 2000 වගේ ගණන් වලින් සම්මාදම් දුන්නලු.. දැන් ෂීට් ගේන්න ලැහැස්ති වෙනවා කෂ්ටිය..

    ReplyDelete
  15. කලාහිතගේ අත් ගුණේ නම් අපුරුයි.. සතියක් යන්නටත් පෙර ටාගට් එකට ලඟා වෙලා...

    ReplyDelete
  16. චතුරිකා බණ්ඩාර ,හේමන්ත සහ ඔවුන්ගේ පොඩි අය්යා යන තිදෙනා මේ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කළා අද , ඒ මුදල් දැන් චාමර මල්ලිගේ අකවුන්ට් එකට යැව්වා..

    ReplyDelete
  17. අපේ තාත්තා සහ අමරේ මාමා ගමේ ඇවිදලා එකතුකළ උදව් වල ලිස්ට් එක ලැබිලා තියෙනවා... කතරගම සුනෙත්ත හිමි 2000, විරාජ් ජයන්තද ඩ සිල්වා නුවර එලිය 1000 චාන්දනී කුලසේකර 1000, ලාල් ද සිල්වා නුවර එලිය 1000, සේපාලිකා රත්නායක නුවරඑළිය 200 , කාන්ති රාජපක්ෂ මල්වත්ත 2000, චමින්ද ධර්ම ශ්‍රී රාජපක්ෂ 1500, ADW අත්තනායක කිරිඔරුව 1000 , PK දයාරත්න කිරිඔරුව 1500 , නාලනී කුමාරිහාමි රාජපක්ෂ , විදුහලපතිනි කිරිඔරුව විද්‍යාලය 2000, දයානි රාජපක්ෂ 1000 , AM රංජිත් කපිල බණ්ඩාර 500, නන්දා දිසානායක කිරිඔරුව 1000, සරත් කුමාර රාජපක්ෂ 500, අමරසිංහ රාජපක්ෂ 500, අජිත් ලාල් කුමාර රාජපක්ෂ 500, දයාවතී රත්නායක 500, dm කරුණාවතී 1000 හේමන්ත අජිත් බණ්ඩාර 1500, සනත් කිර්ති බණ්ඩාර 1000 යසනන්ද රාජපක්ෂ 500 , DMහෙන්නායක 200, කිත්සිරි කුමාර රාජපක්ෂ 600, DVකරුණාසිරි 500, චන්ද්‍රසේන රාජපක්ෂ 500 කල්යානි රන්ජනී 500 MBM ලසන්ත බණ්ඩාර 1000 , මුනිදාස බණ්ඩාර රාජපක්ෂ 500, වසන්ත පුෂ්ප කුමාර 1000 කේ. ඇම් විජේරත්න කොලතන්න 500, JG රාමනායක මාරබද්ද 300, RM සීලවතී කිරිඔරුව 500 සරත් බණ්ඩාර රාජපක්ෂ 500 , කේ . ඇම් . විජේරත්න /කරුණා රාජපක්ෂ - මාරබැද්ද-1000 යි

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉන්න රාජපක්ෂ ලා ගොඩ.

      Delete
    2. මේ අතටම අපේ ගමේ ඉන්න රාජපක්ෂලා සෙට් එක..

      Delete
  18. අද රුපියල් 71000 මුදල් ගෙවලා තියෙනවා සෙවිලි තහඩුවලට හෙට ගමේ දළු සමිතියේ ලොරියෙන් නොමිලේ තහඩු ප්‍රවාහනය කරන්නට නියමිතයි.. වහලේ වැහිමේ ශ්‍රමදානය ලෝක කම්කරු දිනදී සිදුවනු ඇති..චායා රූප ලැබුණු විට පලකරන්නම්..

    ReplyDelete
  19. අද රුපියල් 71000 මුදල් ගෙවලා තියෙනවා සෙවිලි තහඩුවලට හෙට ගමේ දළු සමිතියේ ලොරියෙන් නොමිලේ තහඩු ප්‍රවාහනය කරන්නට නියමිතයි.. වහලේ වැහිමේ ශ්‍රමදානය ලෝක කම්කරු දිනදී සිදුවනු ඇති..චායා රූප ලැබුණු විට පලකරන්නම්..

    ReplyDelete
  20. මේක දැක්කම උදව් කරා මදි වගේ හිතෙනවා.. පුළුවන කමක් තිබ්බනම් ශ්‍රමදානේටත් යනවා.. මම හරි ආසයි ඒ වගේ තැන්වල වැඩ කරන්න.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කලා හිත .. ඔබ තමයි මුල් ගල් තැබුවේ.. වැඩේ නැගලා ගියා.. අත් ගුණේ හොඳයි...

      Delete
  21. හොඳ දෙයක් හැකි උදව්වක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. එයාලගේ ගෙදර වැඩ වලට ගතහැකියි. දීලා තියෙන ගිණුම් විස්තර වවලට බර කරන්න.. අපිට පණිවිඩයක් දෙන්න රෙකොර්ඩ් කීපින් වලට.

      Delete
  22. https://www.google.com.au/maps/place/Bandarawela,+Sri+Lanka/@6.8318692,80.9912746,13.75z/data=!4m2!3m1!1s0x3ae470011c243a85:0xd94f7b8a6c4e9867

    ReplyDelete
  23. 28/04/2016 තව කිහිපදෙනෙක් උදව් කරලා තිබුණ අපේ ගමේ කට්ටිය අද සෙවිලි ගන්න තාත්තලා බණ්ඩාරවෙල යද්දී මගදී මුණ ගැහිලා.. ර.මු . කරුණාරත්න මල්වත්ත = රුපියල් 1000 යි, පියතිලක රාජපක්ෂ රත්පහ කිරිඔරුව රුපියල් 1000 යි විජේරත්න රාජපක්ෂ පැණි දොඩම් වත්ත කිරිඔරුව රුපියල් 250 යි ඩි. ඇම්. මුතුබණ්ඩා මහතැන්න බණ්ඩාරවෙල රුපියල් 500 යි

    ReplyDelete
  24. 01/05/2016::
    ඤන් ඤඋන් ආතාලා වහලේ වහන මහා ශ්‍රමදානය - අද බණ්ඩාරවෙල කිරිඔරුවේදී... සියල්ලෝම පැමිණෙත්වා !!!!

    ReplyDelete
  25. .....ශ්‍රම දානයටත් සහබාගි වෙන්න තිබුනානම් කොච්චර දෙයක්ද ? ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ චන්දනත් ඕකම කිව්වා.... කොහෙද එක්කෝ අපි දුරු රට.. එහෙම නැතිනම් ගමෙන් පිට... කමක් නෑ අපි මුදලින් හරි ආධාර කලානේ..

      Delete
  26. ප්‍රියන්ති කුලසේකර මෙම සදකාර්යට උදවු කරලා තිබුනා ඊයේ..

    ReplyDelete
  27. අපේ ගමේ "කම්කරුවන්" මැයි පළමුවෙනිදා ගතකලේ තම ශ්‍රමය නොමිලයේ ලබා දෙමින් ..... ඒ ඤන් ඤඋන් ආතාගේ දියණියන් දෙදෙනා සිටින නිවසේ අබලන්වූ වහලය වෙනුවට අලුත්වහලයක් සෙවිළි කිරීමේ පුණ්‍යකර්මය වෙනුවෙන් මේ සඳහා මුල්අඩිතාලම දැමු Chandana Rajapaksa Shyamali Rajapaksha Sumith Kalanasiri සහ Idunil Wijerathna ට අපේස්තුතිය..එමෙන්ම අපේ තාත්තා ත් "අමරේ මාමා" සහ "චාමර මල්ලී" ත් ගමේ ආධාර උපකාර සංවිධානය කිරීමෙන් සහය වුනා.. නම් ගම් සඳහන් නොකලද මෙයට උදව් කල අපේ ගමේ සියළුදෙනා ( රුපියල් 35000 ක් පමණ ලබාදෙමින්) ටත් ස්තුතිය පුද කරනවා.. "කම්කරුවන්ට ජයවේවා"

    ReplyDelete
  28. තවත් ආධාර ලැබිලා තිබුනා ඊයේ .. ප්‍රියන්ත ඇලෙක්සැන්ඩර් සහ දයාවතී දිසානායක (කළු) -රුපියල් 500, ඉන්ද්‍රවති රාජපක්ෂ කිරිඔරුව රුපියල් 500 , අනවිරත්න රාජපක්ෂ 500 , දිලිනි සඳමාලි රුපියල් 500, අනිල් ධර්මසිරි රුපියල් 1000 , W. M. ගුණපාල 250 ප්‍රේමලතා රාජපක්ෂ 500 ඒ. ඩබ්ලිව් . ප්‍රේමදාස රුපියල් 1000 සුමනා ගවරම්මාන 1000 අනුරසිරි දිසානායක රුපියල් 240 සුසන්ත ජයලත් රුපියල් 500 යි. ජානක රුපියල් 500යි

    ReplyDelete
  29. 05/03/2016 = දැන් වහලය ගසා ඉවරයි.. තව රුපියල් 25000 ක් ලැබුනොත් බිත්ති කපරාරු කල හැකි බව කිව්වා.. උදව් කරන්නට කැමති අය ඉදිරිපත් වුනා නම් හොඳයි.

    ReplyDelete
  30. මගේ විශ්ව විද්‍යාල මිත්‍රයා දැනට ඔස්ට්‍රලියාවේ මානසික රෝග විශේෂ දොස්තර දුශාන් අල්පොන්සෝ සහ ඔහුගේ බිරිඳ රුපියල් 30000 ක් අද ලබා දුන්නා . කරදරයක් නැතිව මේ වැඩේ ඉවර කරන්න පුළුවන් වෙයි .. ඒ දෙපලට අපේ බලවත් ස්තුතිය...

    ReplyDelete
  31. 25/05/2016 දැන් දුෂාන් ලබා දුන් මුදල් වලින් වැඩ කෙරෙනවා .. දවස් කිහිපයක් බිත්ති වල බදාම ගැසීම සහ වයරින් එකේ වැඩ කෙරුණා කිව්වා.. මේ දවස් වල බාස් වන්දනාවක ගිහින්ලු නැවත වැඩ පටන් ගන්නේ 29 වෙනිදා කිව්වා..

    ReplyDelete
  32. Replies
    1. බොහොම ස්තුතියි කුෂාන්.... මම කුමාර මල්ලිට කියන්නම් .. මට ඔබේ ඉ මේල් එක දෙන්න.. නැත්නම් මේ ඊ ලිපිනයට ඊයක් එවන්න ..kawinduj70 @ gmail.com .ජයවේවා !!!

      Delete
  33. මෙහි දැන් කපරාරුව ගසමින් පවතිනවා.. මේසන් බාස්ලා අල්ලා ගන්න පරක්කුවක් තියෙනවා.. එහෙන් මෙහෙන් වයර් එල්ලා කලින් කරලා තිබු වයරින් එක හොඳින් කරන්නත් අපේ අය කටයුතු යොදලා..කැමති අයෙකුට තවමත් උදව් කල හැකියි. එසේ කලොත් අපිට කියන්න..

    ReplyDelete
  34. මෙවැනි මන්ද මානසික පුද්ගලයන්ට රජයේ සහනාධාර දීමනා අවශ්‍යයි. පින් පඩි නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපේ එහෙම හොඳ වැඩපිළිවෙලක් නැහැ මන් හිතන්නේ...

      Delete