Sunday, 8 October 2017

ජිවිත රැසක් බේරන්නට දැන දැනම දිවි පිදු සොඳුරු මිනිසෙක්


දිනය ඔක්තෝබර් දෙවැනිදා.  කීර්ති බණ්ඩාර තම සුපුරුදු රැකියාවට ( බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථ රියදුරු)  පිටත් වුණේ තම දරු දෙදෙනා සහ ආදරණීය බිරිඳව දකින්නට නිවසට එන බලාපොරොත්තුවෙන්.

කීර්ති වැඩ කලේ බණ්ඩාරවෙල සිට හපුතල හරහා "ඌව කොස්ගම" දක්වා ධාවනය කෙරෙන බස් රථයේ.

මේ කියන වෙලාවේ  මගින් විස්සත් -තිහත් අතර පිරිසක් රැගත්  බස් රථය කීර්ති විසින් කොළඹ - බදුල්ල මාර්ගයේ ඌව කොස්ගම දෙසට ධාවනය කරමිනුයි සිටියේ.

බසය තිබුණේ හපුතලත් බෙරගල හන්දියත් අතර දැඩි වංගු සහිත කවුරුත් බෙරගල පල්ලම ලෙස හඳුන්වන කොටසේ.

වම් පසින් හපුතල කඳු බෑවුමත් (කොස්ලන්ද දෙසට ඇති)  දකුණු පසින්  උස වේල්ලත් තිබෙන කොටසක්.

මගීන් බොහෝ දෙනෙක් තම දවසේ වැඩ නිමවී ගෙදර යමින් සිටියේ ප්‍රිය අඹු දරුවන් දැක බලා ගන්නටයි.

කීර්ති වුණත් ඉන්නට ඇත්තේ "ටර්න්" එක ඉවර වී බසය නවතා දමා නිවසට යන බලාපොරොත්තු වෙන්මයි.

බසය ඇතුළේ තිබු සාමකාමී වාතාවරණය බිඳ හෙලමින්  යමෙක් උස්හඬින් කෑ ගසනු ඇසුණා.


"බස් එකේ බ්රේක් නෑ.. හැමෝම පිටිපස්සට යන්න .. හැමෝම පිටිපස්සට යන්න "


කියමින් රියදුරු කීර්ති බණ්ඩාර  කෑ ගසනවා.

 පල්ලැහැහින් පෙනෙන  පල්ලම දකින ඕනෑම කෙනෙකුට දෙවියන් සිහිවෙන මොහොතක්.

සියළුම මගීන් බස් රථයේ පිටිපස්සටම ඇදුනා.

ඒ අතරේ බසය අධික වේගයෙන් බෙරගල පල්ලමේ පහළට ඇදෙනවා.

රියදුරු කීර්ති බණ්ඩාර  බසය   පල්ලම දෙසට යන්නට නොදී   පාලනය කර ගන්නට උපරිම වෙර දරනවා.

අවසානයේ අධික වංගු සහිත මාර්ගයේ බසය පල්ලමට යා නොදී වලක්වන්නට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ගන්නට කීර්ති තීරණය කරනවා.

ඒ බසය රියදුරු අසුන පැත්තේ ( දකුණු පැත්තේ ) වූ වේල්ලට අල්ලා නවත්වන්නට තීරණය කිරීමෙන් .

අනිවාර්යයෙන් තමන්ගේ ජීවිතය අනතුරේ බව දැන දැනත් ඔහු මේ තීරණය ගන්නේ බසය අනික් පස පල්ලමට අල්ලා දකුණු පස රියදුරුට ඇති "හදිසි දොරටුවෙන්" පැනගන්නට  තමාට හැකි බව හොඳින් දැනගෙනමයි.

මේ වෙලාවේ කීර්ති බණ්ඩාරට තම දහය වසරේ ඉගෙන ගන්න වැඩිමහල් දරුවත්  දෙක වසරේ සිටිනා බාල  දියණියත්  සිහිවන්නට ඇති.

එහෙත්  තමාගේ  ජීවිතය පරදුවට තබන  මේ සොඳුරු මිනිසා තව ජිවිත විසි ගණනක් බේරා අපෙන් සමු ගන්නවා.

ඒ තම රාජකාරිය දේව කාරියක් ලෙස ජිවිතයේ අවසානය දක්වා ඉටු කරමින්.

"ජිවිත රැසක් ඔබ අතේය " අපි පාසැල් යන කාලේ බණ්ඩාරවෙල ඩිපෝවේ බස් වල රියදුරු  පිටුපස බලන කණ්නාඩියේ  ගසා තිබුණා මට මතකයි.

අපි පාසැල් ගියේ  මාර්ග අංක 320 ඇටම්පිටිය -බණ්ඩාරවෙල බස් රථයෙන්

අධික කඳු බෑවුම් සහිත බණ්ඩාරවෙල- ඇටම්පිටිය මාර්ගයේ  මේ 320 බස්රථය වංගුවක්   ගන්නා වාරයක් පාසා  "ජිවිත රැසක් ඔබ අතේය " කියන  වාක්‍යය ඛණ්ඩය රතු පැහැයෙන් වර්ණ ගැන්වෙනවා.

කීර්ති බණ්ඩාර පැදවූ බස් රථයේ එවැනි වාක්‍යයක් ලියා තිබුණත් නැතත් ඔහු එදා  ක්‍රියාකර තිබුණේ ජිවිත රැසක් ඔබ අතේය යන්න  ඔහුගේ හදවතේම සටහන් කර තිබු පරිද්දෙන්.

කීර්ති බණ්ඩාරගේ මේ පරාර්ථකාමීත්වය අගය කරමින් පසුගියදා මම මුහුණු පොතේ කෙටි සටහනක් දැම්මා.

එය දුටු අපේ ගමේ මල්ලී කෙනෙක්

"අය්යා මේ මගේ පංතියේ ඉන්න ළමයෙක් ගේ තාත්තා .

 දන්නා හැටියට පෙන්ෂන් එකකුත් නෑ.. 

ඉස්කෝලේ යන ළමයි දෙන්නෙකුත් ඉන්නවා ... 

අපි මොනවා හරි කරමු"  

කියලා පණිවිඩයක් එව්වා..

හරි මල්ලි අපි මොනවා හරි කරමු මට අකවුන්ට් නම්බර්ස් එවන්න 

මම පිළිතුරු දුන්නා

අපේ කාර්ය භාරය

දැන් එළැඹි තිබෙන්නේ අපට කල හැක්කේ කුමක්ද යන්න සිතීමේ වෙලාවයි.  

මා හා මගේ බිරිඳත් .. මුහුණු පොතේ හා බ්ලොග් කියවන අපේ හිතවතුනුත් එකතු කරගෙන අප මින් පෙර සිදු කලාක් මෙන් හැකි උපකාරයක්  කිර්තිගේ පවුලට කලයුතු යැයි හිතුණා. 

ගමේ හිතවතා කිර්තිගේ ළමයෙකුගේ පංති භාර ගුරුවරයා ද වන නිසා  ඔහු හරහා  අපේ සහය  කීර්ති බණ්ඩාරගේ පවුලේ අයට ලැබෙන්න සැලස්විය හැකියි.


ඔබ කිසියම් මුදලක් බැර කළහොත් ඒ බව මගේ මුහුණු පොතෙන්  හෝ මේ බ්ලොග් පොස්ට් එකෙන් දන්වන්න....


කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගේ බැංකු ගිණුමේ විස්තර



මේ අතර බණ්ඩාරවෙල රජ යේ රොහලේ සේවය් කරන අපෙ හිතවත් වෛද්‍යවරයෙක් මේ සිදුවීම ගැන උනන්දු වුණා.
ඔහු තමා හඳුනන  බණ්ඩාරවෙල ඩිපෝවේ සේවක මහතෙකුගෙන්  කීර්ති බණ්ඩාර පවුලේ විස්තර විශේෂයෙන් ඔවුන්ට උදව් කල හැකි ආකාරය ගැන විස්තර අසා තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය නමට හල්දුමුල්ල
ලංකා බැංකුවේ ඇති ගිණුමක විස්තර අපේ හිතවතාට ලැබී තිබුණා.


දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමට අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.


ගිණුමේ නම:  T.M. P.W. Nilmini Tennakoon

බැංකු ශාඛාව: ලංකා බැංකුව, හල්දුම්මුල්ල


ගිණුම් අංකය: 81720917


රුපියල් සියයකින් හරි කමක් නෑ උදව් කරමු.

මේ මිනිසා කල වීර ක්‍රියාව ඇගයීමට. අපි හැමෝම සුලුවෙන් හෝ උදව් කල විත් ඔහුගේ දරුවන් දෙදෙනාටත් බිරිඳටත් එය ලොකු උදව්වක් ලෙස දැනේවි.


 බැංකු විස්තර මුලින්ම ලබා දුන් බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍ය "සරණ පෙරේරා අය්යා" ටත් ස්තුතියි.

2017/11/22...

දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමටත් අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.





61 comments:

  1. මේ සිද්ධිය මුලින්ම දැකපු වෙලේ බොහොම දුක හිතුනා.
    වටිනා කියන මනුස්ස ගුණ තියෙන මනුස්සයෙක් නැති වෙච්ච එක ගැන බොහොම කණගාටුයි.
    එත් ඒ එක්කම කියන්න දෙයක් තියෙනවා.
    අපේ බදු මුදල් වලින් නඩත්තු වෙන ලංගම ඇතුලේ වෙන්න ඕනා දේවල් නොවෙන හැටි වගේම නොවෙන්න ඕන දේවල් වෙන හැටිත් බොහොම අගේට මේ සිද්ධි වලින් පේනවා.
    ප්‍රවාහන ඇමති වෙලා ඉන්නේ ජනාධිපති ට ගේ අතිජාත දේශපාලනික මිත්‍රයා.
    එත් වැඩක් නැහැ. ඩිපෝ වල වෙන්න ඕනා දේවල් වෙන්නේ නැහැ.
    ලක්ෂ කෝටි ගණන් වටිනා බස් ඔහේ දිරලා යනවා. එකෙක් අහක් ඇරලා බලන්නේ නැහැ.
    තියෙන බස් වලටත් හරි හමන් නඩත්තුවක් නැහැ. ඔහේ දුවනවා.
    අපිත් පාරේ බස් වල යන මිනිස්සු නිසා හොඳට දැකලා තියෙනව ලංගමේ බස් වල අපූරුව.

    ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ දේවල් වලදී අහිංසක මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවන එක.

    තවත් දෙයක් කියන්නොනේ.

    මරුනේ එක මනුස්සයෙක් නිසාද කොහෙද ඔය සිද්ධිය එක පාරකට දෙපාරකට වඩා අපේ (ප)ජාතික මීඩියා වල ගියේ නැහැ.
    ඩ්‍රයිවර් ඔය තීරණේ නොගෙන බස් එක හෙලට වැටුනා නම්, දහයක් පහළොවක් එතන ම මලා නම් සතියක් දෙකක් යනකම් නිවුස් එකේ රස්නේ තියෙනවා හැම චැනල් එකේම.
    එත් එහෙම වුනේ නැහැ.
    මොකද කියනවා නම් උන්ට නිවුස් මාකට් කරන්න එක මනුස්සයෙක්ගේ ලේ මදි නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ස්තුතිය .ලිපියේ ප්‍රධාන අරමුණ අපේ ගමේ මල්ලීට ඔහුගේ පංතියේ ඉන්න කීර්තිගේ පුතා වෙනුවෙන් යම් උපකාරයක් කරන්නට සහය වීමයි. ලංගමයේ අඩු පාඩු ගැන වෙන වෙලාවක ලියන්න ඕනේ....දේශපාලන හෙන්චය්යන් ඩිපෝවල සේවයට ගැනිමෙන් සිදු වී ඇත්තේ පිළියම් කල නොහැකි පාඩුවක්....

      Delete
  2. නිර්නාමික හිතවතෙක් රුපියල් දහදාහක් මේ වෙනුවෙන් යොමු කලා අද... මම අපේ ගමේ මල්ලිට කතා කරලා ඔහුගේ පංතියේ සිට්ටින්ග් ශිෂ්‍යයාගේ නමට ( අවුරුදු දහසයයි ) ගිණුමක් අරින්න කිව්වා. අපි ලැබෙන උදව් ඒ ගිණුමට බැර කරනවා.

    ReplyDelete
  3. ඩොක්ට. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඔබ තනියම දෙයක් කරල කිව්වනම් තමයි හොඳ. මම පෞද්ගලිකවම මේ බ්ලොග් එකේ දෙන්නෙක් ට උදව් කරල පුක බිම ඇනගෙන ඉන්නෙ උන් පහුවෙල කියන බයිල අහල. නෑ මම කාටවත් උදව් කරන්නෙ නැහැ. ඔබ කියනව ඇනෝ කෙනෙක් සල්ලි දුන්න කියල. මේ බ්ලොග් එකේ ඉන්න එකෙක් මේන් කියල දෙයි නම නොකිය. මම දන්නව ඔබ මම සමග අමනාප වෙයි කියල. ඒත් වැරැද්ද දැක්ක තැන කට වහං ඉඳල පුරුද්දක් නැහැ. සොරි ඩොක්ට,

    තවමත් කමෙන්ට් දෙකයි රිප්ලයි තුනයි. ඇනෝ සල්ලිත් දාල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටික්කා ඔබේ මතය ඉදිරිපත් කිරීම ගැන ... මේ "බ්ලොග් එකේ දෙන්නෙක්ට" කියන එක "බ්ලොග් ලියන දෙන්නෙකුට" කියලා වෙනස් වෙන්න ඕන නේද? මට මතක හැටියට නම් ටික්කා මම ලියපු බ්ලොග් පොස්ට් වලට මුදල් උපකාර කරලා නැහැ...මම තනියෙන් කරන දේවල් මම ප්‍රසිද්ධ කරලා නැහැ.. (අර මස්සිනා ලට උදව් කරපු එක හැරෙන්න) ගොඩක් දේවල් තියෙනවා ලියනවා නම්... මේ මුදල් දැම්ම "ඇනෝ" කවුද කියලා ගොඩක් දෙනෙකුට හිතා ගන්න පුලුවන් ඇති. වෙන කිසිම කෙනෙක් උදව් නොකලත් "ඒ ඇනෝ" තමන්ගේ ගමේ මල්ලි හරහා මේ සොඳුරු මිනිසාගේ ලමුන් දෙදෙනාට උදව් කරනු ඇති.. ඉදිරියට මේකේ අප්ඩෙට්ස් බලන්න.. ටිලාන් උදව් කරන්න අකමැති වුණා කියලා මම තරහා වෙන්නේ නෑ. ........මගේ බ්ලොග් පොස්ට් කියවන්නේ ප්‍රධාන ධාරාවේ බ්ලොග් කියවන්නෝ විතරක් නෙවෙයි.. මගේ පාසැල් මිතුරෝ , ගමේ හිතවතුන්, මුහුණු පොතේ හිතවතුන් ඇතුලු ගොඩක් අය මේක කියවනවා.. මෙතෙක් අපි කළ වැඩ බලට උදව් කර ඇත්තේ බ්ලොග් ලියන අය පස් -හය දෙනෙක් පමණයි... ඔය කියපු "ඇනෝ" අපි කල නිවාස හතරෙත්, ගමේ ආර්තික අපහසු කම් ඇති ළමුන්හය දෙනෙකුට මාස් පතා උදව් කිරීමේදීත් වැඩි පිරිවැයක් දරලා තියෙනවා....

      Delete
    2. //තවමත් කමෙන්ට් දෙකයි රිප්ලයි තුනයි. ඇනෝ සල්ලිත් දාල.// කමෙන්ට් නොදාන හේතුව උපකාර කරන්න වෙයිද කියා ඇති කුකුස වෙන්න පුලුවන් වගේම.... මම ගොඩක් කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් නොලිවීම වෙන්නත් පුලුවන්... අපි මෙතෙක් කල වැඩ වලට වැඩි පුර උපකාර කෙරුනේ මගේ පෞද්ගලික හිතවත් කම් තීයෙන අයගෙන්.... බ්ලොග් එක ලිව්වේ බ්ලොග් කරුවෝ දුවගෙන ඇවිත් මේකට උදව් කරයි කියලා බලාපොරොත්තුවෙන් නෙවෙයි.... බ්ලොග් ලියන අතර ඉන්න වැඩි දෙනා ලියන්න කැමති කිසියම් කෙනෙකුගේ හෝ දෙයක වැරදි සහ අඩුපාඩු විතරයි.. සමහරුන්ට අනුව හොඳයි කියලා කියන්න දෙයක් ඇත්තෙම නෑ .. මම කැමතියි තියෙන හොන්ඩ දේ ටික වුණත් ඒ ගැන සමාජයට පෙන්වලා ඒ ගැන කියවලා යහපත් සමාජයක් ( අඩුම තරමේ එක්කෙනෙක් දෙන්නෙක් හෝ) හදෙනවා බලන්න. මේ රියදුරා ගේ මරනයට හේතුව ඩිපෝ වල ඇති අකාර්යක්ෂ්ම තාවය විය හැකි වුණත් ඒක ඉස්මතු නොකලේ ඒ නිසයි...

      Delete
    3. ටික්කා උඹ වෙනස්ම එකෙක් බං ඇනෝ ඇවත් බැනල නොයා කෙලින්ම කියල

      Delete
  4. හොද වැඩක්
    ලංගම සේවකයෙකුට ඇයි විශ්‍රාම වැටුප් නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. පාරිතෝෂික දීමනාවක් (provident fund) ගෙවනවා මම අහලා තියෙන හැටියට.. මේක අපේ ගමේ ඉන්න මල්ලී කෙනෙක් ( කීර්ති ගේ ලොකු පුතාගේ ගුරුතුමා) කරන වැඩේට උදව් කිරීමක්

      Delete
  5. Kavindu, thanks for organizing this. Myself and a friend were just thinking of what we can do.
    Need a clarification please: Is the account holder name Nilmini Tennakoon and is the given account number hers? Or is it the account of the deceased? The scanned note seems a bit confusing.

    ReplyDelete
    Replies
    1. Thanks Dil .. really happy to hear your and your friends thoughts... Account is deceased .. Nilmini Thennakoon is the wife.. give me few hours I will give you exact info.. ( after talking to our village contact) earlier I have given my account details to first gather support into it and later transfer to the family ( once our friend organise a new account) but as you can see from some comments there are people who see things in a different way... as I said give me few hours I am in Australia once I get our Bandarawela contact to give me more info I will let you know... thanks again really appreciate the thought !!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Thanks. Please take your time.

      Delete
    4. Thanks. Please take your time.

      Delete
    5. sure this account details were given to a friend of mine ( a doctor at Bandarawela Hospital) by a worker at the Bandarawela Depot . He will enquire further and will come back to me with further details

      Delete
    6. Hi Dil , my sister in law ( a peoples bank worker herself) has confirmed that the said bank account is active and belongs to Mrs Nilmini Thennakoon ( Keerthi Bandara's wife). Please add your contribution to that account. Let us know when you and your friend add that support so that our friend can inform the family to check and confirm

      Delete
    7. Thanks much Kavindu. I made the transfer now and they should receive it by tomorrow I think. I also handed over the bank details to my friend. So perhaps leave 3-4 days and check it?

      Delete
    8. Dear Dil,
      Thanks. Really appreciate it. I spoke to the teacher of Mr Keerthi Bandara's son yesterday. I will ask him to talk to the family and confirm receiving your payment

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. Thanks no hurry. Also please allow 2-3 days for my friend to transfer the money. Really appreciate your help.

      Delete
    11. Mine=7500. Didn't ask the friend. Buy if you need it for record keeping can ask.

      Delete
    12. Thanks a lot Dil... //if you need it for record keeping can ask.//
      yes that is the purpose . please ask and confirm .. thanks again

      Delete
    13. Hi Kavindu. My friend's donation=5000. She did it today. I think you may receive it on Monday.

      Delete
    14. Hi Kavindu. My friend's donation=5000. She did it today. I think you may receive it on Monday.

      Delete
    15. Thanks a lot for you and your friend.. as you see from comments below two others also helped.. really value all of your support..thanks again

      Delete
    16. Our pleasure. Thanks for the initiative. We would never have spent our time to search for these details. Thanks for sparing time for this from your busy schedule.

      Delete
    17. no problem. we should care for the others whenever we can . Such acts make the world a better place

      Delete
  6. මුහුණු පොතෙන් මේ බ්ලොග් පොස්ටුව කියවූ අපේ ලොකු මාමාගේ දුව මෙයට උදව් කරන්න කැමැත්ත පළකලා....

    ReplyDelete
  7. මේ බැංකු ගිණුම සක්‍රීයයයි . ඔබ සැමගේ සහය පළකරන්න...

    ReplyDelete
  8. පුළුවන් අය උදව් කරන්න. උදව් කරන්න කැමති වුණත් විචිකිච්ඡාවක් තිබේ නම් ගිණුම් අංක ගැන අදාළ ආයතන මගින් විමසා බලා උදව් කරන්න. ඒ අයගේම එකව්න්ට් නම්බර් එකක් වීම ගොඩක් හොඳයි. අපේ කවුරු හරි එකතු කරලා දෙනවාට වඩා. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මේ තැන්පත් කරන මුදල් යන්නෙ කීර්ති බන්ඩාරගේ නෝනගේ ගිණුමට..

      Delete
    2. අපිට අපි ගැන හැඟීමක් ඇතිවෙන ලිවීමක් වගේම උත්සාහයක් අයියෙ.

      Delete
    3. මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වූවාට ස්තුතියි නංගී. යහපත් චේතනාවෙන් යුතුව ජීවිතයෙන් සමුගත් "සැබෑ මිනිසෙක්" ගැනලියන්න ලැබීමත් සතුටක් සහ භාග්‍යයක් කොට සලකනවා. එහෙම මිනිස්සු අඩු බව අපේ "බ්ලොග් කරුවන්" පවා පෙන්වා දීලා තියෙනවා නේද?

      Delete
  9. It is pathetic to see how some people are arguing to help someone who is in need. If you cannot help, don't do it,but don't argue. If you can, show your humanity/generosity and the ability to care for someone. Big or small , it is a huge power comes from a human mind when you help/care for someone who you don't even know, haven't met...
    If this gentleman was born in a civilized place he would be hailed a Hero... unfortunately we are arguing to appreciate what he has done...feel ashamed of us..
    However, thank you author for bringing this up and doing your bit with the pen (and the pocket)
    I have done a donation and they will receive it in a couple of days.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Thanks for your help and the comment. Yes some people always see negative side of everything. What we should do is just ignore them and keep doing what we feel correct. As you said if Keerthi Bandara was in a different place he should have received highest honour from his country men and his family will be well looked after.
      Thanks again for your generosity

      Delete
  10. ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ මුහුණු පොතේ හිතවතෙක් වූ චමින්ද පුංචිබණ්ඩාර මල්ලී මෙයට දායකත්වය සපයන බව කිව්වා. ස්තුතියි චමින්ද මල්ලී

    ReplyDelete
  11. 23/10/17 --ඊයේ මුහුණු පොතේ සටහනක් පලවී තිබෙනු දැක්කා තවම කීර්ති බණ්ඩාර වෙනුවෙන් රජයෙන් හෝ ඩිපෝවෙන් කිසිදු වන්දියක් ඔහුගේ පවුලට නොලැබුණු බවට

    ReplyDelete
  12. චමින්ද පුංචි බණ්ඩාර මල්ලි ( ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ හිතවතෙක්) අද රුපියල් පන්දහසක මුදලක් නිල්මිණි මහත්මියගේ ගිණුමට යවා තිබුණා. බැංකුවෙන් මුදල් ලැබුණු බව සනාථ කල පණිවුඩය ඔහු මට එවා තිබුණා. නොහඳුනන එහෙත් හිතහොඳ මිනිසෙක් වෙනුවෙන් ඔහුගේ පවුලට උපකාර කල චමින්ද මල්ලිට ස්තුතියි..

    ReplyDelete
  13. 01/11/2017මම නිල්මිණි මහත්මිය සමඟ කතා කලා අද.. මෙතෙක් ඇයගේ ගිණුමට වැටී ඇත්තේ මා මෙහි සඳහන් කර ඇති මුදල් ප්‍රමාණය පමණක් බව ඇය සනාත කලා ( රුපියල් තිස්දහසකට ආසන්න මුදලක්.. )කීර්ති බණ්ඩාර මහතා නැතිවී අදට හරියටම මාසයක් වෙන බවත් .. ඇය පන්සලට ගොස් පිං පැමිණ වූ බවත් හඬමින් පැවසුවා).. අපි හැකි උදව්වක් කරමු. උදව් කල සැමට ස්තුතියි

    ReplyDelete
  14. තවත් රුපියල් 5000ක් නිල්මිණි මහත්මියගේ ගිණුමට බැර කර මුදල් තැන්පත් කල කුවිතාන්සිය එවා තිබුනා මෙල්බන් නුවර සිටින අපේ හිතවතෙක් විසින් අද (04/11/2017)

    ReplyDelete
  15. 06/11/2017 ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පවුලේ හිතවතියක් වන රම්‍යා රත්නායක මහත්මිය මේ අරමුදලට ඩොලර් පණහක් පරිත්‍යාග කලා අද .. රම්‍යා සහ ඇගේ පවුලේ සැමට ස්තුතියි.

    ReplyDelete
  16. 06/11/17 අද එක්සත් රාජධානියේ සිටින වෛද්‍ය රොහාන් වැන්දබෝනා ( අපේ හොස්ටල් එකේ සිටි බෝනා අය්යා) ඔස්ට්‍රේලියානු ඩොලර් 100 ක් එවා තිබුණා මේ සද්කාර්යය වෙනුවෙන්.... මේ දෙදෙනා එවු මුදල් නිල්මිණි මහත්මියගේ ගිණුමට යොමුකරා.. $150 = මුලු මුදල රුපියල් 17325ක්

    ReplyDelete
  17. 18/11/2017 මේ දක්වා අපේ හිතවතුන් රුපියල් පනස් දහසක පමණ මුදලක් ඒ ගිණුමට බැර කර තිබෙනවා.. ඔබ සැමටත් රුපියල් සියයකින් හරි උදව් කල හැකියි මෙහි ඇති බැංකු ගිණුමට

    ReplyDelete
  18. 22/11/2017 අද ඔස්ට්‍රේලියාවේ සිට නිර්නාමික හිතවතෙක් මේ අරමුදලට රුපියල් 10000 ක් යොමුකලා ඒ මුදල් ලැබුණු බව විජය නිල්මිණි මහත්මිය මා සමඟ පැවසුවා.. දැන් රුපියල් 60000 කට අසන මුදලක් අප එකතු කර දී තිබෙනවා.

    ReplyDelete
  19. 26/11/17 ඔස්ට්‍රේලියවේ වෙසෙන තුෂාර මදනායක මල්ලී මෙයට රුපියල් 10000 ක් එකතු කර තිබෙනවා. ස්තුතියි තුෂාර මල්ලී

    ReplyDelete
  20. 13/12/2017 මේ ගිණුමට රුපියල් 15000 කින් උදව් කළා මෙල්බන් නුවර ඉන්න අපේ හිතත් වූ වජිර සිල්වා මල්ලී. මුදල් ලැබුන බව නිල්මිණි මහත්මියත් සනාථ කළා

    ReplyDelete
  21. 16/12 කීර්ති බණ්ඩාර මහතා මේ වටිනා පරිත්‍යාගය කරලා මාස තුනක් පිරෙනවා ජනවාරි පළමු වෙනිදාට .. එදාට ඔහුගේ නිවසේ දානමය පිං කමක් සිදු කරනවා ඔහුගේ පවුලේ අය විසින්.. අපි මේ වෙනකොට ඔහුගේ බිරිඳගේ ගිණුමට රුපියල් 80000 ක පමණ මුදලක් එකතු කර දී තිබෙනවා. එයින් ඇය නිවස ගොඩනැගීමට කිර්ති බණ්ඩාර ගත බැංකු නය රුපියල් ලක්ෂ 9 යෙන් 50000 ගෙවා දමා තිබෙනවා.. අපි මේ ගිණුම් දෙකට දිගටම උදව් කල හොත් ඇය සහ දරුවන් මේ ණය බරින් මුදවන්න එය පිටිවහලක් වේවි....

    ReplyDelete
  22. ජපන් රටේ මහන්සි වෙලා හම්බුකරපු තමන්ගේ මුදලින් කොටසක් ,අහිංසක ළමුන් 63දෙනෙකු වෙනුවෙන් අලුත් පාසල් වාරයට පොත් ලබාදෙන්න , ලබාදුන් මගේ මිත්‍රයින් සියලු දෙනාටම බොහොම පින්
    රුපියල් 55000 කට අසන්න මුදලක් එකතු කොට ගන්නේ ලැබුන අතර
    පොත් බෙදා දීම සදහා 40000 ක මුදලකුත්
    15000 මුදලක් කිර්ති බණ්ඩාර (බණ්ඩාරවෙල බස් අනතුරෙන් මියගිය )
    http://helmalu.blogspot.jp/2017/10/blog-post_8.html
    මහතාගේ පවුලේ දරුවන් වෙනුවෙන් ලබාදෙන ලදී
    කටයුත්තට දායක වූ සියලු දෙනාට පින්

    ReplyDelete
    Replies
    1. 28/01/2018 ඔබටත් ඔබේ මිතුරන්ටත් ස්තුතියි.. මුදල් තැන්පත් කල ගිණුම සහ දිනය සඳහන් කරනවද? කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳගෙන් මුදල් ලැබුණ බව සනාථ කරගන්න පුළුවන්.. බොහොම ස්තුතියි

      Delete
  23. ඔබ සැම ලබා දුන් මුදල් පරිත්‍යාගය ලැබුණ බව විජය නිල්මිණි මහත්මිය සනාථකලා. ලබාදුන් දුරකතන අංකය නැතිවූ නිසා නැවත කථා කරන්නට නොහැකි වූ බව කිව්වා . ඔබගේ බිරිඳට නිල්මිණිට නැවත ඇමතුමක් දෙන්න කියන්න. හැකිනම් ඔබේ ඊ මේල් එක මා හට එවන්න kawinduj70@gmail.com

    ReplyDelete
  24. 07/08/2018 හිතවත් මහත්මයානෙනි,
    මම ඔස්ට්‍රෙලියාවේ පදංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්මි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බණ්ඩාරවෙල ඩිපෝවේ බසයක් අනතුරට පත්වීමෙන් මියගිය කීර්ති බණඩාරනම් රියැදුරු මහතා සම්බන්ද කාරණයක් වෙනුවෙන් ඔබ අමතන්නට අදහස් කලෙමි. ඒ මහතා මියගියේ බසයේ තිරිංග ක්‍රියා විරහඉතවීම නිසා හපුතල බෙරගල පල්ලමට පෙරලෙන්නට ගිය බසය මගීන්ට අනතුරක් නොවන ලෙස හසුරුවන්න්ට ගොස් ඔහුගේ ජීවිතය නැතී වී යාම මගින් බව මා අසා ඇත්තෙමි( ඒ දිනවල පුවත්පත්, රූපවාහිනි පුවත් ආදියේ මෙය පලවූ බව ඔබට මතක ඇතී . ඉන් අනතුරුව ගෘහමූලිකයා නැතිවු පවුලට/දරුවන්ට සහනයක් ලබා දෙනු වස් අප ස්වෙච්චාවෙන් ඉදිරිපත් වී සුළු මුදලක් එකතු කර දුන්නෙමු. ) ඒ මහතා ජීවත්ව සිටියදී මහජන් බැංකුවෙන් ගත් නිවාස නයක් ගෙවා ගත නොහැකිව ඔහුගේ පවුලේ අය සිටින මේ වෙලාවේ (ආයතන සංග්‍රහයේ වැනි පරිච්චෙදයේ 11 වගන්තිය සංශෝධන්ය කිරීම - දේපල ණය රාජ්‍ය පරිපාලණ චක්‍රලෙඛ 09/2016 )ගැන අපට දැනගන්නට ලැබිණි . කරුණාකර මේ සඳහා ලංකා ගමනා ගමන් මණ්ඩල සේවකයෙකුට ඉල්ලුම් කල හැකිදැයි අපට දන්වන්න. බොහොම ස්තුතියි.

    ReplyDelete
  25. 0/10/18 බැංකු ණය කපා හරින්න ( චක්‍රලේඛයට අණුව) කිය්ලා බැංකුවෙන් ඉල්ලුවට තවම සෙතක් සැලසිලා නෑ. දැනට බැංකුව විසින් නිල්මිණි මහත්මියගේ ගිණුම අක්‍රිය කරලා තියෙන්නෙ කිව්වා. මේ මෑතකදි කීර්ති බණ්ඩාර විරුජන සම්මානය කියලා කණ්ඩායමක් ( උදයා දේවාමුල්ල මහතා ප්‍රමුඛ) කීර්ති සිහිකර ඔහුගේ පවුලටත් , බස් අනතුරෙන් තුවාල වූ අනෙක් අයටත් මුදල් පරිත්‍යාග සහ සම්මානයක් ප්‍රධානය කරන්න යනවා ඔක්තෝබර් 13 වෙනිදා පදනම් ආයතනයෙදි

    ReplyDelete
  26. 10/101/18 විරුජන සම්මාන කණ්ඩායම විසින් අලුතින් ඇතිකල අවධානයත් සමඟ අපේ හිතවතුන් මෙන්ම මුහුණු පොතේ අරුණාලෝකය පිටුව හරහා පැමිණි හිතවතුන් තිදෙනෙක් නැවතත් කීර්තිගේ පවුලට උදව් කරන්න ඉදිරිපත් වුණා. 1. මගේ විශ්ව විද්‍යාලහිතවතෙක් ( නිර්නාමික රුපියල් 10000 යී , අප නොදන්නා කෙනෙක් රුපියල් 2500 යි )

    ReplyDelete
  27. 10/10/18 මුහුණු පොත, අරුණා ලෝකය හරහා සම්බන්ධවූ මංජුලා ජිනසේන මහත්මිය සහ ඇයගේ ස්වාමියා රුපියල් 20,000 නිල්මිණි මහතමියගේ ලංකා බැංකු ගිණුමට යොමුකරලා තිබුනා 09/10/2018 දින. මංජුලා කීර්ති බණ්ඩාර ගේ බිරිඳ නිල්මිණි සම්ඟ දුරකතයෙන් කතා කරලත් තිබුණා. මන්ජුලා සහ ඇයගෙ සැමියාට අපගේ බලවත් ප්‍රණාමය.

    ReplyDelete