Monday 29 January 2018

රියැදුරු කීර්ති බණ්ඩාර මතකද?



පසුගිය ඔක්තෝබර් මාසයේ පළමුවෙනිදා හපුතලේ බෙරගල පල්ලමේදී අනතුරට පත් බස් රථය ඔබට මතකද? එහි රියැදුරු කීර්ති බණ්ඩාර මහතා බසයේ ගමන් කල සියළුම මගීන් ගේ පණ බේරාදෙන්න තමනගේ ජීවිතය කැපකලා .
ඔහු මිය ගිහින් මාස තුනක් ගතවුණේ ජනවාරි මාසේ පළමුවෙනිදා . ඒ වෙනුවෙන් දානමය පිංකමක් ඔහුගේ ඌව කොස්ගම නිවසේදී පැවැත්වුණා.

කීර්ති ගේ පාසැල් යන වයසේ සිටින දරු දෙදෙනා ( පුතා මෙවර අපොස සා. පෙළ ලියනවා , දුව දෙක වසරේ ) වෙනුවෙන් උපකාර කරන්නැයි කියා මා ලියූ බ්ලොග් ලිපියට සැලකිය යුතු ප්‍රතිචාරයක්  ලැබුණා ( කීර්තිගෙ බිරිඳ විජය නිල්මිණි මහත්මියගේ  ගිණුමට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් එක් කර තිබුණා අපේ හිතවතුන් විසින්) .

ඔහු තම නිවස ගොඩ නගන්නට ගත් බැංකු ණයක් තිබෙනවා රුපියල් ලක්ෂ අටක  එහි මාසික වාරිකය රුපියල් 16000 ක් . නිල්මිණි මහත්මිය අප එකතුකර දුන් මුදලෙන් රුපියල් 50000 ක් ඒ ණය පියවීමට යොදාගෙන තිබෙනවා.  ඉතිරි මුදල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යොදාගන්නා අතරේ.

මෙතෙක් කීර්ති සිදු කල පරාර්තකාමි ක්‍රියාව අගය කරනු වස් සුළු හෝ උදව්වක් කල නොහැකිවූ ඔබටයි මේ අවස්ථාව.

බැංකු ණය වාරියකය ගෙවන්නට නිල්මිණි මහත්මියට සහයවෙමු. පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කරලා..


ගිණුමේ නම:  T.M. P.W. Nilmini Tennakoon


බැංකු ශාඛාව: ලංකා බැංකුව, හල්දුම්මුල්ල


ගිණුම් අංකය: 81720917

ඌව කොස්ගම කියන්නේ දුෂ්කර ගම්මානයක්  . එහි සිට බදුල්ල-කොළඹ පාරට කිලෝමීටර් පහක් පමණ දුරයි. කීර්තිගේ මරණයෙන් පසු ගමට ගිය බස් එක නැවතිලා. දැන් ගමේ අය ( නිල්මිණි  මහත්මියද ඇතුලුව) කොහේ හරි යන්න නම් මේ කිලෝමීටර් පහ ත්‍රී වීලර් එකක යායුතුයි රුපියල් 350 ක් ගෙවලා . ඒ නිසා අත්‍යවශ්‍ය කාරණයකට හැර කෙනෙක් පාරට එන්නේ නෑ

23 comments:

  1. කීර්තිගේ මරණයෙන් පසු ගමට ගිය බස් එක නැවතිලා. දැන් ගමේ අය ( නිල්මිණි මහත්මියද ඇතුලුව) කොහේ හරි යන්න නම් මේ කිලෝමීටර් පහ ත්‍රී වීලර් එකක යායුතුයි රුපියල් 350 ක් ගෙවලා . ඒ නිසා අත්‍යවශ්‍ය කාරණයකට හැර කෙනෙක් පාරට එන්නේ නෑ///////////
    ඒ මනුස්සයගෙ මරෙන්නටවත් වටිනකම නැති කරලා...අපෙ ඉන්න(ඒ ආයතන වල පු‍ටු රත්කරන මහා ලොකු #කෙ කලමනාකරුවො, පලකයො )...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි. ඔව් කීර්ති බණ්ඩාර මියගියේ තමන්ගේ රාජකාරිය අවසාන මොහොත දක්වාම අකුරට ඉටු කරලා. ඒ බව ඩිපෝවල නිලධාරීන් , පාලකයින් තේරුම් ගත්ත බවක් පේන්න නැහැ. තේරුණානම් ඔහු වෙනුවෙන්ම නම් කල බස් රථයක් මේ පාරේ දුවන්න ඕනේ .ඒ වෙනුවට වෙලා තියෙන්නේ ඔහුගේ අවසාන මොහොත තෙක්ම ගමට ගිය බස් එකත් ඔහුගේ අවාසනාවන්ත මරණයත් සමඟම නැති වී යෑමයි

      Delete
  2. "ඔහු තම නිවස ගොඩ නගන්නට ගත් බැංකු ණයක් තිබෙනවා රුපියල් ලක්ෂ අටක එහි මාසික වාරිකය රුපියල් 16000 ක් . නිල්මිණි මහත්මිය අප එකතුකර දුන් මුදලෙන් රුපියල් 50000 ක් ඒ ණය පියවීමට යොදාගෙන තිබෙනවා..." මේ වටිනා මනුෂ්‍යයා වෙනුවෙන් ආයතනයෙන් කිසියම් සුබසාධනයක් සැලසෙන්නේ නැතිනම් එය මහා අවාසනාවක් නේද?

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි. එහෙම සුභ සාධනයක් නම් වෙන පාටක් නැහැ. ඔහු වෙනුවෙන් ලැබෙන පාරිතෝෂික දීමනාව නම් ලැබෙන්න නියමිතයි . එයිනුත් 50% ක් ළමයි දෙන්නාට අවුරුදු 16-18 පිරෙණතෙක් ගන්න බැහැ ( ළමුන්ගේ නමට ලැබෙන්නේ) විජය නිල්මිණි මහත්මිය කියන හැටියට එය රුපියල් ලක්ෂ 2 ක් පමණලු .

      Delete
  3. //කීර්තිගේ මරණයෙන් පසු ගමට ගිය බස් එක නැවතිලා.// තමං කරපු රස්සාව වෙනුවෙන් ජීවිතේ කැප කරපු මනුස්සයෙකුට, ඒ ගමේ මිනිස්සුන්ට කරන්න පුලුවන් ලොකුම සැලකීම ඩිපෝවෙන් කරල වගේ.

    ReplyDelete
  4. ඕනෑම බැංකුවක තිබෙනවා loan Insurance කියලා ක්‍රමවේදයක්. එයින් ණය ලබාගත් තැනැත්තා මිය ගියහොත් එය රක්ෂණ සමාගමෙන් අය කරගන්නවා බැංකුව විසින්. කවුරු හෝ ඒ අයව දැනුවත් කරන්න අදාළ බැංකු ශාඛාවට ගොස් කළමනාකාරතුමා සමග සාකච්චා කොට මේකට යම් සහනයක් ලබා ගන්න පුලුවනිද කියලා.ඒ බස් අනතුර සම්බන්ධ සියලු පුවත්පත් ද අරගෙන ගියොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කලාට ස්තුතියි. බැංකු කළමනාකරු මුණගැසිලා සහනයක් ඉල්ලලා තියෙනවා මේ වෙනකොටත් . මේ කථාව නම් සාකච්චා කරලා තිබුණේ නැහැ. කීර්තිගේ පවුලේ අය දැනුවත් කරන්නම්.. මේ ගැන කිව්වාට ස්තුතියි

      Delete
    2. දැනුවත් කලාට ස්තුතියි. බැංකු කළමනාකරු මුණගැසිලා සහනයක් ඉල්ලලා තියෙනවා මේ වෙනකොටත් . මේ loan insurance කථාව නම් සාකච්චා කරලා තිබුණේ නැහැ. කීර්තිගේ පවුලේ අය දැනුවත් කරන්නම්.. මේ ගැන කිව්වාට ස්තුතියි

      Delete
    3. අයියන්ඩි ඒ අවටද? අහල පහලද?

      Delete
    4. නැත ..... පසුගිය වසර පහලොවක කාලයක් ජීවත් වන්නෙද ලංකාවේ නොවේ. මගේ කීර්ති බණ්ඩාර ගැන මුල් ලිපිය කියවන්න . ඔහු කල මිල කල නොහැකි පරාර්ථකාමී ක්‍රියාව අගයනු වස් ඔහු ගැන ලිව්වේ ඒ සිද්ධිය සිදු වී දින කිහිපයක් ඇතුලත අපේ ගමේ ( බණ්ඩාරවෙල) හිතවතුන්ගෙන් දැනගත් කරුණුයි. (කීර්තිගේ ලොකු පුතාගේ පංතිභාර/ගණිත ගුරුවරයා මගේ නෑදෑයෙක් )

      Delete
    5. //ඕනෑම බැංකුවක තිබෙනවා loan Insurance කියලා ක්‍රමවේදයක්. එයින් ණය ලබාගත් තැනැත්තා මිය ගියහොත් එය රක්ෂණ සමාගමෙන් අය කරගන්නවා බැංකුව විසින්. කවුරු හෝ ඒ අයව දැනුවත් කරන්න අදාළ බැංකු ශාඛාවට ගොස් කළමනාකාරතුමා සමග සාකච්චා කොට මේකට යම් සහනයක් ලබා ගන්න පුලුවනිද කියලා.ඒ බස් අනතුර සම්බන්ධ සියලු පුවත්පත් ද අරගෙන ගියොත් හොඳයි.// එවැනි ණය රක්ෂණ ආවරණයක් මේ ණය මුදල නිකුත්කරද්දී දමා නැතිබව තමයි බැංකු කළමණාකරු රියැදුරු මහතාගේ පවුලේ අයට පවසා තිබෙන්නේ... හල්දුම්මුල්ල මහජන බැංකුවේ (057-2050071 )

      Delete
  5. 2018/02/01 බැංකුවට කතා කලා. ණය රක්ෂණ ආවරණයක් නැතිව ණය දෙනවා කිව්වා (තරුණ, මෑතකදි මියයාවි වගේ නොහිතෙන අයට) ඒ පදනමින් කීර්ති බණ්ඩාරට ණය නිකුත් කරා කිව්වා වෙනත් දෙදෙනෙකුගේ ඇපවීම ඇතිව... ඉඩමක් උකස් තබා නැති බවත් කිව්වා බැංකුවෙන් ඊට වඩා තොරතුරු දෙන්න බැහැ කිව්වා නමුත් ණය වාරිකයත්, පොලියත් වෙනදා මෙන්ම අය කරන බව කිව්වා...

    ReplyDelete
  6. දැන් තියෙන්නේ ගමේ ග්‍රාමසේවක මාර්ගයෙන් මෙම ණය මුදල ගෙවා ගැනීමට තරම් ස්ථිර අදායම් මාර්ගයක් නොමැති බවට සහතිකයක් අරගෙන පළාතේ ප්‍රාදේශීය සභාවෙන් ද අනුමත කරගෙන ඒ අනුමත ලිපියේ කොපියක් බැංකුවට දීලා ජනාධිපති කාර්යාලයට මේ ප්‍රශ්නය යොමු කරන එක. වැඩේට ටිකක් කල් යාවි. මේ අනතුර මාධ්‍යයේ ප්‍රසිද්ධියක් ලැබූ නිසාත් බොහෝ ජීවිත මේ සොදුරු මිනිසාගේ ජීවිත පරිත්‍යාගය නිසා බේරුණ නිසාත් යම් සහනයක් ලැබෙන්න පුළුවනි. මේකටත් මේ උතුම් මිනිසාගේ නම යෝජනා කරන්න http://www.janashakthi.com/news/12-news/entry/110-janashakthi-national-civilian-bravery-awards-2017-promoting-the-value-of-selflessness-across-the-island

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ලංකාවේ ඉන්න කෙනෙක් වැඩේට බැස්සනම් ලේසියි මම කියන්නම්.. "වීර පොදුජන පෙරමුණ" නමින් යුත් කණ්ඩායමක් ණය මුදල් ගැන බැංකුවට යෝජනා දී තිබුණා . පලක් වී නැහැ..

      Delete
  7. දැනුම් දුන්නාට බොහොම ස්තූතියි

    ReplyDelete
  8. 07/08/2018 හිතවත් මහත්මයානෙනි,
    මම ඔස්ට්‍රෙලියාවේ පදංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්මි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ බණ්ඩාරවෙල ඩිපෝවේ බසයක් අනතුරට පත්වීමෙන් මියගිය කීර්ති බණඩාරනම් රියැදුරු මහතා සම්බන්ද කාරණයක් වෙනුවෙන් ඔබ අමතන්නට අදහස් කලෙමි. ඒ මහතා මියගියේ බසයේ තිරිංග ක්‍රියා විරහඉතවීම නිසා හපුතල බෙරගල පල්ලමට පෙරලෙන්නට ගිය බසය මගීන්ට අනතුරක් නොවන ලෙස හසුරුවන්න්ට ගොස් ඔහුගේ ජීවිතය නැතී වී යාම මගින් බව මා අසා ඇත්තෙමි( ඒ දිනවල පුවත්පත්, රූපවාහිනි පුවත් ආදියේ මෙය පලවූ බව ඔබට මතක ඇතී . ඉන් අනතුරුව ගෘහමූලිකයා නැතිවු පවුලට/දරුවන්ට සහනයක් ලබා දෙනු වස් අප ස්වෙච්චාවෙන් ඉදිරිපත් වී සුළු මුදලක් එකතු කර දුන්නෙමු. ) ඒ මහතා ජීවත්ව සිටියදී මහජන් බැංකුවෙන් ගත් නිවාස නයක් ගෙවා ගත නොහැකිව ඔහුගේ පවුලේ අය සිටින මේ වෙලාවේ (ආයතන සංග්‍රහයේ වැනි පරිච්චෙදයේ 11 වගන්තිය සංශෝධන්ය කිරීම - දේපල ණය රාජ්‍ය පරිපාලණ චක්‍රලෙඛ 09/2016 )ගැන අපට දැනගන්නට ලැබිණි . කරුණාකර මේ සඳහා ලංකා ගමනා ගමන් මණ්ඩල සේවකයෙකුට ඉල්ලුම් කල හැකිදැයි අපට දන්වන්න. බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. 10/10/18 බැංකු ණය කපා හරින්න ( චක්‍රලේඛයට අණුව) කිය්ලා බැංකුවෙන් ඉල්ලුවට තවම සෙතක් සැලසිලා නෑ. දැනට බැංකුව විසින් නිල්මිණි මහත්මියගේ ගිණුම අක්‍රිය කරලා තියෙන්නෙ කිව්වා. මේ මෑතකදි කීර්ති බණ්ඩාර විරුජන සම්මානය කියලා කණ්ඩායමක් ( උදයා දේවාමුල්ල මහතා ප්‍රමුඛ) කීර්ති සිහිකර ඔහුගේ පවුලටත් , බස් අනතුරෙන් තුවාල වූ අනෙක් අයටත් මුදල් පරිත්‍යාග සහ සම්මානයක් ප්‍රධානය කරන්න යනවා ඔක්තෝබර් 13 වෙනිදා පදනම් ආයතනයෙදි

    ReplyDelete
  10. 10/101/18 විරුජන සම්මාන කණ්ඩායම විසින් අලුතින් ඇතිකල අවධානයත් සමඟ අපේ හිතවතුන් මෙන්ම මුහුණු පොතේ අරුණාලෝකය පිටුව හරහා පැමිණි හිතවතුන් තිදෙනෙක් නැවතත් කීර්තිගේ පවුලට උදව් කරන්න ඉදිරිපත් වුණා. 1. මගේ විශ්ව විද්‍යාලහිතවතෙක් ( නිර්නාමික රුපියල් 10000 යී , අප නොදන්නා කෙනෙක් රුපියල් 2500 යි )

    ReplyDelete
  11. මුහුණු පොත, අරුණා ලෝකය හරහා සම්බන්ධවූ මංජුලා ජිනසේන මහත්මිය සහ ඇයගේ ස්වාමියා රුපියල් 20,000 නිල්මිණි මහතමියගේ ලංකා බැංකු ගිණුමට යොමුකරලා තිබුනා 09/10/2018 දින. මංජුලා කීර්ති බණ්ඩාර ගේ බිරිඳ නිල්මිණි සම්ඟ දුරකතයෙන් කතා කරලත් තිබුණා. මන්ජුලා සහ ඇයගෙ සැමියාට අපගේ බලවත් ප්‍රණාමය.

    ReplyDelete