මගෙත් ජයංගනී ගේත් සබඳතාවයට කපුකම් කලේ අපේ චමින්දයා බව ඔබට මතක ඇතැයි සිතමි.
එහෙත් ජයංගනී සමග සබඳතාවයක් ගොඩ නගා ගත යුතු බව මා තීරණය කලේ ආවට ගියාට නොවේ.
කල් යල් බලා ගත් මේ තීරණයට එළඹීමට පෙර මා විසින් සැලකිල්ලට ගත් කරුණු ගණනාවකි.
ඒහැම දෙයකින්ම මට අවශ්‍ය වුයේ අම්මා හා තාත්තගේ විරෝධයක් ඇති නොවන වර්ගයේ කෙල්ලක් සමග යහළු වීමටයි.
මේ වන අපේ දෙමව්පියන් ඉතා තදබල ලෙස සමන්තගේ සහ අපේ අක්කාගේ ප්‍රේම සබඳතා වලට විරුද්ධ වී තිබීම මගේ මේ ප්‍රවේශයට ප්‍රධාන හේතුවක් විය,
අපේ අම්මාට මගේ තිබු නොනිමි ආදරය සහ ඇගේ සිත රිදවීමට තිබු බලවත් අකමැත්ත තවත් හේතුවකි.
මේ නිසා ජයංගනී සමග යහළු වීමට පෙර මම පස් මහා බැලුම් බැලුවා යැයි කිවොත් නිවැරදිය.
විමලා අක්කලා සහ අපේ දෙමව්පියෝ එකල ඉතා හිතවත් පවුල් දෙකක් වුහ.
එපමණක් නොව විමලා අක්කත් ජයරත්න අය්යත් අපේ අම්මලාට සැහෙන්න ගරු සරු ඇතිව සැලකු අයද වුහ.
ඒ පවුලේ නෑදෑයින් ගේ කියන්නට තරම් වරදක් ද නොවීය.
අවුලකට තිබුනේ ජයරත්න අය්යා ගේ රහ මෙර පානයයි. එයිනුත් ගමේ කාටවත් කරදරයක් වූ බවක් මා අසා නැත.
බීම නිසා ඔහු මොණරවිල ඩිපෝවේ කල රස්සාව ගැස්සී ගිය බව අපේ අම්මා කියනු මා අසා තිබේ.
කෙසේ වෙතත් ඒ කාලේ සහ ඊට පෙර කාල වල අපේ තාත්තා ඔහුට වඩා මේ අන්තයෙන් ( රහමෙර පානය සහ එහි ආදීනව අතින් ) ඉදිරියෙන් සිටියා මතකය.
එබැවින් ජයරත්න අය්යාගේ බිමත් කම ඔහුගේ දියණිය හා හාද වීමට ප්‍රශ්නයක් කර ගත යුතු යැයි මා සිතුවේ නැත.
ජයසිංහ ලාගේ ගෙවල් වල මෙන් නොව විමලා අක්කලා ඇත්තටම ඔවුන්ගේ ළමයින් තුන් දෙනා හැදුවේ මල් වගේ ය.
" මල් තුනක් පිපී ඇත වෙලා ගෙන මගේ හද" යැයි ඈ ලියු කවියෙහි වරදක් මා නොදකින්නේ එබැවිනි.
ජයංගනී නංගි වත් ඇයගේ අක්කා වත් අම්මා තාත්තා සමග මිස තනියෙන් ගමන් ගිය අය නොවුහ.
පාසැල් යද්දීද අක්කා නගෝ දෙදෙනා ගමන් කලේ එකටමය. ජානක මල්ලී අක්කලා සමග පැමිණ මගදී මා ප්‍රමුඛ කොළු රෑනට එකතු විය.
ජානක මල්ලි ඊට වසර කිහිපයකට පෙර සිටම පාසැල් බසයේ ගිය මගේලඟම හිතවතුන් ගෙන් කෙනෙක් විය.
මේ කරුණු සියල්ල සලකා බැලු මා අවසානයේ තීරණය කලේ ජයංගනී වගේ "වැදගත් පවුලක වැදගත් ළමයෙකු" හා හාද වීම අපේ පවුලේ අයට ප්‍රශ්නයක් නොවනු ඇති බවයි.
මේ පදනම මත සිට ඉතා බැරෑරුම් ලෙස සිතා බලා ගත් තීරණයක් ලෙස මම චමින්දට මගේ අදහස කීවෙමි.
අවසාන ප්‍රතිඵලය අපි දෙදෙනා පෙම්වතුන් වීමයි.
ඉන් අනතුරුව සිදු වූ දේවල් දැන් අතීතයට භාර වී හමාරය .
කෙනෙකුට ඉන් අප්‍රමාණ දුකක් කණගාටුවක් ඇති විය හැකිය .
එහෙත් ඒවා ලේඛන ගත කර තැබීමේ ඇති වරදක් මට නම් නොපෙනේ.
" කොහෙද ඉතින් උඹට ඕක මුලුගමටම ගමටම පේන්න කරන්න ඕනෑ වුනානේ ..?"
යැයි චමින්ද මට පසු කලෙක චෝදනා කල පරිදිම මුළු ලෝකයටම පෙනෙන ලෙස මේ ආශ්‍රය කර ගෙන යන්නට මම තීරණය කලෙමි.
බය වෙන්නේ කුමටද ජයංගනී ලා අපේ නංගිලා ගේ පාසැල් මිතුරියෝය.
එයාලා පුංචි අම්මා අපේ අක්කාගේ හොඳම මිතුරියකි. අම්මලා තාත්තලා පමණක් නොව සීයලා ආච්චිලද එකෙනෙකාට හිතවත් අයය.
මම වැරදි පදනමක පිහිටා හරි තීරණයක් ගත්තෙමි.
ජයංගනී ලා අපි ගැන කාටවත් වසන් කරන්නට අවශ්‍ය නැත යන්න ඒ තීරණයයි.
ජයංගනී නංගිලා පුංචි අම්මාගේ විවාහය.
ඒ වන විට මම මේ පය්රුපාසනම පටන්ගෙන වසර දෙකක් හෝ තුනක් ගත වී තිබුණි.
මේ වන විට මුළු මල්දෙණිය ගමත් අපත් සමග පාසැල් ගිය සිසු සිසුවියන් බොහෝමයකුත් කවිඳු- ජයංගනී පෙම් යුවල ගැන දැනගෙන සිටියහ .
මේ අතරට අපේ පවුලේ හැමෝමත් ජයංගනී නංගිලා පවුල් වල හැමෝමත් ඇතුලත් වුහ.
මේ අතර ජයංගනී ලා අම්මා අපේ අම්මාගේ සිට්ටුවක කොටස් කාරියක්ද වී සිටියාය. සමහර වෙලාවට මාසික සීට්ටු සල්ලි රැගෙන ආවේ ජයංගනී විසිනි.
ගින්දර සහ පුළුන් ආසන්න වෙමින් තිබිණි . එහෙත් කිසි කෙනෙක් කිසි දෙයක වැරද්දක් හෝ ඇදයක් නොදුටුවෝය.
වෙනත් අයුරකින් කියනවානම් පසුවෙමින් තිබුනේ සියලු දෙනා උගුරට හොරා බෙහෙත් කමින් සිටි කාලයක් විය.
මේ අතර එක දවසක් විමලා අක්කා අපේ අම්මා මුණ ගැහෙන්නට ආවාය.
" විමලා නැන්දා .. අපේ නංගි ස්වප්නා ලඟදි කසාද බඳිනවා " .
"නැන්දටයි මාමටයි මගුලේ යන්න එන්න කියන්නයි ආවේ "
"කොහාටද දුව ස්වප්නා දුව බන්දල දෙන්නේ ?"
"වැලිකන්දට නැන්දා .. ඒ මල්ලි ඉංග්‍රීසි ගුරුවරයෙක් "
" දොරේ මාමා එන්නම ඕනේ .. අපේ පැත්තෙන් මගුල් මේසේ කථාව කරන්න."
විමලා අක්කා කියන්නේ ඔවුන්ගේ නෑයින් වෙනුවෙන් කරන කථාව අපේ තාත්තාට පවරමිනි.
"හරි හරි අපි එන්නම් කෝ " අම්මා විමලා අක්කා අස්වසමින් පැවසුවාය.
ඇයත් සමග එකම ගුරු මණ්ඩලයේ සේවය කල කවිඳු මල්ලිට මංගල ආරාධනාව ලැබුනේ නැත .
අපේ අක්කා , අම්මා , තාත්තා ඇතුළු සියළු දෙනාට මගුල් ගෙදර එන ලෙස ඇරයුම් කෙරිණි.
එමෙන්ම සඳතැන්න විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සියළු දෙනාටම ( ඉංග්‍රීසි ගුරුතුමා හැරෙන්නට ) මගුල් ගෙදර ට බුලත් දෙනු ලැබීය.
අයියෝ ටිකයිනේ බං
ReplyDeleteඉවසපන් පපුව.. තව දවසක්.. දැන් නිදාගන්න වෙලාව..
ReplyDeleteමෙහෙම එක උඩ එක පෝස්ට් දාන්නෙ පිස්සුවක් ඇතැ
Deleteඉවර කරන්න හිටියේ වෙලා මදි වගේ...හෙට බලන්න..කරුණා කරලා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ අතර තුනේ පන්තියට උගන් වමින් සිටි හුරු පුරුදු ගතියක් පෙන්වූ මුහුණකි,
ReplyDeleteඇය එක එල්ලේම අලුත් ගුරුතුමා හඳුනා ගන්නට ආවේ නැත.
එහෙත් මා දෙස කිහිප වරක්ම හොරෙන් බලන බව දැක්කෙමි.
එහෙත් එවැනිම මුහුණක් හිමි යුවතියක් සමග පෙමින් බැඳී සිටි මට ඇය හඳුනා ගැනීම අපහසු නොවීය.
ඒ මල්දෙනියේ සිට එන අනෙක් විමලාවතී ගුරුතුමියයි.
නෑ. නෑ. මම විමල අක්ක කවුද කියලා දන්නවා ඒ වෙනකොට.. හැබැයි එයා එක එල්ලේ මට කතා කරන්න ආවේ නෑ.. එයා ඒ වෙන කොටත් මම එයාගේ දුව එක්ක යාලුයි කියන එක දන්නවා ඇති..
Delete..මාරම කේස් එක....කවිදු ගුරුවරයෙක් උන දවසේ දී අදුනන්නේ නැති මුහුණුවරින් අනුමාන කල වෙන්න+නන්දා ... දැන් බලනකොට family friends ලා... .අපි විමසිල්ලෙන් ඉන්නේ ඔය ගැන. ...
ReplyDeleteමේකෙන් කියවෙන්නේ මොකක්ද ? ඊට කලින් අපේ ගෙදර වැඩි පුර ආවේ ගියේ නැති එහෙත් අපේ පවුලට හිතවත් විමලා අක්කා සීට්ටු හරහා.. සිය නැගණියගේ විවාහය හරහා අපේ ගෙදරට තව තවත් සමීප වෙන හැටියි... මෙතැන උගුරට හොරා බෙහෙත් කාපු අය ගොඩක් හිටිය.. ඊළඟ කොටසට අවහම තේරෙයි..
Deleteමදියි මැදයි.. හොඳටෝම මදියි.. ඊළඟ කොටහ දාහන් ඉක්මනට..
ReplyDeletewe will wait until the story is complete...otherwise Kavidu unable to continue his work
ReplyDelete