Saturday 18 July 2020

සාදින්නාවෙල ගමම සතුටු වුනේ ඇයි...


මේ වීඩියෝව පළවූයේ දෙදාස් විස්සේ ජූලි මාසේ .. වැල්ලවාය සාදින්නාවෙල කියන්නේ රාවණා ඇල්ල පසුකර මඳ දුරක් ගිය තැන හමුවන වංගුවකින් ඇතුලට යන පාරකින් යායුතු ගමක් ප්‍රධාන පාරේ ඉඳලා සෑහෙන දුරක් යන්න ඕනේ .. ඒ යන පාර හරහා යන අලිකොට ආර නමැති අතු ගංගාව හරහා එගොඩ වන්නට මේ ගමේ මිනිස්සුන්ට පාළමක් තිබ්බේ නෑ. අවුරුදු හය හතක් එක එක බලධාරීන්ට කිය කියා ඉඳලා ගැමියන් හෙම්බත් වෙලයි හිටියේ .. 

එහෙම වෙලාවක තමයි පත්තරේ වැටුණ පුවතක් හරහා වැල්ලවායේ අපේ හිතවතුන් පිරිසක් අපේ අනු දැනුම මත මේක බලන්න ගමට යන්නේ.. ඒ අයගේ මඟ පෙන්වීමත් , ගැමියන්ගේ ශ්‍රමයත් අපේ  (ඔස්ට්‍රේලියාවේ සිටින අපේ හිතවතුන්ගේ ) මූල්‍ය සහයත් එක්වී හැදුන පාළම ගැන සතුටට පත් ගම්මුන් කියන කතා තමයි මේ වීඩියෝවෙ තියෙන්නේ .. ඔයාලත් අහලා බලන්න