පසු ගිය දිනවල පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යන දොස්තර වරුන් ගැන බ්ලොග් ලිපි කිහිපයක්ම පළවුණා මතකයි.
එකක් ලිව්වේ රුවන් ජයතුංග මට මතක හැටියට පුද්ගලික වෙද කම නිසා දොස්තර වරුන් අතර ඇතිවන ගැටුම් ආදිය ගැනත් රුවන් ලියලා තිබුණා මතකයි.
අනෙක් ලිපිය ලිව්වේ දම්සෝ පුතා . දම්සෝ ගේ පී. පි කෙරුවාවයි මගේ පී පී කෙරිල්ලයි හරි සමානයි.
වෙන විදිහකට කියනවා නම් අපි දෙන්නම ඒ කාලේ කලේ එදා වේල පී. පී. තමයි.
ඒ කියන්නේ මගේ කාර් එකේ පෙට්‍රල් ගහගෙන මුදලාලිට කඩ කුලිය දුන්නම මගේ මාසික පි. පි අදායම ඉවරයි.
මම ගත්ත මුල්ම කාර් එක ටොයෝටා කරීනා එකක්. ඒක ලංකාවේ භාෂාවෙන් කිව්වොත් පෙට්‍රල් බොන කාර් එකක් . හැබැයි සැප පහසුව නම් හරි ඉස්තරම්.
පොළ කරපු කඩ කාමරේට කුලිය රුපියල් 3500 යි. මම නැවතිලා හිටපු තැනට රුපියල් හාර දාහයි.
ඒ කාලේ මගේ පොලේ මාසික අදායම රුපියල් 12000 ත් 15000 ත් අතර තමයි තිබුණේ . ඉතින් ඒ නිසාම මගේ පොලත් කරගෙන ගියේ එදා වේල පොලක් හැටියට තමයි
ඒ කියන්නේ මම දවසකට බලන්නේ ලෙඩ්ඩු හතක් හෝ අටක් පමණ.
ඒ ලෙඩ්ඩු හය හත්දෙනත් එක පැයක් අතුලත එන අය නෙවෙයි. හවස හතරේ සිට රෑ අට හමාර නවය වෙන තෙක් සිටියාමයි මේ ලෙඩ්ඩු ගාන එන්නේ.
මේ හේතුව නිසා මම ලාහට ගෙම්බෝ එකතු කරන්නාක් මෙන් කල අළුතින් ලෙඩ්ඩු එකතු කර ගැනීම මුල්ම කාලයේ කෙරුනේ ඉතාම හෙමින්.
මාස දෙක තුනක් යනවිට මගේ ලෙඩ්ඩු සංක්‍යාව වැඩි වෙන්න පටන් ගත්තා.
ඒත් වර්ධනය සිදුවුනේ හෙමින් හෙමින් . ඔය කියන කාලෙම තමයි මට පේරාදෙණියේ කාර් විකුණන දොස්තර මහත්තයා ( සු....) හඳුනාගන්න ලැබුණේ.
ඒක සිදුවුණේ හින්නි අප්පුහාමි හරහා නෙවෙයි.
පැණිදෙණියේ ජිවත් වූ මේ කාර් විකුණන දොස්තර මහත්තයා ගැන මට මුලින්ම කිව්වේ හින්නි වුවත් ඔහු මට පෙන්නුවේ අපේ දෙපාර්තමේන්තුවේ සිටි ප්‍රේමදාස විසින්.
"සර් සර් .. අන්න අර ස්ටුඩන්ට් මහත්තයා තමයි සු..... කියන්නේ. එයා තමයි ඔය පැණිදෙණියේ තැනක ඉඳන් කාර් විකුණනවා කියන්නේ "
"ඒ කියන්නේ එයාට පැණිදෙණියේ කාර් සේල් එකක් තියෙනවද ප්‍රේමේ ? "
"නෑ නෑ සර් මම හිතන්නේ පැණිදෙණිය ඒ මහත්තයාගේ ගමම තමයි .
එයා ගෙදර කාර් ගෙනැත් තියාගෙන විකුණනවා. "
"ඔය මනුස්සයා නේද බැච් මිස් වෙන්න යන්නේ "
" ඒකනේ සර් බලන්නකෝ අපරාදේ දෙමව්පියන් මහන්සිවෙලා උගන්වලා.
බලන්නකෝ මේ සමහර ස්ටුඩන්ට් මහත්තුරුන්ට ඒවගේ බරක් පතලක් තේරෙන්නේ නැති හැටි ?"
ප්‍රේමදාස මා සොයමින් සිටි වෛද්‍ය ශිෂ්‍යයා මට සොයා දුන්නේ එසේය.
ගුරු ගෝල හමුවක්
එදා ප්‍රේමදාස මට අදාළ වෛද්‍ය ශිෂ්‍යයා පෙන්වා දීමෙන් අනතුරුව ඔහු ගැන ඇහැ ගසාගෙන සිටියෙමි .
හවස පැවති රිවිෂන් ප්‍රායෝගික පංතිය මට ඔහු හමු වන්නට හොඳම වේලාවයි.
"මේ ඔයා නේද සු ... කියන්නේ මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ "
"ඇයි අය්යා . මොකක් ගැනද? "
"මෙහාට එන්නකෝ .. කාර් ගැන . ඔයා කාර් විකුණන වලු නේද ? "
මම සිනාසෙමින් පැවසුවෙමි.
"දැනටනම් මා ලඟ ට්‍රැඩ සනියක් තමයි තියෙන්නේ අය්යා "
ඔහු ඇත්තටම කාර් ගැන විස්තර කරන්නට සුදානම් වෙද්දී ඊට හරස්පුකැවෙමි.
"හලෝ මේ කාර් නෙවෙයි සෙකන්ඩ් එම් . බී එක ගැන විස්තර කියනවා. තව කී සැරයක් තියෙනවද තමුන්ට ? "
මම සු... ට වඩාත්ම අදාළ යැයි මා සිතු මාතෘකාවට බැස්සෙමි.
" හරි වැඩේ අය්යා ඇනටමි ඇර අනිත් සබ්ජෙක්ට් දෙකම ගොඩ ගියා දෙවැනි සැරෙන්ම . ඒත් ඇනටමි දාගන්න බැරිවුණා.
මේ අන්තිම වතාව "
ඔහු මම පරිවාස කථිකාචාර්ය කෙනක් වුවද මට කතා කලේ අය්යා කියාය. හේතුව ඒ දිනවල මා පෙනුමෙන් ඔහුටත් වඩා කෙට්ටු අයෙක් වීම විය හැකිය.
"ඒ කියන්නේ ඔයා මේ පාර ෆේල් වුනොත් දොස්තර කම් ඉවරයි. ගෙදර යන්න වෙනවා ? "
"ඔව් අය්යා .. මේ හතරවෙනි සැරේ "
"මේ මම කියන එක හොඳට හිතට ගන්නවා තව මාස තුන -හතරක් තියෙනවනේ විභාගෙට.
අද ඉඳලා හිතට අරන් පාඩම් වැඩ කරනවා . ඔය කාර් විකිණිල්ල පොඩ්ඩකට ස්ලෝ ඩවුන් කරලා.
"අය්යා හිස්ටෝ තමයි අමාරු. හැමදාම විභාගේ අනෙන්නේ හිස්ටෝ නිසා තමයි"
"ඔයා පැණිදෙණියේ නේද ඉන්නවා කිව්වේ ? මගේ පොළ තියෙන්නේ ඔය ළඟමයි .
කැමතිනම් හවසට හවසට ඒ පැත්තේ එන්න. මම හිස්ටෝ පාස් කරගන්න හැටි කියලා දෙන්නම්."
මම ඇනටමි කථිකාචාර්ය වුණේ නිකන්ම නොවේ .
මට ඇනටමි සෙකන්ඩ් එම්. බී ඩිස්ට්‍රො එකක් ද සහිතව පාස් වුන කෙනෙකි.
ඒ නිසා මේ සිසුවාට ඇනටමි පාස් කර ගන්නා සරල ක්‍රම කියා දෙන්නට මට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබිණි.
"ලෙඩ්ඩු නැතිවෙලාවක් බලලා එන්න . මම දිනපතා මොනවා හරි කියලා දෙන්නම්"
එදා හවස් වෙද්දී මගේ පොළ ළඟ කරීනා එක පිටි පස්සෙන් නැවත්වුයේ බීට් පාට ලාන්සර් බොක්ස් එකකි.
උඩ තට්ටුවේ පිහිටා තිබී මගේ පොලේ සිට පහළින් එන්නේ කවුදැයි බලා ගැනීම ඉතා පහසුය. ඒ එන්නේ අපේ කාර් මල්ලියාය.
ඒ වන විට මගේ ළඟ ලෙඩ්ඩු සිටියේ නැත. ඒ නිසා ප්‍රථම පාඩම ඔහු පැමිණි සැණින් පටන් ගන්නට හැකි විය.
එදා සිට දිනපතා රාත්‍රී නවය නවය හමාර වන තෙක් මම සු.... ට කාය ව්‍යව්ච්චේදය කියා දුන්නෙමි.
ඒ ඔහුට අමාරුයි කිව් පටක විද්‍යාව ද සමගය.
ලෙඩ්ඩු වැඩි වූ සමහරක් දිනවල මා පොළ අවසන් වී නිවසට යන්නේ රෑ දහයට පමණය.
ඒ දහය වෙනතෙක් පොල් කැඩිම නිසා නොව අපේ කාර් මල්ලිට පැයක් එක හමාරක් උගන්වන්නට සිදු වූ නිසාය.
ඒ කාලේ මගේ තනියට නිම්මි හිටියේ නැත . හිටියේ මට ඩ්‍රයිවින් උගන්වන්නට පැමිණ සිටි අපේ තාත්තය.
මා පරක්කු වී නිවසට එනවිට රෑ කෑම කන්නට බලා සිටිනා තාත්තා අහන්නේ
"ඇයි පරක්කු වුණේ ? අදත් අර ළමයාට ටියුෂන් එක තිබ්බද ? " කියාය.
සෙකන්ඩ් එම් බී රිසල්ට්ස් ඇවිත්
මාස දෙක තුනක් ගිය තැන සෙකන්ඩ් එම්. බී රිපීට් එක පැවැත්විණ.
අපේ ගෝලයා මගේ උවමනාව නිසාම විභාගයට උනන්දුවෙන් මුහුණ දුන්නේය.
සති කිහිපයක් ගතවූ පසු සිනාමුසු මුහුණින් යුත් සු... මගේ පොලේ පඩිපෙළ නැග්ගේ ඈත සිටම කෑ ගහගෙනයි.
"කවිඳු අය්යේ මම විභාගේ පාස් . අය්යට පිංසිද්ධ වෙනවා මම ගොඩ දැම්මට"
ඒ මෙතෙක් පේරාදෙණියේ බමුණු කුලයට ආවැඩූ අපි වැනිම වූ පරිවාස කථිකාචාර්ය වරුන්ගේ මෙන්ම මම රුහුණෙන් පැමිණි නිසා මට කෙණෙහිලි කම් කල එක්තරා මහාචාර්ය තුමියගේ දසුනින් ඉවත් වී නෙදර්ලන්තය යෑමට මට අවස්තාවක් උදාවී ඇති ආරංචියයි.
ජාන විද්‍යාව ගැන කෙලපැමිනි යැයි සම්මත මෙම මහාචාර්ය තුමිය මට වෙනස් කම් කලේ විශ්ව විද්‍යාලය තුල බණ භාවනා පංති ද කාරනා අතරේ වීම සිහිපත් කල යුතුම කාරණයකි.
මම සුභ ආරංචි දෙක එකට ගැලපුවෙමි.
"මල්ලී හොඳ වැඩ කරාම හොඳ ප්‍රතිඵල ඒ ආත්මෙම ලැබෙනවා. බොරුවට පන්සල් පල්ලි යන්න ඕනේ නෑ.
ඔයා ගොඩ දාන්න මම බැස්සේ හොඳ හිතින්. මොනවත් ඔයාගෙන් ගන්න බලාපොරොත්තුවෙන් නෙවේ.
ඔන්න ඒකෙ ප්‍රතිඵල මටත් ඇවිල්ලා .
මල්ලී මටත් පිටරට යන්න සිස්‍යත්වයක් හම්බවුණා මේ ලඟදි. "
"නියමයි අය්යා. එහෙනම් අපි දෙන්නම ගොඩ ගියා . මට හරි සන්තෝෂයි. "
එදා මගෙන් සමුගත් ඔහු ඊට පසු අවස්ථා කිහිපයකදීම විශ්ව විද්‍යාලයේ සැරි සරණු දුටුවෙමි.
පසු කලෙක මම නිවාඩුවකට මම ලංකාවට ගොස් සිටියදී අපේ ප්‍රේමදාස මට කාර් මල්ලී මතක් කර දුන්නේ මෙසේය .
"සර් අපි දන්නවා . .....සර් අර සු.... සර්ට විභාගේ පාස් වෙන්න උදව් කලාලු නේද ? "
"අයිසේ ප්‍රේමදාස බෙල්ල ගහලා යන කතා කියන්න එපා .
මම උදව් කරලා නෙවෙයි මිනිහා එයාගේ උත්සාහයෙන් පාස් වුණේ. මම කරේ පාඩම් කරන්න උදව් කරන එක විතරයි"
මට මෑන්ස් ඊට පස්සේ හම්බවුනේ නෑ කොහේ හරි වැඩ ඇති නේද දැන් . ?"
ටික කාලෙකට ඉස්සර නුවර ඉන්ටර්න් කරා කිව්වා සර්.
ඔව් එයා දැන් දොස්තර කෙනෙක් "
.
දැන් පොල් කඩන්නේ නැද්ද ?
ReplyDeleteතවම නෑ. ළඟදීම පටන් ගන්නට නියමිතයි..
Deleteතවම වැඩ කරන්නේ හොස්පිටිතාලේ
Deleteඔන්න පින්සිද්ද වෙන වැඩ. මිනිහ කාර් එකකට ඩිස්කවුන්ට් එකක්වත් දුන්නෙ නැත්ද?
ReplyDeleteමිනිහා ගෙන කාර් ගත්තේ නෑ. කරීනා එක ගෙනාවේ මීගමුවෙන්. උඩින් ඔපෙ යටින් හැපේ වගේ තමයි තිබුණේ . ඒ කතාව ඉදිරියේදී..
Deleteඒ මෙතෙක් පේරාදෙණියේ බමුණු කුලයට ආවැඩූ අපි වැනිම වූ පරිවාස කථිකාචාර්ය වරුන්ගේ මෙන්ම මම රුහුණෙන් පැමිණි නිසා මට කෙණෙහිලි කම් කල එක්තරා මහාචාර්ය තුමියගේ දසුනින් ඉවත් වී නෙදර්ලන්තය යෑමට මට අවස්තාවක් උදාවී ඇති ආරංචියයි. ජාන විද්‍යාව ගැන කෙලපැමිනි යැයි සම්මත මෙම මහාචාර්ය තුමිය මට වෙනස් කම් කලේ විශ්ව විද්‍යාලය තුල බණ භාවනා පංති ද කාරනා අතරේ වීම සිහිපත් කල යුතුම කාරණයකි. //////// මම රුහුණෙන් පැමිණි නිසා මට කෙණෙහිලි කම් කල ????? ගෝත්‍රික මානසිකත්වයෙන් රුහුනෙන් ආපු කෙනාටත් කෙලින එක ඔතෙන්ට ෆොරින් ග්‍රැජුවෙට් කෙනෙක් ආව නම් මරාගෙන මසුත් කයි. මේ ගෝත්‍රික පුද්ගලයන්ට පවුරුෂ අක්‍රමතා තිබෙන බව පෙනී යයි
ReplyDelete//ගෝත්‍රික මානසිකත්වයෙන් රුහුනෙන් ආපු කෙනාටත් කෙලින එක ඔතෙන්ට ෆොරින් ග්‍රැජුවෙට් කෙනෙක් ආව නම් මරාගෙන මසුත් කයි. මේ ගෝත්‍රික පුද්ගලයන්ට පවුරුෂ අක්‍රමතා තිබෙන බව පෙනී යයි// ඔව් ඔව් පව්රුෂ ගැටළු තමයි. හැබැයි ෆොරින් ග්‍රජුවෙට් ලා දෙතුන් දෙනෙක් අපි ඉද්දි එහෙ හිටියා .එයාලට සැලකුවේ දෙය්යන්ගේ පුත්තුන්ට වගේ හේතුව එයාලා බලවත් මහාචාර්ය වරුන්ගේ හෝ පොල්කඩවල අයිති කාරයින්ගේ ළමයි. එතකොට ඔය බමුණු කුලයට ආවැඩූ සොක්කොත් පස්ස ගහනවා. බලවත් නම් කොහෙන් ආවත් කමක් නෑ. බලයක් නැතිනම් සුදුසුකම් කොච්චර තිබ්බත් ගහනවා පවුරුෂ අක්‍රමතා වල "හීන දීන පැත්තකුත් තියෙනවා ".
ReplyDeleteරුහුණෙන් පැමිණි නිසා යැයි කෙලින් ම කීවා ද, සමන්ත කීවා ද, නැතිනම් උපකල්පනයක් ද?
Deleteදැන් ඔබ සිටියේ තාවකාලික තනතුරක ද, ස්ථිර තනතුරකද? ස්ථිර නම්, ඒ නිසි ක්‍රමවේදයෙන් සම්මුඛ පරීක්‍ෂණවලින් පසු ලබා ගත් තනතුරක් නේ. එහෙම නම් රුහුණේ නිසා කෙණෙහිලි කම් කළා ය කීම තේරුමක් නෑ නේද?
මා දන්නා පරිදි ඔවැනි තැන්වල තියෙන්නේ රුහුණ, කොළඹ භේදයක් නොව පන්ති භේදයකි. විදෙස් උපාධිධාරීන් ගැණ කියා ඇති දෙයින් එය ස්ථිර වේ.
මම සිටියේ ස්ථිර තනතුරක. ආවේ නියම ක්‍රම්වෙදෙයෙන් තමයි. එත් ඔය ප්වුරුෂ ගැටලුව තියෙන අය පංති, පළාත්, පාසැල් , සහ විශ්ව විද්‍යාල හෝ කුමන හෝ බේදයක් ඔළුවට අරන් කෙණෙහිලි කම් කරනවා..
Deleteරුහුණු කතාව උපකල්පනයක්, බදුල්ලෙන් හෝ මධ්‍ය මහා විද්‍යාලයකින් ආපු නිසා වෙන්නත් පුළුවන්.. එහෙම වෙනස් කම් අපි රුහුණේ ඉගෙන ගනිද්දී දැක්කා.. සාපේක්ෂව හැම තැනම ඉන්න "ලෙඩ්ඩු " අතර තියෙන දෙයක්
Deleteපොල් කඩන ගමං ටියුෂන් දීපු එකම මනුස්සය කවිඳු වෙන්න ඇති.
ReplyDeleteමොනව උනත් යහපත් චේතනා ගෙනදේ වාසනා කියල තියෙනවනෙ.
ස්තුතියි ටාසන් ..ඔව් ඉතින් තමන්ගේ වැඩක් කර ගන්න තියෙන වෙලාව අනුන් වෙනුවෙන් යොදවන්න කට්ටිය කැමති නෑනේ.. මම නම් කාර් මල්ලි වෙනුවෙන් මගේ කාලය නොමිලයේම සැපයුවා .. "පිරිසිදු චේතනා .. ගෙනදෙයි වාසනා " කියන කතාව තදින්ම විශ්වාස කරන්නෙක් තමයි මම..
Deleteපිරිසිදු චේතනා .. ගෙනදෙයි වාසනා
Deleteඒක ගහගන්න කාර් එකේ ස්ටිකර් එකක් විදියට!
තියෙනවා තමයි මේ වගේ ස්ටිකර් බස් වල සහ ත්‍රී වීලර් වල පිටිපස්සේ.
Deleteමිනිහෙක්ගෙ ජීවිතේ වරදින්න යද්දී ඒක වෙනස් කරන්න පුලුවන් නං ඒක ලොකු කුසලයක්. මෙතනදි එහෙම නොවුනානං තවත් වාහන සේල් කාරයෙක් බිහිවෙයි. සමහර විට එයා ඒ අංශයේ කෝටිපතියෙක් වෙයි. නමුත් රටට හොඳ දොස්තර කෙනෙක් නැතිවෙනවා.
ReplyDeleteරුවන් මහත්තයා කියන අක්‍රමතා වලට නං බෙහෙත් ලංකාවට පාංපිටි ගෙන්නන ගානට ටොන් ගනං ඕනෑ .
ඔව් සුරංග යමෙක් වරද්දා ගන්න යන තැනකදී ඒකෙන් මුදවා ගන්න පුළුවන් නම් හරි වටිනවා. මේ කියන කෙනා මට ආයේ මුණගැහුනේ නෑ. ඒත් දැන සාර්ථකව තමන්ගේ රැකියාව කරගෙන යන්වානේද කියලා දැනුනහම හරි සන්තෝෂයක් දැනෙනවා හිතට.
Deleteසොඳුරු අතීයක්ම තමයි. හරියට ටෙලිඩ්‍රාමා එකක් වගේ. :)
ReplyDeleteස්තුතියි මෙඩුසා. ඔහොම දේවල් තමයි අපිට අත්දකින්න සිදුවුනේ ඉතිං.
Deleteමේවා ඉතින් ලංකාවේ විශ්වවිද්‍යාලවල සාමාන්‍ය දේවල්
ReplyDeleteබැච මිස් වෙන්න යන අය ගොඩ දාන්න උදව් කරන අය නම් ටිකක් හිඟයි . හැබැයි ඔය බමුණු කුල සීන් එක නම් ලංකාවේ විශ්ව විද්‍යාල වල ජයට තියෙනවා .
Deleteමේ පැත්තේ ආවට ස්තුතියි.. ජයවේවා !!
මම අදහස් කලෙත් බමුණු කුල සීන් එක තමයි. ඕක විශ්වවිද්‍යාලවල කථිකාචාර්ය තනතුරුවල විතරක් නෙමෙයි අවුට් වෙලා ජොබ් එකකට ගියත් තියෙනවා.
Deleteස්තුතියි. අපේ සමහරක් අයගේ තියෙන "පවුරුෂය" පිලිබඳ ගැටළුවක් තමයි ඔය. ඇත්ත කොතන හිටියත් එහෙම අය අතරේ ඔය ගැටලුව තියෙනවා..
Deleteමට Doctor in the house මතක් වුනා
ReplyDeletehttps://www.goodreads.com/series/83954-doctor-in-the-house
ස්තුතියි. කියවලා නැහැ . විවේක පාඩුවේ කියවන්න ඕනේ..
Deleteනියමයි.
ReplyDeleteස්තුතියි මද්දා ..
Deleteඔය කිව්වේ මල්කාන්ති මැඩම් ගැනද මන්දා
ReplyDelete//ජාන විද්‍යාව ගැන කෙලපැමිනි යැයි සම්මත මෙම මහාචාර්ය තුමිය //
Deleteනෑ. ඊට කලින් හිටිය කෙනා.. ටිමී