Follow by Email

Friday, 9 September 2016

ණයට ඉල්ලා අමනාප නොවන්න





ණය  ගැනීම් සහ  ණය පියවීම් පිළිබඳව  ලියවුනු බ්ලොග් පොස්ට් කිහිපයක්  නිමිති කර ගෙන  මෙය ලියන්නට සිතුනා.

එකක් මගේ ණයක් ගත් පුවක් බාස් ණය ගෙවූ හැටි  සහ මම අපේ නෑදෑයින්ට  ණය ගෙවූ හැටි ලියවුනු මේ පොස්ට් එක. 

අනික  මෑතකදී  බ්ලොග් කලාවට පිවිස එහි පිණුම් ගහනා නවතම පෙරලි කාරයා වන "දම්සෝ පුතා " තමා උපන් දේශය වෙනුවෙන් කල ණය ගෙවීම.

නිමිත්ත එසේ වුවත් මේ පොස්ට් එක ගොඩක් සමීප වන්නේ "දම්සෝ පුතා " මිට කලින් ලියු  "විසා අලකලංචි " නම් පොස්ටුවටයි.

එහෙනම් අටුවා ටීකා ටිප්පනි මොකුත් නැතිව කතාවට බහිමු.

මේ සිද්ධි මාලාවට පාදක වන්නේ මගේ නෙදර්ලන්ත ගමනත් ඉන්පසු නිම්මි සුපුන් ඇතුළු පවුලේ ඉතිරි කොටස මාහා සමබන්ධ වීමත්ය.

එහෙමනම් අපි දෙදහස් තුනේ අග භාගයට යමු.  මේ වන විට මම  නෙදර්ලන්තයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණ සිටියෙමි.

නිම්මි සහ සුපුන් මා වෙත ගෙන්වා ගැනීමට තිබුණ ලොකුම බාධකය ලෙස මේ වන විට මා ඉදිරියේ තිබුණේ ලොකු අභියෝගයකි.

ඒ  කෙසේ හෝ නෙදර්ලන්ත ක්රෝනර්  80000 සොයා ගැනීමේ අභියෝගයයි .

 මගේ හිතවතුන් අතර වු දකුණු අප්‍රිකානු තරුණිය  "මට්සී"  සහ  සැම්බියානු ජාතිකයෙකු වූ "රිචර්ඩ් සුලූ" මේ වෙනුවෙන් මා කල කී දෑ හොඳින් දැන සිටි දෙදෙනෙකි.

එදා දවසේ වැඩ නිමවී   නවාතැනට ලඟා වුවා පමණි.

ක්‍රින්.. ක්‍රින්.. ක්‍රින්   මගේ කාමරයේ  දුරකථනය  එක දිගටම  නාද වෙයි.

"හලෝ  කවිඳු   දැන්ද ආවේ ?" එහා පැත්තෙන් ඇහුනේ පුරුදු  කටහඬකි.

"ආ  හලෝ මට්සී නේද  මේ  ? ඔව් ඔව් දැන් තමයි ආ වේ  මොකද  අපිට ඔයාලාට වගේ බස් තියෙන එකක්යැ? "

"ඔව් . ඔව් මම දැක්කා ඔයයි රිචර්ඩුයි  දෙන්නා පයින්ම "ෆන්ටෝෆ්ට්" එක පැත්තට එනවා  මම බස් එකේ එද්දි"

"ඔයා දන්නවනේ මට්සී,    මට අපේ නෝනයි පුතයි මෙහාට ගෙන්වා ගන්න ඕනේ.

ඒ වෙනුවෙන් පුලුවන් තරම් ඉතිරි කරන්නයි හදන්නේ .

බස් කාර්ඩ් එකට යන ක්රෝනේර් 240 වුනත් මට වටිනවා. "

"හරි හරි  මට තේරෙනවා  ඔයා ඔයාගේ පවුලට හරි ආදරෙයිනේ?

ඒක නෙවෙයි කවිඳු හවසට යමුද  ක්ලබ් ෆන්ටෝෆ්ට්  පැත්තේ ?   රිචර්ඩ් වත් එක්කන් එන්න .

ක්ලබ් එකේදී   ඔයාගේ ෆැමිලි රියුනියන්  එක ගැන කතා කරමුකෝ .

ඔන්න එහෙනම් එන්න ඔනේ . හයට හය හමාරට විතර .  එහෙනම්  තිබ්බා . බායි..යී.."


මට්සී මෆිලි යනු ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ සිට  නෙදර්ලන්තයට පැමිණි කථිකාචාර්යවරියකි.

ඇයත් මමත් නෙදර්ලන්තයට  පැමිණියේ  එකම දවසේය.

දෙදෙනාම පැමිණියේ  ජාත්‍යන්තර  සෞඛ්‍ය පිලිබඳ  මාස්ටර්  උපාධියක්  කිරීමටයි.

එබැවින් අප දෙදෙනාම හැදෑරුවේ එකම විෂයයන්  සමුහයකි.

එකම දවසේ රටට පැමිණියේ වුවත්  මට  වඩා පැය කිහිපයකට  කලින්  ඇය "ෆන්ටෝෆ්ට්  ශිෂ්‍ය ගම්මානය "  වෙත  ලඟා වී තිබිණි.

කාමර දෙකකින් යුත් අපේ යුනිට් වල මගේ කාමරේට  අල්ලපු කාමරේ ලැබී තිබුණේ ඇයටයි.

අසල ඇති අනෙක් කාමරයට එන්නේ පිරිමියෙකු බව දැන ගත්  ඈ  ඉන් ඉවත් වී  වෙනත් බිල්ඩිමක  තිබු තනි කාමරයකට   ගොස් තිබුණේ  මගේ පැමිණීමට  පැය  කිහිපයකට කලිනි.

පසුදා පාන්දර  CIH එකට  යද්දී මට්සී මට හමු වුවාය.

"හලෝ  මම මට්සී   දකුණු අප්‍රිකාවේ  ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලෙන්  "

"මම කවිඳු ශ්‍රී ලංකවෙන් . දැනගන්න ලැබුනට සතුටුයි"

"මම ඉන්නේ A බිල්ඩින් එකේ  .ඔයා මොකේද ඉන්නේ?  කළු හීන්දැරී කෙල්ලක් වූ මට්සී මගෙන් ඇසුවාය.

 "මම  ඉන්නේ C 212  . ඒක නෙවෙයි  . ඊයේ කවුරු හරි 211 ට ඇවිත් වෙන කාමරේකට ගිහිල්ලා"

"අය්යෝ  ..ඔයාද 212 දොළහට  ආවේ .

ෂික් අපරාදේ   මම තමයි 211 ට ඇවිත් තනි කාමරේකට  ගියේ.

එන්නේ ඔයයි කියලා දන්නවනම්  මම ඒකේම  ඉන්නවා. "

මා හා ඉතා ලෙන්ගතුව කතා කල ඈ  මා අසලම කාමරයේ ඉන්නට තිබු අවස්ථාව කෙස් ගහෙන් මිස් වී  ගිය එක ගැන බොහෝ සෙයින් කණගාටු වුවාය.

එදා ඇරඹි මට්සී ගේ සහ මගේ මිත්‍රත්වය   ඉතා සමීප එකක් බවට පත් වුයේ ඈ මගේ   "ෆැමිලි  රියුනියන්" එක ගැන පවා හිතන තරමට  අප කුළුපග වීම මගිනි.

ක්ලබ්  ෆන්ටොෆ්ට්









හවස හය  හය හමාර වෙද්දී රිචර්ඩ්  සහ මම ක්ලබ්  එක වෙත ලඟා වූයෙමු. 

ශිෂ්‍ය ගම්මානයේ  මට්සී  ඉන්නා පැත්තට වෙන්නට  පිහිටා තිබු එය සිසුන් පන්සියයකට  හය සියයකට  අත දිගහැර  හැසිරිය  හැකි තරම් විශාල  එකකි. 

අප එහි යන විටත්  මට්සී  එහි ලඟා වී සිටියාය. 

ජනේලයක් අයිනේ වූ මේසයක්  අල්ලා ගෙන සිටි ඈ මනරම් ඇඳුමකින් සැරසී සිටියාය. 

"ඒයි කවිඳු සහෝදරයා  අර බලනවකෝ අර කෙල්ලගේ හැඩ . කාට පේන්නද දන්නේ නෑ"

මා දෙස හොරැහින් බැලු රිචර්ඩ් සුලූ  පැවසුවේ  අප දෙදෙනා හොඳ මිතුරන් බව දැන දැන මය. 

"කවිඳු මොනවද බොන්නේ?  " සුරතල් වදනින් මා ඇමතු මට්සී  අපට  බිම ඕඩර් කරන්නට සුදානම්ය. 

"අපි මොනවා හරි කුල් එකක් බොමු නේද සුලූ ? " මම මගේ සගයා දෙසද බලමින් පිළිතුරු දුන්නෙමි .

"හරි එහෙනම් කුල් ඩ්‍රින්ක්ස් තුනක් " කියමින් ඈ කවුන්ටරයේ සිටි තරුණිය වෙත ගියාය. 

මට්සී ගෙනා බිම වීදුරුව අතට ගත් මා එය තොල ගාන්නට පටන් ගත්තෙමි.




මට්සී කතාව ඇරඹුවාය. 

"රිචර්ඩ්   මට කවිඳු නිතරම කියනවා එයාගේ  ෆැමිලි රියුනියන් එක ගැන. ඒකට ලොකු ගානක් යනවලු නේද ? "

"ඔව් ඔව් ක්‍රෝනර් අසු දාහක් ඕනේ කියනවනේ  ? මම නම් අපේ නෝනා ගෙන්වන අදහස අතහැරලා දැම්මා " 

"ඔයාට වගේද ළමයෝ කවිඳුට  . එයාට ඉන්නේ අළුත උපන් ළමයෙක් . කවිඳුට  එයාගේ පුතා ළඟ ඉන්න ලැබුනේ සතියක් විතරයි කිව්වනේ? "


"ඒක නෙවෙයි කවිඳු මේ මාස හයට ඔයා කීයක් විතර ඉතුරු කරන් තියෙනවද? " 

රිචර්ඩ් වෙතින් තම නෙත් ඉවතට ගත් ඈ මා දෙසට හැරුණාය. 

"ක්‍රෝනර් දා හතර දාහක් .  මෙහෙම ගියොත් මට කට්ටිය එක්කන් එන්න අවුරුදු හතරක් පහක් යයි. " මම පැවසුවේ  මේ වේගයෙන් මුදල් ඉතිරි කර  තව මාස කිහිපයක් ඇතුලත සුපුන් ලා  එරටට ගෙන්වීම සිහිනයක් බවයි.

"එහෙම නෙවෙයි අපිට  ඔයාගේ අකවුන්ට් එකේ ක්‍රෝනර් අසුදාහ තියෙනවා කියලා ලියුමක් ගන්න ඒකනේ තියෙන්නේ . 

ඒ සල්ලි ඔයාම ඉතුරු කරපුවා වෙන්න ඕනේ නෑනේ. " 

මට්සී බැරෑරුම් සහගත මුහුණක් ආරුඩ කර ගනිමින් පැවසුවාය.

මට අප කුඩා කාලේ අපේ අම්මා මුදල් හදල් ගණුදෙනු  කල ආකාරය මතක් විය. 

අරපරිස්සම,  දුර දිග බලා කටයතු කිරීම ආදී ගැහැණුන් ට ආවේණික ලක්ෂණ වලට ආසියානු හෝ අප්‍රිකානු භේදයක් නැත. 

මේ වෙලාවේ මට්සී  මට අපේ අම්මා සිහි ගැන්වුයේ එබැවිණි.

"ඔයා දාහතර දාහක් ඉතිරි කර ගත්තද? මාර ළමයෙක් නේ  ?  මා ළඟ නම් ඇත්තේ හය දාහක් විතර.

"ඇයි ඉතින් කවිඳුයි මමයි  පයින් නේ CIH එකට යන්නේ ? එතනත් සල්ලි ඉතිරි වෙනවා නේ ? " රිචර්ඩ් සුලූ ද කතාවට එක් වෙයි.

"ඒ  විතරක් යෑ . අපි දෙන්නා බයිසිකල් බිස්නස් එකකුත් කරනවනේ . නේද කවිඳු සහෝදරයා ? "

රිචර්ඩ් අප දෙදෙනා "සමර්"  එකේදී ආරම්භ කල  අලුත්ම බිස්නස් එක ගැන මට්සි ට සැලකර සිටියේය.

ඒ දිනවල  ශිෂ්‍ය ගම්මානේ  අවට සැරිසරණ අප දෙදෙනා නෙදර්ලන්ත තරුණ තරුණියන් විසින් මහා මග දමා යන බයිසිකල් ගෙනවිත් අලුත් වැඩියා කරන්නෙමු.

ඇත්තටම  මා කරන්නේ එවැනි බයිසිකල් සොයාගැනීම පමණි. පැච් දමා ඒවා යතා තත්වයට පත් කරන්නේ රිචඩ් සුලූ  ය .

අනතුරුව  අප ඉන්නා බිල්ඩින්  එකේ  දැන්වීම් දමා බයිසිකල් විකුණන අප අදායම පනහට පනහ වනසේ බෙදා ගන්නෙමු.

ඊට  අමතරව  නේපාල ජාතික රාජේශ් ඇතුළු මිතුරන් ගෙන් ලද පත්තර බෙදීමේ රැකියාවද  මට සුළු හෝ අතිරේක අදායමක් ගෙන දුන්නේය.


"හරි හරි මෙහෙමයි දැන් අපි කරන්න ඕනේ.  කවිඳුගේ  අකවුන්ට් එකට අපි හැමෝම ටික ටික සල්ලි දාලා  එයාගේ අකවුන්ටට් එක 80000 දක්වා නග්ගමු.

ඔයා ඊට පස්සේ බැංකුවේ ලියුම අරන් විසා ඔෆිස් එකට දෙන්න. වැඩේ ඉවර වුනාම අපිට ආපහු සල්ලි දෙන්නකෝ . "

මට්සී  නිම්මිලා ගෙන්වීමට අවශ්‍ය ක්‍රෝනර් අසු දහස පෙන්වන හැටි මටත් සුලු ටත් පැහැදිලි කළාය.

"එහෙනම් මම  ඔයාගේ අකවුන්ට් එකට හෙට ක්රෝනර් පන්දාහක්  දානවා " ඇය මුල්ම ගඩොල බඳින්නට  සුදානම්ය.

"කවිඳු සහෝදරයා මමත් මගේ පන්දාහ හෙටම දානවා" රිචර්ඩ් සුලුද  තම  කොටස පරිත්‍යාග කළේය.

පසුදා සිට ගතවූ දින කිහිපයේදී  මගේ අනෙක් හිතවතුන් වූ නේපාල ජාතිකයින්, ඉන්දියානු සහ පකිස්තාන් ජාතිකයින් ආදීන් ගේ උදව්වෙන් ගිණුම පනස් දහසද පැන්නුවේය.


ඔහුට සහ මට හිතවත් ඉන්දියානු ජාතිකයින් හරහා  පණිවිඩ පිට පණිවිඩ ලබාදීමෙන්  පසු සුමංගල  ද  ක්‍රෝනර්  දහ දාහක් ලබා දුන්නේය.

අවසානයට ම  මා සිරවී සිටිද්දී මගේ පිගිටට ආවේ අපේ තාත්තා ය.

ඒ  ඔහුගේ අතේ ඇති සල්ලියක් නිසා නොව ඒ වන විට ඕස්ට්‍රේලියාවේ සිටි අපේ අය්යාගේ නිවසේ ඔහු රැඳී සිටි නිසාය.

මා අය්යා ගෙන් මුදල් ඉල්ලීමට  අදිමදි  කරන බව දැනගත් තාත්තා මා වෙනුවෙන්  ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වුයේ මම අය්යට කතා කරලා ඔයාට අවශ්‍ය ගාන අරන් දෙන්නම් කෝ කියමිනි.

මගේ    ෆැමිලි රියුනියන් එකට අවශ්‍ය මුදල් වල හිඟ මුදල ක්‍රෝනර් විසි දහසක්  ( ඩොලර් හාර දහසක් ) බව  දැනගත් ඔහු  අය්යාගේ බිරිඳ හා සාකච්චා කර ඒ මුදල  මා වෙත එවන්නට අය්යලා  පොලඹවා තිබිණි.

අවසානයේ ජාත්‍යන්තර  සම්මාදමකින් පසු නිම්මි සහ සුපුන්  නෙදර්ලන්තයට  ගෙන්වීමේ සිහිනය  සැබෑ විය.

මම ණයට ගත් සියළු මුදල් විසා ලියුම ගැනීමත් සමගම නැවත මගේ මිතුරන් අතට  පත්කලෙමි.



.


51 comments:

  1. මිතුරන් ලෙස හිත හොඳ මිනිසුන් ඇසුරු කිරීමේ ආදීනව :) මෙහෙම ඒවා අහන්නත් සංතෝසයි.

    ReplyDelete
    Replies
    1. අපට බොහෝ වෙලාවට මෙවැනි හොඳ මිනිසුන් හමුවෙනවා. නරක අය හමුනොවෙනවා නෙවෙයි ඒත් සාදා මතකයේ රැඳෙන වර්ගයේ අය "හොඳ මිතුරු මිතුරියන් " නේ.. මේ කියන මට්සී දැන් මහාචාර්ය වරියක් එයා ලෝකේ පුරා ක්ෂය රෝගය සම්බන්ධ පර්යේෂණ සහ ඒ ගැන දේශන , සාකච්චා පැවැත්වීම කරනවා.

      Delete
  2. ඒක මරු මොනවා හරි වෙලා ඉල්ලගත්ත දෙයක් දෙන්න බැරි වෙන කොට පරක්කු වෙනකොට තමා මැරෙන්න හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම්.. ඇත්ත ඇත්ත .. ඒක තේරුම් ගන්න තත්වයේ මිතුරන් දෙපැත්තේම ඉන්න එක වටිනවා.

      Delete
  3. ඒක මරු මොනවා හරි වෙලා ඉල්ලගත්ත දෙයක් දෙන්න බැරි වෙන කොට පරක්කු වෙනකොට තමා මැරෙන්න හිතෙන්නේ

    ReplyDelete
  4. මෙහෙව් මිතුරන් වාසනාවන්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්. අපි හැමෝටම මේ වගේ මිතුරන් හමුවෙනවා. ඒ සංඛ්‍යාව වැඩි කරගන්න හොඳම ක්‍රමේ තමයි අපිත් ඒ වගේම එයාලට උදව් වෙන මිතුරන් වීම. ඔය රිචර්ඩ් සුලු ගේ පවුල එක්කන් එන්න මුදල් ඕනවෙද්දී මම ලොකුගානක් ක්‍රෝනර් 30000ක් වගේ එයා ගේ පොතේ දාලා තිබ්බා සති ගණනාවක්

      Delete
  5. එක හුස්මට කියෙව්වා. මටත් කියන්න තියෙන්නෙ " මෙවන් මිනිසුන් මිතුරන් ලෙස ආස්සරේ කිරීමට ලැබීමත් වාසනාවක්" කියල තමයි. මට ඕකෙ අනිත් පැත්ත, හම්බ වෙන්නෙම රටේ වෙදාලා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සා.. අපිටත් හැම තැනම රටේ වෙදාලා හම්බවුණා. හැබැයි එයලා වුනත් හොඳ පැත්තට නම්මන එක තමයි අපි කරන්නේ. ඔය කියන "සුමංගල " ඒ ශිෂ්‍ය ගම්මානේ හිටපු ලංකාවේ සිසුන් දෙන්නගෙන් එක්කෙනෙක් . මිනිහගේ කකුල කැඩුන වෙලාවේ මම ඔහුගේ ආව තේව ඔක්කොම කරලා තමයි ලැබ් එකට යන්නේ එහෙත් එයා මගේ ගිණුමට මුදල් දුන්නේ අන්තිමටම ( වෙන රටවල් වල අය හරහා කියව්වාට පස්සේ ) තරමක රටේ වෙදෙක් තමයි බැලුවහම හැබැයි අවසානයේ අපේ උදව්වට ආවා.

      Delete
  6. ලස්සන කතාවක් හොඳ මිත්‍රත්වයක ට ජාතිය බලපාන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. //හොඳ මිත්‍රත්වයක ට ජාතිය බලපාන්නේ නැහැ// හරියට හරි මේක ඔප්පු කරපු බොහෝ මිතුරන් මට ලංකාවේදීත් පිටරටවල් වලදීත් අනන්ත හමුවෙලා තියෙනවා.

      Delete
  7. ඔබ බොහෝ වාසනාවන්තයෙක් කවිඳු...මේ වගේ මිතුරන් පිරිසක් ලබන්න තරම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. හොඳ මිතුරන් ලබන්නා වාසනා වන්තයෙකි... කියන්නේ නිකම් යැ

      Delete
  8. හැමොම කියල තියෙනව වගේ කවිඳුට හම්බවෙලා ඉන්නෙ හොඳ යාලුවො කට්ටියක්. ඔහොම යාලුවො ලබන්න වාසනාවන්ත වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. දැනටත් මාත් එක්ක යාලුවෝ සෙට් එකක් එකතු වෙනවා අපේ පළාතේ කරන සමාජ සත්කාර වලට.. එහෙම අයත් එක්ක හරි සමිප ගතියක් දැනෙනවා නේද හරියට නෑදෑයින්ටත් වඩා ළඟ ලෙන්ගතු කමක්.?

      Delete
  9. මේ කථාවේ හරය අපට තනිවම කරගැනීමට කිසිසේත් නොහැකි යැයි සිතෙන දේවල් කීප දෙනෙක් එකතුවී කරන විට සුළු දේවල් වන බවයි.

    ReplyDelete
    Replies
    1. අදටත් ගත හැකි උදාහරණයක් නම් ගොවිතැන් කිරීමේදී සියළු දෙනාගේම එකතුවෙන් එක් අයෙකුගේ පැල සිටුවීම සහ ගොයම් කැපීම ගත හැකියි.

      Delete
    2. /අදටත් ගත හැකි උදාහරණයක් ... එකඟ වෙන්න අමාරුයි.

      Delete
    3. ස්තුතියි ඉයන් //දාහරණයක් නම් ගොවිතැන් කිරීමේදී සියළු දෙනාගේම එකතුවෙන් එක් අයෙකුගේ පැල සිටුවීම සහ ගොයම් කැපීම ගත හැකියි.// ඉස්සර කාලේ අපි එළවලු ගොවිතැන් කරද්දි ( කොල්ලෝ කාලේ) වරු වලට යනවා කියලා කට්ටිය ම එකතුවෙලා එක එක්කෙනාගේ කුඹුරු /වතු වල වැඩ කරන ක්‍රමයක් තිබුනා එන්න ඒ වගේ.. ඔය ගොයම් කැපීම් වල් ගල්වීම් වලට නම් ලොකු සෙනගක් එකතු වෙනවා "අත්තම් " ක්‍රමේ කියලත් කියනවා නේද ඕකට?

      Delete
  10. සොඳුරු මතකයන්, පෙන්ෂන් ගිය දාක ඉතිරිවෙන්නේ මේ වගේ මතක සටහන් විතරයි,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපි නම් පෙන්ෂන් යන්න ඉස්සර වෙලත් මේ වගේ මතක සිහි කරලා සතුටු වෙනවා. මේ අය බොහෝ දෙනෙක් දැන් ලෝකේ පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොකු ලොකු වැඩ කරන කට්ටිය

      Delete
  11. පට්ට යාලුවො සෙට් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. ෆට්ට.. ෆට ෆට කට්ටියක්

      Delete
  12. හොඳ මිනිසුන් ගොන්නක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතා.. අපේ වෙලාව හොඳයි මෙහෙම අය මුණ ගැහෙන්න තරම්..

      Delete
  13. I have not found this kind of people in my life ...

    ReplyDelete
    Replies
    1. thanks rare but a possibility.. you will.. one day

      Delete
  14. මටද ජීවිතයේ හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද, පරාර්ථකාමී මිනිසුන් මෙන්ම ආත්මාර්ථකාමී මිනිසුන්ද හමුවී තිබේ. නමුත් මම අදවන විට ඉගෙනගෙන ඇති පාඩම නම් වෙන කාට තිබුණත් අපිට නැත්නම් වැඩක් නැත යන්නයි. අපි ශක්තිමත් නම් අප වටා අවශ්‍ය තරම් පිරිවර සිටී.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. //නමුත් මම අදවන විට ඉගෙනගෙන ඇති පාඩම නම් වෙන කාට තිබුණත් අපිට නැත්නම් වැඩක් නැත යන්නයි. අපි ශක්තිමත් නම් අප වටා අවශ්‍ය තරම් පිරිවර සිටී.// ඔව් ඔව් අපිට වුනත් එහෙම හිතෙන වාර අනන්ත තියෙනවා . ඒ වුනාට අනුන් වෙනුවෙන් යමක් කරන්න කැමති සුළු පිරිසක් ලෝකේ ඉන්නවනේ ඒ අයට "තියෙනවා නම් " ගොඩක් අයට හොඳයි කියන දේ මම නම් අත්දැකීමෙන්ම දන්නවා..

      Delete
  15. කවිඳු මගේ පෝස්ට් වලටත් බ්ලොග් පිටුවටත් ලබාදෙන සහයෝගයට ස්තුතියි.
    මටත් කතාවක් මතක් උනා පවුලේ උදවිය ගෙන්වා ගැනීම ගැන. පසුවට ඒ ගැන ලියන්න බලමු. ඒක ලන්කාව ඇතුලෙම සිද්ද වෙච්චි දෙයක්. දමිල මිතුරෙක් හා සම්භන්ධව. කොහොම උනත් මිතුරන්ගෙ නියම හැඩ තල පේන්නේ අමාරුවේ වැටුනම තමා. ලස්සන අත්දැකීමක් ලස්සනට ලියලා තියෙනවා. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දම්සෝ.. පවුලේ උදවිය ගෙන්වා ගැනීම ගැන ඔබ දන්නා කතාවත් එලියට එනකම් බලා ගෙන ඉන්නේ අපි.. ජයවේවා !!

      Delete
  16. මට එක සැරයක් වීස රිනිව් කරනකොට ලංකාවේ මම එක්කම ඉගෙනගත්ත යාලුව එක රැයෙන් මුලු ලන්ඩන් වල හැම ලංකාවේ කොල්ලොන්ටම කෝල් කරල සල්ලි හොයල දුන්න. හැබැයි පොරොන්දු දිනේට කලින්ම සල්ලි ඔක්කොමටික බේරල දුන්න ආයෙ වචනයක් අහන්නෙ නැති වෙන්ට. ඊට පස්සෙ නම් ලංකාවේ වාගේම ලෝකේ අනිත් අවුනුත් සෙට් උනෙ ගත්ත පන්න ජාතියේ අවුන්. දැන් ලංකාවේ තියා කිසිම මිනිහෙක් ආශ්‍රය කරන්නෙ නැහැ. නෑදෑයින්ට ත් ඒ සවලෙන්න තමයි බෙදන්නෙ. ණයට ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ. කන්න නැත්නම් නොකා ඉන්නවා. දෙමාපියන් ට හැකි උපරිමයෙන්ම සලකනව. හැබැයි උපකාරයක් කරනවානම් අඳුරන්නේ නැති එකෙකුට කරනව. කවිඳු ඔබ ගොඩක් වාසනාවන්තයි ඔහොම යාළුවො ලැබෙන්න. 👊🏽

    ReplyDelete
    Replies
    1. සොරි වැරදීමක් උනා. "ලන්ඩන් වල ඔක්කොටම" නෙමෙයි ලන්ඩන් වල දන්නා කියන ලංකාවේ ඔක්කොටම කියල වෙනස් උනහම හරි.. 🤓

      Delete
    2. ස්තුතියි ටිලාන් ... //දැන් ලංකාවේ තියා කිසිම මිනිහෙක් ආශ්‍රය කරන්නෙ නැහැ. නෑදෑයින්ට ත් ඒ සවලෙන්න තමයි බෙදන්නෙ. ණයට ගන්නෙත් නෑ දෙන්නෙත් නෑ. කන්න නැත්නම් නොකා ඉන්නවා. දෙමාපියන් ට හැකි උපරිමයෙන්ම සලකනව// මෙහෙම අදහසක් හිතට එන වෙලාවක් එනවා එක එක අයට කරලා කරලා හති වැටුනම.. අපි වුනත් දැන් දැන් ටිකක් මේ ලයින් එකේ තමයි යන්නේ වෙලාවකට .. හැබැයි වැඩේ තියෙන්නේ මේ කතා වේ වුනා වගේ අසරණ වෙච්ච වෙලාවට ඔය විදිහට කරන්න බෑනේ.. මම මේ කතාවේ ලිව්වේ නෑ.. මම ඔය විදිහිට සල්ලි හොයන්න දඟලද්දී ඔය රටේ හිටියා එහෙ ඉන්න නෙදර්ලන්ත ජාතිකයෝ බැඳපු සිංහල ගෑණු සෙට් එකක් සහ දෙමළ පවුල් විශාල සංකයාවක් මාත් එක්ක ගණුදෙනු කරපු. ඒ අය අපිත් එක්ක කෑම වෙල් බෙදා ගන්න "සමාජ ශිලි වෙන්න " එහෙම ආව වුනාට මේ සල්ලි කේස් එකට එක්කෙන්කේ වත් උදව් කලේ නෑ.. "මල්ලී මේ වෙලාවේ අපි ළඟ නම් සල්ලි නෑ " කියලා මග හැරියා..

      Delete
    3. අහා! කතාවෙ හොඳම හරිය - ඌණපූරණය ලියල තියෙන්නෙ දැන් නෙව : :)

      මමත් ලොකු මිලක් ගෙවල ඉගෙන ගත්ත,ක‍ටුක ඇත්ත තමා " තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියන එක

      Delete
    4. ස්තුතියි.. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන එක නම් ඇත්ත තමා හැබැයි අනුන් හිසට ත් තම අතම සෙවනැල්ල කරන්න පුළුවන් නම් වටිනවා. එහෙම කරගෙන යන කොට යනකොට තමන් හිසටටත් අනුන්ගේ අතක් සෙවනට එන්න ඉඩ වැඩියි (අවශ්‍ය වුනොත් ) .. ඔබ කියන තේමාවේ අත්දැකීම් සමුහයක් තියෙනවා මම මේ රටේ දොස්තර කෙනෙක් විදිහට වැඩ කරන්න යද්දී ලබාපු ඉදිරියේදී ලියන්න හිතාගෙන ඉන්නේ සීරිස් එකක් හැටියට..

      Delete
    5. තිලාන් මේ 17 අපේ පැත්තේ චිත්‍රපටියක් පෙන්වන්න ලෑස්ති කර තිබෙනවා. පුලුවන්නම් එන්න.
      හෝම වැඩ මටත් වුණා . එනිසා ණය දීම් කරන්නේ අඩුවෙන්. මෙතන ඇත්තටම කවිඳු අවංකවම සල්ලි නවතැහැ දුන් එක ලොකු දෙයක්.

      Delete
    6. මම හරි අකමැති දෙයක් තමයි ණයට ගැනීම සහ වෙන අයට ණයට දීම. හොඳ උත්සහවන්ත මිනිහෙකුට ප්‍රයෝජනවත් දෙයකට නම් ණයක් දෙන්න මැලි වෙන්නේ නෑ අර පුවක් බාස්ට ණයට දුන්න වගේ .. එපාම කරපු දේ තමයි නාදායින්ට ණය දීම මේ කපේ ගන්නවා බොරු ( හැබැයි මම නම් මගේ අය්යාගේ නයත් එයාට අවශ්ය වෙලාවේම ගෙව්වා )

      Delete
  17. කවිදු ඔය වගේ යාළුවො ලබන්න පිං කරල තියනව. මටනම් හම්බවෙලා තියෙන්නෙ මගෙ පොකට් එකට විදින යාළුවො තමයි.

    ReplyDelete
    Replies
    1. මගේ පොකැට් එකට විද්දේ ගොඩක් දුරට නෑදෑයෝ. මම යාලුවෝ ආශ්‍රය කරන්නේ හරි පරිස්සමින්.. උදාහරණයක් විදිහට මගේ මුළු කැම්පස් කාලෙම අපේ ගෙදර ආවේ මගේ හොඳම යාලුවෝ දෙන්නෙක් විතරයි. අම්මා ඉස්සර අහනවා ලොකු පුතා නම් ගොඩ යාලුවෝ ගෙදර ගෙනෙනවා ඇයි ඔයා එක්කන් එන්නේ නැත්තේ කියලා. ජෙනුයින් යාලුවෝ ඇරෙන්න 'බොරු යාලුවෝ " එක්ක මම ගණුදෙනු කරන්නේ අතේ දුරින්..

      Delete
  18. //ඒ දිනවල ශිෂ්‍ය ගම්මානේ අවට සැරිසරණ අප දෙදෙනා නෙදර්ලන්ත තරුණ තරුණියන් විසින් මහා මග දමා යන බයිසිකල් ගෙනවිත් අලුත් වැඩියා කරන්නෙමු.// මම දන්නා කේස් එකක් තිබෙනවා. මෙහම පටන්ගත්ත ලංකාවේ එක්කෙනෙක් ඊට පස්සේ ගෙවල් වල එළියේ තියල යන බයිසිකලුත් අරන් ඇවිල්ල විකුනන්න පටන් ගත්ත. (බෙල්ජියම් වල) නොදැනුවත්කමට. මම පස්සේ පැහැදිලි කලාමයි තේරුනේ ඒ මිනිස්සු ලොක් දාන්නේ නැතුව තියල තියෙන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ . අපි විකුණුවේ වැඩිම වුනොත් බයිසිකල් හතරක් හෝ පහක් මුළු අවුරුදු දෙකටම .එවා ඔක්කොම පැච් ගිහිල්ල බ්රේක් කැඩිලා මොනවා හරි ප්‍රශ්න නිසා කැලේට විසි කරපුවා..

      Delete
  19. Replies
    1. ස්තුතියි.. දනවෝ . දනවෝ . වගේ....

      Delete
    2. විහිළුවක් කලේ ධන, ධන, ධන... ( +++) හි. හි

      Delete
    3. ඕක කරගන්න නේ මම දැඟලුවේ .. හහ්හහ්... තේරුනාද දන්නේ නෑ ප්‍රා ජේ ලවා වචන ටිකක් ලියවන්නයි දැඟලුවේ ..

      Delete