Saturday 22 September 2018

බුද්ධියට ඉඩ දෙන්න අවස්ථාවක්

වල් ඌරන්, වැලි මුවන් , මොණරුන් වගේම මෑතකදි අධික ලෙස තම ගහණය වැඩි කරගත රිලවුන් නිසා ගහක කොළක කිසිවක් බේරා ගත නොහැකි බව බණ්ඩාරවෙල සහ කෑගල්ලේ අපේ ගෙවල් වල කට්ටිය කියනවා. අප අදහන ආගමක් ඉස්සරහට දමා මිනිසුන්ගේ ජීවනෝපායට වින කරන සතුන් රැකිය යුතු යැයි නියමයක් නෑ. ක්‍රමානුකූල සතුන් දඩයමක් මඟින්(mass killing / culling රජය මඟින් කරනවා නම් වඩාත් හොඳයි)  එය පාලනය කලයුතුයි. විශේෂයෙන් රිලා වසංගතය තුරන් කල යුතුයි. බුද්ධියට ඉඩ දිය යුතු තැනුත් තියෙනවා හැම දේටම ආවේගශීලී නොවී...
කඩපිළ් ගානේ රස්තියාදු ගගහා හිටපු අපේ ගම්වල අය්යලා දඩාවතේ යන බල්ලන්ගේ කරේ රෙදිපටි ගහපු හැටි මට මතක් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාන්ංශයේ අදහසක් අනුව දඩාවතේ යන බල්ලන් විනාශ කරන්නට එන බලුවෑන් එක එනකොට අසූගණන් වල අපි පොඩි කාලේ .. පිස්සු බලු රෝගය Rabies  ගැන ඒ ගමේ අය්යලා දැනගෙන ඉන්න නැතිව ඇති.. රිලවුන් වගේ සතුන්ගෙනුත්   Rabies බෝවෙනවා

8 comments:

  1. ඒක නම් ඇත්තම ඇත්ත...
    මුලින් මිනිස්සු බේරිලා ඉන්ට එපැයි අනික් සත්තු ගැන හිතන්ට කලින්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාලෙකට පස්සේ? මුහුණුපොතේ යමක් පළ කිරීමේදී ප්‍රවේසම් වෙන්න අපේ අය පුරුදුවෙලා නෑ. සත්ත්ව හිංසනය වෙන දෙයක්, මිනිස්සුන්ගේ ජීවනෝපාය නැති කරන සතුන් පාලනය කිරීම තව දෙයක්

      Delete
    2. කාලයකට පස්සේ කියන්ටම බෑ නේද???
      අවසර නැත මට එකට මුල්ම අදහස දැම්මේත් මම...
      හෙහේ...

      හැබැයි කාලයකට පස්සේ තමයි ඒකත් වුණේ...

      Delete
    3. හෑ....ඇත්තම තමයි. මම කර මුලින්ම අහුවුණා නේද? මේක ලිව්වේ කාලෙකට පස්සේ තමයි

      Delete
  2. උඹේ කතාවේ ඇත්තකුත් තියෙනවා...

    ReplyDelete
  3. ඔය අපේ ගම්පැති රිලව් , මොණරු එහෙම හිටියේ නෑ අපි පොඩි කාලේ .. මෑතකදී අපෙ අම්මල කිව්වා ලොරියකින් ගෙනැත් අතාරිනවා දැක්කලු ඒ පැත්තේ මිනිස්සු

    ReplyDelete
  4. සමහර අවස්ථාවලදී වැදගත්කමින් වැඩි සත්ව විශේෂයන්ගේ ආරක්‍ෂාව සඳහා වෙනත් සතුන් මරාදැමීම පරිසරවේදින් පවා අනුමත කරනවා.
    හොඳම උදාහරණය ගල්පගෝස් දිවයිනේ යෝධ ඉබ්බන් රැකගැනීම සඳහා ක්‍රියාත්මක වූ 'Project Isabela'. මෙහිදී එහි සිටි එළුවන් 250,000 පමණ මරා දැමුනා.
    නමුත් මේ සියල්ල සිදුකෙරුනේ පරිසරවේදීන් ඇතුළු විද්‍යාඥයන් විශාල පිරිසකගේ වසර ගණනාවක අධ්‍යයනයන්ට පසු සකස් කෙරුන සැලැස්මකට අනුවයි.

    https://allthatsinteresting.com/project-isabela

    ReplyDelete