Friday 7 May 2021

කොවිඩ් එන්නත් සහ කොරෝනා

 


කොවිඩ් එන්නත් මාත්රා දෙකම ගත්තත් , ඇස්ට්රාසෙනෙකා හෝ ෆයිසර් හෝ වෙනත් කුමණ වැක්සීන් වර්ගයක් ගත්තත් සීයට සීයක් කොරෝනා හැදීමෙන් වලකිනවා කියලා කියන්න බෑ .. ඇස්ට්රා සෙනෙකා 75% යි පීෆර් 90% වගේ ආවරණයක් දෙනවා කියලයි විශ්වාස කරන්නේ .. ඉතිරි සියයට ගණන් වලට බරපතල ලෙසම කොරෝනා වැලඳෙන්න පුළුවන්.

වැක්සීන් වලින් ආවරණය ලැබුණා කියන්නේ කොරෝනා හැදුනත් ඒ හැදෙන එක එතරම් බරපතළ නැති පොඩි හෙම්බිරිස්සාවක් වගේ තත්ත්වයකින් අවසන් විය හැකි බවයි .. වැක්සීන් ගත්තාම කොරෝනා හැදෙන්නේම නෑ කියන්න තාම කල් මදි...



ඒ නිසා දිගටම මීටර් දෙකේ දුරස්ථ භාවය, මුවවැස්මක් පැළඳීම , නිතර අත් සේදීම , අනවශ්ය ගමන් බිමන් නොයෑම කියන කරුණු ඔක්කොම පිළිපඳින්න ඕනේ...
අපිට දුන්නේ ඇස්ට්රාසෙනෙකා .. ඒක මේ රටේ සෞඛ්ය බළධාරීන් සහ පාළකයින් එක්වී ගත්තු තීරණයක් . වයස පණහට අඩු අයට ෆයිසර්වැක්සීන් එක දෙන්න යන්නේ ඇස්ට්රාසෙනෙකා වලින් ලේ කැටි ගැහෙන්න ඉඩකඩ වැඩිනිසා ..


ස්පුට්නික් සහ චීන වැක්සීන් එකත් දෙන රටවල් රාශියක් තියෙනවා.. හොඳම මොන වරගයද කියන එක දැනගන්න වෙන්නේ අනාගතයෙදි...


හොඳම දේ කොරෝනා වලට භාජනය වීමට තිබෙන ඉඩ ඇහීරීමයි , අනවශ්ය ලෙස මිනිසුන් සමඟ ගැවසීම අඩුකිරීමයි . සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි..මුව ආවරණ පැළඳීමයි..



8 comments:

  1. හැදිලා සනීප උන කෙනෙකුයි වැක්සින් එක ගත්ත කෙනෙකුයි ගත්තම නැවත හැදෙන්න තියෙන හැකියාව ගැන තක්සේරුවක් තියෙනවාද? එක පාරක් හැදිලා සනීප වෙච්චි කෙනෙකුටත් දෙවෙනි වර හැදුනොත් //ඒ හැදෙන එක එතරම් බරපතළ නැති පොඩි හෙම්බිරිස්සාවක් වගේ තත්ත්වයකින් අවසන් විය හැකි// ද? ඔය මට තියෙන ප්‍රශ්න දෙකක්.. ලේසියෙන් කවුරුවත් ඔය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හැදිලා සනීපවෙච්ච කෙනෙකුටයි වැක්සීන් එක අරගත්තට පස්සේ හැදුන කෙනෙකුටයි සුළු රෝගතත්ත්වයකින් වැඩේ අවසන් වෙයි කියන මතය තමයි තියෙන්නේ ( බරපතළ නොවී ) හේතුව අවස්ථා දෙකේම කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ජනනය වීමයි ( ඒ පුද්ගලයාගේ ශරීරය තුළ )

      Delete
    2. Kami, if someone gets a variant of Covid19, which is completely different from what they have been vaccinated with or what they have been previously exposed, they can get sick again. The symptoms can be mild, if the new variant shares similarities between the vaccine antigen or previous virus variant. Also, it depends on how the body responded to the previous infection or to the vaccine. Even if someone gets the same variant as the vaccine or the previous infection, if their immunity is weak or compromised by an underlying disease, there is not much hope for protection against a third infection.so, best is to practice all the safety precautions, double masking helps a lot. Wathsala (pokuruwahi)

      Delete
    3. Kami, if someone gets a variant of Covid19, which is completely different from what they have been vaccinated with or what they have been previously exposed, they can get sick again. The symptoms can be mild, if the new variant shares similarities between the vaccine antigen or previous virus variant. Also, it depends on how the body responded to the previous infection or to the vaccine. Even if someone gets the same variant as the vaccine or the previous infection, if their immunity is weak or compromised by an underlying disease, there is not much hope for protection against a third infection.so, best is to practice all the safety precautions, double masking helps a lot. Wathsala (pokuruwahi)

      Delete
    4. Thanks for a more scientific answer on this mine was just touching the surface

      Delete
  2. පීෆර් නෙවේ, ෆයිසර් කියල නේද උච්චාරණය කරන්නෙ ?

    ReplyDelete