Friday, 14 February 2020

ඔවා දෙනු පරහට


මගේ සිත තැන්පත්ය, තැන්පත්ය තැන්පත්ය
දයා කරුණා සිතින් පිරුණු සිත් පිරිසිදුය
පරිසරය මා රකී රකිමි මා පරිසරය 
පාසලේ මව් දකින හොඳම දරුවා මමය

ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල මුල් හරියේ . හැත්තෑ හතේ රාජ්‍ය පාක්ෂික මිනිසුන් විසින් රට පුරා මැරකම් හොරකම් ස්ත්‍රී දූෂණා ආදිය සිදුකර අවසන නැවත රටේ ධාර්මික බව , නීතිගරුක බව , විනය සංහිදියාව ඇතිකරන්න උත්සාහා කරන කාලයක්. මේ කාලේ රාජ්‍ය පක්ෂයේ දේශපාලකයෝ , අළුත් අළුත් පූජක වරු , රාජ්‍ය නොවන සංවිධාන ආදී විවිධ කණ්ඩායම්   තරුණ තරුණියන්, පාසැල් ශිෂ්‍යයින් අවිහිංසාවට යොමුකරවන්න  උනන්දුවෙමිනුයි හිටියේ . උදාහරණයක් විදිහට  පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ බණ්ඩාරවෙල නගරසභා ශාලාවේ අතුරුසිදුරු නැතිව  පිරුණු උපාසක උපාසිකාවන්ට බණකිව්වේ මේ දවස්වලම තමයි

මේ කාලේ මමත් අපේ යාළුවෝ කල්ලියත් හිටියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පොඩිපංති වල . මේ වෙනකොට අපේ තාත්තලා , බාප්පලා ඇතුළු එකල විරුද්ධ පාක්ශිකයින්ගෙන් හොඳටම පළිගන්න, ඔවුන් ඈත ප්‍රදේශ වලට මාරුකරන්න එහෙම පියවර ගත් පාලක පක්ෂයේ නායකයා අතිගරු ජනාධිපති  ජේ ආර් ජයවර්ධන උතුමාණෝ ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන්න වෙහෙසෙනවා..
එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා විදිහට හිටියේ ගරු සමරවීර වීරවන්නි මැතිතුමා. එතුමා ඒ දවස්වල අපේ ඉස්කෝලෙට නිතර ආව ගිය කෙනෙක්

මම  මේ කාලේ කිරිඔරුවේ එළවළු කොටුවල හදන එළවළු එහෙම  විකුණන්නත් ඒවා විකුණලා අම්මා කියන බඩු ගෙනෙන්නත්  ඉරිදට  පොළේ එහෙම යන කොළුගැටයෙක් .

එහෙම  පොලේ යන සමහරක් දවස්වලට  අම්මා මට කියනවා

" චූටිපුතා එනකොට මාර්කට් එකේ මැද තියෙන මුස්ලිම් මස් කඩෙන් මස් රාත්තලක් අරන් වරෙන් .. හැබැයි මතක ඇතිව   තනිමස්  ඉල්ලන්න ඕනේ නැත්නම්  උන් කටු තියෙන මස් දානවා" කියලා

අපේ ගෙදර හරක්මස් කන්නේ අක්කයි ,මායි තාත්තයි විතරයි . අය්යටයි අනික් නංගිලා දෙන්නටයි කරප්පන් දානවා මස් කෑවම. අම්මා මස් කන්නෙත් නෑ ඒ වුණාට අපිට හරි රසට මස් උයලා දෙනවා. මම ඒ කාලෙත් මිල මුදලට , සකසුරුවමට කැමතියි වගේම සල්ලි හොයාගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා.

ඒ වගේ එක උපක්‍රමයක් තමයි අම්මාට තනි මස් රාත්තලක් ගේනවා කියලා ගිහින් තම්බි මුදලාලිගෙන් කටුමස් රාත්තලක් අරන් එන එක . ඉතිරිවෙන රුපියල් කිහිපය මගේ  මුදල් එකතුවට යනවා හැම සතිඅන්තයේම වගේ

ඔයකාලේ සමරවීර වීරවන්නි මැතිතුමා ඊ ඩබ්ලිව් අධිකාරම් නම් මහත්මයෙකුත් එක්කරගෙන අපේ ඉස්කෝලෙට එනවා . ඇවිල්ලා ඔය ඉහතින් කියපු සිංදුවත් අපිට පුරුදු කරනවා .ඒ ඉස්කෝලේ ස්වෙච්චාවෙන් එයාලා ඇති කරපු අමධ්‍යප සංවිධානයත් , බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නිර්මාංශ සංගමයටත් සාමාජිකයින් ලෙස අපේ පංතිවල හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමෙන් අනතුරුව ..
මමත් හා හා පුරා කියලා  ඉස්කෝලේ  නිර්මාංශ සංගමයට බැඳුනා .. අමධ්‍යප සංවිධානයටත් එකතු වුණා . සතියේ දවස්වල " මගේ සිත තැන්පත්ය , තැන්පත්ය කිය කියා වීරවන්නි මහත්තයාලා එක්ක  කිය කියා ඉඳලා සති අන්තෙට  අම්මා උයලා දෙන හරක්මස් එහෙම රස  විඳිනවා නිර්මාංශාහාර සංගමයේ සාඩම්බර සාමාජිකයෙක් විදිහට .

මට මේ වැඩේ වැරැද්දක් කියලා හිතුණේ නෑ.  ඇයි ඉතිං...... අපිට ඒ දවස් වල ආදර්ශමත් චරිත ලෙස පෙනුණු වීරවන්නි මහත්තයයි එයාලගේ  නායකතුමයි දෙන්නත්  ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරමු කියලා  කියමින්  කරේ ඊට ටිකක් පරස්පරතාවයක් දක්වපු වැඩමනේ.

හොඳවෙලාවට මම අමධ්‍යප සංවිධානයේ විධිවිධානවලට නම් තවමත් ගරුකරනවා.. ඒ නිසාමදෝ කොල්ලෝ ටික එක පැත්තකට වෙලා බි බී ඉන්න .. කෙල්ලෝ ටික අනික් පැත්තට වෙලා බීල බීලා වාතවෙන තමන්ගේ කුඩා කල පාසැල් මිතුරන් සහ ඔවුන්ගේ දුවා දරුවන් ගැන දුක්වෙන පංති සගයන්ගේ "ගෙට්ටු ගෙදර්" සාද වලට එන්නත් පොඩි මැළිකමක් තියෙනවා

Saturday, 8 February 2020

පුටු කතාවක්



මම මහාවිද්‍යාලයට ආවේ හයේ පංතියේදී වුණාට පල්ලැහැ ඉස්කෝලේ ( ධර්මාශෝකේ) ඉඳලා උඩහ ඉස්කොලේට එද්දි මම ආවේ අනික් අයට පස්සේ. සාලියලා , ලක්සිරිලා , ඉන්දික කටුගහලා ,අපේ රුවන් ආටිගලලා වගේ කට්ටිය උඩහ ඉස්කෝලේට ඇතුළත් වෙන විභාගේ ලියලා මහා විද්‍යාලෙට ගියා . මම විතරයි පහේ ශිෂ්‍යත්වේ පාස් අයගෙන් ජනවාරියෙම උඩහට නොයා ශිෂ්‍යත්වයේ ප්‍රථිපල  වලට ඉස්කෝලේ ලැබෙනකං ඉඳලා උඩහට ගියේ.

ඔන්න මාර්තු අප්‍රේල් වගේ  කාලේක අම්මා මාවත් එක්කන් උඩහ ඉස්කෝලෙට  ගියා අර තිලකසිතේ තිලකසිරි අය්යා කිව්වා වගේ ඒ කාලේ අපි පුටුවක් ගෙදරින් ගේන්න ඕනේ. අපේ තාත්තා ඒ කාලේ තාවකාලිකව වැඩ නැතිව හිටපු ලිපිකරුවෙක්  ( ඊට කලින් බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයේ හිටියේ) කොහොමහරි ඉස්කෝලෙට යන දවසේ පුටුවක් ගෙනියන්න ඕනෑ නෑ කියපු තාත්තා එයාගේ ඒ කාලේ හිතවතෙක් වෙච්ච එතකොට  බණ්ඩාරවෙල මමවි හිටපු  නියෝජ්‍ය විදුහල්පතිතුමාට දෙන්න කියලා තුණ්ඩු කෑල්ලක් දුන්නා ( මට පුටුවක්  ලබාදෙන්න ක්‍රමයක් කියලා වෙන්න ඕනේ ඒකෙ තිබුණේ)
කොහොමහරි නි. විදුහල්පතිතුමා " මේ කවුද මෙයා මම අඳුරන්නේ  නෑ කියලා තුණ්ඩු කෑල්ල විසිකරා"
දැන් මට පුටුවක් නෑ, හා පුරා කියලා ඉස්කෝලෙ ගිය දවසෙම  හිටගෙන  ඉන්න වෙන හැඩක් තියෙන්නේ..

ඔන්න  මම නිල්පාට බෑග් එකත් පිටේ එල්ලගෙන අම්මත් එක්ක අර ලෝහ වැඩ කාමරේට පහලින් තිබ්බ බිල්ඩිම අයිනෙන් 6  බී එක හොයාගෙන   යනවා කොට බිත්ති උඩින් පල්ලැහැ ඉඳන් උඩට ආපු අපේ ගැංසිය කෑ ගහනවා .

" මචං කිටී , මචං කිටී අපේ පංතියට වරෙන් අපේ පංතිය වරෙන්" කිය කියා

අන්තිමට  &*&** ටීචර් ( අපේ තාත්තගේ යාළුවා  &*&** අංකල් ගේ නෝනා , අපේ  &*&** ගේ ම්මා) භාරව හිටපු පංතිය මම ගියා .

මට පුටුවක් නැතිබව දැක්ක සාලිය ලා ඇතුළු ගැංසියේ කොල්ලෝ මට අයිනකින් වාඩි වෙන්න ඉඩ දුන්නා මුල්ම  දවසේ. දෙවැනි දවසේ අම්මා ගෙදර කෑම මේසේ තිබ්බ ලී පුටුවක්  ගෙනියන්න දුන්නා .. ඒක ඉස්කෝලේ තිබ්බ අනික් පුටු එක්ක ගත්තම ටිකක් වෙනස්. ඒත් ඒක ඉස්කෝලට ගිහින් දාලා සාලිය, ලක්සිරි , කට්ටා , මාබොට්ටා ඇතුළු අපේ කට්ටියගේ සහයෙන් හොඳ පුටුවක්  සොයාගත්තා.
කොහොම හරි ගෙදරින් ගෙනා ලී පුටු කබල පැත්තකට දාලා ඊට වඩා ලස්සන පුටුවක තමයි මම ඊට පස්සේ  දිගටම වාඩි වුණේ

Friday, 31 January 2020

පල්ලැහැ වත්තේ අල කොටුව


පසුගිය කාලේ බ්ලොග් ලිවිල්ලත් යලට මහට වගේ කෙරෙමින් තිබිලා හෙමින් හෙමින් අඩුවීගෙන ගියා . රැකියාවේ කාර්යබහුලත්වයත් පෞද්ගලික වගේම පොදු කටයුතුවෙනුවෙන් යන කාලය වැඩිවීමත් අස්සේ බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් එන්නේ නෑ.
ඒත් තිලකසිතේ තිලකේ අය්යා ආපහු තමන්ගේ බ්ලොග් එක යාවත්කාලීන කරද්දි පොඩි පොඩි උත්තේජන ඇතිවුණා.ඔහුගේ නවතම ලියවිල්ල "අර්තාපල් මුත්තාපල්" නිසා අපේ අර්තාපල් කථා ටික පෙළගස්වන්නේ නැතිව  ඉන්න බෑ කියලා හිතුනා . එහෙම නම් අර්තාපල්  වගාව සහ අපේ බාල කාලේ ගැන කතා කරන්න පටන් ගනිමු

පල්ලැහැ වත්තේ අල කොටුව

නමසිය අසූ ගණන් වල මුල් හරියේ අපේ තාත්තාගේ රස්සාව හදිස්සියේ නැතිවෙනවා. ඒ ආසන්න කාලයකදී අක්කා මම සහ ලොකු නංගී එකතු කරගෙන (අපේ අය්යා මේකාලේ සාමාන්‍ය පෙළ කරන්න ලඟයි ඒ නිසාදෝ කොහෙද වගාවැඩවලට එයා සම්බන්ද නොවුණ කාලයක් )අම්මාඅපේ ගෙදරවත්තේ පොඩියට වගාවක් පටන් ගන්නවා . ගෙට උඩහ පැත්තේ දැන් තේ හදලා තියන කොටසේ ඒ කාලේ තිබ්බේ උක්වගාවක් .. උක්ගස් ගලවලා බිම්සකස් කරේ තාත්තා , අම්මා සහ අපි .. ඊට පස්සේ හා හාපුරා කියලා බෝංචි වගාවක් දැම්මා ඒ කෑල්ලේ .. වගාව කරගෙන යද්දි වැස්ස නැති කාලයක් ආවා මට මතකයි .. මීටර් තුන්සීයක් විතර දුරක තිබුණු ගල උඩ ලිඳෙන් (උඩහා ලිඳ ) තමයි අපි වතුර ගේන්නේ    අක්කයි මමයි  ලොකු නංගියි තුන්දෙනා කළගෙඩි වලින් වතුර ගේනවා  තාත්තයි අම්මයි මල්බාල්දි වලට ඒ වතුර පුරවලා වතුර දානවා. මේ විදිහට හැමදාම හවසට වතුර දානවා.  ඔන්න ඔහොමයි  අපේ මුල්ම වගාව 1980-81 කාලයේ සිද්ධ වෙන්නේ

මේ අතරේ අපේ අම්මා සහ තාත්තාට සිතක් පහළ වෙනවා වගාව තවත් ව්‍යාප්ත කරන්න. ඒත් අපේ ගෙදර වත්තේ එච්චර ඉඩක් තිබ්බේ නෑ තවමත් ඉතිරි වීතිබුණු උක්වගාව නිසා. ඊට පස්සේ තමයි එයාලා තීරණය කරන්නේ ඒ වෙනකොට කැලේට ඇරලා තිබ්බ පල්ලැහැවත්ත් එළිපෙහෙළි කරන්න.
අම්මා අක්කා , මම සහ ලොකු නංගී ඇතුළු බැටෑලියන් එකත් අරගෙන  වැඩේට බැස්සා . උසට උසේ වැවී තිබුණු කැලෑ ගස් එක්ක අපිටික ඔට්ටු වෙනවා තරමක් උස පැල බෝංචි කෝටුවලට එකතු කරා .. එරමුදු , දඹ ගස්, අළු බෝම්බු ගස් දිය  සීරාවට වැදගත්  නිසා ඒවාට අත තිබ්බේ නෑ. දින කිහිපයක් කට්ටිය වැඩ කරද්දි  වත්ත සම්පූර්ණයෙන් එළිපෙහෙලි වුණා. කාලයක් කැලේ වෙන්න ඇරලා තිබ්බ නිසා පස කළුම කළුයි, සරුසාරයි.

මේ වෙනකොට අපට  ගමේ තවත් හොඳට  එළවලු වගා කරන කෙනෙක් වූ කිරිඔරුවේ මහවත්තේ නැන්දා  එක්ක එහෙමත් ගණුදෙනු තියෙනවා

අප බිම් සකස් කරාට පස්සේ පල්ලැහැ වත්තේ හදන්න සුදු අර්තාපල් අල  ගෙඩි සීයක් දුන්නේ මේ මහවත්තේ නැන්දා තමයි . එයා අපට ගෝවා පැළ සීයකුත් දුන්නා ඒ කෑල්ලේ හදන්න . ඊට අමතරව අපි තක්කාලි සහ බෝංචි ටිකකුත් පල්ලැහැ වත්තේ හිටෙව්වා මතකයි හා හා පුරා කියලා කරපු වගාවට..

මහවත්තේ නැන්දා දුන්න අල ගෙඩි  අල පැල තුන්සීයක් පමණ ගන්නා තත්ත්වයට පත්කරනවා මට මතකයි අපේ අම්මා විසින් . ඒ බීජ අල ගෙඩි මොටෙය්යන් එකක් හෝ දෙකක් ඇතුළත් වෙන ආකාරයෙන් පිහියකින්පෙති ගසා කපා ගනිමින් . එසේ කපපු පෙති වලට අළු හෝ දියකරගත් ඇන්ට්‍රකෝල් ගාන්නත් ඕනේ . එහෙම කරලා බීජ අල කැලී තුන්සීයක් පමණ ඇඳක් යට වේලෙන්න තියලා තිබ්බා.

අල හදන්න බිම් සකස් කරද්දි අළු හුණු මිටි කිහිපයකුත් පොළවට ඉසිනවා .. මුල්වේයෝ ගහන එක ඒකෙන් අඩුවෙනවා කියලා තමයි ඒ කාලේ විශ්වාස කලේ අලුහුණු වලින්..
ඉරිගසා සකස් කර කාණු වල පේළියට තබා කැපූ බීජ අල පෙති තියලා පස්වලින් වහනවා .. ඊට පස්සේ දිනපතා වතුර දානවා.. උඩහ අපේ ගෙදර වත්තේ වගේ නෙවෙයි මේ වත්තේ වතුර ගන්න කුඩා ලිඳක් තිබුණා අපි කැලේ එළිකරන්නත් කලින්ම ... තව අම්මයි ,මමයි  අක්කයි එකතුවෙලා වත්තේ තිබූ දඹ ගහක් යට අළුති ලිඳක් හෑරුවා . ඒකෙත් වතුර පිරුණා .. මෙ ලිංවලින් වතුර ගෙනැත් තමයි  අපේ අලවගාවට වතුර දැම්මේ.

අල හිටවපු දවසේ රෑම පැල් රකින්න වෙන බව අම්මා කිව්වා මතකයි .ඒ අසල ඇති කැලයෙත් ඊට ඉහළින් ඇති තේවත්තෙත් සිටින ඌරන් ඇවිත් අල ගලවා දමනු ඇතැයි යන භිය නිසා.. කොහොම හරි අල හිටවපු දවසේම කටුමැටි ගහලා  මානං වහලා පොඩි පැල් කොටයකුත් හැදුවා ...ඊට පස්සේ පැලේ නිදා ගන්න ගෙදර තිබුණු මුත්තාගේ ලණු ඇඳ ගිහින් තිබ්බා ..

පල්ලැහැ වත්තේ පැල් රැකීම 

කිරිඔරුවේ ගම මැද වගේ නෙවෙයි අපේ ගෙවල් තිබ්බ මාරබැද්දේ කඳු මුදුනේ ඒ කාලේ කව් රුවත් එළවළු හැදුවේ නෑ .. අපි පටන් ගත්තට පස්සේ වත්තක් දෙකක් හැදුනත් මේ කියන කාලේ අහල පහළ කොහේවත් එළවළු වගාවක් කෙරුණේ නෑ.
ඔන්න අපි පල්ලැහැවත්තේ ගොඩ අල හිටවලා (මෙහෙම වත්තක හිටවන අර්තාපල් වලට ඒ කාලේ කියන්නේ ගොඩ අල කියලා .. මේවාගෙන් තමයි ඊලඟ කන්නයේ කුඹුරේ හිටවන්න බීජ අල හදාගන්නේ කුඹුරේ හිටවන අල වලට කියන්නේ මඩ අල , ඒවායින් ආයිත් බීජ අල ගන්න බෑ ) පැල් රකින්න යන්න ලෑස්තිය.

මුල්ම දවසේ ගියේ තාත්තයි මමයි  . අම්මා අපට ගෙනියන්න තේ, කොළ සීනී , බිස්කට් එහෙම දාපු මල්ලක් හදලා දුන්නා.
ගෙදර ඉඳලා පල්ලහැවත්තට වැඩිදුරක් නෑ .. එහා ගෙදරයි .. ඊටත් එහායින් තියෙන රාජලා ගෙදරයි පහු කරාම එන්නේ අපේ පල්ලැහැවත්ත .. හැබැයි පල්ලැහැ වත්ත අනෙක් පැත්තෙන් මායිම් වෙන්නේ ජලරක්ෂිත කැලේකට .. ඒ කැලේ අවුරුදු තිස්ගණනකට පස්සෙත් තාමත් ඉතුරුවෙලා තියෙනවා..

අපි පැලේ යනකොට වෙලාව රෑ අටට විතර ඇති ..තාත්තයි මායි පැළට ගිහිල්ලා එළියේ ලාම්පුවක් එල්ලුවා ඌරො භයවෙන්න .. තවත් ලාම්පුවක් එල්ලුවා අල හදපු කෑල්ල මැද්දේ.. ඊට පස්සේ පැලේ එළියේ තිබුණ කෑල්ලේ හොඳ ගිණි මැලයක් ගැහැව්වා.. දැන් තාත්තා අර ලණු ඇඳේ දිගාවෙලා ඉන්නවා .. මම එළියේ ගිනි මැලයට දර දදා ඉන්නවා ඔය අතරේ මට සිංදුවක් දෙකක් කිව්වා නම්  හොඳයි  කියලා හිතුණා...මම පැල අයිනේ තිබුණ පරණ  මල් බාල්දි කෑල්ලක් හොයා ගත්තා පොඩි කෝටු කෑලි දෙකක් දෑතට  අරන් වැඩේ පටන් ගත්තා .. මුලින්ම .. ගෝවේ .... ගෝවේ ගෑණු පරාදයි... කියන එක තමයි කිව්වේ .. මල් බාල්දියට තඩි බබා.  ඊට අමතරව ඒ කාලේ මම කියන සිංදු තමයි "බැරිබර  කරේ තියන්", "කවාලා විලඳ ජාතී..."  වගේ සිංදු ... 

මගේ සංගීතය  යන අතරේ පැල ඇතුලේ ඉන්නා තාත්තා සැරින් සැරේ... "හුයි.. අ..හුයි"  කියමින් ඌරෝ එලවනවා...

මෙහෙම ටික වෙලාවක් යද්දී පැලට උඩ පැත්තෙන් සද්දයක් එනවා.. ඒ හරියේ තියෙන අසල්වැසි  ගෙවල්වල මිනිස්සු යන පාර හරියෙන් ... "මාමා .. මාමා දොරේ මාමා".... මමත් සංගීත සාජ්ජය නවත්වලා අහගෙන ඉන්නවා.. තාත්තා නින්දත් නොනින්දත් අතරද කොහෙද ..දැන් ඒ කටහඬ මට කතා කරනවා "චූටි මල්ලී ...චූටි මල්ලී" ... මම පැල ඇතුළට  ගිහින්තාත්තව කූද්දනවා.. "තාත්තා... තාත්තා ....කවුද ගෑණුකෙනෙක් කතාකරනවා උඩ පැත්තෙන් මට හිතෙන්නේ උඩහ  ගෙදර මල්ලිකා අක්කා"
... තාත්තත් නැඟිටලා "කවුද? කවුද? "කියමින් හඬ එන පැත්තට ගියා  අපි දෙන්නම .. තාත්තගේ අතේ ටෝච් එක. "

"ආ මේ මල්ලිකා දුවනේ.. ?"
කතා කල කෙනා හඳුනා ගත් තාත්තා කියනවා.. "

"මාමලා පැල් රකින්න ඇවිත් ඉන්නවා ඇහිලා තේ එකක් හදාගෙන ආවා මාමා "

මල්ලිකා අක්කා අපට තේ  අරන් ඇවිත් ....

Friday, 13 September 2019

ද වීඕජී සීන් ... පීවී ටුමෝරෝ.. (වෛද්‍ය සාෆීගේ කතාවට ඌණපූරණයක්)

වෛද්ය සාෆී
ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්රසිද්ධ යැයි මත පලව
වෛද්‍ය සාෆී ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්‍රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්‍රසිද්ධ ‍යැයි මත පලවුණු  මේ වෛද්‍යවරයා හිතාමතා ඇළුත උපන් දරුවෙකුගේ කකුලක් කැපු බව තවත්ප්‍රසිද්ධ  ආගමික දේශපාලන චරිතයක් විසින් සමාජගත කරමින් තිබුණි.  සිසේරියන් සැත්කමක් කරද්දී එවෙලේ උපදින බිලිඳාගේ කකුලේ කැපුමක් අතිකරේ සාෆී පමණැක් නොවේ එසේ කරන්නට ප්‍රසිද්ධ වී සිටි වීඕජී තුමෙක්  ගැනයි මේ කථාව..
"ඩොක්ටර් ඔන්න ඩොක්ටර්ගේ තෑග්ග"
 මලක් වැනි රෝසම රෝස පාට බිලිඳියක් කොළපාට රෙදි ගොඩකින් ඔතා ම අසළ ට්‍රොලිය මතින් තැබුවේ තියෙටර් සිස්ටර් විසිනි. මම උඩ බිම බැලුවේ අනුන්ගේ ළමයෙක් මට තෑග්ගක් ලෙස දෙන්න හේතුව කුමක්දයි යන විමතිය මගේ දෑසින් පළකරමිනි. "ඇයි සිස්ටර් මට තෑග්ගක් උදේ පාන්දරම ?  "විමතිය සඟවමින් ප්‍රශ්න කළෙමි.. නෑ සර් අතින් මේ බබාගේ කකුල කැපුණා ඒකට ස්ටිච් එකක් දාන්න ... "උපන් හැටියේ ළමයෙකුගේ කකුලට මැහුම් දාන්න ?" මම වික්ෂිප්ත වූයේ  දෙමව්පියන් මොනවා නොසිතයිද ඉපදෙනකොටම  කකුල කැපුණම ? යන ගැටළුවද  මා සිත තුළ දෝංකාර දුන් නිසාය.. "ඩොක්ටර් අදද මේක දැක්කේ ? අපි නම් සෑහෙන්න වාරයක් දැකලා තියෙනවා සර් කළබලෙන් සීසර් එක කරද්දි සමහර බබාලගේ අත පය කැපෙනවා.. "මා වෙත  මැහුම් දාන්නට අවශ්‍ය උපකරණ ගෙනැත් දෙන අතරරේ සිස්ටර් කියයි.

. වීඕජී  තුමා සහ එස් එච් ඕ කෙනෙක් තියෙටර් ටේබල් එකේ වැඩය දෙන්නාම ආර්ය සිංහල වාසගම් සහිත වෛද්‍යවරු දෙදෙනෙකි .. ඔවුන්ගේ ඉන්ටර්න් වූ මම අපේ බොස් අතින් කැපුණු ළමයාගේ කකුලට මැහුමක් දැම්මෙමි, මව සහ අළුත උපන් බිලිඳියද සිංහල  බව මගේ මතකය පවසයි. ඒ කෙසේ වෙතත්මෙළොව එළිය දුටු මොහොතේම  මැහුම් දැමීමක් සිදුවූ ඓතිහාසික බිලිඳුන් අතරට  ඇයද එක්වන්නට ඇත.

සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි.  මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා  නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"
සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි.  මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා  නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"කුලක් කැපු බව තවත්ප්රසිද්ධ ආගමික දේශපාලන චරිතයක්

Friday, 23 August 2019

එක හීනෙන් එළිවුණු ඇල්ල රොක් සිහිනය


සතියේ වැඩ ඉවර වෙලා ගෙදර ආවා හයට හය හමාරට විතර. බිරිඳත් එක්ක සතියේ විස්තර සාකච්චා වෙද්දි ඇල්ල රොක් ගිණි ගැනීම , ලංකාවේ දේශපාලන තත්ත්වය අපේ යාළුවන්ගේ අදහස් සිරිසේන මොනවා කරයිද? ඔන්න ඕවා තමයි කථා කරේ . එයා දෙවැනි ඉනිම බලද්දී ධර්මප්‍රිය ඩයස්ගේ දක්ෂ කම් ගැන කිය කියා හිටි මම ආපහු මගේ කාමරයට ගිහින් මුහුණු පොතේ සැරිසරණවා .

තව ටිකක් රෑ වෙලා ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් කෙටි පණිවිඩ එවනවා  ආධාර රැස් කිරීමේ ලන්ච් එකක් ගැන (ඔයත් එන්න බලන්න පුළුවන්නම් පුතාගේ චිත්‍රයකුත් ගේන්න අපේ වෙන්දේසියට තියන්න)
  මම: " ඔයා දන්නවද ඔය කට්ටිය ගියපාර එකතු කරලා  යවපු රෝහල් උපකරණ ඔක්කොම රේගුවේදිම විනාශ කරනවා කියලා ?"
"  අම්මෝ ඔයාට කොහොමද ඒ ගැන දන්නේ ? "
"මට මිනිස්ට්‍රියෙන් තොරතුරු එනවා "
".. අය්යෝ ඔය වැඩේට මම මහන්සි වෙච්ච තරමක් . මේ වෙලාවේ ඔයාට කරදර කරාට කණගාටුයි  අපි හෙට කථා කරමු ඔය ගැන".  ( මේ වෙලාවෙත් ලංකාවෙ වැඩ කෙරෙන හැටි , දේශපාලනය  වැඩ වලට බලපාන හැටි  මෙකී නොකී කුණු කන්දල් මගේ ඔළුවට එනව ස්වභාවයෙන්ම)

ඔය කතා බස්  පණිවිඩ හුවමාරු එහෙම ඉවරවෙලා  කොහොම හරි නින්දට වැටුණා කියමුකෝ .



ඔන්න සාගර රත්නායක මම  සුසිල්  විජේරත්න රෝහණ   වණසිංහ, සුජිත් රත්නායක ඇතුළු කොල්ලෝ රෑණක් ඇල්ල රොක් නඟින්න යනවා( මේ කට්ටිය තමයි මාත් එක්ක එකට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙඩිසින් තේරුණේ). ටික වෙලාවක් යද්දී කොල්ලෝ රෑණ මට මඟ හැරෙනවා . මම එයාලට වඩා ටිකක් පහුවෙලා එන්නේ   කොහොම හරි මුං ටික අල්ලනවා කියලා මමත් හය්යෙන් හය්යෙන් කිතල් ඇල්ල පැත්තේ ඇල්ල රොක් බලා යනවා.


පුදුමෙකට වගේ මගේ ලඟ හොඳ මොබයිල් ෆෝන් එකකුත් තියෙනවා.. ඔන්න දැන්න ඇල්ල රොක් පැත්තට යන්න ඕනි පාර දෙකට බෙදෙනවා එක පැත්තක් ( වම ,පුළුල් එහෙත් නොගැඹුරු ඔයක් හරහා එගොඩවෙලා යන්න ඕනේ) මේ වැඩේට මට සපත්තු මේස් එහෙම ගලවලා අතට ගන්නවෙනවා . කළිසමේ කකුලුත් නමන්න වෙනවා .. අනික් පැත්ත වියළි ගිරිදුර්ග සහිත පාරක් .. මම එතැන ඉන්න ගම්වැසියෙක් ගෙන් අහනවා "මෙහෙම මහත්තුරු කට්ටියක ආවා කොයි පැත්තෙන්ද යන්න ඇත්තේ?  කියලා . සාගරලා වමට ගිය බව තමයි ඔහු හඟවන්නේ . මමත් වමට හැරිලා ඔයෙනුත් එගොඩවෙලා ආපහු ඇල්ල රොක් බලා යනවා .

ටික දුරක් යද්දී මට ඇලකණ්ඩියක් උඩින් යන්න වෙනවා . තවමත් සාගරලා නෑ.. දැන් මම සෑහෙන්න කළබල වෙලා එයාලාගේ නම් මොබයිල් එකේ  හොයන්න උත්සාහා කරනවා "රත්නායක සාගර , රත්නායක සුජිත්" එකක් වත් එන්නේ නෑ .. අහළ පහළ් ඉන්න මිනිස්සුත් මා දිහා බලනවා.

මේ අතරේ අපේ ලසිත් ගේ වගේම චිත්‍රයක් මට විකුණන්න හදනවා එක්කෙනෙක් .. මම අර මහත්තුරු කොහෙද අහ අහා දඟලනවා..

දැන් මට වෙහෙසයි ඒ වගේම  භයයි  කන්ද උඩට යන්න හදනවා හදනවා යැවෙන්නේ නෑ .. සාගරලා පේන තෙක් මානෙක ඇත්තෙත් නෑ මොබයිල් එකේ එයාලගේ නම් වදින්නෙත් නෑ .ඔහොම අතරමං වෙලා ඉද්දි එකපාරම අපේ අම්මා මතුවෙනවා

සාගර ලා එහෙම හොයාගන්න බැරුව ඇල්ල රොක් එකේ අතරමං වෙලා ඉද්දි පිහිටට එන්නේ අපේ අම්මයි අය්යයි . මුලින්ම අම්මා පුදුමයි එයා අතෙත් මොබයිල් ෆෝන් එකක් තියෙන්න ව පොඩ්ඩක් හිටපන් ආ මේ තියෙන්නෙ නොම්බරේ .. රත්නායක ඔන්න ලියාගනින් අම්ම කියනවා.


අම්මත් එක්ක මම ඇල්ල රොක් එකේ පහළට එද්දි මහ සෙනඟක් කොල්ලෝ කෙල්ලෝ , ලොකු පොඩි හැමෝම ඇල්ල රොක් එක නගින්න එනවා

ඒ අතරේම අම්මා වැද්ගත්ම ප්‍රශ්නේ මගෙන් අහනවා .. සාගරයලා එක්ක කෙල්ලොත් හිටියද ? පිස්සුද අම්මා කොල්ලෝ ටික විතරයි ..

අම්ම මාව පල්ලෙහාට අරන් එද්දී ඇල්ල් ප්‍රදේශයේ තියෙන ගෙයක් ලඟින් අපි යනව පෙනෙනවා.  ඒ ගෙදර ජනේලෙන් පෙනෙන රූපවාහිනී තිරයේ මුස්ලිම් පල්ලියක දර්ශනයක් තමයි තියෙන්නේ ඒකේ මහා හය්යෙන් "අල්ලාහ් අක්බර්" කියලා අර පැය කිහිපයකට වතාවක් ආගම කියන එක යනවා මේ අතරේ රැවුළත් වවාගත්තු අපේ බැචෙක් මටත් අත වනාගෙන ඇවිත් සිමෙන්තියේ දණ ගහගෙන යාතිකා කරනවා..

ඔන්න ඒත් එක්කම අල්ලපු කාමරෙන් ( ඒ ගෙදරම ) "යංකිච්චි විත්තං ඉධවා හුරංවා"  කියලා අර සද්දෙටම සමාන හඬකින් ගුවන්විදුළි යන්ත්‍රයක හඬ ඇහෙනවා  . ඔය අතරේ අපේතවත් බැචෙක්  කතාකරනවා ඇහෙනවා " මොනවද ඔය හ්තලා ගගා කියන කුණුහරුප ? කියා උස් හඬින් හිනාවෙන ගමන්


ටික වෙලාවක් යද්දි මම ලෙඩ වෙලා  ඒ අතරේ අම්මගේ උදව්වට අපේ අය්යත් ඇවිත් (හැමදාම වගෙ එදත් අපේ අය්යගේ වධානය යොමුවෙනවා මම ලෙඩ වුණාම ).
ඔන්න දැන්  අය්යයි අම්මයි මාව රෝදපුටුවක තියන තල්ලු කරන් යනවා. ටික දුරක් යද්දි රෝද පුටුවම ටොයිලට් එකකුත් වෙනවා.
 ටික වෙලාවකින් මහජන වැසිකිළියක බිම කහපාට පැල්ලම් දැක දැක මම හිරිකිතේ ඉන්න බැරුව රෝද පුටුවෙන් යනවා (මගේ කකුල් දෙකේ සෙරෙප්පුත් නෑ).. එක පාරම ඇහැ ඇරිලා බලද්දි මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ කාමරේ ජනේලෙන් එළියේ කුරුල්ලෝ සිංදු කියන සද්දේ ඇහෙනවා.

අවසානයේ වම් පැත්තෙන් ගිය මම අතරමං වෙලා එක්කන්  එන්නේ අම්මයි අය්යයි .. අපේ යාළුවෝ ගියෙ වමෙන්ද දකුණෙන්ද  ගියාද නැද්ද ආපහු ආවද මොකුත් පැහැදිළි නෑ  .. ආගම් දෙකකට අධිකව ආදරේ කරන අපේ බැචාලා දෙන්නෙක් ( ඔබ අපි කවුරුත් හොඳින් හඳුනන ) එකම ගෙදරක ඉන්නවා .. මම ලංකාව , යාළුවෝ, පරිසරය , නෑදෑයෝ , ජාතිය , ආගම දේශපාලනය සියල්ල එකට කැටිවුණු හීනයක් දැකලා අවධිවෙනව. මගේ හීනේ  සත්‍ය තත්ත්වයට කොච්චර සමීපද කියලා හිතා බලන එක ඔබ සැමට භාරයි

Sunday, 18 August 2019

ඈ කටකාරී .... ඈ හැඩකාරී..

 ඈ කටකාරී .... ඈ හැඩකාරී..


අපිට පරිවාස භාරයට යන්න බෑ . අම්මයි තාත්තයි එක්ක ලුණුයි බතුයි කාලා හරි අපිට එකටයි ඉන්න ඕනේ.. ශ්රී ලංකාවේ ප්රසිද්ධ රූපවාහිනි නාලිකාවක බණ්ඩාරවෙල වාර්තාකරු ඉදිරියේ ඇය තම අදහස ඉදිරිපත් කලේ එලෙසිණි . අනතුරුව ගතවූ දින කිහිපයේදී අපි අපේ බණ්ඩාරවෙල හිතවතුන් හරහා ඇයගේ පවුළේ විස්තර හොයන්නට ගත්තෙමු. අවසානයේ ඇයත් මල්ලිලා තුන්දෙනත් අම්මත් තාත්තත් එකට ගුළිවී එක ඇඳක මෝඩ ගඩොලින් තැනූ තනි කාමරයක සිටින කාලය අවසන් වන බව ඇයට දැනගන්නට ලැබිණි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුළේ දියුණුව වෙනුවෙන් ගැනෙන්නට නියමිත වෙනත් පියවරවල් ද ඈ හට දැනගන්නට ලැබී තිබුණි. වෙනදා අම්මා හා තාත්තට එන දුරකථන ඇමතුමට ඊයේ ඇය උත්තර දෙන්නේ අහම්බයකිනි.
"හෙලෝ කව්ද කථා කරන්නේ?"
" හෙලෝ අම්මා හරි තාත්තා හරි නැද්ද?"
" අංකල් අම්මා මේ ලඟ කඩේට ගියා බඩු ගේන්න තාත්තා නම් වැඩකට ගියා, උදේම. අම්මා තව ටිකකින් එයි එතකොට කථා කරන්න "
".. හරි හරි පුතා ඔයා මම කව්ද කියලා දන්නවද?"
"අම්මලා කියලා තියෙනවා අපිට උදව්කරන මාමලා කට්ටියක් කියලා "
".. පුතා ඔයාගේ නම මොකක්ද?"
" බී සමෘධිකා "
" වයසකීයද? ඉස්කෝලේ කීයේ පන්තියෙද ඉන්නේ? .."
" මට එකොලහයි ඉන්නේ හයේ පංතියේ ."
". ශිෂ්යත්වේ ට මොකද වුණේ පුතා ? "
"මට ලකුණුඑකසිය තුනයිනේ තිබ්බේ අංකල් ."
". ඔයා මොනවගේ කෙනෙක් වෙන්නද කැමැති ?"
" ටීච කෙනෙක් වෙන්න"
" .. හරි හරි පුතා ටීච කෙනෙක් වෙන්න ශිෂ්යත්වේ පාස්වෙන්නම ඕනේ නෑ දැන් ඉඳලාම හොඳට පාඩම් කරොත් පුළුවන්.. මල්ලී කීයෙද ඉන්නේ? ""එයා දෙකේ , එයා නම් ටිකක් දඟයි.. "
"ඒක නෙවෙයි ඔයා නේද ටීවී එකේ මාමලා ආවම අම්මලා දාලා යන්න බෑ කියලා ඇඬුවේ? "
"ආහ් ඔව් ඔව් ඉතිං සමෘද්ධි නෝනා එහෙම කිව්වම මට භය හිතුනනේ?"
"ඒක නෙවෙයි තාත්තා බොනව නේද?"
" ඉස්සර බිව්වා දැන් බොන්නේ නෑ. ගේ හදලා දෙනවා කිව්ව දවසේ ඉඳන් තාත්තා බීලා එන්නේ නෑ ."
" ඒ කාලේ තාත්තා අම්මට ඔයාලට එහෙම බීලා ඇවිල්ලා කරදර කරාද?" " නෑ එහෙමටම නෑ .. "
"අම්මට එහෙම ගහන්න හැදුවද?"
" නෑ එච්චරම කළබල කරේ නෑ . එයාට අපිට ඉන්න ගෙයක් හදාගන්න බැරිකම ගැනම තමයි කිය කියා හිටියේ.. "
මේ අවුරුදු එකොළහක කෙල්ලෙකි . ගෙදර වැඩිමහළු ගැහැණු ළමයා ඇයයි . අවුරුදු තිස්දෙකක් වූ තරුණ බිරිඳත් සමඟ එකම කාමරයකින් යුතු නිවසක කුඩා දරුදැරියන් හත්ර දෙනෙකු සමඟ වෙසෙනා දිනපතා කුලී වැඩ කරනා තිස් හය හැවිරිදි මිනිසෙකුගේ සිතැඟි තේරුම් ගන්න බලමු. මේ තියෙන්නේ ගෘහස්ථ හිංසනයට අවශ්ය සියළුම අඩුම කුඩුමය . සමාජයක් ලෙස අප මේ දරු දැරියන්ට අසාධාරණයක් කරන්නේ කොතැනද බලන්න.
"ඔයා අපි කරන්න යන්නේ මොකක්ද කියලා දන්නවද? "
"ඔව් අපිට සල්ලි හොයාගන්න ක්රමයක් හදලා දෙන්න යනවා කියලානේ අම්මා කිව්වේ? "
"අන්න හරි ... ඔයාලාට දැන් පොත් පත් එහෙම තියෙනවද? "
"ඔව් .. ඊයේ පෙරේදා ගොඩක් කට්ටිය ගෙනැත් දුන්න නේ? '
"එහෙනම් ආයේ පොත් පත් වැඩියේ ඕනේ නෑ? "
"ඔව් ඕනේ නෑ.."
" හරි එහෙනම් ඔයා දැන් කැමැති මොනවා වෙනවටද? "
"අපේ ගේ හදාගෙන අම්මාට මොකක් හරි සල්ලි හොයාගන්න ක්රමයකුත් ලැබෙනවානම් හරි .. "
සමෘධිකා .. ඈ කටකාරියකි .. එමෙන්ම හැඩකාරියක්ද බවට මට ඔවුන්ගේ නිවස බලා ගිය අපේ හිතවතා එවූ චායාරූප සාක්ෂි දරයි..
මම අප ඔවුන් වෙනුවෙන් කරන්නට යනදේ වෙනුවෙන් සියයට දෙසීයක් කැපවෙන්නට තීරණය කළෙමි ( විස්තර පසුවට )