Sunday 18 August 2019

ඈ කටකාරී .... ඈ හැඩකාරී..

 ඈ කටකාරී .... ඈ හැඩකාරී..


අපිට පරිවාස භාරයට යන්න බෑ . අම්මයි තාත්තයි එක්ක ලුණුයි බතුයි කාලා හරි අපිට එකටයි ඉන්න ඕනේ.. ශ්රී ලංකාවේ ප්රසිද්ධ රූපවාහිනි නාලිකාවක බණ්ඩාරවෙල වාර්තාකරු ඉදිරියේ ඇය තම අදහස ඉදිරිපත් කලේ එලෙසිණි . අනතුරුව ගතවූ දින කිහිපයේදී අපි අපේ බණ්ඩාරවෙල හිතවතුන් හරහා ඇයගේ පවුළේ විස්තර හොයන්නට ගත්තෙමු. අවසානයේ ඇයත් මල්ලිලා තුන්දෙනත් අම්මත් තාත්තත් එකට ගුළිවී එක ඇඳක මෝඩ ගඩොලින් තැනූ තනි කාමරයක සිටින කාලය අවසන් වන බව ඇයට දැනගන්නට ලැබිණි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුළේ දියුණුව වෙනුවෙන් ගැනෙන්නට නියමිත වෙනත් පියවරවල් ද ඈ හට දැනගන්නට ලැබී තිබුණි. වෙනදා අම්මා හා තාත්තට එන දුරකථන ඇමතුමට ඊයේ ඇය උත්තර දෙන්නේ අහම්බයකිනි.
"හෙලෝ කව්ද කථා කරන්නේ?"
" හෙලෝ අම්මා හරි තාත්තා හරි නැද්ද?"
" අංකල් අම්මා මේ ලඟ කඩේට ගියා බඩු ගේන්න තාත්තා නම් වැඩකට ගියා, උදේම. අම්මා තව ටිකකින් එයි එතකොට කථා කරන්න "
".. හරි හරි පුතා ඔයා මම කව්ද කියලා දන්නවද?"
"අම්මලා කියලා තියෙනවා අපිට උදව්කරන මාමලා කට්ටියක් කියලා "
".. පුතා ඔයාගේ නම මොකක්ද?"
" බී සමෘධිකා "
" වයසකීයද? ඉස්කෝලේ කීයේ පන්තියෙද ඉන්නේ? .."
" මට එකොලහයි ඉන්නේ හයේ පංතියේ ."
". ශිෂ්යත්වේ ට මොකද වුණේ පුතා ? "
"මට ලකුණුඑකසිය තුනයිනේ තිබ්බේ අංකල් ."
". ඔයා මොනවගේ කෙනෙක් වෙන්නද කැමැති ?"
" ටීච කෙනෙක් වෙන්න"
" .. හරි හරි පුතා ටීච කෙනෙක් වෙන්න ශිෂ්යත්වේ පාස්වෙන්නම ඕනේ නෑ දැන් ඉඳලාම හොඳට පාඩම් කරොත් පුළුවන්.. මල්ලී කීයෙද ඉන්නේ? ""එයා දෙකේ , එයා නම් ටිකක් දඟයි.. "
"ඒක නෙවෙයි ඔයා නේද ටීවී එකේ මාමලා ආවම අම්මලා දාලා යන්න බෑ කියලා ඇඬුවේ? "
"ආහ් ඔව් ඔව් ඉතිං සමෘද්ධි නෝනා එහෙම කිව්වම මට භය හිතුනනේ?"
"ඒක නෙවෙයි තාත්තා බොනව නේද?"
" ඉස්සර බිව්වා දැන් බොන්නේ නෑ. ගේ හදලා දෙනවා කිව්ව දවසේ ඉඳන් තාත්තා බීලා එන්නේ නෑ ."
" ඒ කාලේ තාත්තා අම්මට ඔයාලට එහෙම බීලා ඇවිල්ලා කරදර කරාද?" " නෑ එහෙමටම නෑ .. "
"අම්මට එහෙම ගහන්න හැදුවද?"
" නෑ එච්චරම කළබල කරේ නෑ . එයාට අපිට ඉන්න ගෙයක් හදාගන්න බැරිකම ගැනම තමයි කිය කියා හිටියේ.. "
මේ අවුරුදු එකොළහක කෙල්ලෙකි . ගෙදර වැඩිමහළු ගැහැණු ළමයා ඇයයි . අවුරුදු තිස්දෙකක් වූ තරුණ බිරිඳත් සමඟ එකම කාමරයකින් යුතු නිවසක කුඩා දරුදැරියන් හත්ර දෙනෙකු සමඟ වෙසෙනා දිනපතා කුලී වැඩ කරනා තිස් හය හැවිරිදි මිනිසෙකුගේ සිතැඟි තේරුම් ගන්න බලමු. මේ තියෙන්නේ ගෘහස්ථ හිංසනයට අවශ්ය සියළුම අඩුම කුඩුමය . සමාජයක් ලෙස අප මේ දරු දැරියන්ට අසාධාරණයක් කරන්නේ කොතැනද බලන්න.
"ඔයා අපි කරන්න යන්නේ මොකක්ද කියලා දන්නවද? "
"ඔව් අපිට සල්ලි හොයාගන්න ක්රමයක් හදලා දෙන්න යනවා කියලානේ අම්මා කිව්වේ? "
"අන්න හරි ... ඔයාලාට දැන් පොත් පත් එහෙම තියෙනවද? "
"ඔව් .. ඊයේ පෙරේදා ගොඩක් කට්ටිය ගෙනැත් දුන්න නේ? '
"එහෙනම් ආයේ පොත් පත් වැඩියේ ඕනේ නෑ? "
"ඔව් ඕනේ නෑ.."
" හරි එහෙනම් ඔයා දැන් කැමැති මොනවා වෙනවටද? "
"අපේ ගේ හදාගෙන අම්මාට මොකක් හරි සල්ලි හොයාගන්න ක්රමයකුත් ලැබෙනවානම් හරි .. "
සමෘධිකා .. ඈ කටකාරියකි .. එමෙන්ම හැඩකාරියක්ද බවට මට ඔවුන්ගේ නිවස බලා ගිය අපේ හිතවතා එවූ චායාරූප සාක්ෂි දරයි..
මම අප ඔවුන් වෙනුවෙන් කරන්නට යනදේ වෙනුවෙන් සියයට දෙසීයක් කැපවෙන්නට තීරණය කළෙමි ( විස්තර පසුවට )

3 comments:

  1. මේ අයගේ නිවස හදන්න පටන්ගත්තා අද (02/11/2020).. ස්වයං රැකියා වැඩේ ටිකක් පස්සට දාලා

    ReplyDelete
  2. අත්තිවාරම් කපලා කොන්ක්‍රීට් දානවා මේ දවස්වල

    ReplyDelete
  3. 2021 ජනවාරි මාසේ පළමුවෙනිදා මේ කුඩාළමයින් හතරදෙනයි , අම්මයි තාත්තායි අපේ සහ අපේ හිතවතුන්ගේ අනුග්‍රහයෙන් ඉදිවූ නව නිවසේ පදිංචියට යනවා.. පටන්ගෙන මාස දෙකක් ඇතුළත වැඩ නිමවූ කාමරදෙකක කොටසට පදිංචියට යන්නේ ඉතිරි කාමර දෙක එහි සිට හදාගන්නා බලාපොරොත්තුවෙන්

    ReplyDelete