Sunday 22 November 2020

අළකොළ මාළුවක් ( ව්‍යංජනයක් )/ඇඹුලක් හදන හැටි.

 


අවශ්ය ද්රව්ය : වෙළ් අළ කොල ලපටි දළු සහ දඬු , ගොරකා කෑළි කිහිපයක් , සුදුළුණු යහමින්, රතුළුණු , උම්බලකඩ ස්වල්පයක් , අබ , උළුහාල් , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු.. ගම්මිරිස්





මුළින්ම මැටි ඇතිළියක් ගෙන එහි වතුර උතුරන්නට තබා එයට මිරිස් , තුනපහ , කහ , සුදුළුණු , ගොරකා කැබැළි දෙක තුනක් ආදිය දමා වතුර උණුවෙන්න හරින්න
ඒ අතරේ අළකොළ දඬු සහ දළුවල පිටත සිවිය නියපොත්තෙන් කඩා බෝංචි වල නූල් හරින්නා වාගේ පිටත සිවිය ඉවත් කරන්න.. ඊට පසු අළකොළ දළු සහ දඬු හීනියට කපාගන්න.. එසේ කපා ගත් අලකොල නටන වතුර තිබෙන ඇතිළියට දාන්න..

කෙළින්ම කපලා උයන්නේ නැතිව දවසක් දෙකක් වට්ටියක දමා පවණේ වේලලත් අළකොළ උයන්න පුලුවන් . ඉස්සර අපේ ගෙදරට පල්ලැහැ ගෙදර ජීවත්වූ ජේන් අක්කා අළකොළ උයන්නේ එහෙම පවනේ වේලලා .

දැන් ලුණු ස්වල්පයක් ද එක්කර අලකොළ අර වතුරේ හොඳටම තැම්බෙන්න හරින්න .. අලකොළ උයද්දී හැන්ද ගහන්න එපා කියලා තමයි අපේ අම්මා කියන්නේ ඒ නිසා හැඳි ගෑමෙන් සම්පූර්ණයෙන්ම වලකින්න අළකොළ හොඳට බෙරිවෙන්න ඉදෙනකම්.. ඊට පස්සේ හොඳින් ඉදුනු අලකොල ටික භාජනයකට දාලා අර ඇතිළියට යහමින් පොල්තෙල්/ ඔලිව් තෙල් / සූර්යකාන්ත තෙල් ( ඕනෑම තෙල් වර්ගයක්) දාලා හොඳින් තලා ගත් සුදුළුණු. බික් කිහිපයක් සහ අබ ස්වල්පයක් දමා තෙල් හොඳට කරවූ පසු අර අළකොල ටික තෙලට දමන්න .. දැන් ඉතිං තියෙන්නේ බත් , රොටී හෝ පාන් එක්ක අළකොළ සප්පායම් වෙන්න තමයි..

ආ.. තව එකක් අළකොළ කාලා ඇල්වතුර බොන්න එපා කට කහන්න පුලුවන්, උණුවතුරම බොන්න

2 comments:

  1. ඉස්සර අම්ම ඒක්ක ව‌ෙල‌ෙන් කඩන් ඇවිත් හදනවා (දැන් නම් ව‌ෙල් වලින් ඒලවලු කනවට වඩා හොදයි කෘමිනාශක ටිකක් බ‌ොනවා) ලගදි දවසක් කෑගල්ල පයිපාස් පාරේ ස‌ෙට් උනා ප‌ොල් ර‌ොටී ඒක්ක (අම්ම හදපුවා තරම් නම් රස නෑ)

    ReplyDelete
    Replies
    1. මමත් කෑගල්ලේ ගියාම (ඉස්සර ) නිම්මිගේ අම්මාට කියලා උයාගන්නවා හොඳ අළකොළ ඇඹුලක් .. කෑගල්ලේ වෙල් වල ඇළවල් අයිනේ එහෙම ඕනේ තරම් ඔය වර්ග දෙකේම අළකොළ තියෙනවා . නුවර ඉද්දිත් හදවාගන්නවා දුමී අය්යගේ පොඩි කොරටුවේ හදලා තියෙන අළකොළ වලින්

      Delete