Follow by Email

Wednesday, 4 November 2015

වෙන්ඩ නැන්දම්මා හෙවත් අක්ක නැන්දා






ඒ 1990 වසරයි . මම ඒ දිනවල  උසස් පෙළ විභාගය අවසන් කර  ගෙදරට වී සිටියෙමි.  ඒ අතර සුපුරුදු පරිදි  වගා කටුයුතුත් දෙමළ ඉස්කෝලේ පංතියත් කරගෙන ගියෙමි.

මේ වන විට ගතවෙමින් තිබුනේ මගෙත්  ජයා නංගිගේත්  ඇයිහොඳයිකම්  හෙමින් හෙමින් දළුලා වැඩෙන  කාලයකි.

මේ කාලයේ කවිඳු- ජයංගනී ආදර අන්දරය  මල්දෙණිය අවට කාටත් රහසක් නොවීය.

එහෙත් පුදුමාකාර ලෙස අපේ අම්මා , තාත්තා ඇතුළු සොයුරු සොයුරියන් මේ ගැන  දන්නා වගක් වත්  මට  නොපෙන්වා සිටියහ.

ඇත්තෙන්ම   කියනවානම්  ඔවුන්  ඒ බවක්  මා වෙත නොහඟවා ඉන්නට උත්සහා ගත් බවක් පෙනෙන්නට තිබිණි.

කාලය මෙසේ ගලා යන  අතර අපේ බාලම නංගි නිම්මි  නිතර නිතර  ජයංගනී ලා ගේ ගෙදර යන්නට වුවාය.

ජයංගනී මෙන්ම අපේ නිම්මිත් ඒ දවස් වල ගියේ  අරලගංවිල සුජාතා බාලිකා එකටයි.

දිනක් එසේ ගොස් පැමිණි නිම්මි ඇයගේ ඇල්බම් එක මට දිගු කලේ " චුටි අය්යා මෙන්න මේක බලනවා "කියමිනි.

මම ඇයගේ චායා රුප පොත පෙරලමින් මේකේ මොනවා බලන්නද මම ..යැයි  සිතුවා පමණි.

මගේ දෑස්  ආදරයෙන් අන්ධ කල ඒ රූපය එක්වරම එහි දිස්වන්නට විය.

" නිම්මි තමුසෙට කොහෙන්ද මේක?"

මම විමසා සිටියේ ජයංගනී ගේ සහ ඇගේ හොඳම යෙහෙළියගේ  චායාරූපයක් නිම්මිගේ  ඇල්බමයේ  තිබෙනු දැකීමත් සමගයි.

" මම ඉල්ලනෙත් නැතුව ජයංගනී මට ඕක දුන්නා. මට දෙන මුවාවෙන් ඔයාට බලන්න තමයි ඕක දීල තියෙන්නේ"

"දැන් සද්ද නොකර ගිහින් ඕක තමන්ගේ පොතක් අස්සේ දාගන්නවා."

නිම්මි නංගි   තමා බළල් අතක් ලෙස භාවිතා කර ඇති බව වටහාගෙන මෙන් පැවසුවාය.

"මට ඕනෑ නෑ තමුන්ට දුන්න දේ තමුන් තියා ගන්නවා".  මම පැවසුවේ ජයංගනී ගැන මගේ එතරම් කැමැත්තක් නැති පරිද්දෙනි.

එහෙත් එදින රාත්‍රියේ  පාඩම් කරන අතර නිම්මි කිවූ පරිදිම ඒ ෆොටෝ එක මගේ පොත් මේසයට රැගෙන ආවෙමි.  ඒ ගෙනාවේ නිම්මිට හෝ වෙන කිසිවෙකුට හෝ නොපෙනෙන පරිද්දෙනි.
ජයංගනී විසින් මා ඇයගේ පින්තුරයක්  ඉල්ලා සිටි එකට ප්‍රතිචාර දක්වා ඇත. ඒ අරලගංවිල  සිල්වා ස්ටුඩියෝවට  ගොස්  ම වෙනුවෙන්ම  පින්තූරයක්  ගැනීම මගිනි.

 එය තනියෙන්  නොඉඳ  තම හොඳම යෙහෙළියත් සමග අරගෙන ඇත්තේ ආරක්‍ෂිත උපක්‍රමයක්  වශයෙනි.

මමද ජයංගනීට දෙන්නට චායා රූපයක්  ගත්තෙමි . ඒ අරලගංවිල  "සිරිල්ස්" ස්ටුඩියෝ වේදී  ගත්  කළු සුදු චායා රූපයකි.




සඳතැන්න විද්‍යාලයේ ස්වෙච්චා ගුරු සේවය



මේ අතර අපේ තාත්තා මට රස්සාවක් හොයා දෙන්නට සිතා ගෙන ඇති සෙයකි. 

" චුටි පුතා . කැමතිද සඳතැන්නේ ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වන්න.?"  " ඒකෙ විදුහල්පති විමලරත්න මහත්තයා මගේ යාළුවෙක්  , ඔයා  එහේට එවන්නම් කියලා මම කිව්වා ."

වගා කටුයුතු නිසා ගෙදරට වී නිකන් සිටියේ නැති වුවද අදහස හොඳ බැවින් මමද එයට  එකඟ වූයෙමි.

ස්වෙච්චා ගුරුවරුන්  ස්ථිර කරන්නට යන ආරංචිය අනුව තාත්තා මේ අදහසට පැමිණ තිබේ.  ඒ අනුව දිනපතා මගේ පාසැල් පැමිණීම විදුහල් පති ලවා අත්සන් කර ගන්නටද යෝජනා කෙරිණි.

අපේ ගෙදර සිට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටියේ වුවද ඒ වනතෙක්  මම සඳතැන්න ඉස්කෝලේ තියෙන තැනක් වත් දැන සිටියේ නැත.

" උදේට පල්ලැහැ විමලා ටීචර් ලාගේ ගේ ලඟට යන්න . එයත් යන්නේ ඒ ඉස්කෝලෙට තමයි."

තාත්තා කියන්නේ සඳතැන්නේ බාලාංශයට ඉගැන්වූ දියවල ළඟ ගෙදර විමලා වති  පුංචි ගැනයි.

විමලා පුංචි සමග ඉස්කෝලේට ලඟා වූයෙමි. විදුහල්පති තුමා ඉතා අහිංසක පෙනුමැති   කෙනෙකි. ඔහු මාව ගුරු  මන්ඩලයට හඳුන්වා දුන්නේය.

"මේ කවිඳු ජයසිංහ ,  අපේ මල්දෙනියේ නාමේගේ  පොඩි පුතා.   අර යෝධ ඇල  කලාප කාර්යාලයේ වැඩ කරන්නේ.. එයාගේ පුතා." විමලරත්න මහත්මා කිවේය,

"මේ පුතා ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාලේ  යයි"

" අය්යාත් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. "

  "අපේ මහත්තයලගේ  ළඟ නෑදෑයෝ  "

දියවලේ විමලාද තම කටහඬ අවදි කලාය. ඒ ඇයගේ දුර නෑදෑ කම ගැනද මතක් කරමිනි.

මේ අතර තුනේ පන්තියට උගන් වමින් සිටි හුරු පුරුදු ගතියක් පෙන්වූ මුහුණකි,

ඇය එක එල්ලේම අලුත් ගුරුතුමා හඳුනා ගන්නට ආවේ නැත.

 එහෙත් මා දෙස කිහිප වරක්ම හොරෙන් බලන බව දැක්කෙමි.

එහෙත් එවැනිම මුහුණක් හිමි යුවතියක්  සමග පෙමින් බැඳී සිටි මට ඇය හඳුනා ගැනීම අපහසු නොවීය.

ඒ මල්දෙනියේ සිට එන අනෙක් විමලාවතී ගුරුතුමියයි.

වෙන විදිහකින් කියනවා නම් මගේ  වෙන්ඩ නන්දම්මාය.  ගමේ කොල්ලන්ගේ භාෂාවෙන් නම්  "අක්ක නැන්දාය "

මට එක් වරම ජයංගනී ගේ සමරු පොතේ  මෑතකදී තැබූ සටහනක් මතක් විය.  ඒ සටහනේ  වචනයක් වචනයක්  පාසා විග්‍රහ කරමින් ජයා සමග සිනහසුන හැටි ද මතක් වෙයි.

මේ ඉන්නේ ඒ සටහන තැබූ මාතාවයි. එය ලියා තිබුනේ මේ  ආකාරයෙනි.


මල් තුනක් පිපී  ඇත
වෙලා ගෙන මගේ සිත
පණ මෙන්  සුරකිනා 

ඔබ ඉන් එකකි පොඩි දුවේ..

කුමක් දෝ බයක් ඇත
සිත් කොනක හැංගිලා....

නොතලන්න කිසිදාක 
මගේ සිත පොඩි දුවේ 
කරගන්න ඉගෙනීම 
මල්දමක් ලෙස ගෙලේ...


විමලා අක්කා  ඒ වන විටත් සිය බාල දියණිය මා සමග ගනු දෙනු කරන බව දැනගෙන සිටියාය.

එදා උදේ දියවල ළඟ විමලා සමග පාසැල් ගිය මා ආපසු ආවේ  කන්දේ ගෙදර විමලා ටීචර් සමගයි.

එමෙන්ම එදා සිට සඳ තැන්නේ ගිය හැම දිනකම වාගේ  මා ආවේ ගියේ  ඇය  පාසැල් ගිය පාරෙනි.





එහෙත් මුලදී ඇය තම දුව ගැන කිසිත් මා සමග කථා නොකර  සිටින්නට වග බලා ගත්තාය.

එක් දිනක් විමලා අක්කා මාතෘකාවට පිවිසුනාය.  ඒ මෙලෙසිනි.

මල්ලි " අපේ පොඩි දුව ඉස්සර හරි එකතුයි තාත්තා එක්ක .. හැබැයි ළඟක ඉඳලා එයා හරි වෙනස්"

දැන්  ඉස්සර වගේ තාත්තගේ කරේ එල්ලෙන්නේ එහෙම නෑ.. එයා.
" මොකක්  හරි ලොකු වෙනසක් වෙලා තියෙනවා "

මම එය විහිළුවකට ගන්නට උත්සහා කලේ කොක් හඬලා සිනාසෙන ගමන් ...

" ඉතින් අවුරුදු 14-15 ගෑනු ළමයි තාත්තලා කරේ එල්ලෙන්නේ නෑනේ  කොහොමත් " කියමිනි.

එහෙත් ඇය තම අදහසටම  පිවිසුනේ  " එහෙම නෙවෙයි.. මේ පොඩි ළමයා කවුරු හරි රවට්ටගෙන තියෙනවා"  .කියමින් හොරැහින්  මා දෙස බලමිනි.

" මොකද නිකන් මං දිහා හොරෙක් දිහා බලනවා වගේ බලන්නේ. හරියට මම වැරද්දක්  කරලා වගේ ?." මමත් විහිළුවෙන්ම ඇසුවෙමි.

"මට බොරු කරන්න  එපා මල්ලී . මේක දැන් මුළු ගමම දන්නවා ."

"මම තමයි වැරැද්ද කර ගත්තේ.....පංති යවනවා කියලා  ගින්දරයි පුළුනුයි  ලං කරලා"

ඇය මා ලවා සිද්ධිය ස්ථිර කර ගත්තේ එලෙසිනි.

තව සති කිහිපයකට පසු ඇය තම දියණියන් දෙදෙනා මගේත් සුගත් ගේත්  පංතියෙන් අස්කර  අරලගංවිල "සුදර්ශියට" දැම්මාය.

ඒ තව දුරටත් ගින්දර අසලින් පුළුන් තියන්නට අකමැති නිසාම  නොව  ගමේ හැමෝටම පෙනී පෙනී එසේ කරන්නට තිබු අකමැත්ත නිසාය.




19 comments:

  1. go forward. but don't write sad story. any way you can express it not a emotional way.. otherwise we feel sad...

    ReplyDelete
  2. surething machan.. next topic " wenda nadamma nisa siduwu abaddiya"

    ReplyDelete
  3. ඉක්මනට ඉතුරු ටික ලියාපං හරිද

    ReplyDelete
  4. ඉක්මනට ඉතුරු ටික ලියාපං හරිද

    ReplyDelete
    Replies
    1. ඉවසන්න .. ඉවසන්න .. අපේ රස්සාව කරන්නත් එපැයි.. ඒ මදිවාට තවම කියවලා තියෙන්නෙත් හැත්තෑ ගනනක්.. ඉක්මනින් ලියන්නම්..

      Delete
  5. කොමෙන්ට් නොකලට කියවනවා දිගටම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... අපේ මහන්සිය අපතේ යන්නේ නෑ.. කියලා දැනෙනවා කියවනවා කිව්වම..

      Delete
  6. නැංදම්ම වෙන්න ඉන්න උංදැට අක්කේ කියලා පස්සෙං පහු නැංදම්ම කියන්නේ කෝමදැ?
    හරිම සෝක් පෙංකතාව.

    ලියුංවලට සිංදු කෑලි හරහට දිගට ලිව්වෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒවායේ හැටි එහෙම තමයි. "විමලා" අක්කයි ජයරත්න අය්යයි දෙන්නම අපේ අම්මාට විමලා නැන්දා සහ තාත්තාට දොරේ මාමා / නාමරත්න මාමා කියලා තමයි කිව්වේ.. අදට උනත් මම ඒ දෙන්නට කතා කරන්නේ අක්කයි අය්යයි කියලා.. හැබැයි දුව තවමත් ජයංගනී නංගි.. අවාසනාවකට අපි ඉන්නේ රටවල් දෙකක වෙන වෙන පවුල් වල..

      Delete
    2. සිංදු කෑලි ලියුම් වල ලිව්වේ නෑ. . මගේ කලින් පොස්ට් වල තියෙන "බෙස්ට් සිලෙක්ෂන් " එක කියවන්න.. එහෙමයි අපි සිංදු යොදාගෙන පෙම් පණිවිඩ ගෙනිච්චේ..

      Delete
  7. මම හිතාගෙන හිටියේ කවිඳුවා කැම්පස් යනකම්ම පෙම් පලහිලව් තිබ්බේ නෑ කියලා..මොකද ඉස්කෝලෙදි අපි තරම් පෙමට බර නැති නිසා..ඔය චමින්දයයි සුරාජයයි එක්ක ඉඳපු එකෙක් පෙම් නොකර බේරෙන්නේ කොහොමද නේද?..ලියපං ලියපං ප්‍රියාදර බිරිඳ හමුවන තුරු පෙම් කතා කීපයක්ම කියවන්න ලැපබ්වා...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවනම් මේ පලහිලව්ව වටා පොතක් දෙකක්ම ලියන්න පුළුවන්.. වෙලාව ලැබෙන හැටියට ලියමු.. චමින්දලා තියා මමවත් නොහිතපු පැති වලට මේක ඇදිලා ගියා..

      Delete
  8. මම හිතාගෙන හිටියේ කවිඳුවා කැම්පස් යනකම්ම පෙම් පලහිලව් තිබ්බේ නෑ කියලා..මොකද ඉස්කෝලෙදි අපි තරම් පෙමට බර නැති නිසා..ඔය චමින්දයයි සුරාජයයි එක්ක ඉඳපු එකෙක් පෙම් නොකර බේරෙන්නේ කොහොමද නේද?..ලියපං ලියපං ප්‍රියාදර බිරිඳ හමුවන තුරු පෙම් කතා කීපයක්ම කියවන්න ලැපබ්වා...

    ReplyDelete
  9. මම හිතාගෙන හිටියේ කවිඳුවා කැම්පස් යනකම්ම පෙම් පලහිලව් තිබ්බේ නෑ කියලා..මොකද ඉස්කෝලෙදි අපි තරම් පෙමට බර නැති නිසා..ඔය චමින්දයයි සුරාජයයි එක්ක ඉඳපු එකෙක් පෙම් නොකර බේරෙන්නේ කොහොමද නේද?..ලියපං ලියපං ප්‍රියාදර බිරිඳ හමුවන තුරු පෙම් කතා කීපයක්ම කියවන්න ලැපබ්වා...

    ReplyDelete
  10. OMG ... Stopped at the most interesting place ... Waiting for the next episode....

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස දැම්මා.. මගේ 50 වෙනි පොස්ට් එක..

      http://helmalu.blogspot.com.au/2015/11/blog-post_9.html

      Delete
  11. Interesting...Waiting for next episode.

    ReplyDelete
  12. Interesting...Waiting for next episode.

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්මා .. ඊළඟ කොටස.. ඒ ඇත්තටම මගේ 50 වෙනි පොස්ට් එක..

      Delete