Saturday 31 October 2015

මා ලියු ප්‍රථම නිසදැස

අපි එතකොට සිටියේ අරලගංවිල මහා විද්‍යාලයේ 13  සී  පංතියේය.  උසස් පෙළ විභාගයට ඔන්න මෙන්න කියා තිබු කාලයකි.
පාසලේදි මෙන්ම  සමන් අය්යාගේ පංතියේදී නිතර හමුවන හිතවතෙකි  නාරද අමරසිංහ. නාරද ඒ කාලේ  79 වැලිකන්ද බසයේ ගමන් කල ප්‍රමුඛ සාමාජිකයෙකි.

දිනක් සමන් අය්යාගේ පංතියේ දී මාවෙත  පැමිණි නාරද.  " මචං කිටී.. මම උඹ හම්බවෙනකන් හිටියේ"

"ඇයි මචං මොකුත් ප්‍රශ්නයක් ද ?" මම ඇසුවේ නාරදයා ඒ  කාලේ මට එතරම් අවවාද දුන් කෙනක් නොවූ බැවිනි.

"මචං .. උඹ ඔයිට වඩා හොඳට ලියන්න පුළුවන් එකෙක්..  හොඳට හිතලා බලලා සමාජයට යමක් දෙන්න පුළුවන් දෙයක් ලියපන් බං" යැයි නාරද මට එක්වරම පැවසීය.

ටිකක් කල්පනා කර බැලුවෙමි. මොකක්ද  මම ලියපු හරි නැති දේ... මා කල වැරදි යැයි කිවහැකි  කිසිවක් මතකයට නොනැගේ.

"මොකක්ද මචං මම ලියපු හරි නැති එක ? "  බැරිම තැන නාරද ගෙන් ආපසු ඇසුවේ ඔහු අකමැති ලියවිල්ල ඔහුට අමතක නොවන නිසයි.

" මොනාද බන් උඹ ලියන බොලඳ කවි..? " ඔයිට වඩා හොඳ දෙයක් ලියපන්කෝ.."

නාරදයා කියාගෙන ගියේය.

ඒ වන විට ජයංගනී නංගි  සහ මගේ හාද කම් ගැන නාරද හාන්කවිසියක්  වත් දැනගැන හිටියේ නැත.

ඔහු මේ කියන්නේ මම " අපේ නංගි " වෙනුවෙන් ලියු පළමු නිසදැස් කාව්‍යය  " රැජින " පත්තරේ පලවී තිබු බව දැකීමෙන් පසුවයි.

මට මතක හැටියට එය ලියවී තිබුනේ මේ අයුරිණි.

" සඳේ  තනියට පුංචි තරුවක්
 ඈත  අහසේ පායලා...

හදේ  අඳුරට  සහන් එළියක්
 පහන් වැට සේ දැල්විලා...

 මා  පුබුදු කල පුංචි තරුවේ
 හද අහස් තල හිනැහිලා...

ඉතින් ඉන්නම් සදා මේ ලෙස

ඔබේ වත දැක සැනසිලා..."

නාරදට කේන්ති ගොස් තිබුනේ  1989-90 වකවානුවේ  උසස් පෙළ සිසුන්  වූ අපට මෙවැනි නිර්මාණ  කරනවාට වඩා කල හැකිව තිබු නිර්මාණ ගැන සිහි වීමෙන් විය යුතුය.

" හරි මචං .. මේක පලවෙනි එකනේ.. " මම ඇඟ බේරාගත්තේ  කවියේ නිමිත්ත කුමක්දැයි  නාරදයට  පැවසිමකින් තොරවයි.

කෙසේ වෙතත් මා එතෙක් මෙතෙක් ලියු එකම නිසදැස එයයි.

එයින් පසු කවි. නිසදැස්  හෝ එවැනි කිසිවක් නොලියන්නට මා සිතුවේ ඇයිදැයි  අදටත් හිතා ගත නොහැකිය.








9 comments:

  1. අපරාදෙ ...යාළුවා හැකියාව කාලා.වැරදි වැරදි තමයි හරි දේ කරන්න ඉගෙන ගන්න ඕන.දැන් වත් ලියන්න.

    ReplyDelete
  2. යාළුවා ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි... එයා ලංකාදීප.. සිළුමිණ පත්තර වල වැඩ කරා ඉස්කෝලෙන් අයින් වුනාට පස්සේ .. දැන්නම් එයා ලංකාවේ නෑ.. එයා හොඳ දක්ෂ ලියන්නෙක්... මම මනක්කල්පිත නමක් දාලා තියෙන්නේ එයාට..

    ReplyDelete
  3. ඔය යාළුවා...නාරද..එංගලන්තෙ ඉඳන් ලියන්නෙත් මාර නිසඳැස් නේ..පවත්නා දේශපාලනය නිර්දය ලෙස විවේචනය කළ කවි පන්තියක් මම කිවයව්වා මේ ලඟදි...

    ReplyDelete
  4. ඔවු .. ඔවු.. නාරද එහෙම තමයි.. " නිස්ශබ්ද බහුතරය " තමයි එයා නියෝජනය කරනවා කියන්නේ මං හිතන්නේ..

    ReplyDelete
  5. Mata nam hitha ganna puluvan.

    ReplyDelete
  6. අපූරු කවි හිතකටනේ යාලුවා නිසා අගුලු වැටිලා තියෙන්නේ . කවි ලියන්න වයස ප්‍රශ්නයක් නෑ . ආයෙම පටන් ගන්න

    ReplyDelete
  7. ලියන්න ඕනේ .. තව ටිකක් වයසට ගිහිල්ලා හරි.. යාළුවා නම් තවම කවි ලියනවා..

    ReplyDelete
  8. Replies
    1. බොහොම ස්තුතියි අජිත්....නෙළුම් යායෙන් දැකලා කට්ටිය එනවා අපේ පැත්තේ දැන්...

      Delete