අපේ හවස පාසැල් බස් විනෝදය ඔහුට මග හැරුණද උදේ පාන්දර බසයේ විනෝද සමයට හවුල් කාරයෙක් වන්නට චමින්ද පසුබට වුයේ නැත.
සිරිමල්වත්තේ ඉස්ටෝරුව ලගින් හරවන එකම බසය වූ බෙලගන්වැව බසය ඉන් පිටත්වන්නේ උදේ හයයි විස්සත් තිහත් අතර වෙලාවකයි.
උදේ හයයි කාල පමණ වනවිට තුන් යහළුවෝ සිරිමල්වත්තේ මල් ගහ යටට ලඟා වෙති. මැද පුරණේ සිට සිරිමල්වත්තට ඇතිදුර අපේ ගෙදර සිට ඇති දුරින් භාගයක් පමණ වේ.
එබැවින් ඒ බස් එක අල්ලන්නට නම් මා හට උදෑසනම හති දමමින් දුවගෙන එන්නට සිදුවේ. අවුල් වූ හිසින් මා එහි ලඟා වන විට බණ්ඩා සහ චමින්ද හිසේ කෙස් රැල්ලක් නොසෙල්වෙන පරිදි මොඩ් වී එහි රැඳී සිටිති.
බසයේ ඕනෑ තරම් සිට් තිබුනද කිසි දිනක අප එහි වාඩි වුයේ නැත. ලෙස්ලන්ඩ් එක පහුකරනවාත් සමගම ත්‍රි පුද්ගල කමිටුව ආසන අමතක කර බසයේ ඉදිරියට ඇදේ.
ඒ බස් එකේ යන නංගිලා කිහිප දෙනෙක් අසල අල්ලාප සල්ලාපයේ යෙදෙනු පිණිසයි.
බෙලගන්වැව බසයේ කවිඳුට හිතවත් නංගි කෙනෙක් මේ කාලයේ සිටියේ නැත. මේ බසයට අරක්ගෙන තිබුනේ බණ්ඩා - සීනි බනිස් ආදර අන්දරයත් චමින්ද- පුස් බනිස් කතාවත්ය.
ලෙස්ලන්ඩ් එක ලගින් එන පුස් බනිස්
සිරිමල්වත්තට පසුව බසය නතර කරන්නේ "ලෙස්ලන්ඩ් සුපර් සවුන්ඩ්ස් " එක ලඟයි. එතතින් බසයට ගොඩවන පැහැපත් එහෙත් හිසකේ ගසක් දෙකක් සුදුවී ඇති සිසුවියකි. ඇය යන්නේ අරලගංවිල බාලිකා දෙකෙන් එකක් වන පුදමු කුසුම් විද්‍යාලයටයි.
කිසියම් හේතුවක් නිසා චමින්ද විසින් ඇය ඔහුගේ නංගි ලෙස තෝරා ගෙන තිබුණි. "පුදමු කුසුම් නංගි" ලෙස අප විසින් මුලින් හැඳින්වූ ඇය කිසි දිනෙක අප තිදෙනාට සිනා සුනේ නැත.
ඔරවා ගෙන හෙවත් අපේ භාෂාවෙන් කිවොත් පුස් මුණ දාගෙන සිටීම ඇයගේ ගතියයි. අපේ විහිළු වලට ඔරවන ඇයගේ පුස් මුණ මට තවමත් මතකයට නගා ගත හැකිය. චමින්දටද එසේම විය යුතුය. ඇය ඔහු දෙස හෙලන්නේ දවා හළු කල හැකි වර්ගයේ බැල්මකි.
අපට මෙන් විහිළුවක් නොව බණ්ඩාටනම් ඇයව දිරවුයේම නැත.
එයට හේතුව ඒ වන විටත් බණ්ඩාගේ නංගි, දෝවේ සමන්ති හෙවත් "බනිස් " ඔහුට ලැදියාවක් පෙන්වා තිබිමයි.
බණ්ඩාට අනුව ලෙස්ලන්ඩ් නංගි ඕනෑවට වඩා වැඩිය ඉදිමි සිටියි.
"නංගි මොකද පුස් පාර්ට් " "ඇයි අපි කළුද?" යැයි දිනක් බණ්ඩා විසින් ඇයගෙන් අසනු ලැබුවේ මේ බෙලගන්වැව බසයේදිමය.
ඒ චමින්දට තිබු මිත්‍ර ප්‍රේමය නිසාම මිස බණ්ඩා වෙනුවෙන් හෝ මාවෙනුවෙන් හෝ නොවේ.
මේ කියමන " නංගි මොකද පුස් පාර්ට් " කියමින් අපේ සමරු පොත් වල පසු කාලයේදී ලියවිණි. ඒ චමින්දගේ අත් අකුරෙනි.
හිත හොඳකම නිසා බණ්ඩාගේ නංගි " සීනි බනිස්" ලෙසත් පුදමුකුසුම් නංගි පුස් පා ර්ට් දමන නිසා " පුස් බනිස් " ලෙසත් අභිෂේක ලබන්නේ මේ අනුවයි.
දෝවෙන් ගොඩවෙන සීනි බනිස්
මා පෙර කීවාක් මෙන් මට හිතවත් පාසැල් සොහොයුරියන් බෙලගන්වැව බසයේ සිටියේ නැත.
එහෙත් ලෙස්ලන්ඩ් පසු කොට බස් හෝල්ට් තුනක් ගිය තැන බණ්ඩාගේ හිතවතිය බසයට ගොඩවීම සිදුවේ. ඒ දෝවේ සමන්ති නංගිගේ සම්ප්‍රාප්තියයි. ඇය ඉතා ලගන්නා සුළු සිනහවකින් යුත් අහිංසක යුවතියකි.
ඇය පුස් බනිස් මෙන් අරලගන්විල කොන්වන්ට් එකට ගිය කෙනෙක් නොවේ. ඇය ගියේ අරලගංවිල තිබු අනික් බාලිකාව වූ සුජාතා විද්‍යාලයටයි.
සමන්ති නංගිට සුජතාවේ කෙල්ලෝ කියන නම මුලින්ම දැන ගත්තේ මා විසිනි .
අපේ ඇතිමලේ බාප්පාගේ ලොකු දුව වූ චන්දි සිටියේ සමන්තිගේ පන්තියේමය. චන්දි ඒ කාලේ අපේ නංගිලා දෙන්නට වඩා මට හිතවත් වුවාය.
" චුටි අය්යා.. සුරාජ් අය්යා සමන්තිට ට්‍රයි නේද.." "ඔයා දන්නවද අපි එයාට කියන නම? "
චන්දි හිනහ වෙමින් මගෙන් ඇසුවේ හවස් වෙලා කිරඹඔය ගිය වෙලාවකදීය.
"නෑනේ චන්දි .....කියන්නකෝ...... අපි එයාට කියන්නෑ කවුද කිව්වේ කියලා" මම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතුවෙමි.
හෙට මට මගේ සගයින් ඉදිරියේ වීරයෙක් වෙන්නට හොඳ අවස්ථාවකි. " එයාට කෙල්ලෝ කියන්නේ "බනිස් " කියලා. චන්දි පිළිතුරු දුන්නාය.
පසුදා උදේ බෙල්ගන්වැව බසය දෙකක් කරමින් අපි බනිස් වර්ග ගැන කතා කළෙමු. "ක්‍රීම් බනිස්, ගල් බනිස්, පුස් බනිස් " ආදී නොයෙක් බනිස් වර්ග ගැන සාකච්චා විය.
අවසානයේ බණ්ඩාගේ සිත සතුටු කරනු වස් සමන්ති සීනි බනිස්" ලෙස අභිෂේක කළෙමු. ඒ බෙලගන්වැව බසයට පමණි.
පාසලේදි ඇය නිකම් බනිස් හෝ සමහර විට ගල් බනිස් ලෙසද හඳුන්වන බව චන්දි මට කියා තිබුණි.
සුරාජ් බණ්ඩා බනිස් දැලේ දාගත් හැටි.
සීනි බනිස් අහිංසක බව මා කියන්නේ කිසියම් හේතුවක් ඇතිවයි. ඇය මුලින් මුලින් පුස් බනිස් මෙන් එරවුයේ නැතිවුවත් බණ්ඩා වෙත තම කැමැත්ත එක එල්ලේම ප්‍රකාශ කලේද නැත.
ඒ කාලේ " මම ඔයාට ආදරෙයි අය්යේ" කියා කෙල්ලෙකු ගේ කටින් මුණටම අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.
එම වාක්‍ය " බන් ඩය" එලෙසින්ම අසන්නට අපේ බණ්ඩා හෙවත් "සුරාජ් බොන්ඩ්" වාසනා වන්ත විය.
මුලින් මුලින් බනිස් ගෙන් පිළිතුරක් නොලැබෙන බව අප තිදෙනා තේරුම් ගතිමු.
ඒ අනුව බණ්ඩා සහ චමින්ද සහ මම ත්‍රි පුද්ගල කමිටුව මෙයට කල හැකි විකල්පයක් සාකච්චා කළෙමු.
මේ වන විටත් අපේ චන්දි ලවා සෑහෙන විස්තරයක් බනිස් වෙත ලබා දෙන්නට අප සමත් වී සිටියෙමු.
පුරුදු පරිදි මැද පුරණේ ගෙදර සොල්දරයේ තිබු අපේ වට මේස සාකච්චාවට එදා මාතෘකාව වුයේ මෙම විකල්ප ක්‍රියා මාර්ගයයි.
එම සාකච්චාව අවාසනා වුයේ පසුදා උදයේ බෙලගන් වැව බසයේ සිදුවීම් සියල්ල සැලසුම් කිරීමෙන් අනතුරුවයි.
පසුදාට පහන් විය. පුරුදු පරිදි මමත් චමින්දත් සුදෝ සුදු කිරි කොකුන් මෙන් ඇඳගෙන මල්ගහ යටට පැමිණියේ අපේ පොත් ටිකද කිහිලි ගන්වාගෙනය.
එහෙත් බණ්ඩා පමණක් පාට ඇඳුමකින් සැරසී සිටි. ඒ මදිවාට ලොකු මල්ලකුත් කරේ එල්ලාගෙනය.
කොළ පාට ගෑ බස් හොල්ටීමේ අපේ නංගිලා, චන්දිලා ඇතුළු විශාල පිරිසක් බසය එනතුරු රැඳී සිටිති.
අපි තුන්දෙනා බර කතාවකය.
බණ්ඩා හඩන්නට ඔන්න මෙන්න වැනි මුහුණක් බස් හෝල්ට් එක දෙසට පෙනෙන පරිදි සිටිමින් අප දෙදෙනාට කථා කරයි.
"අන්න චන්දි මේ පැත්ත බලනවා " කියමින් චමින්ද " අපි කියන දේ අහපන් මචං" කියමින් බණ්ඩා අස්වසන්නට තතනයි.
කිසියම් බර පතල සිද්ධියක සේයාව දැන් බස් හෝල්ට් එකේ අයට තේරුම් ගිය අයුරකි.
"පලමු පියවර සාර්ථකයි" චමින්ද හෙමින්ම මිමිණුවා මට තාමත් මතකය.
දැන් බසය අරලගන්විල දෙසට පල්ලම් බසී.
දෝවේ පාලම පහු වෙනවාත් සමගම බණ්ඩා හැඬුම් බර මුහුණ තවත් වැඩි කර ගත්තේය.
"මට ඉගෙන ගෙන වැඩක් නෑ මචං "
"මම ආපහු ගමට යනවා" වැනි "වාක්‍ය බන්ඩ" ඔහු අතින් කියවේ.
"අපි කියන දේ අහපන් බන්ඩෝ"
"මුදේ එක මාළුවාද ඉන්නේ ..?"
චමින්ද කියයි. මමත් මේවාට හූමිටි තබමින් සිටියෙමි.
බසය අරලගන්විලට සේන්දු විය.
චන්දි බනිස් වෙත මොන මොනවාද කියමින් සුජාතාව දෙසට ගමන් කරන්න පටන් ගත්තා පමණි.
"යකෝ වැඩේ දෙල් වගේ නේද?"
චමින්ද මා වෙත පැවසුවා පමණි.
හඬා වැටෙමින් අප තිදෙනා වෙතට දුව එන බාලිකාවකි. ඒ කවුරුවත් නොව සමන්ති හෙවත් සීනි බනිස්ය..
"අනේ යන්න එපා අය්යේ.. මම ඔයාට ආදරෙයි.."
අපි තුන් දෙනාට අපේ ඇස්, කන් , නාසා කිසිවක් අදහා ගත නොහැකි විය.
ත්‍රි පුද්ගල කමිටුවේ පළමු සැලැස්ම අකුරටම හරි ගිහිල්ලාය.
අපි තුන්දෙනා අරලගන්විලින්ම ආපසු හැරී සිරිමල්වත්ත බලා යන බසයකට නැග්ගෙමු. කොන්දා අපි හොඳින් හඳුනන කෙනෙකි.
"හවස පංති එන්න තියෙනවා බෙනඩික් අය්යා" කියමින් චමින්ද සීසන් එක පෙන්නයි.
කොන්දා එය ලකුණු නොකර අපට ආපසු ලබා දෙයි.
" මට සලකපන්" මේක මගේ ප්ලෑන් එක"
කියමින් චමින්දත් මමත් මාරුවෙන් මාරුවට බණ්ඩාට කරදර කළෙමු.
අඩේ, දැන්නේ මට තේරුනේ සුරාජ් බණ්ඩාට ගල් බනිස්, සීනි බනිස් කිව්වේ ඇයි කියලා.. උඹලා අපිට කියන්න එපා එව්වා..
ReplyDeleteඅඩේ කිටී, මෙව්වා ඔක්කොම දාලා පොතක් නම් ගහන්නම ඕනි. මොකද අපි වගේ අපේ යාලුවෝ හැමෝම බ්ලොග් කියවන්නේ නැහැනේ... සොරි, සොරි කිටී කිව්වේ කවිඳුට තියෙන වැඩි ආදරේට...
ReplyDeleteඅඩේ කිටී, මෙව්වා ඔක්කොම දාලා පොතක් නම් ගහන්නම ඕනි. මොකද අපි වගේ අපේ යාලුවෝ හැමෝම බ්ලොග් කියවන්නේ නැහැනේ... සොරි, සොරි කිටී කිව්වේ කවිඳුට තියෙන වැඩි ආදරේට...
ReplyDeleteඅඩේ කිටී, මෙව්වා ඔක්කොම දාලා පොතක් නම් ගහන්නම ඕනි. මොකද අපි වගේ අපේ යාලුවෝ හැමෝම බ්ලොග් කියවන්නේ නැහැනේ... සොරි, සොරි කිටී කිව්වේ කවිඳුට තියෙන වැඩි ආදරේට...
ReplyDeleteඅඩේ, දැන්නේ මට තේරුනේ සුරාජ් බණ්ඩාට ගල් බනිස්, සීනි බනිස් කිව්වේ ඇයි කියලා.. උඹලා අපිට කියන්න එපා එව්වා..
ReplyDeleteඑහෙම තමයි. පවුද්ගලිකයි.. රහසිගතයි... සිනිබනිස් දැලේ දාගත් හැටි ඇතුල් කරලා කථාව අලුත් කරා දැන් කියවලා බලන්න...
ReplyDeleteගල් බනිස් සිනි බනිස් මරු කතාව බං.....
ReplyDeleteඑහෙම තමයි අපේ කථා.... පියවරුන්ගේ කථාව අලුත් කළා බැලුවද නලින්..?
ReplyDeleteStill she traped on your trick?
ReplyDeleteNo Apsara she escaped but trapped in some where in Aralaganwila area I heard She is actually the niece of our Diyamanthi teacher (http://kalukitty1.blogspot.com.au/2015/06/blog-post_22.html) who updated me about Seeni Bunis's current whereabouts..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපුස්බනිස්, සීනි බනිස් මස් රොටී හැම එකකටම වඩා රහයි මේ කතාව. අනේ අපිට ඔය වගේ යාළුවො හිටියේ නෑනේ ඒ කාලේ
ReplyDeleteතව සැහෙන්න මේ වගේ කථා තියෙනවා යාලුවෝ තුන්දෙනාගේ.. චමින්ද නම් මට නිතර හමු වෙනවා හෝ කථා කරනවා .... අපි දෙන්නම එකම රටේ එකම ප්‍රාන්තයක ඉන්නේ.. සුරාජ් කොළඹ පැත්තේ ජයට ඉන්නවා කියලා ආරංචියි....
Deleteතිලක සිත කියුව වගේ අපේ යාලුවෝ හිට්යේ අපේ බනිස්ම කන්න බලාගෙන.. හැක හැක..
ReplyDeleteසිනි බනි ගැන කතාව ජෑම්පාන් වගේ.. පැණි බේරෙනවා..
Very interesting ... reminisces mischievous childhood and teen years... excellent piece of work
ReplyDeleteThanks mallie ...yes it was interesting indeed
DeleteOhhh.... Really interesting.... Feel like watching a beautiful old Sinhala film ....
ReplyDeletethanks..
ReplyDeleteකියවල නැ තමා
ReplyDelete