Saturday 5 September 2015

අපේ දෙවැනි නිවාස ව්‍යාපෘතිය.. (පිය වරුන්ගේ දිනය සහ තවත් පියවරු දෙදෙනෙක්)- ව්‍යාපෘතියේ අලුතම තත්වය...


මේ තියෙන්නේ  චමින්දලා  දැනට  ජිවත් වන  නිවසේ  චයාරුපයකි.


මේ  කියන පුදගලයන් දෙන්නම ජිවත් වෙන්නේ අපේ ගමේ .. බණ්ඩාරවෙල ප්‍රදේශයේ.. දෙන්නටම දරුවෝ තුන්දෙනා ගානේ ඉන්නවා ( පිරිමි ළමුන් දෙදෙනා බැගින් සහ ගැහැණු ළමුන් එක්කෙනෙක් බැගින්)

එක්කෙනෙක්ගේ නම ප්‍රියන්ත ඇලෙක්සැන්ඩර්... එයා ඔබ අපසැමගේ උදව්වෙන් කාමර තුනක නිවසක් හදා ගත්තා තමන් හිටපු කටු-මැටි පැල වෙනුවට.( මේකට  අපි රුපියල් ලක්ෂ පහක පමණ මුදලක් වැය කරා).  

අනෙකා එච්. එම් . චමින්ද.. එයා දැනට අසල තිබෙන ඉස්සර රජයේ තේ වත්තේ කම්කරුවෙක්. චමින්ද විවාහ වෙලා ඉන්නේ  ඒ වත්තේම  වැඩ  කරන  ද්‍රවිඩ  කාන්තාවක් සමග.

මේ තියෙන්නේ ප්‍රියන්තලගේ  පරණ ගෙදර..



                                                    ප්‍රියන්තලා අලුත් ගෙදර.. වැඩ නිමවෙමින්..



මට මේ දවස් වල නිතරම මේ දෙන්නා ගැන සිහිවෙනවා.. ඒ දෙන්නත් එක්ක මම නිතර කතාත්  කරනවා.


හැමදාම මම ව්‍යායාම කරද්දී මගේ හිතට එන්නේ මෙන්න මේ වගේ අදහසක්.



"අපි බඩ අඩු කර ගන්න ට්‍රේඩ් මීල් එකේ දුවන අතරේ මේ දෙන්නාම තමන්ගේ දරුවන්ගේ බඩවල් පුරවන්න තේ වතු.. කුඹුරු වල කුලී වැඩ කරනවා..  ඇයි ලෝකේ මෙහෙම වුනේ...?"


ඉස්සර කාලේ නම්  මමත් ඒ අය වාගේ අපේම කුඹුරු වතු වල වැඩ කළා. ඒ හින්දදෝ මන්දා විවාහ වෙලා අවුරුද්දක් පමණ යනකම්ම වගේ මම හිටියේ හාල් මැස්සෙක් වගේ.

මම මුලින්ම වැඩ කලේ කොළඹ තිබෙන ප්‍රධාන කාන්තා රෝහලක  සීමාවාසික වෙදැදුරෙක් හැටියට.

මුල්ම සතියේ දිනක උදේ වාට්ටු වේ ලෙඩුන් බලමින් සිටින අතර..

" අපෝ... මෙයාද මේ අලුත් ඩොක්ටර්. ?  .. හරිම කෙට්ටුයිනේ.. ? හරියට හාල් මැස්සෙක් වගේ.."

යැයි මැදි වයසේ කාන්තාවක් ගැහැණු වාට්ටුවේ මැද සිටම කියවාගෙන එනු ඇසිනි.

ඒ දෙස හැරී බැලු විට පෙනුනේ කුල්ලක් වැනි තොප්පියක් සහ තද නිල් පැහැ නිල ඇඳුමකින් සැරසුන ප්‍රධාන හෙද පාලිකාවයි.

එදා මට සියුම් ලැජ්ජාවක් ඇති වුයේ මා ඒ තරම් කෙට්ටු නිසාය.

දැන් එහි විරුද්ධ පැත්තට මගේ ශරීරය ගමන් කරමින් සිටි.. මම දිනපතා බලෙන් ව්‍යායාම කරන්නෙමි.

ඒ ප්‍රියන්තලා චමින්දලා වැනි පෙනුමක් ආරුඪ කර ගැනිමටයි.



 " සල්ලි තියෙන මිනිහට ව්‍යායාම ලැබෙන්නේ නෑ...  ව්‍යායාම  තියෙන මිනිහට සල්ලි නෑ.." ... 

කියන්න ආපු කථාවත් අමතක වෙන්න ගියා ඕන්...

අපි හැමෝම හැකි පමණින් උදවු කරලා ප්‍රියන්තලට හිසටසෙවනක් හදා දුන්නා ඔබට මතක ඇති ( මගේ මුහුණු පොතේ මිතුරන්ට)


දැන් චමින්දට උදවු කරන්න වෙලාවයි... මේදක්වා අපිහතර දෙනෙක් එකතු වී.. ඔහුගේ නිවාස අරමුදල රුපියල් 49000 දක්වා ගෙනවිත් තිබෙනවා..

මගේ මිතුරු ලිස්ට් එකේඉන්න එක්කෙනෙක් රුපියල් 1000 ගනනේ ප්‍රධානය කලත්.. චමින්දගේ අවශ්‍ය තාවයට සරිලන මුදලක් එකතුවේවි... 

චමින්දගේ නමින් බණ්ඩාරවෙල ලංකා බැංකුවේ තිබෙන ගිණුමට ඔබේ මුදල් බැර කරන්න පුළුවන්...
විස්තර
Account Name: H. M. Chaminada
Bank: Bank of Ceylon
Branch: Bandarawela
Account Number : 0077368233


ප . ලි. : චමින්දගේ  ගෙදර වැඩ ගැන සහ ඔහුගේ ගිණුමේ මුදල්  ගනු දෙනු ගැන අකුරටම හොයා බලන්නේ ස්වෙච්චාවෙන්ම.  ඉදිරිපත් වූ ප්‍රියන්ත ඇලෙක්සැන්ඩර් විසිනි..

චමින්දලා ගෙදර චායා රුපයක් ලැබුණා ඊයේ.. මේ තියෙන්නේ චමින්දත් , බිරිදත්, චමින්දගේ මවත් හා දරුවන් තිදෙනෙක් ජිවත් වන නිවසයි.






චමින්දගේ ගෙදර වැඩ පටන් ගත්තා ලඟදි.. මේ තියෙන්නේ  කොන්ක්‍රීට් එක දමද්දී ගත්තු චායාරුප... ඔහුගේ නිවසේ ඉදිරි වැඩ වලට මුදල් අවශ්‍ය වෙනවා දැන්.. ඔබ සැමට සහභාගී වෙන්න පුළුවන්..





12/11/2015
චමින්දගේ ගෙදර වැඩ දැන් ටිකෙන් ටික.. ගඩොලින් ගඩොල .. ඉදිරියට යනවා..
අපිත් සතෙන් සතේ.. රුපියලෙන් රුපියල එකතු කරලා එයාට උදව් කරනවා..
මේ තියෙන්නේ පසුගිය සතියේ තත්වය...
16/12/2015
චමින්දලා ගේ ගෙදර උළුවහු තැබීම  සිදු කළා පසුගිය ඉරිදා උදේ.. (13/12/2015) .. මේ තියෙන්නේ උළුවහු තැබීමට මොහොතකට පෙර ගත් චායා රූපයක්.
දැන් අපේ එකතුව රුපියල් 153 500 ක් වෙනවා..


24/12/2015

දැන් චමින්දගේ  ගෙදර කාමර දෙකක  වැඩ  වහලය ගහන්න ලං වෙන තෙක්  ඉවර වෙලා. ඒ අප සැමගේ උදව්වෙන්.. චමින්ද  සහ පවුල  ජනවාරි පළවෙනිදට ඉස්සෙල්ලා  භාගෙට වැඩ නිමවූ අලුත් ගෙදරට යන්න සුදානම් වෙනවා.. ඔවුන්ට  වහලේ සෙවිලි ගැනීමට උදව්  ලැබුනා නම්  මේ සිහිනය  සැබෑවක්  වේවි..
පහතින් තිබෙන්නේ  ඊයේ මට ලැබුණු චායා රූප.





36 comments:

  1. මේ අයගේ දැන් තත්ත්තවය ගැන සේයා රු ටිකක් එහෙමත් ( ගෙදර) එක් වුණානම් වඩාත් හොඳයි කියා හිතෙනවා.

    ReplyDelete
  2. කතාවනම් පැහැදිලි මදි.. එත් උදව්වක් පුළුවන් විදියට කරන්න උත්සහ කරන්නම්.. හිසට සෙවනක් නැති මිනිහ තමයි එකේ අමාරුව දන්නේ..

    ReplyDelete
    Replies
    1. ක. මි. ස්තුතියි ඔබේ අනුග්‍රහයට.. මුළු කතාවම තිබෙන්නේ මගේ මුහුණු පොතේ ( ප්‍රියන්තගේ ගෙදර ගොඩ නගපු හැටිත් ඇතුළුව)

      Delete
  3. kavidu onna mamath oyage saddawantha wadeta yam pramanayakin dayaka una.

    බොහොම ස්තුතියි .. වැඩි වැඩියෙන් ලැබේවා.. !! කරන කියන දේවල් සාර්ථක වේවා. !!

    ReplyDelete
  4. We have got another anonymous friend of mine contributed to this yesterday who is residing in USA. We wish him and his family all the very best for the future

    ReplyDelete
  5. චමින්දගේ ගෙදර වැඩ හෙට උදේ පටන් ගන්නවා.. මේ වන විටත් අත්තිවාරම සහ බිමට කොන්ක්‍රීට් දාමා තිබෙන එහි බිත්ති බැඳීම හෙට ආරම්භ වෙනවා .. 02/10/15 දින...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. another friend of ours who lives in Melbourne took the local /Australian bank account details yesterday . She will do her contributions sometime today.
    We wish her and her family all the success for their future ..

    ReplyDelete
  8. Waiting to hear from many more over next few days as the progress of contributions is very slow

    ReplyDelete
  9. තවත් සතියක් ගතවුනා.. අපේ වැඩේට දානපතියන් යොමු වෙන්නේ ඉතාමත් හෙමින් බව පෙනෙනවා.. චමින්ද පවුලේ වෙලාව හොඳ මදිද මන්දා .. අපේ ගෙදර උන්දා කියන්නා වාගේ මගේ වෙලාව ගතවෙනවා පරිගණකය ළඟ .. කට්ටිය අවුස්සන කතා ලියන්නම..

    ReplyDelete
  10. තවත් සතියක් ගතවුනා.. අපේ වැඩේට දානපතියන් යොමු වෙන්නේ ඉතාමත් හෙමින් බව පෙනෙනවා.. චමින්ද පවුලේ වෙලාව හොඳ මදිද මන්දා ..
    අපේ ගෙදර උන්දෑ කියන්නා වාගේ මගේ වෙලාව ගතවෙනවා පරිගණකය ළඟ .. කට්ටිය අවුස්සන කතා ලියන්නම..
    පලපොරෝජන නම් සැහෙන්න අඩුයි ආයිබෝවන්ඩ...
    බ්ලොගයෙන් එළියට වෙලා ඉන්න හිතෙනවා ටික කාලෙකට... යන තැනකට වත් වැඩක් කර ගන්නත් එක්ක..

    ReplyDelete
  11. අපේ හිතවතෙක් .. ඔස්ට්‍රලියාවේ ඉන්න එහෙත් අපත් සමගම එකට පාසැල් ගිය.. 50 $ ක ආධාරයක් දුන්නා ගිය සතියේ.. ඔහුටත් ඔහුගේ පවුලටත් කරන්නා වූ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  12. අපේ හිතවත් ( අරලගංවිල ඉස්කෝලෙන් බිහිවූ ශල්‍ය වයිදය වරයෙකු වූ ) රන්ජිත් ජයවීර අය්යා චමින්දගේ ගිණුමට ඔහුගේ ආධාරය බැර කල බව සඳහන් කර එවා තිබුනා ...රංජි අය්යටත් ඔහුගේ පවුලේ සැමටත් කරන කියන සියළු දේ හොඳින් ඉටුවන අනාගතයකට සුභ පැතුම් .. මේ කල පුණ්‍ය කර්මයේ බලයෙන්..

    ReplyDelete
  13. මෙල්බන් නුවර වෙසෙන අපේ හිතවත් පවුලක් වූ සිඟිති හා නාලක කොලමුන්න පවුලත් මේ චමින්දලා ගෙදර වැඩට ආධාරයක් කළා ඊයේ.. සිගිති නාලක ඇතුළු පවුලේ හැමෝගෙම අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නයි කියා ප්‍රර්ථනා කරනවා ..

    ReplyDelete
  14. Another friend of mine who went to Aralaganwila schools ( both Bimbisaara and the Aralaganwila Centrol) with me .. Ruwan artigala has add his contraibution to the fund yeasterday. I wish Arty and his family all the very best for their future endevours ..

    ReplyDelete
  15. අපත් සමග එකට අරලගංවිල බිම්බිසාර මහා විද්‍යාලය ( ඒ කාලේ කනිෂ්ට ද්විතියක විද්‍යාලය) සහ අරලගංවිල මහා විද්‍යාලයේත් අකුරු කල අපේ හිතවත් ආටියා... චමින්දලගේ ගෙදර වැඩට ආධාරයක් ලබා දුන්නා .. ආටි ටත් ඔහුගේ පවුලේ සැමටත් කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  16. අද අපට තවත් රුපියල් 10000 ක් ලැබුනා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ හිතවත් දොස්තරවරියක් වූ සිඟිති කොලමුන්න ගෙන් . දැන් අපේ මුළු එකතුව රුපියල් 84500 යි. කොලමුන්න පවුලේ ඉදිරි වැඩ කටයුතු.. අතිසාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරමු.

    ReplyDelete
  17. චමින්දගේ ගෙදර ඉතිරි වැඩ වලට ඔබ සැමටත් උදව් කරන්න පුළුවන්.. ඉහත බැංකු අංකයට ඔබේ පරිත්‍යාග යොමු කරන්න... අපට ප්‍රියන්ත හා චමින්ද විසින් ලැබුණු මුදල් .. බැංකු පොතේ සටහන් මගින් දැනුම් දෙනවා.. නැතිනම් මෙහි සටහනක් තබන්නත් පුළුවන්..

    ReplyDelete
  18. අපේ හිතවත් චන්දිමා හෙට්ටිආරච්චි මේ ව්‍යාපෘතියට උදව් කලා පසුගිය සතියේ. ඇයගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා !!!!

    ReplyDelete
  19. අපේ බෙන්ඩිගෝ වෙසෙන හිතවතෙක් වූ කනිෂ්ක ගලප්පත්ති Kanishka N Siranji Kumarasinghe මල්ලී සහ ඔහුගේ බිරිඳ මෙයට අළුතින්ම දායක වූ දෙදෙනා... ඔවුන්ගේ සියළු බලාපොරොත්තු සඵල වෙන්න කියා ප්‍රර්ථනා කරමු...

    ReplyDelete
  20. Our friend and former Ruhuna Medical school colleague Sajeevani Wickramasinghe has contributed to our project .. Sajeewani as I personally know has heavily involved in help raising funds for her batch mate ( affected with cancer) too... we wish her all the best..

    ReplyDelete
  21. My batch mate Samandika Hapuarachchi is the recent most contributor to this project.. our heart felt thanks to Samandika and family for that.. wish them all the best for the future..

    ReplyDelete
  22. සමන්දිකා මේ පරිත්‍යාගය කලේඇයගේ කලකටපෙර මිය ගිය පියතුමාට පින් අනුමෝදන් කරවීමත්අරමුණු කරගෙනයි.. හපුආරච්චි මැතිතුමාට මේපින් අනුමෝදන් වී නිවනට දොරටු විවරවේවායි පාර්ථනා කරමු අපිහැමෝම...

    ReplyDelete
  23. අපේ අරමුදල දැන් රුපියල් 109500 දක්වා වැඩි වුනා.. මම ඊයේ අළුත එකතු වූ රුපියල් 25000 කැ මුදල චමින්දලාට දුන්න ගඩොල් ගන්න...

    ReplyDelete
  24. අපේ අරමුදලට තවත් ආධාරයක් ලැබුනා මගේ බ්ලොග් කියවන රසිකාවියක් ගෙන් ඊයේ.. චමින්දට සහ අපේ තාත්තට " නාමරත්න මහත්තයට " මම කතා කළා ඊයේ හවස එයාලා රුපියල් 22000 ක ගඩොල් ගත්තා කිව්වා.. මේසන්වරුන්ට පඩි දෙන්න මුදල් අවශ්‍ය වෙනවා .. ඔබේ උදව් ලබා දෙන්න...

    ReplyDelete
  25. අපේ හිතවත් රුහුණේ 14 වැනි කණ්ඩායම් සගයා නාමල් Mal Fernando අපට සහයෝගය දුන්නා ඊයේ. මේ පින්බලෙන් නාමල් සහ පවුලේ හැමෝගෙම අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා....

    ReplyDelete
  26. චමින්දල පවුලේ අය ( දුව , පුතා සහ අම්මා ) නව නිවසේ වැඩ කරමින්

    මගේ මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ හිතවතුන් වෙත..

    මේ චායාරූප මටලැබුනේ ඊයේ රාත්‍රීයේ... මේවා දකින විට මටමතක් වෙන්නේ අපේ ගෙදර කුස්සියේහෝ කාමර ගණන වැඩි කරන අවස්ථා වලදී අක්කා, මම ඇතුළු අපි සියළු දෙනා බාස් ලාට අත්වැඩ දෙමින් වැඩ කල හැටියි..

    (( ඒ කාලේ බාසුන්නැහේ වුණේ අපේ තාත්තගේ ලොකු අය්යා .. අක්කයි මමයි තමයි අත්වැඩ කාරයෝ... ලොකු තාත්තා නිකන් නෙවෙයි ලොකු පඩියක් අරන් වැඩ කරේ.. අක්කයි මමයි දිගින් දිගටම වැලි මැටි අන අනා එයාට ගිහින් දෙනවා .. ගඩොල් ගිහින් දෙනවා.. ලොකු තාත්තා ගෙන් උපරිම වැඩ ගත්තා අපි.. " වෙලාවකට එයා අහනවා මොකද උඹ ඔය විදිහට ඔරවන්නේ ? " ඒ මම මහන්සි වුනාම එයා දිහා බලපු හැටි.. මේ කතාව මෙහෙම කියලා හරි යන්නේ නෑ.. බ්ලොග් පොස්ට් එකක් ම දෙන්න වෙනවා... ඉදිරියේදී බලාපොරොත්තු වන්න..))

    අපි ආපසු දවසේ මාතෘකාවට එමු..

    චමින්දලා නිවාසය හදන්නේ ඔබ අප සැමගේ උදව්වෙන් .. මේවැනි වැඩ නොමිලේ සිදු වුවද මේසන් බාස්ට පඩි දීමට මුදල් අවශ්‍ය වෙනවා.. දැනට ඔවුන්ළඟ ඉතිරිව ඇත්තේ රුපියල් 8000 ක්පමණයි...
    අප මෙතෙක් එකතු කර දුන් රුපියල් 112000 ක මුදලින් තමයි චමින්දලා මෙතෙක් දුර ඇවිත් තිබෙන්නේ..

    ඔබේ කාරුණික අවධානය අවශ්‍ය වෙලාව මෙයයි.. හැකි පමණින් අපට උදවු කරන්න..

    ReplyDelete
  27. අපේ හිතවත් Udaya Rukmal අපත්සමග14 කණ්ඩායමේ සිටිතවත් හිතවතෙක් මේ ව්‍යාපෘතියට උදව්කරලා තිබුනා. රුක්මාල් කෙලින්ම මුදල් තැන්පත් කරලාතිබුනා චමින්දගේ ලංකා බැංකුගිණුමේ... චමින්ද තමන්ටමුදල් ලැබී තිබුණුබවත්දැන්වුවා මෙයටටිකවෙලාවකට කලින්.. රුක්මාල් ගේඉදිරිවැඩකටයුතුත් දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරමු,...

    ReplyDelete
  28. My friend Dr. Manjula Kodippiliarchchi helped us with the 2 nd largest contribution for the work on Chaminda family house today. As I heard from my father plan is to complete two 10 X 10 rooms and with roofing .. that means they still need support.. Our Heart felt thanks goes to Manjula for his generosity... we will wish him and family all the success for the future....

    ReplyDelete
  29. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ අපත් සමග ඉදෙන ගත් තවත් හිතවතෙක් මෙයට උදව් කළා ඊයේ...ඔහුටත් ඔහුගේ පවුලටත් සුභ අනගතයක් වේවා...

    ReplyDelete
  30. හෙට .. දෙසැම්බර් 13 වෙනිදා එළැඹෙන සුභ නැකතින් චමින්දලා ගෙදරට උළුවහු තබන බව අපේ තාත්තා කිව්වා.. එයා මේ ව්‍යාපෘතියට තදින්ම සම්බන්ධ වෙලා ඉන්නේ.. තාත්තලා විශ්‍රාමික සමිතියේ කට්ටිය ගානේ ඇස්බැස්ටෝස් තහඩු 7ක් ලබා දෙන බව කිව්වා..

    ReplyDelete
  31. We have got two more donors from Melbourne, Australia joined us recently . Rammi Ratnayake and Chmindra Attygala (sister of Ruwan Attygala ) are our recent most contributors. Both Ramaya and Chamindra akka were with us in our previous project to help Kalu-Priyantha (Priyantha Alexander) house..

    ReplyDelete
  32. 20/01/2016 .. චමින්දගේ නිවසේ කාමර දෙකක වැඩ වහලය දක්වා ඉවර වෙන්න ලඟයි දැන්.. මේ වනවිට අවශ්‍ය සෙවිලි තහඩු ආදිය ගෙනල්ලා තියෙන්නේ. අපි මේ වන විට රුපියල් 184000 ක් පමණ මේ වෙනුවෙන් යොදවලා තියෙනවා . චමින්ද කියන්නේ තව 20000 ක් තිබුනා නම් කාමර දෙකේ වැඩ සම්පුර්නයෙන්ම අවසන් කල හැකි බවයි.

    ReplyDelete
  33. 27/01/2016 අපේ වර්තමාන ගම් පළාතේ (මම දැන් සිටිනා රටේ ) ඉන්න අපේ හිතවතෙක් වූ දොස්තර මංජුල කොඩිප්පිලිආරච්චි මහතා දෙවන වතාවටත් මේ ව්‍යාපෘතියට උපකාරයක් කළා ඊයේ... මංජුලගේ සහ පවුලේ අනාගතය සාර්ථක වේවා !!!

    ReplyDelete
  34. We have also received help form Dr. Tharushi Fernando who was my work colleague at Swan Hill district health, Swan Hill Victoria when I was there last year. We wish all the success for Thurushi's future.. really appropriate herhelp

    ReplyDelete
  35. Our school and medical faculty friend Dr. Malinga Fernando and his wife (our classmate ) Rosi have organized the largest contribution so far these two houses. They organized $ 1100 which I transferred half: half to Priyantha/kalu house work and HM Chaminda's house work . Priyantha and Kalu has already started plastering the outside walls they will also work on fixing window panes through this (22/04/2016)

    ReplyDelete