1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්
2. පුවක් බාස් දෙවන කොටස
3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස
4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී
5. ගම නැගුම - පළමු කොටස
6. ගම නැගුම දෙවන කොටස
7. ගම නැගුමෙන් මග නැගුමට
8. මග නැගුම - දෙවන කොටස
9. මග නැගුම තුන්වන කොටස
10. මග නැගුම - හතරවන කොටස (විකල්ප යෝජනා)
10. මග නැගුම - හතරවන කොටස (විකල්ප යෝජනා)
තවත් විකල්ප යෝජනා (මග නැගුම පස්වන කොටස )
එදා සෙනසුරාදා දිනයකි . මේ වනවිට ලෙනදොර , පුවක් බාස් සහ මම එකාවන්ව වැඩ කරමින් සිටියේ පොල් වගාවට බිම් සැකසීම කරමිනි.
මේ සඳහා පුවකාට අමතරව ගනේවත්ත සහ නිම්මිලා ගමේ ඉහළ කොටසේ විසු සුසන්ත යන අය පොල් වලවල් කැපීම , කාණු කැපීම , ගල්වැටි බැඳීම වැනි වැඩ වලදී අපට සහය වුහ.
පොල්වගාවේ වැඩ කටයුතු මෙසේ ඉදිරියට යද්දී නිම්මිලා ගෙදරට පාරක් සකස් කිරීමේ ගනු දෙණු ද හෙමින් හෙමින් ඉදිරියට යමින් පැවතිණි.
මේ වන විට පාරේ යෝජනාව පියතිලක මාමා ( නිම්මිලා අම්මාගේ අවෑස්ස මස්සිනා ) වෙත යොමු කරන අදහස අප අතර මතුවෙමින් තිබිණි.
එදා උදේම ලෙනදොර සහ මම නිම්මිලා ගෙට පහළ කොටසේ පොල් වලවල් කපමින් සිටියෙමු .
මේ වන විට වෙලාව උදේ හයයි විස්ස පමණ වන්නට ඇත.
පුවක් , ගණේ සහ සුසන්ත අපේ වැඩට එකතු වන්නට තව හෝරාවක් හමාරක් ගත විය යුතුය.
නිම්මිගේ නංගි අමරා හනිහණිකට ගෙදරින් පහළට බහිනවා දුටුවෙමි.
ඒ උදේ හතේ සේවා මුරය ( ඇය මේ වන විට නගරයේ තිබු රෝහලේ හෙදියක් ලෙස සේවය කලාය ) ඉලක්ක කර ගෙන විය යුතුය.
ඇය අප වැඩ කරමින් සිටි කොටස පසු කර ගෙට පහළ තිබු පොල් අඹ ගස ( මේ වන විට එහි තිබුණේ ගස කපා දැමීමෙන් පසු ඉතිරි වූ අඹ කොටය සහ ඉන් පැන නැගුණු විශාල මුල් කන්දරාවයි) පසු කළා පමණි.
" දඩාස් " යන හඬක් නැගිණි. " බුදු අම්මේ .. මම ඉවරයි !! " කියමින් අමරා බෙරිහන් දෙන්නට වුවාය.
මම පොල් වලෙන් ගොඩට විත් ඒ පැත්ත බලන්න හැරුණා පමණි.
" අනේ ඔයාට මොකද වුනේ ? " කියමින් අමරාගේ සායේ සහ හැට්ටයේ තැවරුණු මඩ සහ දුවිලි පිස දමන ලෙනදොර මල්ලී මා නෙත ගැටිණි.
"කොච්චර නම් කියලා තියෙනවද පරිස්සමින් අඩිය තියලා යන්න කියලා " ... ලෙනදොර ගේ කටහඬ අතිශයින් හැඟුම් බරය. ඔහු හඬන්නට ඔන්න මෙන්න වූ කට හඬකින් අමරාට මෙසේ පැවසීය.
"ඕක තමයි මම කියන්නේ මේ පාර ඉක්මණට හදලා දාමු කියලා... ඔයින් ගියා ඇති .. ඔයාට තුවාලද සූදු ?".
කලබලය නෙත ගැටුණු මා ලෙනදොරලා සිටි පැත්තට යන්නට පටන් ගත්තා පමණි.
ලෙනදොර තවමත් අමරා ගේ ඇඟ පිස දමමින් සිටී. ඒ දුටු මා ඒ අසළටම නොයා මදක් පසු බැස්සෙමි.
ටික වෙලාවක් එතන සිටි අමරා හඬ හඬා නිවස දෙසට ගමන් කලාය.
තවත් සුළු මොහොතකින් ඇය වෙනත් සායක් සහ බ්ලවුස් එකකින් සැරසී නැවතත් සේවය සඳහා පිටත් වුවාය.
හඬන්නට ඔන්න මෙන්න මෙන් සිටි ලෙනදොර මා වෙත පිය මැන්නේය.
"අය්යා අපි මේ පාර කොහොම හරි හදන්න ඕනෑ.. දැක්කනේ තව ඩින්ගෙන් අමරාගේ කකුල කැඩෙනවා ..
"මට එයා මේ ගල් මුල් ගොඩේ වැටී වැටී වැඩට යනවා තවත් බලා ඉන්න බෑ.."
a
"අපි මේකට මොනවා හරි කරන්න ඕනෑ.."
"හෙට නේද අර සමථ මණ්ඩලේ රැස්වීම තියෙන්නේ ? අයියත් එන්න අපිත් එක්ක .. කොහොම හරි මේ පාරේ වැඩේ එකලාසායක් කරලා දාමු අය්යා "
ලෙනදොර අමරා කකුල නොකැඩි බේරුණු එක නිමිත්ත ලෙස ගෙන මග නැගුමේ දෙවැනි යෝජනාව වෙත මා යොමු කළේ එසේය.
සමථ කිරීම
පසුදා උදැසන නමයට සමථ මණ්ඩලය රැස්වන බව අම්මා අප සමග කීවාය.
ලෙනදොරත් මමත් සමථ මණ්ඩල රැස්වීමට අම්මා සමග යන්නට කතා කර ගත්තෙමු.
උදේ පාන්දරින්ම ත්‍රී වීලරයක් ගෙන්වා ගත් අප තිදෙනා මාවනැල්ලේ මුස්ලිම් පාසැල වෙත පිටත් වීමු.
අප එහි යන විටත් පියතිලක මාමා පාසැලට පැමිණ සිටියේය.
"අර ඉන්නේ සමථ මණ්ඩලේ සභාපති තුමා " අම්මා අප දෙදෙනාට ජාතික ඇඳුමින් සැරසුණු අවුරුදු හැටක් පමණ වූ මහත්මයෙක් පෙන්වූවාය.
"එයා ළඟ ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් ලු " අම්මා ඔහුගේ තනතුරු තරාතිරම් ද අපට මතක් කර දුන්නාය.
"යමු අය්යා අපි ගිහින් කතා කරමු .. " ලෙනදොර මාව ඉස්සර කර ගත්තේ සමථ මණ්ඩල සභාපති තුමාට මාව හඳුන්වා දෙන්නටය.
"කවුද මේ මහත්තුරු ?? සමථ සභාපති තුමා අප දෙස විමසුම් සහගත බැල්මක් හෙළුවේය.
"මගේ නම ලෙනදොර.. මේ ඉන්නේ අපේ අය්යා .. එයා අලදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙක්. .. අපි තමයි අර ගෙදරට යන අඩි පාර ලොකු කරලා දෙන්න කියලා ඉල්ලුවේ "
ලෙනදොර සභාපති තුමාට අප හඳුන්වා දුන්නේ පාරේ කතාවටද ප්‍රවිශ්ටයක් ලබා ගනිමිනි.
"ගෙදරට යන්න හරි හමන් පාරක් නැතිව හරි කරදරයි . ඊයෙත් අපේ නෝනා වැටිලා තුවාල වුණා" ඔහු අමරා අඹ ගහේ මුල්වල පැටලී වැටුණු කතාවද සමථ සභාපතිට ඉදිරි පත් කළේය.
ඔහු සිතු පරිදිම සභාපති තුමා මා සමග කතා කරන්නට වැඩි උනන්දුවක් දැක්වුවේය.
මගේ ආගිය තොරතුරු ඇසු ඔහු අප කරමින් සිටිනා වැඩ ගැන කිසියම් පැහැදීමකට ලක්වූ බවක් පෙන්වුවේය.
කතාව අවසානයේ සමථ සභාපතිතුමා අප හා බෙහෙවින් කුළුපග විය. මේ දුටු ලෙනදොර මල්ලි සතුටින් ඉපිළ ගිය බවක් පෙන්නුම් කළේය.
මම අපට කෙසේ හෝ අඩි හයක පාරක් පියතිලක මාමාගේ ඉඩමෙන් වෙන් කරවා දෙන ලෙස සමථ සභා පති තුමාගෙන් ඉල්ලා සිටියෙමි.
" මහත්තයෝ මට එහෙම කියන්න නම් බෑ .. හැබැයි මම සාකච්චාව එතැනට ගෙනෙල්ලා දෙන්නම් මහත්තයාලම වැඩේ කතා කර ගන්න."
සමථ මන්ඩලයේ දැන් තියෙනවද බන් ඉස්සර මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් දාන්නේ සමථ මන්ඩලයට ඒකෙන් ප්‍රශ්නේ විසදෙන්නේ නෑ වෙන්නේ මිනිස්සුන්ට එන්න බැරි නිසා අත අරලා දානවා.
ReplyDeleteජය වේවා දිගටම ලියමු.
"අපි මේක සමථ කරමු" කියලා තමයි සභා පති තුමා කතාව පටන් ගන්නේ .. හැබැයි නිතර නිතර දෙපැත්ත මුනගස්වන එක තමයි එයාල කරන්නේ..වෙන ලොකු දෙයක් වෙන්නේ නෑ..
Deletesamatha mandala walin godaak prasna court nogos wisadhaa gaththu awasthaa thiyanawa.
ReplyDeletecourt wala goda gasena cases godaak adu karaganna puluwan samatha mandala hariyata activate wenawanam...
ඔක්කොම තීරණය වෙන්නේ සභාපතිගේ දක්ෂතාවය/උපයශිලිත්වය මත ... වගේ තමයි මට හිතුනේ..
Deleteකතාව ගලාගෙන යන විදිහට කියවන්න පිරියක් ඇති වෙනවා. මොනා වුනත් ගොඩක් දිග්ගැස්සුනොත් රසය අඩු වේවි .
ReplyDelete//සමථ සභාපති තුමා අප දෙස ජුගුස්පාජනක බැල්මක් හෙළුවේය.//මෙතැන ජුගුස්සාජනක කියන වචනේ ගැලපෙන්නේ නෑ නේද ? . ඒක 'විමසිලිමත්' වගේ එකක් වුනොත් හොඳයි කියල හිතෙනවා .
ස්තුතියි.. මම මේ වචනේ ගනිද්දිම හිතුණා නොගලපෙයිදෝ කියලා ..පලවෙනි වතාවටයි ඒක පාවිච්චි කලේ.. හැබැයි වැරදි තැනට ... වෙනස් කළා ඔන්න.. ටිකක් දිග්ගැස්සෙන ගතියක් එනවා .. ඊළඟ යෝජනා ටික එක පොස්ට් එකකින් ගන්නම්..
DeleteThis is getting more n more interesting. .
ReplyDeleteසේෆ්ටි ෆස්ට්. හැක්..
Delete