Saturday 4 March 2017

ඉතිං හදමු අපි පරිප්පුවක් !!!





අපි කවුරුත් ජීවිතේ එක් වතාවක් වත් පරිප්පු  කෑමට අවස්තාව ලද්දෝ වෙමු .

සමහරක් කැමැත්තෙන් පරිප්පු කන අතර සමහරෙකුට අකමැති වුණත් පරිප්පු කන්නට සිදුවේ.

පරිප්පු ඒ තරම් ම සාමාන්‍ය කෑමක් වීම එයට හේතුවයි.

1988-89 භීම සමයේ උසස් පෙළ සිසුන් වූ අප අතර තවත් වර්ගයක පරිප්පු කෑමක් ප්‍රසිද්ධ වී තිබුණා.

අප අතර   රජයේ හමුදා  අත් අඩංගුවට පත් වීම ඒ දිනවල හැඳින්වුණේ "පරිප්පු කෑම" ලෙසයි.

මීට ආසන්න කාලයකදී අන්තර් පාසැල් ක්‍රීඩා උත්සව දිනවල  අපි " සෙන්ට් ජොශප් පරිප්පූ " නමින් අපේ සහෝදර පාසැලකට විහිලු කලේ ඔවුන්  "What's the Collage - St. Joshep " කියා කෑ ගසද්දී.

ඒ ඒ අයට ඒ ඒ පරිප්පු 



1988-89 භීම සමයේ දිනක උසස් පෙළ විභාගයට පාඩම් කරද්දී අපේ චමින්දයා හැදූ පරිප්පුවක් "ගොඩ හොද්දක්" බවට පරිවර්තනය වූ කතාව ඔබට මතක ඇතැයි  සිතමි. 

එදා  චමින්ද හැදූ පරිප්පු හොද්දට එක් කල අඩුම කුඩුම අතර නිවිති සහ කුරුඳු පොතුද අඩංගු වී තිබුණා. 

පසු කාලීනව ආකාර දෙකකට පරිප්පු ඉවීමට මා ඉගෙන ගත්තේ  සමන්තගේ උදව්වට පේරාදෙණිය ජයතිලකයේ නැවතී සිටි කාලයේ ( ඒවන විට මම උසස් පෙළ සමත් වී නිවසට වී සිටි කාලයක් ) සහ නිම්මි සහ මම කිරිබත්කුඹුරේ නැවතී සිටි කාලයේ  ( අපි විවාහ වූ අලුත ).

ඒ කාලේ මම වැඩිපුරම පරිප්පු හැදුවේ දිය කිරි සහ මිටි කිරි දමා හදන පරිප්පු හොද්දක් ලෙසයි.  

ඒ 

"හොඳ ළමයා වගේ පරිප්පුවක් හදලා තියන්න මම උදේට වැඩ ඇරිලා එනකොට ගමනායක ගේ කඩෙන් පාන් ගෙඩියක් ගේන්නම්"

යයි කියමින් රාත්‍රී සේවා මුරයට යන නිම්මි ගේ ඉල්ලීම ඉටු කරන්නයි.



පරිප්පුවක් කිරට හදමු




පාන් සහ රොටී වගේම  බත් එකකට පවා සෑහෙන "කිරට හදන පරිප්පු"  මගේ ප්‍රියතම කෑමක්. 

වෙන කිසිම එලවලුවක් නොමැතිව වුවත් බත් සමග කෑමට හැකිවීම පරිප්පු කා අතරත් ජනප්‍රිය වෙන්න  ප්‍රධානම හේතුවක්. 

මා පරිප්පුවක් කිරට හදන්නේ මෙන්න මේ ක්‍රමයට.

මුලින්ම අවශ්‍ය ප්‍රමාණයට  පරිප්පු ටිකක් භාජනයකට ගන්නවා. 

ඊලඟට ඒවා ඇල් වතුරෙන් හොඳට සෝදා ගෙන පරිප්පු ටික වැහෙන්න තරම් වතුර ඒ භාජනයට දානවා. 

මේ භාජනයටම මිරිස් කුඩු, කහකුඩු , තුන පහ කුඩු සහ උම්බලකඩත් එකතු කරනවා. 


මීට අමතරව තලා ගත් සුදු ලුණු බිකි දෙකක්, රතු ලූණු, රම්පේ , කරපිංචා, අමු මිරිස් සහ තක්කාලි ටිකක් සූදානම් කර තබා ගන්න.



දැන් තක්කාලී  හැර අනෙකුත් අඩුම කුඩුම සියල්ල පරිප්පු තිබෙන භානජනයට දමා ලිපෙන් තබන්න. 




මතක තබා ගන්න ඕනම දෙයක් තමයි  මේ වෙලාවේ පරිප්පු එකට ලුණු දමන්න හොඳ නැති බව. අපේ අම්මාගේ ක්‍රමය අනුව ලුණු දමන්න ඕනේ පරිප්පු හොඳට තැම්බුනාට පසුව පමණයි. 

ලුණු දමන අවස්ථාවට ආසන්න වෙත්ම අර හීනියට කපාගත් තක්කාලි ටිකත් මේ භාජනයට එකතු කරනවා. 


අපට අවශ්‍ය තරමට පරිප්පු ඇට තැම්බීගෙන එන විට පරිප්පුවට පොල්කිරි එකතු කරන්න ඕනේ.  

ලංකාවේ නම් මුලින් දිය කිරිත් පසුව මිටිකිරිත් ලෙස පොල් කිරි එකතු කලත් මෙහේදි අපි කිරි දාන්නේ මිටිකිරි ලෙස ලිපෙන් බාගන්න ආසන්න අවස්ථාවේදී පමණයි. 

ඔය පහළ කමෙන්ටුවක් දමා තිබෙන අපේ "කයි මල්ලී " කියන්නා වගේ පොල්කිරි දැම්මට පස්සේ පරිප්පුව දිගටම හැඳි ගෑවිලා යන්න  හැන්දෙන් කාල් ගාන්න ඕනේ. නැතිනම් පොල් කිරි කැටි ගහන්න බලනවා. 

33 comments:

  1. හෙටානිද්දට මටත් මේ හොද්ද කන්න හම්බුවෙයි. අර ගෝවා වැංජනෙත් හදන්න ඕනැ කිව්වෙ.
    ඒ කොහොම උනත් “පරිප්පු වලට නිවිති දමා විනාස කිරීමට එරෙහි වෙමු“.

    ReplyDelete
    Replies
    1. නියමයි එහෙනම් සුරංගටත් කිරට හැදූ පරිප්පුවක් රස බලන්න ලැබෙයි. නිවිති විතරක් නෙවෙයි මම තෙලට පරිප්පු හදද්දී සාරණ, තම්පලා, ගෙඳපලා හෝ මුකුණුවැන්න කොලත් එකතු කරනවා පරිප්පුවට

      Delete
  2. බතට කොහෙත් ගැළපෙන එක දෙයක් වෙතේ
    කිරට හැදූ පරිප්පුවක රසය සිහි වෙතේ
    ලිපට තිබූ පසු කිරිටික කැටි කැටි හැදෙතේ
    හොඳට නිතර හැඳිගෑවිට ගැටලු නැතිවෙතේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දිය කිරි මිටිකිරි පදමට යොදලා -හදපු පරිප්පුව හැඳිගා තබලා
      අවසන ලුණු ටිකා ගානට දමලා-බතුයි පරිප්පුයි කනු හෙටඔහෙලා

      Delete
  3. ඩොක්ට. ඔය තක්කාලි සමග කපා ගත් අඩුම කුඩුම ටික පරිප්පුවටම දාන්නෙ නැතිව තක්කලිත් එක්ක රන්වන් පාට වෙනකං චිලි පව්ඩර් එක්ක මික්ස් කරල බැදගෙන පරිප්පුව හොඳටම හිඳලා හැදුනට පස්සේ කවලම් කරල ගත්තහම කටට රසට එළටම තියෙනව. මම කන්නෙත් හදන්න දන්නෙත් පරිප්පුයි චිකන් කරියි විතරයි. අමු මිරිස් කරලක් හප හප පරිප්පු චිකන් කරි සමබ බත් කනවා කියන්නෙ අමුර්තය වගේ. පොඩි ළුණු කෑලි දෙක තුනකුත් සයිඩ් එකේ තිබ්බොත් තවත් මාරු, 😵

    ReplyDelete
    Replies
    1. නියමයි "ටික්කා ක්‍රමේ පරිප්පුවක්" හදල බලන්න ඕනේ

      Delete
  4. ලුනු දැමීමට අවසානය දක්වා ඉන්න ඕනෑ නෑ.

    අනික පරිප්පු හොද්ද උයා ඉන් පසු කෑලි මිරිස් හෙම දමා තෙම්පරාදු කර ගන්න.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ලුණු දැම්මොත් පරිප්පු තැම්බෙන්න හොර වෙනවා කියලයි ප්‍රවීණ සූපවේදිනියෝ අපට කියලා දීලා තියෙන්නේ.

      Delete
    2. ඒක නිකමට අම්මලා හදාගත්ත කතාවක් කවිඳු..අපේ අම්මාත් ඔහොම තමයි. ඒත් තැම්බෙන වැඩේට ඕක අදාල නැහැ.

      Delete
  5. තුන් වේලටම පරිප්පු කාපු කාලයකුත් තිබුනා ..බෝඩිම් ජිවිතේ එහෙම තමයි

    ReplyDelete
    Replies
    1. අපි කෑම ගත්තේ හොස්ටල් එක ලඟ ගෙදරක හිටපු මුස්ලිම් ඇන්ටි කෙනෙක් ගෙන් එයාගේ කෑම වලත් වතුරට හදපු පරිප්පු හොද්දක් වරදින්නේම නෑ

      Delete
  6. ඇයි ඕකට දෙහි දාන්නෙ නැද්ද?

    පරිප්පු කියන්නෙ ඉතිං ජාතික ආහාරෙ නෙ.

    ReplyDelete
    Replies
    1. දෙහි අවශ්‍යම නෑ. තක්කාලි වලිනුත් ඇඹුල් රස එනවනේ

      Delete
  7. පරිප්පු නම් තවම එපා වෙලා නෑ...
    දවසක් අපි කතා වුණා, මිනිස්සු ආසා කරන දේවල්, කතා වෙන දේවල් අතරේ පරිප්පු වලට විතරද මන්දා සින්දුවක් නැත්තේ කියලා...
    ඊට පස්සේ දවසේම පරිප්පු ගැන සින්දුවක් අහන්ට ලැබුණා...

    ගොඩාක් දවසකින් ආවේ... ඒ වුණාට ඔයාගේ අත්තනායක මහත්තයාගේ කතාව නම් නිතර කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට. ඔව් ඔව් අත්තනායක මහත්තයාගේ කතාව හරි රසවත් තමයි.

      Delete
  8. ඇවිද්ද පය සුදීකගේ ලාවුළු කරිය දැක්කද....

    ReplyDelete
    Replies
    1. දැක්කා මොකුත් ලියන්න බැරිවුණා

      Delete
  9. මගේ ප්‍රධාන ආහාරය තමා පරිප්පු.. පරිප්පු ඉවීමේ කලාව හැමෝම දන්නේ නැහැ.. ඒ වගේම පරිප්පු රසට උයන්න හැමෝටමත් බැහැ.. කවිඳු පරිප්පු උයන විදිහ හොඳයි ඒත් පරිප්පු හොද්ද හැඳි ගෑවොත් පරිප්පුව දෙල් ව්‍යංජනය වගේ වෙනවා නේද. මමනම් පරිප්පු උයද්දී හන්ද පාවිච්චි කරන්නේ බොහොම අඩුවෙන්..

    ReplyDelete
    Replies
    1. මම නම් කරන්නේ ඕක ඇට ගැලවෙන්න හැඳි ගාන එක. එතකොට තමයි රස.....

      Delete
    2. ඔව් දිල්රුක් සමහරු කැමතියි එහෙම හැබැයි මමත් , නිම්මිත් දෙන්නම කැමති නෑ පරිප්පුව බෙරි වෙනවට

      Delete
  10. ස්තුතියි අම්බලන්ගොඩ ..ඔව් හරියට හරි හැඳි ගානවා කිව්වට පරිප්පු ඇට අහු නොවෙන්න ඩින් දමපු කිරිටික විතරයි පොඩ්ඩක් කාල් ගාන්ඩ් ඕනෙන් නැත්නම් දෙල් වෙනවා තමයි

    ReplyDelete
  11. මමනං තක්කාලි දාන්නෙනෑ හොද්ද ඉදුනට පස්සෙ දෙහි දානව. අම්බලම කිඋවවගේ හැඳ ඔබං කාල් ගාඅන්නෙ නැතුව සීරුවට හැන්දෙන් හොද්ද විතරක් මැද්දෙන් කලවං කරනව. ඇට චොර උනොත් පරිප්පු ආතල් එක එන්නෑ. පරිප්පු ඉදෙන සුවඳත් එක්ක උනු රෝස් පාං කාලක් කන්න පුලුවං හිටං...පරිප්පුවක් හදං තක්කාලි සම්බෝලයක් හදං බත් ජුන්ඩක් කන්න ඕනෙ අද..

    ReplyDelete
    Replies
    1. //ඇට චොර උනොත් පරිප්පු ආතල් එක එන්නෑ. පරිප්පු ඉදෙන සුවඳත් එක්ක උනු රෝස් පාං කාලක් කන්න පුලුවං හිටං...පරිප්පුවක් හදං තක්කාලි සම්බෝලයක් හදං බත් ජුන්ඩක් කන්න ඕනෙ අද..// ඔව් ඔව් ඇට චොර වෙනවට මමත් හරි අකමැතියි. තෙලට පරිප්පු හදන හැටි ලියන්න හිටියේ මේකටම දැන් පරක්කු වැඩියි. තෙලට/ තෙම්පරාදු කරලා පරිප්පු හදද්දී මේ ඇට පිටි වෙන්න නොදී තියා ගන්න එක හරි wadagath

      Delete
  12. මගෙත් ප්‍රියතම ආහාරය පරිප්පු. ඒක ක්‍රම තුනකට විතර හදන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මමත් කැමති කෑමක් හැබැයි හරියට හැදුනේ නැත්නම් එපා වෙනවා

      Delete
  13. පරිප්පු තියෙනවනම් ආයෙ වෙන මොනාද?

    ReplyDelete
  14. නැතුවම බැරි පරිප්පුව

    ReplyDelete
  15. පරිප්පු නමි ඒ ඇති මට

    ReplyDelete