Saturday 20 August 2016

මහා හඬක් හිමි කුඩා රවී


මම  මින් වසර විසි හතකට - අටකට   පෙර අතීතයට ගියෙමි.   ඒ අපි උසස්පෙළ කල අසු අට -අසු නමය භීම සමයටයි .

නිමිත්ත  අපේ කෙමිස්ට්‍රි  ගුරුවරයා  වූ සමන් අය්යා ය.

බණ්ඩාරවෙල  අපිත් එක්ක සමන් අය්යාගේ  පංති ගිය කෙනෙක් වූ  ( මගේ පාසැල් මිතුරා )  වෛද්‍ය  සාගර රත්නායක  මැතකදී කතා කළේය.

එදා සාගර මට සමන් අය්යා  ගේ අවශ්‍යතාවයක්  මතක් කර දුන්නේය. ඒ ඔහුගේ  වෛද්‍ය වරයා වූ සාගරගේ මල්ලී සමන් අය්යා පිලිබඳ මතක් කල දෙයකි. 

සිද්ධිය  තරමක් දුරට  සොයා බැලු මම  සමන් අය්යා සහ අපි අතර වූ සබඳතා ගැන  කතාවක් ලිව්වෙමි .

ඒ කතාවෙන් මා ඉල්ලා සිටියේ අපේ ගුරුතුමා වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු යන්නයි.

සමන් අය්යා ගැන කතාව  බණ්ඩාරවෙල  මධ්‍ය මහා විදුහලේ ආදී සිසුන් අතර වේගයෙන් ව්‍යාප්ත වී ගියේය .

ව්‍යාප්ත කිරීමේ මුලිකයා වුයේ මගේ  කතාවට මුලින්ම  ප්‍රතිචාර  දැක්වු අපේ පාසැලේ   මට එක පංතියක් පහළ සිටි  අපේ  මිතුරෙකි.

ඔහු නමින් රවින්ද්‍ර බණ්ඩාර නම් වෙයි.


මහා හඬක් හිමි කුඩා මිනිසා





මා රවින්ද්‍ර මල්ලී මුලින්ම  හඳුනා ගන්නේ  1988-89  කාලයේදීය. 

එවකට  පාසැලේ උසස් පෙළ සිසුන් වූ අපට  පැවති රජයට එරෙහිව පැවති ශිෂ්‍ය විරෝධතා වලදී  ඉදිරියට එන්නට සිදුවිය. 

ඒ පාසැලේ  ඉහළම පංති වල සිසුන් වීම නිසාය.  

ඒ කාලයේ පාසලේ  මේන් හෝල්  එක අසලට මුලින්ම රැස්වන පිරිසට එකතු වූ කුඩා හුරුබුහුටි කළු කොල්ලෙක් අපේ අවධානයට ලක් විය.

ඒ  තම කුඩා ශරීරයට  උසුලාගත  නොහැකි තරමේ සැර බර කටහඬක්  හිමි කොලු ගැටයෙකු නිසාය.

කටහඬ  පමණක් නොව ඔහු කතාකළ දේවල්ද  ඔහුගේ  තරමට තරම් නොවිය. 

අපේ පළාත්වල  සිසුන්ට ඇති අපහසුතා,  පැවති රජයෙන් අධ්‍යාපනයට වෙන අකටුයුතුකම්  ආදිය ගැන  බර සාර  කතාවක්  ඒ කාලේ  රවී මල්ලිගෙන් අහන්නට  පුළුවන් විය.

පසු කලෙක කළබල උත්සන්න වී පාසැල් වැසි යද්දී රවීලා අපි දුරස් වුවද  ඒ  කටකාර  කොළුවා මට වසර  විසි ගණනකින්  පසු වුවත් තදින් මතකයේ රැඳුනු චරිතයක් විය.

සමන් අය්යා සම්බන්ධ කතා පුවතත්  සමග රවී හා මා කෙලින්ම සම්බන්ධ වන්නේ  ඒ  අතීත මතකයන් නිසාමය.

පුද්ගලික  අධ්‍යාපනය තුල හමු වූ  මානව හිතවාදියා 



සමන් අය්යා  ගැන මා ලිවූ  කතාවට  ( අපේ කාලයේ  පුද්ගලික පංති කල මානව හිතවාදියා පිලිබඳ )  මුලින්ම ප්‍රතිචාර  දැක්වූ  රවී  අප මෙන්ම  සමන් අය්යා ගෙන් අකුරු කල අයෙකි.


කියා  මගේ මුහුණු පොතේ  දමා තිබු පණිවිඩය  මට  නැවතත් අර 1989 දී හමුවූ ස්ථිර අධිෂ්ඨානය  සහ කැපවීම    පෙන්නුම් කල  කුඩා මිනිසා මතක් කර දුන්නේය.

ඔබ අප කවුරුත් දන්නා පරිදිම  රවී එසේ යමක් කිව්  පමණින් එය අමතක කාරනා වර්ගයේ අයෙක් නොවේ.

රවී  යමකට  අත දැම්මොත්  එය  උපරිමයෙන්  වෙහෙස වී  / කැපවී  ඉටු කිරීම  රවීගේ සිරිතයි. 

 ඒ අනුව යමින්ත මගේ පණිවිඩයත්   සමග වහ වහ ක්‍රියාත්මක වූ  රවී  සමන් අය්යාගේ  වැඩේ  වෙනුවෙන් බොහෝ ඇප කැපවී වැඩ  කළේය.

රවිගේ මේ වැඩ කටයුතු දෙස  විදේශයක  සිට බලා සිටි මා හා ඔහු අතර  ලොකු සබඳතා වක් ගොඩ නැගෙන්නේ ඒ අනුවයි.

පුද්ගලික  පංති කලාවට අලුත් අර්ථකථනයක්   එක් කරන රවී  මුදල්  මත පදනම් වූ සමාජයක  අපට  හමුවූ සමන් අය්යා වැනි  මානව හිතවාදීන් තවමත්  ටියුෂන් ලෝකයේ ඉන්නා බව මට පසක් කළේය.


මම  තවමත් ඒ වර්තමාන රවී අධ්‍යනය කරමින් සිටින්නෙමි.  

ඔහුගේ වැඩ මගේ නෙතට සිතට ප්‍රිය උපදවයි.  


ඔහුගේ සහ මගේ අන්තර්ජාල  සහ  සමාජ ජාලා හරහා කෙරෙන ගණුදෙනු  හැමවිටම අවසාන වන්නේ ධනාත්මක අවසානයක් සමගිනි.



රවී අපට හිරු මෙන් විශ්වාසය.


සුභ අනාගතයක්  මිත්‍රයා !!  



ඔබේ රජත  ජයන්තියට  අපේ    උණුසුම් සුභ පැතුම් !!


ප. ලි.  

මේ  අපේ  හිතවතා  රවින්ද්‍ර බණ්ඩාර ( රබා )   තම  ගණිත  පංති යට  අවුරුදු  විසිපහක්  සම්පුර්ණ  වීම  වෙනුවෙන්  පැවැත්වෙන  ගුරු  පුජා  ප්‍රණාම  වෙනුවෙන් ලියන  ලද්දකි.  

මෙහිදී  සමන් අය්යා  ඇතුළු ගුරුවරුන් රැසක් පිදුම්  ලැබීමට නියමිතයි . 

රවී  ගැන ලියවුනු  තවත් හර්දයාංගම  සටහනක්  මෙතනින්  කියවන්න.




12 comments:

  1. ස්තුතියි ඔබට
    ඔබ කෙසේ මාව විවරණය කළද ඔබ ඉදිරියේ මම කුඩා මිනිසෙක් වෙමි.
    මා ඔබට පසුපසිනි අද

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් සහෝදරයා !!!

      Delete
  2. සුභ පතා ඇති "අර්ධ සංවත්සරය" කියන්නේ මොකක්ද?

    මේ රබා ගේ ටියුෂන් වෘත්තියේ රිදී ජුබිලියයි. එනම් කාර්තු (quarter) ශතකයයි.

    ReplyDelete
    Replies
    1. හැදුවා.. ස්තුතියි රසිකලොජි නැති බ්ලොග් ලෝකේ මොනවගේ වෙයිද? අනේ ඉතින් ඉන්නවයින් නේ මේ වගේ අපේ අත් වැරදි වුනත් අහුවෙන්නේ...

      Delete
  3. ..about a Good Man ...thanks Madhura

    ReplyDelete
  4. රිදී ජුබිලිය කියන්නේ නැතුව 'රජත ජයන්තිය' කිව්වම ලස්සනයි.

    ReplyDelete
  5. ස්තුතියි විචාරක..හදන්නම්..

    ReplyDelete
  6. රබා කියෙව්වා.. කලාතුරකින් හමුවන මිනිසෙක් වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් .. ඔන්න සින්දු කලෙක්ෂන් එකකුත් දැම්මා ..කියවලා ,අහලා කරලා බලන්න...//රබා කියෙව්වා.. කලාතුරකින් හමුවන මිනිසෙක් වගේ// රබලා අපි තව තව සුන්දර වැඩ කටයුතු වල එකමුතුව වැඩ කරන්න නියමිතයි. අවසාන පරමාර්ථය අපේ උපන්ගමට පළාතට වැඩක් කිරීම..

      Delete
    2. ස්තුතියි ගස් .. ඔන්න සින්දු කලෙක්ෂන් එකකුත් දැම්මා ..කියවලා ,අහලා කරලා බලන්න...//රබා කියෙව්වා.. කලාතුරකින් හමුවන මිනිසෙක් වගේ// රබලා අපි තව තව සුන්දර වැඩ කටයුතු වල එකමුතුව වැඩ කරන්න නියමිතයි. අවසාන පරමාර්ථය අපේ උපන්ගමට පළාතට වැඩක් කිරීම..

      Delete