Wednesday 9 November 2016

පශු ගෙවිළිය සහ ඇගේ යෙහෙළිය



අප මුලින්ම  අපේ ගමේ නිවසක් සාදවා දුන්නේ  2014 අගෝස්තුවේ අපට හමුවූ  ඇලෙක්ස් සහ ඔහුගේ බිරිඳ කළුට.

දැන් ඇලෙක්ස්ලාට  හරි ජයයි.

ඇලෙක්ස්  මගේ හිතවතෙක් වූ කමල් සසරසිංහ ළඟ  උප කොන්ත්‍රාත් කරුවෙක් ලෙස වැඩ කරද්දී කළු කුඩා ව්‍යවසායිකාවක් ලෙස තමන්ගේම රැකියාවක් කරනවා.

ඇය ලුණු දෙහි,  පොල් සම්බල්, මුරුකු , ටේස්ට් කඩල ආදිය පැකට් කර කඩවල් වලට දමනවා.



ඇලෙක්ස් තම යහළු ගොවියෙකු වූ රංජිත් රාජපක්ෂ අපට හඳුන්වා දීමත් සමග අපේ හතරවන නිවාස ව්‍යාපෘතිය ආරම්භ වුනා. ඒ අතරමග ඇනහිට තිබු රන්ජිගේ ගෙදර වැඩ ඉවර කරදීම.

එය මේ දිනවල බිත්ති කපරාරුව දක්වා ඇවිත් තියෙන්නේ.



මේ අතර කළු මට ඉමෝ හරහා දුරකථන ඇමතුමක් දුන්නා.

"හලෝ දොස්තර මහත්තයා කොහොමද ? "

"හොඳින් ඉන්නවා කළු . මොකද ඔය පැත්තේ වෙන්නේ ? "

"මම මේ ලඟදි අපේ සමිතියේ ( මෙයින් කළු අදහස් කලේ කුඩා ව්‍යවසායිකවන්ගේ රැස්වීමකි )  වැඩකට ගියා"

"ඉතින් ? "

"මාව යෝගට් හදන්නයි කේක් හදන්නයි පුරුදු කරන්න තෝරා ගත්තා කිව්වා. "

"ෂා නියමයිනේ  . දිගටම කරගෙන ගියොත් ලොකු බිස්නස් කාරයෙක් වෙන්න පුළුවන් "

"ඒක නෙවෙයි ඩොක්ටර් . එතැනදී මට හම්බවුණා නේ නියම කෙල්ලෙක් "


"ඒ කිව්වේ කළු ? "

" නෑ අපේ ගමේම එහා පැත්තේ ඉන්න කෙනෙක් .

එයත් අපේ රැස්වීම් වලට එනවා. එයා හරක් හත් දෙනෙක් හදනවලු එයාගේ ස්වයං රැකියාව විදිහට .

තවම යන්තම් අවුරුදු විසිපහක් විතර වෙන්නේ .

හරි කඩිසර කෙල්ලෙක් .

හරක් හැදුවට තවම ගාල හරියට හදා ගන්න බැරිවුණා කියලා කිව්වා .









පුළුවන් නම් දොස්තර මහත්තයට කියලා ගාලේ බිත්ති බැඳ ගන්න උදව්වක් ආර දෙන්නේ කියලා කිව්වා. "

"මොකක්ද එයාගේ නම ? මහත්තයා මොනවද කරන්නේ ?  ළමයි කී දෙනෙක් ඉන්නවද ? "

මම මගේ මූලික ප්‍රශ්න වැල කළුට ඉදිරිපත් කළා .

"අපි නම් කියන්නේ දිළි කියලා.

දිලීට එක දුවෙක් ඉන්නවා මොන්ටිසෝරි යන,  මහත්තයා ඉස්සර නම් වන සංරක්ෂණ එකේ වැඩ කළා.

 දැන් දිලිගේ හරක් ටිකට වල් කපන්න එහෙම උදව් කරගෙන ඉන්නවා මන් හිතන්නේ .

මේ අනුව කළු මගෙන් ඉල්ලා සිටින්නේ තම යෙහෙළිය වූ දිලී ගේ කුඩා ව්‍යවසාය වැඩේට අත්වැලක් සපයා දෙන ලෙස බව මම තේරුම් ගත්තා.

"හරි හරි කළු එහෙමනම් දිලී ව වෙලාවක මට ඉමෝ වලින් කතා කරන්න සම්බන්ධ කරන්නකෝ.

මම මොකක් හරි කරලා දෙන්න බලන්නම්.

අනතුරුව දිලිගේ පවුලේ විස්තර දැන ගත් මම කළු ලබා දුන් හරක් හත්දෙනාගේ පිංතුර ද ලබා ගත්තා .



තවම රන්ජිගේ නිවසේ වැඩ අවසන් නැහැ. ඒත් දීලිට සහ ඇගේ පවුලට රැකියාව හොඳින් කරගෙන යන්නට උදව් කල යුතුයි කියා සිතුණා.

ඒ අනුව අපේ හිතවතුන් ගෙන් මේ සඳහා දායක වන්නට කැමති අය සම්බන්ධ කරගන්න හිතුවා.

වැසි වාරය එන්න පෙර අපි දිලී ලාට උදව් කරමු .

මෙන්න බැංකු විස්තර 


ACC NAME : K M K K Kulasekara

BANK : BANK OF CEYLON

BRANCH: PERADENIYA CITY Branch 

ACC NUMBER: 0001288108

for overseas transfers:

Account No: 1288108

Bank Code: 7010

Branch code: 588 ( Peradeniya City Branch )


මුදල් තැන්පත් කල පසු මට මුහුණු පොතේ හෝ බ්ලොග් පොස්ටුවේ පණිවිඩයක් තබන්න.



8 comments:

  1. මට හිනා 🙃 මේ උන සිද්දිය දැකල..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටිලාන් .. මටත් හිනා ගියා

      Delete
    2. තරහ වෙන්ට එපා එහෙම කිව්වට. ඩොක්ට මොනව ලිව්වත් කොමෙන්ට් කොරන අය අද පැත්ත පළාතක නැති එකටයි මට හිනා.

      මමනම් කාටවත් උදව් කරන්නෙ නෑ. මොකද මම උදව් කොරල හොම්බෙන් ගිහිල්ල ඉන්නෙ.

      Delete
    3. හා. හා හිනා ගිය කාරණේ තේරුණා....//තරහ වෙන්ට එපා එහෙම කිව්වට. ඩොක්ට මොනව ලිව්වත් කොමෙන්ට් කොරන අය අද පැත්ත පළාතක නැති එකටයි මට හිනා.

      මමනම් කාටවත් උදව් කරන්නෙ නෑ. මොකද මම උදව් කොරල හොම්බෙන් ගිහිල්ල ඉන්නෙ// මටත් කෙනෙක් ඊයේ රෑ අනතුරු ඇඟවීමක් කළා සමාජ සත්කාර වැඩ බ්ලොග් එකේ ලියලා කියවන්නෝ එලවා ගන්න එපා කියලා. හැබැයි ටිලාන් මේ පොස්ට් එකත් 299 දෙනෙක් කියවලා මේ wenakota

      Delete
  2. මට මේ පෝස්ට් එක මගෑරිල තිබුණෙ.
    අර සත්තු ටිකට ආරක්සාවක් සලසල දෙන්න පුලුවන්නං ලොකු දෙයක් තමයි.
    වැඩේ ඉක්මනට සාර්ථක කරගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன දැනට රංජිත්ගේ ගෙදර කපරාරුව කරගෙන යනවා .තව දවස් හතරක් විතර යයි කියලා අපේ තාත්තා කිව්වා . අද 13/11/2016 ඉරිදා අපේ හිතවත් බ්ලොග් ලියන්නෙක් MBBS කරන්න රන්ජිත්ලා දිහාවේ යනවා. ඒ වැඩේ ඉවර වුන ගමන් දිලිලගේ ගාලේ වැඩේ කරන්න ඉන්නේ සමහරවිට නිර්නාමික පරිත්‍යාගශීලීයාම විතරක් වෙයි . හැබැයි ලොකු ගානක් යන එකක් නෑ කියලා තමයි හිතෙන්නේ

      Delete
  3. හරක් මඩුවලට බිත්ති ඕනෑ ඒ පලාතේ සීතල හින්ද ද? මං හිතුවේ හරකුන්ට සීතල දැනෙන්නේ නෑ කියායි.

    අර අස්සයින්ට දානවා වගේ ඇඳුමක් නරකද?

    ReplyDelete
    Replies
    1. හරක් මඩුවලට භාග බිත්ති හරි බඳින එක අපේ පැත්තේ සිරිතක් . හරක් උණ, හරක් හෙම්බිරිස්සාව එහෙම හැදෙන්නත් පුළුවන් නේ . මිනිස්සුන්ටත් ඇඳුම් හිඟ පළාත් තියෙන රටේ සත්තුන්ට ඇඳුම් අන්දවන්නේ කොහොමද?

      Delete