Tuesday 27 December 2016

..ජු මාමා අංජු මාමා වෙයි

මා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නෙමි.

ඒ මගේ වාර්ෂික නිවාඩු සති පහ අපේ ගමේ සහ නිම්මිලා ගමේ  ගත කරන බලාපොරොත්තුවෙනි.

මේ ගමනේදී මා ලියන "සොඳුරු අතීතයට " සම්බන්ධ බොහෝ චරිත සහ ඔවුන්ගේ බිරින්දෑ වරු දුවා දරුවන් මුණ ගැසුණෙමි.
එමෙන්ම සුරංග , කල්යාන , ලොකුපුතා, දුයිෂෙන් වැනි බ්ලොග් රචකයින්ද මුණගැසුණෙමි.
සුරංග දුයිෂෙන් සහ ඔහුගේ පවුලේ අය සමග මා මුණගැසෙන්නට අපේ නිවසටම පැමිණියේය.

ඒ මා ජිවිතයේ මුහුණ දුන් සොඳුරුතම අවස්ථාවකි.
ලොකුපුතා මට ගාලු මුවදොරදී මුණගැසී රංජිත් රාජපක්ෂගේ නිවසට අවශ්‍ය ෆිලර් ලබා දුන්නේය.
ලොකුපුතා මට වඩා අවුරුදු බර ගණනකින් බාල පුතෙකි.

කලන සුපුරුදු පරිදි ඔහුගේ අහස සූරන මැදුරක සිට ( තවමත් ගොඩනැගෙමින් පවතින ) මා මුණගැසුනේ  බ්ලොග් වසන්තය සම්මාන ඵලකයද මට ලබා දෙමිනි.
මේ අපේ නෑදෑයින් නොවන එහෙත් සමීප සබඳකම් ඇති හිතවතුන්ය.

මේ අතර අපේ ... ජු මාමාගේ බිරින්දෑ  අපේ අම්මාට ඇමතුමක් ගෙන මගේ කතාවේ ඔහුගේ නම පමණක් ගමේ භාවිතා වන සත්‍ය නාමයෙන්ම සඳහන් කිරීම ගැන නෝක්කාඩු කියා තිබේ.

මා ඇය මුණගැසුණු මොහොතේද ආ ඒ බව සඳහන් කලේ
"අනිත් අය ගැන බොරුනම් දාල තියෙනවලු ඒත් ..ජු මාමාගේ නම විතරක් ඒ විදිහටම ලියලා " කියමිනි

"හරි හරි මං එයාගේ නම වෙනස් කරන්නම් කෝ. එයා තමයි මගේ වැඩ වලට  ගොඩක් සම්බන්ධ . ඒ නිසා ඒ නම නිතරම ලියවෙනවා. .


හැබැයි නැන්දා එයාගෙන් අහලා බලන්න .

ඔය ලියලා තියෙනවට වඩා ගොඩක් අකටයුතු කම් ඔය කට්ටිය කරලා තියෙනවා. "

ඒ අනුව අද සිට මගේ බ්ලොගයේ අංජු මාමා නම් චරිතය මතුවනු ඇත.

18 comments:

  1. බුකියෙ දැක්ක කට්ටිය සෙට් වෙලා ඉන්නව. ඔබේ ලංකාවෙ නිවාඩුව සාර්ථක වෙන්න කියල පතනව.

    ReplyDelete
  2. සාර්ථක විවේකී නිවාඩුවක්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. තාම අංජු මාමා මුණගැහෙන්න බැරිවුණා. ඇවිදින එක නම් ඇවිද්දා සැහෙන්න.

      Delete
  3. අංජු මාමා සමග හමුවෙමු

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අංජු මාමා සමග හමුවෙමු

      Delete
  4. හොඳ නිවාඩුවක් ගතකරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ, නිවාඩු කාලේ සිදුවීම් අළලා ගොඩක් දේවල් ලියන්න පුළුවන්

      Delete
  5. හොඳ නිවාඩුවක් සහ සුබ අලුත් අවුරුද්දක් කවිඳු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අපි හැදු ගෙවල් එහෙම බලන්නත් ගියා විස්තර ටිකෙන් ටික ලියන්නයි ඉන්නේ

      Delete
  6. Replies
    1. was in Sri Lanka last month now back to work ( left Sri Lanka on the 13th ) Sorry I could not reply to you as of with internet connection issues, although they say SLT 3 G it was barely working during off peak hours only

      Delete
  7. Hello Kavindu! Have a fabulous holiday! Collect and bring back some sweet stories from the source. Regards!

    ReplyDelete
    Replies
    1. Thanks, yes many more stories collected. Hopefully I should have the desire to keep writing blogs which at times fade away..

      Delete
  8. Replies
    1. ඇයි අපි නිවාඩු ගන්න හොඳ නැද්ද? මේ කලාතුරකින් සති පහම එකවර ලැබුණු නිවාඩුවක්..

      Delete
  9. දුයිෂෙන් ගේ කඩේ පාලුවට ඇරීමට හේතු ගැන කතා වුණා ද?

    ReplyDelete
    Replies
    1. අපි ආ ගිය තොරතුරු කතා කළා පමණයි. දේශපාලනය හෝ බ්ලොග් ගැන කතා කලේ නෑ. අපි හමුවුනේ ජිවිතේ පළමු වතාවට ඒ වෙලාවේ කතා කරන්න කරුණු ගොඩයි . විශේෂයෙන් අපේ පවුල් වල තොරතුරු පොඩිකාලේ විස්තර වගේ දේවල්

      Delete