Thursday 3 May 2018

මේ එලවළු ලාභ කාලේ.. වැඩිපුර එලවළු කමු රාලේ.. (බර ,බඩ අඩු කරගන්නේ කොහොමද?)



වෛද්‍යවරුන් විදිහට අප සැම දෙනාම අපේ ලෙඩ්ඩුන්ට කියන දෙයක් තමයි
1. ඔබේ බර අඩු කරගන්න නම් දවසකට අඩුම ගානේ පැය භාගයක් හෘදස්පන්ධනය වැඩි වෙන ලෙස ව්‍යායාම කරන්න (දිවීම, බයිසිකල් පැදීම වේගයෙන් ඇවිදීම වාගේ)
2.ඔබේ ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රෙට් ප්‍රමාණය අඩු කරන්න (බත්, පාන්,පීට්සා වගේ කෑම ප්‍රමාණය ) අඩු කරන්න
කියලා කියන එක.
ඒත් මේ වැඩේ අපිම කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නේ. පසු ගිය මාස තුනක කාලයක් මේ විදිහට බර/බඩ අඩු කරගන්න ගිහින් මම ඉගෙන ගත් දේ මේකයි. වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. මම පහුගිය මාස තුන ඇතුලත කිලෝ පහක් අඩු කරගත්තේ ඒ විදිහට
1. හැමදාම හෝ අඩුම ගානේ සතිය ට දවස් පහක් කඳු නැගීම , බයිසිකල් පැදීම , ශීතල දවසක නම් ට්‍රෙඩ් මිල් එකේ දිවීම හෝ මේ දවස්වල වැඩි පුරම කරන්නාවාගේ වේගයෙන් ඇවිදීම කරා.
2. කෑම වේලකට ගන්නා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ( මම බත්ගුල්ලෙකුගේ නිසා බත් ප්‍රමාණය) පිඟානේ මුළු ප්‍රමාණයෙන් තුනෙන් එකකට සීමා කරා. ඉතිරි හරිය එලවළු සහ මස්,මාළු, සැමන්, බිත්තර වැනි ප්‍රෝටීන් වලින් පිරෙව්වා.
වැඩේ සාර්ථකයි. 
ලංකාවේ එලවළු ගණන් අඩු කාලේ මේ ක්‍රමේ අත්හදා බලන්න. අත්දුටුවයි , සත්‍යයි. ප්‍රතිඵල සැණෙකින්..

16 comments:

  1. ඇවිදීමෙන් සැනසීම ලැබේ!
    Good advice mate.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සැනසීමකුත් ලැබෙනවා. දවසේ වැඩ නිමවා ගොස් සුලුවෙලාවක් හෝ ව්‍යායාම කරොත් දිනය පුරා ගොඩනැගුනු ආතතිය ඉබේම අඩුවෙලා යනවා.

      Delete
  2. සීතල දවසක වුව ද, විනාඩි දෙක තුනක් ඇවිදින විට දාඩිය දමා ඇඟ රත්වෙන නිසා අවුලක් නැත.

    ReplyDelete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_74.html

    ReplyDelete
  4. සතියකට එක සැරයක් විතරක් දුවලා කරලා ඔය ප්‍රතිපල ගන්න බැරිද

    ReplyDelete
    Replies
    1. මොකුත්ම නොකර ඉන්නවට වඩා එක දවසක් හරි කරන එක හොඳයි වගේම සතියකට මිනිත්තු එකසිය පනහක් එක දවසක් තුල හෝ කිරීම ප්‍රමාණවත් කියලයි කියන්නේ

      Delete
  5. අගෙයි.
    මාත් වේගෙන් ඇවිදින එකනං කරනව. ඒත් ව්‍යායාමයට ඒ ටික මදි වගේ.

    ReplyDelete
    Replies
    1. අහන්න සන්තෝෂයි. පොඩ්ඩක් වේගේ වැඩි කර ලා දුවලාම බැලුවානම් තවත් හොඳයි

      Delete
  6. විපක්සා.....යි

    ReplyDelete
    Replies
    1. උඹ සතියට දවස් 8ක් දවසට පැය26 ගානෙ කරපන්

      Delete
    2. නමට ගැලපෙන විදිහට ඉන්න එපැයි . සත්‍යපාල බොරු කියන්නේ නෑ වගේ

      Delete
  7. මම හැමදාම දවල්ට කෑමෙන් පස්සේ ඇවිදිනවා. බර බහිනව කොහොමත්. කන එක කනවා

    ReplyDelete
    Replies
    1. ඇවිදීම කොහොමත් වටින වැඩක්

      Delete