Follow by Email

Friday, 29 July 2016

අවේලාවේ හමුවූ හිතවතා.




පසුගිය කළාපයෙන්



පේරාදෙණි තැපැල් කාර්යාලයෙන්  මගේ අයැදුම් පත EMS කර දිනකිහිපයක් ගෙවී ගියේය.

මේ කියන දවසේ මම  මාවනැල්ලේ නිවසට වී  සිටියෙමි.

 සාමාන්‍යයෙන්  මම ඉන්ටර්නෙට් බලන්නේ SLT ඉන්ටෙර්නෙට්ර් කාඩ්  එකකින් මගේ  පරිගණකය  සම්බන්ධ  කරගෙනයි.

එදත්ඊ එලෙස ඉන්ටනෙට් ගිය මම  මගේ ඊ  මේල් බැලුවේ ටිනාට මගේ අයදුම්පත ලැබී ඇද්දැයි බලන්නටයි.

  ඒ වනවිට මගේ මහාචාර්ය තුමිය ටීනා ගෙන් මට ඊ මේල් එකක් ලැබි තිබිණි.

"කවිඳු ඉක්මනට  ඇප්ලිකේෂන්  එක එවන්න . තව දවස් දෙකයි ක්ලොසින් ඩේට් එකට තියෙන්නේ"

එහි සඳහන් වී තිබිණි.

"මම EMS කරලා දවස් හතර පහක් වෙනවා . අද හෙට හම්බවෙයි " මම පිළිතුරු ඊ මේල්  එකේ සඳහන් කලෙමි.

තව දවසක් බලා සිටියෙමි.  ඒ පේරාදෙණියෙන් යැවූ මගේ ලිපිය EMS හරහා නෙදර්ලන්තයට යනු ඇතියි යන බලාපොරොත්තුව පෙරදැරි කරගෙනයි.

පසුදා දහවල් වෙද්දී ( නෙදර්ලන්ත වේලාවෙන් පාන්දරම ) ටීනා නැවතත් මට ඊ ලිපියක් එවා තිබිණි.

"වැඩේ හරියන්නේ නෑ කවිඳු  ...අද කොහොමහරි ඔක්කොම ලියකියවිලි ස්කෑන් කරලා මට ඊ මේල් කරන්න . මම  රිසර්ච්  ඔෆිස් එකට ඒවා  ඔයාගේ ඇප්ලිකේෂන් එක විදිහට බාර දෙන්නම්.

කඩිමුඩියේ ලියකියවිලි ටික  හදා ගත් මට දෙවියන් සිහිවුයේ ඒ වනවිට අපේ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල සම්බන්ධ තාව බිඳ වැටී ඇති බව මතක් වූ විටයි .

"දැන් මොකද කරන්නේ ? "  තැපැල් කාර්යාල ගැන  තිබු විශ්වාසය ද EMS සිද්ධියත් සමග බිඳ වැටී  ගොස්ය.

"ඔන්න ඔහේ ඒජන්සි පොස්ට් ඔෆිස් එකක් වත් හොයන් යනවා.  "

හිත හදාගෙන පාරට බැස්සෙමි.

"මාවනැල්ලට යනවද  කෙලින්ම කෑගල්ලට යනවද ? "

සිතමින්  මාවනැල්ලට යන බසයකට ගොඩ වුයෙමි  ( මම ඒ  වනවිට  නෙදර්ලන්තයේ වසර දෙකක් ගතකර සිටියෙමි.  නෙදර්ලන්තයේ  යෑමට පෙර මගේ කාර්ඒ එක විකුණුව  නිසා ඒ දිනවල  මට කාර් එකක් තිබුණේ නැත ).

මාවනැල්ලට පැමිණ ඒජන්සි තැපැල් හලක් හොයන්නට පටන් ගත්තෙමි.

බලන බලන ඒජන්සි පොස්ට් ඔෆිස් එකේ   "වසා ඇත "   යැයි බෝඩ් එකක් දොරේ එල්ලා තිබේ.

අසල සිටි කෙනෙක් ඇමතු  මා

" ඇයි දන්නේ නෑ  මේ කඩ ඔක්කොම වහලා අද ? "  කියා ඇසුවේ එසේ වීමට හේතුවක් එක් වරම හිතට ආවේ නැති නිසයි.

"ඇයි මහත්තයා අද සිකුරාදා නේ  . ගොඩක් මුදලාලිලා පල්ලි ගිහිල්ලා "  .

යැයි පිළිතුරක් ලැබිණි.

"තව පැයකින් විතර ඒයි මහත්තයා . ටිකක් හිටියා නම් හරි  " ඔහු මගේ කලබල කාරී ස්වභාවය හඳුනාගත් සෙයකි.

"නෑ අංකල් මන් කෑගල්ලට  ගිහිල්ලා බලන්නම් "

මම නැවතත් බස් නැවතුම් පල දෙසට පියමැන්නෙමි.



පළමු හමුවීමෙන් ම හිතවත් වූ  අමුත්තා 





මා කෑගල්ල නගරයට පැමිණෙන විටත්  හවස තුනට පමණ වන්නට ඇත.  

ඒජන්සි පොස්ට් ඔෆිස් එකක් හොයා යන ගමන ඵල රහිත බව පෙනුනේ පෙනෙන තෙක් මානයක එවැන්නක් නොතිබීමත්  අසන අසන අය  තැපැල් කාර්යාලය හැර කිසිවක් ගැන නොදැන සිටීමත් නිසාය.

කෑගල්ලේ සිංගර් එක ලඟට පැමිණි මම ඒජන්සි තැපැල් හලක් තිබෙන්නේ කොහේදැයි විමසුවෙමි. 

මා ප්‍රශ්නය ඇසු පුද්ගලයා  ඒ හරිය ගැන හොඳින් දන්නා බවක් දක්නට ලැබිණි.

සිංගර් එකට යාබදව ඇති වැඩ නිම නොකළ තට්ටු තුනක ගොඩනැගිල්ලක් පෙන්වූ ඔහු

"ඒජන්සි පොස්ට් ඔෆිස් නම් මම දන්නේ නෑ සර් හැබැයි මෙන්න මේකේ තුන් වෙනි තට්ටුවේ කම්පියුටර් කඩයක් නම් තියෙනෙවා . ගිහින් බලන්නකෝ "

යැයි පැවසීය. 

"හැබැයි ඒ කට්ටිය වැඩ කරන්නේ නම් රෑට වගේ මම හිතන්නේ ". 

ඔහු කියනා ආකාරයට නම් මේ රෑ කම්පියුටර්  කඩයකි. 

"කෝකටත් ගිහින් බලනවා " යැයි හිත හදාගත් මම පටු සිමෙන්ති පඩිපෙළ නගින්නට පටන් ගත්තෙමි.

තුන්වෙනි තට්ටුවට ලඟා වුවද කිසිම පරිගණක කඩයක ලකුණක් පෙනෙන්නට නැත.  

පඩිපෙළ වම්පැත්තේ වසා තිබු දොරක් දුටු මා එයට තට්ටු කලෙමි. 

"ගෙදර කවුද ?  ගෙදර කවුද ? "

සුලු මොහොතකින්    දොර විවුර්ත විණි.

සිනහමුසු එහෙත් විඩාබර මුහුණකින් යුත් කාන්තාවක්  දොර අසල සිට ගෙන සිටි. 

"මෙතන කම්පියුටර් කඩයක් තියෙනවා කිව්වා..? "

මම ප්‍රශ්නාර්ථයක් සහිත  හඬකින් පැවසුවෙමි. 

"ඔව් . ඔව් අපි කම්පියුටර් වලින් වැඩ කරනවා.  පොඩ්ඩක් ඉන්න මම මහත්තයා  කූද්දලා  එන්නම්.."

ඇය නැවතත් කාමරයක් ඇතුළට ගියාය.  

"පෙනෙන හැටියට මෙයාලගේ ගෙදරත් කම්පියුටර් කඩෙත් එකම තැන වගේ තියෙන්නේ ? "

මම මටම කියාගත්තෙමි.

"මේ මහත්තයා කවුද?  මොකක්ද අපෙන් කෙරෙන්න ඕනේ ? "

නිදිමත ඇස් පිසදමමින් පැමිණි  අයෙක්මා මගෙන් විමසිය. 

ඔහු බැලු බැල්මට අප හා  සම වයසේ අයෙක්  බව පෙනෙන්නට තිබිණි.

"මගේ නම කවිඳු . මම පේරාදෙණිය කැම්පස් එකේ ලෙක්චර කෙනෙක් "

"ආ .. ඇත්තද ? සන්තෝෂ යි හඳුනාගන්න ලැබුණු එක ගැන .  

කම්පියුටර් කඩයක් හොයනවා කියලා අපේ නෝනා කිව්වා.?

ඉතින් හිටගෙන ඉන්නේ එන්නකෝ ඇතුළට වාඩි වෙන්න.  

මේක අපේ ගෙදර. අපි මෙතැන කුළියට ඉන්නේ "

"එතකොට කම්පියුටර් කඩේ ? "

"එන්නකෝ ඇතුළට පෙන්නන්න "

මා නොදන්නා හිතවතා මා ඔහුගේ නිවස   ඇතුළට කැඳවා ගත්තේය.

විසිත්ත කාමරය වැනි කොටස පසු කල ඔහු . 

"මෙන්න මෙතැන තමයි අපේ කම්පියුටර් තියෙන්නේ " 

කියමින් එම "නිවස " ඇතුලේ තිබු තවත් කාමරයක් ඇතුළට මා රැගෙන ගියේය. 

"බබා තේ එකක් හදන්න මේ මහත්තයට " යැයි තම බිරිඳ ඇමතු ඔහු මට  පරිගණක කාමරය පෙන්නන්ට විය.

මා දුටු දර්ශනයෙන් පුදුමයට පත් වීමි.




















පිළිවෙලට  මේස මත තබා තිබු පරිගණක දහයක් දොළහක් පමණ පිරුණු කාමරයකි. 

ඒ සියල්ල අන්තර්ජාල යට සහ ප්‍රින්ටර් , ටෙලිෆෝන්  , ෆැක්ස්  ආදියට ද සමබන්ධ කර තිබේ .

"කෝ කවුරුත් වැඩ කරනවා පෙන්නේ නෑනේ .. ? "

මා කුතුහලයෙන් යුතුව ප්‍රශ්න කළෙමි.

"අපි වැඩ කරන්නේ රෑට.  මොකද අපේ බිස්නස් තියෙන්නේ අමෙරිකාවත් එක්ක.  

එහේ  දවල් කාලේ අල්ලලා තමයි අපේ වැඩ පටන් ගන්නේ රෑ අට විතර වෙනකොට  අපේ සේවකයෝ එනවා.

අපි ළඟ දහදෙනෙක් වැඩ කරනවා  රෑ අටේ ඉන්දලා උදේ හය වෙනකම් "

ඔහු තම පරිගණක ආයතනය ගැන මට විස්තර කරන්නට විය. 

"එහෙනම් මම ඇවිත් තියෙන්නේ හරිම තැනට.. මට ලොකු ඇබැද්දියක් වෙලා ඉන්නේ "

මම මගේ EMS ප්‍රශ්නය සහ ටීනා මගේ අයැදුම් පත් එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නා කතාව අමුත්තා සමග පැවසුවෙමි.

"අය්යෝ අපි ගාව සේරම තියෙනවා .  මම ස්කෑන් කරලා දෙන්නම් 

කෝ ගන්නකෝ ඩොකියුමන්ට්ස් ටික ".

අමුත්තා ජිවිතේ ප්‍රථම වතාවට හමුවූ නාදුනන මිනිසෙක් වෙනුවෙන් සියල්ල කරදෙන්නට සුදානම් ය . 

මගේ මුහුණේ ඇති අපබ්‍රංශ පෙනුම  තේරුම් ගත් ඔහු .

" මම සුරාජ් විමලානන්ද අපේ මුල්ගම බදුල්ල  . කවිඳුලා ගෙවල් කොහෙද ?"

යැයි මා හට ඔහු හඳුන්වා දෙන්නට විය.

"ආ ඇත්තද? අපිත් ඒ පැත්තේ තමයි.  මම මගේ ගම සහ පාසැල ගැන ඔහුට පැවසුයෙමි. "

"ඒක නෙවෙයි කවිඳු  ඔයා දැක්ක ගමන්  මට මතක් වුණේ  අපේ අය්යාගේ හොඳ යාලුවෙක් එයාගේ නම සමන්ත නාමරත්න "

 එයාගේ  මුහුණුවරත්  ඔයාගේ වගේ මයි. 

 ඔයා දන්නවද සමන්ත අය්යා ? 

"සමන්ත කියන්නේ මගේ අය්යා . එයා දොස්තර කෙනෙක් . එතකොට ඔයාගේ අය්යත් දොස්තර කෙනෙක්ද? "

"ඔව් . ඔව් . සමන්ත අය්යයි අපේ අය්යය් එක බැච් එකේ "

"හරි හරි මට මතක් වුනා එතකොට බදුල්ලේ සමීර විමලානන්ද කියන්නේ ඔයාගේ අය්යද? "

මම පුදුමයෙන් පුදුමයට පත් වුයේ එකටම ඉගෙන ගත් අය්යලා දෙදෙනෙකුගේ මල්ලිලාට හමුවන්නට මීටත් වඩා සුදුසු ක්‍රමයක් තවත් තිබේදැයි   සිතමිනි.
























ගහට ගහක් මොරටුවේදී හමුවෙන වා  කියන්නේ කට කහනවට නෙවේය.

බදුල්ලේ උපන් සුරාජ් සහ ඒ ආසන්නයේ පිහිටි නගරයක උපන් මම   මේ අවේලාවේ කෑගල්ලේදී මුණගැසෙන්නේ එබැවිණි.

කෙසේ වෙතත් ඒ හමුවීම මටනම්  මහත් ආශීර්වාදයක් විය. 

මගේ සියළු ලියකියවිලි සුරාජ් ළඟ තැබූ මා නිම්මිලා නිවස වෙත පියනැගුවේ ඉතා සැහැල්ලුවෙනි.

ඒ  එදින රාත්‍රියේ සුරාජ් සියළු ලියකියවිලි ටීනා වෙත යවන්නට පොරොන්දු වූ නිසයි.

සුරාජ් ලා සමග පැයක් දෙකක් ගත කල මා නිවසට ළඟාවූ වහාම නිම්මි සමග සියළු විස්තර පැවසුවෙමි.


"මට හැමදාම ඔහොමමයි  වෙන්නේ... 

කොච්චර  ලැබෙන්න තිබෙන දේ නැතිකරන්න හැදුවත්    අන්තිම මොහොතේ කවුරු හරි ඇවිල්ලා මට පිහිට වෙනවා .

 මාර වෙලාවක් තමයි  මට නම් තියෙන්නේ  "


මම හැමදාම නිම්මිට කියන කතාව එදත් කියන්නට හැකිවීම මගේ වාසනාවකි. 

සුරාජ් ලා ගැන විස්තර අසා නිම්මිද ඉතා පැහැදුණු සිතැත්තියක් වුවාය.

පහුවදා   පාන්දර  මගේ අලුත් හිතවතා සහ ඔහුගේ බිරිඳ මුණ ගැසෙන්නට යන ගමනට නිම්මිද මා සමග එකතු වුයේ එබැවිණි.

ඒ වනවිටත් 

"Dear Kawindu,

I have received all the necessary documents today.  I have alredy submitted your application to the reserch office and hopefully we will hear something soon.

Best regards,

Tine " 

යැයි ඊ  ලිපියක් මා වෙත ලැබී තිබිණි.  










24 comments:

  1. Replies
    1. බදුල්ල තහනම් කරන්නද හදන්නේ ??

      Delete
    2. ටියුබ් ලියිට් නේ.. දැන් තමයි තේරුණේ .. 296 බදුල්ල- බණ්ඩාරවෙල වගේ..ඔන්න රසිකගේ "අදහසට" හරියන්න පින්තූරයක් දැම්මා..

      Delete
  2. Replies
    1. yes, " finally, eventually , ultimately at last ...." Thanks Lalith

      Delete
  3. බදුල්ලේ කොල්ලෙක් කියන්නේ ඉතිං සුපිරිම තමයි.. ඔහොම කියල පේජ් එකක් තියෙනවා ෆේස්බුක් එකේ.. එලකිරි වගේ කොල්ලෝ තමයි කොහොමත් බදුල්ල පැත්තේ ඉන්නේ .. ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. //එලකිරි වගේ කොල්ලෝ තමයි කොහොමත් බදුල්ල පැත්තේ ඉන්නේ .. // නැතුව නැතුව.. ඒකනේ අපි කියන්නේ බ්ලොග් ලියන උන් උනත් බදුල්ලෙන් එන බ්ලොග් කාරයෝ ගින්දර වගේ කියලා..

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මකන්නේ බලාගෙනයි... මම දැක්කා කවුද කියලා තියෙනවා "හිරේ " යන්න පුලවන් කියලා.. හි. හි..

      Delete
  5. අපේ ගම කෑගල්ල හරිය? ආයේ වරදින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක .. වැරදෙන්නේ නැද්දත් අහනවා .. ඒකනේ අපේ නිම්මියි සුරාජ්ගේ බිරිඳයි වගේ කෑගල්ලේ කෙල්ලෝ දෙන්නෙකුට මායි සුරාජුයි වගේ "බදුල්ලේ එළකිරි කොල්ලෝ දෙන්නෙක් " ලැබෙන්නේ.. කෑගල්ලේ නම් හරියනවාම තමයි ඉතිං... ඊළඟ පාර ලංකාවට ආවහම හම්බවෙන්න බලමු අපි වැඩි කාලයක් ගත කරන්නේ කෑගල්ල පැත්තේ තමයි..

      Delete
    2. මම 1989 - 90 කාලයේ බදුල්ලේ සේවය කළා. මගේ බලඇණියේ සැරයන් මේජර් කෙනෙක් ඉන්නවා බදුල්ලේ. ජයසිංහ කෙනෙක්. නෑදෑයොද?

      Delete
    3. බදුල්ලේ හරියටම කොහෙද හිටියේ? .. 1989 -1990 තමයි අපි උසස්පෙළ කරේ... අපට නෑදෑයෝ වෙන නිලධාරීන් හිටියේ රාජපක්ෂලා ජයසිංහ කෙනෙක් හිටියේ නැහැ..

      Delete
    4. බදුල්ල සම්බන්ධිකරණ මූලස්ථානය (පිංඅරාව), හාලිඇල කඳවුර. ( ඒ කාලේ හාලිඇල ම.ම.වි. හිටිය විදුහල්පති බෝගහකුඹුර මගේ හිතවතෙක්) දෙමෝදර කඳවුර. බදුල්ල නගරයේ තිබුන කඳවුරේ හිටියේ කාලතුවක්කු හමුදාව.

      Delete
    5. දැනට අසනීපවී තරමක් අසාධ්‍ය තත්වයෙන් ඉන්න මගේ හමුදා මිත්‍රයකු බලන්න තව සතියකින් පමණ බදුලු යන්න හිතාගෙන ඉන්නවා. යාලුවා ඉන්නේ පීලිපොත පාරේ.

      Delete
  6. රසවත් ලියවිල්ලක්
    එක හුස්මට කියවගෙන ගියා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රබා... තාත්තගේ ඉස්කෝලෙන් පස්සේ මොකුත් ලියවුනේ නෑ නේද ?

      Delete
  7. ලෝකෙ අපි මවන තරම් කළු නෑ කියල හිතෙන්නෙ මේ වගේ මිනිසුන් නිසා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පස්සේ තමයි දැන ගත්තේ ඒ වෙනකොට සුරාජ් ඇමෙරිකාවේ පරිගණක සම්බන්ධ PhD එකක් ඉවර කරලා ඇවිත් අමෙරිකාවත් සමග බිස්නස් කටයුතු ( පරිගණක සම්බන්ධ ) ඔන්ලයින් කරපු එක්කෙනෙක් ඒ කාලේ දැන් නම් ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක පරිගණක අංශයේ ලොකු තනතුරක ඉන්නේ..

      Delete
  8. ඒ කාලෙ තිබ්බ ඩයල් අප් කනෙක්ෂන් එකකින් ඇමරිකාව එක්ක ගනුදෙනු කරනව කියන්නෙ පොර හොඳ මොළයක් තියෙන කෙනෙක් වෙන්න ඕන.

    මොනව උනත් දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ ඔය වගේ ඒවට වෙන්නැති.

    ReplyDelete
  9. ස්තුතියි Praසන්ன,
    ඔව් ඔව් මිනිහ හරි උත්සාහවන්තයා මම ඊට පස්සේ කෑගල්ලේ ගියොත් එයාගේ කඩේටත් ගොඩවෙලා එන්නේ.. පස්සේ කාලෙක අපේ "මගනැගුම හා ගම නැගුම " වැඩ බලන්නත් සුරාජ් ආවා..

    ReplyDelete
  10. කොහොමත් හොඳ දෙයක් ලබා ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ කවිඳු...අවසානයේ අරමුණ ඉෂ්ට කරගත්තනෙ...ඒ ගැන බොහොම සතුටුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු වැහි ,
      අන්තිමට මට ඒ සිශ්‍යත්වේ හම්බවුනා ලිස්ට් එකේ මුලටම තේරිලා ඒ වුනාට මම ගියේ නෑ... අපේ නෑදෑයින් ගැන හිතලා ඕස්ට්‍රේලියා ගියා.. මම ඒ ගැන පොස්ට් කිහිපයක්ම ලිව්වා...http://helmalu.blogspot.com.au/2016/06/blog-post_19.html

      Delete