මේ වනවිට මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටි එවකට ලංකාවේ වුර්තිය පුහුණු අමාත්‍ය අංශයේ ලේකම් තුමාගේ පුත් "මිතිල පාතේගම " සමග දුරකථන මගින් සම්බන්ධ වී සිටියෙමි.
මිතිලගේ අංකය මට ලබා දුන්නේ එය ඉඹුලාන ගෙන් ඉල්ලා ගත් අපේ ලෙනදොර මල්ලී විසිනි.
මිතිල හා මා අතර ඇති වූ සාකච්චා ඉතා සාර්ථක විය. මිතිල ලංකාවෙන් ඕස්ට්‍රේලියාවේ බටහිර ප්‍රදේශයට මේසන් වරු ගෙන්වන ද්විපාර්ශවිය ගිවිසුම ගැන සියළු විස්තර මට සපයා දුන්නේය.
එම ගිවිසුම අත්සන් කර තිබුණේ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ටෙක්නිකල් කොලිජියත් (TAFE WA) NITA SL දැන් වුර්තිය පුහුණු විශ්ව විද්‍යාලය සමගයයි .
ඒ මිතිලගේ තාත්තා ස්ථිර ලේකම් ධුරය දැරූ ශ්‍රී ලංකාවේ වුර්තිය පුහුණු හා විදේශ රැකියා අමාත්යන්ශයේ මැදිහත් වීම මතයි.
මෙම විශ්ව විද්‍යාලය රත්මලාන ප්‍රදේශයේ පිහිටා ඇති අතර ලෙනදොර හරහා මා හඳුනා ගත් උයන්හේවා මහතා තවමත් එහි කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරයි.
මිතිල සඳහන් කල තොරතුරු, ඉඹුලාන මහතා සමග වූ දුරකථන සාකච්චා සහ උයන්හේවා මහතාගේ සමග ඇති වූ සකච්චා වල ප්‍රතිඵලය වුයේ ඇමතිගේ චිට් එකෙන් එන හතලිහක කණ්ඩායම සමග අපේ හතරදෙනාට ද ඔස්ට්‍රේලියාවට ඒමට සියළු වැඩ කටයුතු සැලසෙන බව ස්ථිර වීමයි.
ඒ පදනම මත උයනහේවා මහතා වුර්තිය පුහුණු අමත්යන්ශ්යෙන් ඉංග්‍රීසි ඉගැන්වීමේ කඩිනම් පාඨමාලවට තමන් ලඟට ආ හතලිස් දෙනා අතරට අපේ හතර දෙනාද රිංගවා ගත්තේය.
ඒ අනුව මගේ සියළු සැලසුම් පොතේ හැටියට සිදුවුවහොත් වසරක් දෙකක් අතුලත අපේ මස්සිනා වාරු පැයට ඩොලර් හතලිහක -පනහක වැටුපක් ලබන රැකියා ලබා බටහිර ඕස්ට්‍රේලියාවේ පදිංචියට එනු ඇත.
මා පිටරට ඒමට කල කැපකිරීම් හා මහන්සිය සලකු විට ඔවුන්ට කරන්නට ඇත්තේ ඉතා සුළු වැඩ කොටසකි.
මේ අතර අපේ කට්ටිය චමරිය ජයටම කරගෙන යමින් IELTS අරමුණු කරගෙන කෙරුණු උයනහේවා විසින් වෘත්තීය පුහුණු විශ්ව විද්‍යාලය තුල පැවැත්වූ ඉංග්‍රීසි පංතියට සහභාගී වූහ.
"හලෝ මිස්ට උයනහේවා .. මම කවිඳු කතාකරන්නේ ? කොහොමද ඔයාලගේ වැඩ පිළිවෙල?"
ඉංග්‍රීසි පාඨමාලාව මැද හරියකදී මා ගත් දුරකථන ඇමතුමකි.
"හොඳයි ඩොක්ටර් කරගෙන යනවා. ඔයාගේ නෑදෑයෝ හතරදෙනා නම් හරි උනන්දුයි.
වැඩියෙන්ම අර ලෙනදොර කියන එක්කෙනෙයි විපුල් කියලා එක්කෙනෙක් ඉන්නේ... එයයි.
ඒ දෙන්නා මට නිතරම කියනවා කොහොමහරි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා තමයි පස්ස බලන්නේ කියලා .
ඔයා එයාලා වෙනුවෙන් වෙන මහන්සිය ගැනත් එයාලා මට නිතර මතක් කරනවා.
ඩොක්ටර් කරන්නේ හරි හොඳ වැඩක්..
මේ වගේ උවමනාවකින් ඉගෙනගන්න කට්ටියක් මට ලබා දුන්න එකත් ලොකු දෙයක් ..
අර හතලිහට විතරක් ඉගැන්වුවා නම් මට මේක එපා වෙනවා. "
මගේ අදහස ටිකෙන් ටික මල් ඵල ගැන්වෙමින් තිබේ.. ලෙනදොරලා නියම උනන්දුවෝ ලෙස වැඩ කරති. ඒ නිසාම උයන්හේවා ද ගුරුවරයෙක් ලෙස ආත්ම තෘප්තියක් ලබයි..
එහෙත් ඔහු නොදන්නා දෙයක් ඇත.
දිනපතා දුරකථන ඇමතුම් ගනිමින් , සමහර විට ස්කයිප් හරහා ලෙනදොර ලාට ඉංග්‍රීසි වචන සහ යෙදුම් කියාදෙමින් මා ඔවුන් උනන්දු කරන හැටිත්
"..ඉංග්‍රීසි කියන්නේ පණ යන්න දෙයක් නෙවෙයි .
ඕක භාෂාවක්..
උඹලා ඉංග්‍රීසි වලට ඔච්චර භය වෙන්නේ ඇයි ? මෝඩ නොවී ලැබෙන චාන්ස් එකෙන් වැඩක් ගනිල්ලා..
මෙහෙම චාන්ස් එකක් ආය එන්නේ නෑ උඹලට "
යැයි අපේ මස්සිනාලාව ප්‍රශ්න කරමින් මා ඔවුන්ව ඉංග්‍රීසි ඉගෙන ගැනීමට උනන්දු කරවන හැටිත්
උයනහේවා දන්නේ නැත.
මම ඒ දිනවල සමහර අවස්ථා වලදී ( විශේෂයෙන් ඉංග්‍රීසි ඉගෙනීමට ඇති කම්මැලිකම පෙන්වූ අවස්ථා වලදී ) අපේ සොයුරියන්ගේ වල්ලභයන් ඇමතුවේ ...
එදා අප මග නැගුමේ අවසාන අදියරේදී ඩිංගිරි මාමා ඇමතුවා වැනි වචන වලිනි.
ඒ සියළු කැපකිරීම් අවසානයේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ඇති භය/ අපහසුව නිසා මේ අය ඕස්ට්‍රේලියා ගමනින් ඉවත් වේ දැයි ඇතිවූ සැකය නිසාය.
ඒ වෙනුවෙන් වැය වූ මගේ වටිනා කාලය හා ශ්‍රමය වතුරේ යාවි දැයි සිතුනේ වුවද මේ වන විටත් මා බොහෝ සෙයින් "ගඟට හිනි කපා තිබු කෙනෙක් නිසා " ඒ ගැන මට ලොකු කනගාටුවක් තිබුනේ නැත.

ඉංග්‍රීසි භාෂාව සහ "අපේ අය "

ඊළඟ පොස්ට් එකෙන් කස්ටියම ඔසී ද? 👊
ReplyDeleteකියවලාම බලමුකෝ.... ජයවේවා !!!
Deleteඔබේ මහන්සිය සහ මුදල් අපතේ නොයවා මේ වගේ මහන්සියෙන්, කැපවීමෙන් මේ හකර දෙනා වැඩ කිරීම දෙගොල්ලන්ගෙම වාසනාවක්.
ReplyDeleteමේ සියල්ලටම ඔබේ සංවිධාන ශක්තිය වැදගත්වූවායැයි හිතනව.
අදහස් දැක්වීමට ස්තුතියි..Praසන්ன ඒ අය සෑහෙන කැපවීමක් පෙන්නුම් කළා . ඒ වගේම ඉවසීමත් පෙන්නුම් කරන්න අවශ්‍ය වුනා. ඉදිරියට කියවන්න
Deleteමං ඔය IELTS විභාගය ලියූ හැටි ගැන ලියන්නට හිතුණා. සහතිකය හොයා ගන්න ඕනෑ මුලින් ම.
ReplyDeleteස්තුතියි රසික , මමත් හිතන් ඉන්නවා ලංකාවේ ඉඳන් මෙහෙ එන්න හිතන් ඉන්න දොස්තර වරුනට ප්‍රයෝජනවත් වන දෙයක් ලියන්න IELTS විභාගය ලියූ හැටි හා AMC විභාගය ලියු හැටි.. වෙලාව තමයි හොයාගන්න බැරි..
DeleteIELTS 6.5, 7 හෝ ඊට එහා කියන්නෙ සෑහෙන දැණුමක් නේද?
ReplyDeleteඅදටත් ක්‍රියාත්මක වැඩසටහන් නම් කොච්චර ඇද්ද?
ජයවේවා..!!
//IELTS 6.5, 7 හෝ ඊට එහා කියන්නෙ සෑහෙන දැණුමක් නේද?
ReplyDeleteඅදටත් ක්‍රියාත්මක වැඩසටහන් නම් කොච්චර ඇද්ද?// ඔව් ඔව් සෑහෙන දැනුමක් ඒත් ඔය වැඩේ කරන්න බැරි දෙයක් නෙවෙයි.. මගේ යාලුවෙක් ඉන්නවා මට 2000 දී හම්බවෙද්දී මෙහෙ එන්න IELTSකරන්න පටන්ගෙන 2007 දී තමයි සාර්ථක වුණේ. ඒ මහන්සියේ ප්‍රතිඵල අද ඔහුත් ඔහුගේ පවුලත් පමණක් නොව අපේ රටත් භුක්ති විඳිනවා ඔහු කරන සමාජ සත්කාර හරහා.. ඔහු ආවේ වෙන වැඩසටහනකින් ඒ ගැන පස්සේ ලියන්නම්
පොරක්නේ.
ReplyDeleteකරා පොරක්...
Deleteඊළග එකත් ඉක්මණින් ලියන්න...
ReplyDeleteලියන්න ඕනේ.. වෙලාවක් එනකන් ඉන්නේ .. ස්තුතියි
Deleteකවිදු ඉන්න තිබ්බෙ ලංකාවෙ පාර්ලිමේන්තුවේ. අවාසනාව කියන්නෙ, ඉන්න ඕනෙ අය නෙවෙයි එතන ඉන්නෙ,
ReplyDeleteස්තුතියි.. ඕකට යන්න අවශ්‍ය අනෙක් සුදුසුකම් (අපේ චන්දදායකයෝ කැමති ඒවා ) අපිට නෑනේ???
Deleteමේක කොට වැඩියි ඉක්මනට ඉතුරුටික දාන්ඩ
ReplyDeleteස්තුතියි අටම්... මටත් හිතුනා. ඉතුරු හරිය ඉකමනින් ලියනා ඕනේ..
Deleteඔබ වෛද්‍යවරයෙක් නිසා මං අසන පැනයට පිළිතුරු දිය හැකියැයි සිතනවා.
ReplyDeleteමට දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිත සාමාන්‍ය උපාධියක් තියෙනවා. (GPA=3.42) දැනට විවෘත විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ demonstrator කෙනෙකු වශයෙන් සේවය කරනවා.
ඒ අතරේම මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Medical Physics M.Sc. උපාධිය හදාරනවා. තව අවුරුදු 2,3 ඇතුළත M.Sc. එක නිම කරන්න හැකි වේවි.
මගේ ප්රශ්නය මේකයි. Medical Physicist කෙනෙක් වශයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීමේ හැකියාවක් තිබෙනවාද? Medical Physicist කෙනෙකු හට ඇති රැකියා අවස්ථා කෙබඳුද? රැකියාවක් සොයා ගැනීම පහසුද?
ස්තුතියි ඔබේ ප්‍රශ්නෙට චරිත්... ඔබට සුදුසුකම් ඉහටත් උඩින් තියෙනවනේ ? IELTS හැම කොටසකටම 7 ගානේ ඕනෙද මන්දා ... බලන්න මෙන්න ලින්ක් එක
Deletehttp://www.visabureau.com/australia/anzsco/jobs/physicist-job-australia.aspx
අපිත් එක්කත් ඉන්නවා මේ අය X ray දෙපාර්තමේන්තුවේ එහෙම..
මේ පාරේ යන්න
http://www.visabureau.com/australia/skilled-occupation-list.aspx
මෙන්න ඔස්ට්‍රේලියා සංක්‍රමණය පිලිබඳ වෙබ් පිටුව..
https://www.border.gov.au/Trav/Work
ජයවේවා!!!
චරිත් මෙඩිකල් ෆිසිසිට් විදිහට ඔබේ SKILL ASSESS කරන්නේ මෙන්න මේ ආයතනයෙන්
Deletehttps://www.acpsem.org.au/
ඒකට ඊ මේල් එකක් යවන්න ..ජයවේවා !!
මෙන්න චරිත්.. ඊ මෛල් එක https://www.acpsem.org.au/contact-us
Deleteබොහොම ස්තූතියි තොරතුරු වලට. M.Sc. එක ඉවර වෙච්ච ගමන් එන්න බලන්නම්...:)
Deleteනියමයි... දිගටම ඉංග්‍රීසි පුරුදු වෙන්න...
Deletehttp://www.abc.net.au/radionational/
මේක හරි හොඳයි පුරුදු වෙන්න..
This is a very good site to practice all 4 components of IELTS...good luck!!!
බොහොම ස්තූතියි ඔබ ලබා දුන් තොරතුරු වලට.
Deleteඔස්ට්‍රේලියාව පෙනෙන නොපෙනන මානයේ යන ලිපි පෙළ මම ඉතා ඕනෑකමින් කියෙවුවෙමි.NVQ සහතිකයක් ලබා ඇති අයට ඔස්ට්‍රේලියාවට රැකියාවක් සදහා හෝ පැමිණීමට සම්බන්ද වියයුත්තේ කුමන ආයතන ආදියද , අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිය කුමක්ද යන්න කුඩා හෝ පැහැදිලි කිරීමේ ලිපියක් දමන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. NVQ 3 න් ආරම්භ කර ඔබ සදහන් කල වෘත්තීය තාක්ෂණ වි වි NVQ 7 දක්වා අද්යාපනය හදාරා ඇති අප වැනි අයට එය මනා පිටුවහලක් වේ යැයි විශ්වාස කරමි. ඔබට ජය..
ReplyDeleteස්තුතියි සම්පත් ... ඔබට සහතිකය තියෙනවානම් දැන් කල යුත්තේ මෙසන් වරයෙක්/වඩු කර්මිකයෙක් හෝ ඔබ ඉගෙනගත් දෙයින් EPF/ETF ගෙවන තෑනක රැකියාව කරන එක. අවුරුද්දක් දෙකක් එහෙම වෑඩ කරන් යද්දි migration agency එකකට ගිහින් රෑකියාවකට අයදුම් කලහෑකියි
Deleteමෙසන් වෑඩ ඔනේ නම් කියන්න . දම්බුල්ලෙ මගෙ යාලුවෙක් ලන්ග වෑඩ තියෙන්වා. EPF/ETF එක්ක
Delete