(මේ කතාව මට කිව්වේ ආටිගේත් මගෙත් මිතුරෙක් ... ආටිට පස්සේ අවුරුද්දේ පේරාදෙණියට ගිය ඉංජිනේරුවෙක් !!!)
අද මුළු දවසම මහ පාළු මූසල මුස්පේන්තු දවසක් වගේ . අප මිත්‍ර රුවන් ආටිගල අකාලයේ අප අතරින් වෙන්වූ අමිහිරි පුවත මා කණ වැකුණේ මිට පැය කිහිපයකට පෙරයි. ආටි සමග අප කෙළිදෙලෙන් ගත කල කාලය සිහිවී මා සිත තවමත් චංචලය .
දවසේ වැඩ වරුවෙන් නිමකළ මම නුවර සිට කොළඹට වාහනය ධාවනය කරමින් සිටියෙමි.
"ගෙදර ගිය ගමන් ගොඩගම ආටිගේ ගෙදරට යන්න ඕනා" මගේ සිත ආටිත් මමත් මුලින්ම මුණගැසුණ ඒ මිහිරි අතීතයට දිව යයි.
එතෙක් ගමේ පාසැලට ගිය මම බණ්ඩාරවෙල නගරයේ තිබු කනිෂ්ට ද්වියිතියික විද්‍යාලයට එන්නේ 1979 වසරේදීය.
ඒ ඒ වනවිටත් ආටිගල සිටි 3 නෙළුම් පන්තියටයි.
තූන නෙළුම් පන්තියේ සිටි උසම ළමයා වූ ආටිගලගේ හොඳම යාළුවා වුයේ වරකාදන්ඩේ පත්මශිල නවරත්නයි.
කනිෂ්ට ද්වියිතියික විද්‍යාලය ධර්මාශෝක මහා විද්‍යාලය වූ පසුවත් පත්මශිල එම විද්‍යාලයේ නැවතුන අතර එතෙක් එහි සිටි ආටිගල හයේ පංතියෙන් පසුව ගියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයටයි.
පත්මශිල අප මෙන්ම කුඩා අයෙකු වු අතර ඔහු ආටිට මෙන් නොව ටිකක් කළබල චරිතයක්. ඒ අනුව සිතා බැලුවොත් පන්තියේ සිටි උසම ළමයා වූ ආටි ඊට වඩා කලබල කාරයෙකු විය යුතුය.
ඒ කාලයේ කණිස්ටයේ සිටි ලොකු ළමයි අප වැනි ඇඟ පතින් කුඩා අයට හිරිහැර කලද පංතියේ සිටි උසම ළමයා වූ ආටි අප කිසිවෙකුටත් හිංසා කලේ නැත.
ඒ දිනවල මම ආටිගලත් සමග මිත්‍ර වන්නට ප්‍රධානම හේතුව ඔහු අපට හිංසා නොකිරීම නම් නොවේ.
බණ්ඩාරවෙල මහා මාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ ආටිගේ තාත්තා සමග ඔහු කොළඹ ගොස් කල කී දේවල් ඇසීම ට ප්‍රිය කිරීම එක් හේතුවකි.
විශේෂයෙන් ආටි ඒ කාලේ කොළඹදී නැරඹු "ඇපලෝ සර්කස්" ගැන කියු කතා ඇසීමට මම පුරුදු වී සිටියෙමි. ඇපලෝ සර්කස් ගැන මගේ ලොකු ආශාවක් තිබුණේ නැති වුනත් අටියා කට උල් කරමින් එවා විස්තර කල ආකාරය මට ප්‍රිය ජනක අත් දැකීමක් වුණා.
ආටි ගැන මට මතක තිබුණේ පිළිවෙලට ඇඳුම් අඳින හොඳට කළු වෙන්න පොලිෂ් කරලා සපත්තු දාන ප්‍රියමනාප ළමයෙක් හැටියටයි.
ඔහුගේ ගෙදර තන්තිරියේ බවත් ඔහු කෙල්ලන් තුන් දෙනෙක් සිටි පවුලක එකම කොල්ලා බවත් මම දැන ගෙන හිටියා.
පන්තියේ එහාම කොනේ හිටී ආටිගල ගැන පන්තියේ මෙහාම කොනේ හිටපු මට හොන්දට මතකයි . සමරහ විට ආටි ලඟම හිටී යාළුවන්ටත් වඩා වැඩියෙන්.
එහෙත් තුනේ අවසාන වාරය වෙද්දී මට නැවතත් වෙනත් පාසැලකට යන්න සිදුවුණා.
ඒ නිසා නැවත සැහෙන කාලයකට ආටිගල ඇසුරු කරන්නට මට අවස්ථාවක් ලැබුනේ නැහැ. පසුකාලයක මම නැවත ධර්මාශෝකයට පැමිණියත් ඒ වන විට ආටි මහා විද්‍යාලයට ගොස් තිබුණා.
උසස්පෙළ අභියෝගය
අපි ධර්මාශෝකයට ගිය කාලයේ එහි උසස් පෙළ පංති තිබුණේ නෑ . ඒ නිසා සාමාන්‍ය පෙළ සමත් වූ පසු එහි ගිය බොහෝ දෙනෙක් බණ්ඩාරවෙල මහා විද්‍යාලයට යනවා උසස් පෙළට.
අපි උසස් පෙළ කරන්න මහා විද්‍යාලයට යන විට එහි සිටි බොහෝ දෙනෙක් අපිත් එක්ක පොඩි පංති වලදි ධර්මාශෝකයේ එකට සිටි පරණ යාලුවෝ බව අප දැන සිටියා.
එහෙත් ඉන් සමහරෙක් අපට නවකසංග්‍රහ දෙන්නට සුදානම් වුවද ආටි කිසි දිනෙක එවැනි දෙයකට පෙළඹුනේ නැහැ.
ඉන් පසුව එළඹී උසස්පෙළ බලු පොරයේදී සාමාන්ය් පෙළ දී මෙන් වැඩ පෙන්වීමට හැමෝටම බැරි බව අප තේරුම් ගත්තා . ඒ ස්වයං අධ්‍යනයත් සමගම අප වටහා ගත් තවත් දෙයක් තිබුණා. ඒ තමයි උසස්පෙළ පංතිය තුල විශේෂ හැකියාවන් ඇති අය අතර ආටිගල ද පෙරමුණේ සිටි බව .
ඒ කාලේ හරින් සෝමරත්න ( දැන් ඕස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් ) සැබෑ දක්ෂයෙක් බව කවුරුත් වටහා ගෙන සිටි දෙයක්. එලෙසින්ම හරින්ට නොදෙවෙනි ලෙස සුවිශේෂ දක්ෂතා තිබු අයෙක් ලෙස ආටිගල ප්‍රසිද්ධ වී සිටියා.
උදේට හාෆ් ෂීට් කිහිපයක් අතේ ගුලිකරන් පාසැලට එන්නට ආටි පුරුදු වී සිටියා. පාසලේ සියලුම වැඩ කටයුතු ඒ හාෆ් ෂීට් වල සිදු කරන ඔහු හවස ගෙදර යත්දී ඒ ටික ගුලි කරලා විසි කරලා දානවා.
ඒ ඔහුට ඒ සටහන් වලින් වැඩක් නැති නිසා.
ඒ දවස් වල අපේ අමරසිංහ සර්ටත් පියෝ මැත්ස් කරන හැටි උගන්වන්නේ ආටියා. ඒ නිසා ඔහු ආයාසයකින් තොරවම විභාගය පාස්වන බව අප වටහා ගත්තා.
ඒ කාලේ මගෙයි ආටිගෙයි අතර විශේෂ ඇසුරක් තිබුණේ නැහැ.
ඒත් අපිත් සමග ලඟින් ඇසුරු කල අය පවා පොතක් පතක් හුවමාරු කර ගන්නේ නැති කාලේ ආටිගල ඔහු ළඟ තිබු අච්චු පොත් මට පරිශිලණය කරන්නට දුන්නා.
අපේ බොහෝ උසස්පෙළ හිතවතුන් කලේ මේකේ අනික් පැත්ත. ඔවුන් තමන් ළඟ ඒ පොත් තියෙන බව වත් අපට හැඟවූයේ නැහැ.
ඒ කාලේ මම හවසට තන්තිරියේ පිහිටි ආටිගේ නිවසට ගොස් ඒ පොත් අරන් එනවා.
මේ වගේ උදව් ඒ කාලේ ගොඩ දෙනෙක් කරන්නේ නැහැ. අපේ උසස්පෙළ සගයින් බොහෝ දෙනෙක් තමන්ගේ ළඟ ඇති පොත් කිසිවිටෙකත් තවත් කෙනෙකුට දෙන අය නෙවෙයි.
ආටි පේරාදෙණි ගිහින්
එවර උසස් පෙළ සමත් වී ඉංජිනේරු පීටයට තේරුන කිහිප දෙනා අතරට අපේ ආටිගල ඇතුල් වුයේ ඉතාම පහසුවෙන්.
1989 දෙසැම්බර් මාසයේ විශේෂ උසස් පෙළ විභාගය නිවේදණය කරන විට අපේ පංති සගයින් බොහෝ දෙනෙක් මිය ගොස් හෝ වද කඳවුරු වල සිර වී සිටි බව මතකයි.
එළියේ සිටි අය බොහෝ දෙනෙක් ඒ වන තෙක්ම සිතුවේ උසස්පෙළ විභාගයක් ගැන නොව රජය දැන් දැන් සටන්කාමීන්ට දනනමයි කියාය.
කෙසේ හෝ 1990 දෙවන වර විභාගයට පෙනී සිටි අප විශ්ව විද්‍යාලයට පිවිසුණා.
අපේ පාසලෙන් වෙද විදුහලට පහළොස් දෙනෙකුත් ඉංජිනේරු පීටයට දොළොස් දෙනෙකුත් තේරුනා 1990දි.
අප 1992-93 පේරාදෙණියට යනවිට ආටි දෙවන වසරේ සිටි ජේස්ට උත්තමයෙක්.
දෙවන වසරේ සිට නවක වධ වලට භාජනය වන අප දෙස අනුකම්පාවෙන් බලා සිටි ආටි.. අපට මෙසේ උපදෙස් දුන්නා.
"මචං මම තමයි ගිය අවුරුද්දේ වැඩි පුරම රැග් වුණේ "
"ඔන්න ඕවා ඕනෑවට වඩා ඔළුවට ගන්නේ නැතුව ඉඳපන් බං "
"වැඩිම වුනොත් ටිකක් ව්‍යායාම කරන්න කියයි "
"උඹට පුළුවන් නම් කරපන් . බැරිනම් නොකර ඉඳපන් "
"ඕනිනම් ටිකක් බනිවි. ඕවා ඇඟේ වදින්නේ නෑනේ බං "
"අනික ඔය යක්කු අපිට ගහන්නේ නෑනේ බන් "
කොහොම වුනත් ආටිගල ජෙෂ්ට උත්තමයා කිසි කෙනෙකුට නවක වධය දුන්නේ නැහැ.
ඒ ආටිගේ හැටි.
තව කෙනෙකුගේ සිත රිදවීමක් , හිංසාවක් , පිඩාවක් කිරීම ආටිගේ ගතියක් නොවේ.
1989 පේරාදෙණි ගිය අපේ අනෙක් සගයන් කිවූ පරිදි ඒ වසරේ රැග් එකේදී ජේස්ට සිසුන් කියූ සියළු ව්‍යයාම සම්පුර්ණ කල හැකිවූ එකම පුද්ගලයා ආටි පමණයි.
ජේස්ටයින් " අඩෝ ඩිප්ස් පනහක් ගහපිය " යැයි අණකල විට පනස් එක පසු කරන ආටි " දැන් ඇතිද? ජෙය්ස්ට උත්තමයා " යැයි අසන්නේලු.
අප දන්නා පරිදි ඩිප්ස් දහයක් ගහ ගන්න තරම් වත් ඇඟේ ජින්තු තියෙන්නේ ඉතාම සුළු පිරිසකටය.
ඒ වැනි උන් අතර ආටියා දැඩි හික්මීමක් සහ හැකියාවක් තිබු අයෙක් ලෙස කැපී පෙනුණේය.
කරුණු මෙසේ වුවත් ජිවිතයේ කිසිම දිනක කිසිවෙකුටවත් ශාරීරික හෝ මානසික හිංසාවක් නොකළ ආටි නොකළ වරදකට දඬුවම් ලැබූ කෙනෙක්.
ඒ ඔහු අපේ බැච් එකට රැග් කළා යැයි අභූත චෝදනැවක් නගා පංති තහනමකට ලක් කිරීම මගින්.
ආටිට අනිවාරතේ දඬුවම් දුන් අය අද කම්පා වනවාට නොඅනුමානයි නොකළ වරදකට ඔහුට දඬුවම් කිරීම ගැන.
ආටි මේ බොහෝ දේවල් දෙස ඉතාම උපේක්ෂා සහගතව බැලු කෙනෙක්.
කිසි දිනක කිසිවෙකුට ඒ ගැන දොස් නොකී කෙනෙක්.
ආටි හරියට නොසැලෙන පර්වතයක් වගේ.
ඒ වගේ නිවිච්ච ගති ඇති මහත්මා ගුණයෙන් යුතු කෙනෙක් අපට අහිමි වුයේ අපේ අවසනව්ටම තමයි.
දයාබර ආටි නුඹ ගැන සිහිවෙන මොහොතක් පාසා මා නෙතට කඳුලක් උනන්නේ ඒ නිසාමය.
ආටි උඹට නිවන් සුව!!!
හොඳ මිනිස්සු නික්ම යන කාලයක් වගේ. ඔහුට නිවන් සුව
ReplyDeleteස්තුතියි ඉයන් ... එහෙම කිහිප දෙනෙක් මේ ලඟදි නැතිවුනා තමයි..
Deleteඅකල් මරණ අහන්න ලැබීම දුකක්. ඔබේ මිතුරාගේ අභාවය පිළිබඳව මගේ කණ්ගාටුව පිළිගන්න.
ReplyDeleteහැබැයි මේ කරුණ කිව යුතුයි.
හොඳ අය ඉක්මනට මැරෙනවාය කියන කතාව පදනමක් ණැති මෝඩ කතාවක්. හොඳ අයත් ඉක්මනට මැරෙනවා. නරක මිනිස්සුත් ඉක්මනට මැරෙනවා. නමුත් අපට මතක ඉන්නේ, හිතට දැනෙන්නේ, ලිපි ලියවෙන්නේ, හොඳ අය ගැන පමණයි.
මෙහි විලෝමයද එසේමයි.
ස්තුතියි.
Deleteහොඳ අය ඔක්කොම ඉක්මනට මැරෙන වානම් මේ අපිත් මැරෙන්න එපැයි නේද? නෑ ඔවු නරක මිනිස්සුත් ඉක්මනට මැරෙනවා. හොඳ අය නැතිවුනහම සමාජයට දැනෙන පාඩුව වැඩියි . ඒ නිසයි මිනිස්සු අර වගේ කතාවක් කියන්නේ.
නරක අය මැරෙන එක මතක තිබුනත් ඒ අය ගැන ලිවීමෙන් සමාජයට වන යහපත ඉතාම අවම නිසා මම නම් ඒ අය ගැන ලියන්නේ නෑ...
සිරිතක් හැටියට මම කිසුවෙකු ගැන බොරු නොලියන නිසා නරක අය ගැන කතා කලොත් ලියවෙන්නේ කාටවත් ගත යුත්තක් නැති නරක දේවල්ම තමයි.
ඔබගේ මිත්‍රයා ආටිට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඅපිට කොයි මොහොතේ මේ ජීවිතෙන් සමුගන්න වෙයිද කියන එක දන්නේ නැති නිසා කොයි වෙලාවෙත් යනකොට අරන් යන්න යමක් එකතුකරගෙන ඉන්න එක තමයි වඩා වටින්නේ...
ස්තුතියි . ඔව් අප කල යුත්තේ එයයි. හැකි පමණින් අනෙකාට කරදරයක් නොවන සේ ජිවත් වීමත් ලැබෙන සැම අවස්ථාවකම තවත් කෙනෙකුට උදව්වක් වීමත් කරන එක තමයි.
Deleteසංවේදී ගුණ කථනයක්.... මිය යාමේ සීග්‍රතාවය වැඩිවූ වසරක් ද මන්දා..
ReplyDeleteඔහුට නිවන් සුව..!
ජයවේවා..!!
ස්තුතියි.... ආටිගේ වැඩ පිළිවෙල ඉදිරියට රැගෙන යන ආටි වැනිම හිතහොඳ කෙනෙක් ගේ අතීත ආවර්ජනය.. සංස්කරණය මගෙන්...
Deleteආටිට නිවන් සුව !!!
ReplyDeleteගැටළුවක්... ඔයැයිලගෙ බැච් එකට රැග් කළා කියල අභූත චෝදනාවක් නැගුනනං ඇයි ඔයැයිල එයට විරුද්දව ආටිට සහයෝගය නොදැක්වූයේ..?
එහෙම කරා කියලා බලධරයෝ අහයිද? අපිත් ඒ පැත්තට දාලා හංවඩු ගහනවා ඇරෙන්න.??
Deleteඇත්තටම rag කල අය හිටියා. අපි දන්නවා වගේම අටියත් දන්නවා දේනුවරින් අපු students ලා වැරදියට හදුනාගෙන අටියව අල්ලලා දුන්නා. කව්රුත් එය නිවරදී කරන්න ගියේ නැහැ. rag කරපු අය කරබාගෙන් හිටියා. අහිංසක ආටිගල දඩුවම් වින්දා.
Deleteකමල් බ්ලොග් ඵලොවර්ස් ගැජට් එක දාගන්න
Delete//ආටි උඹට නිවන් සුව!!!//
ReplyDeleteස්තුතියි ලලිත්...
Delete