ඒ 1982 වසරයි . එවකට මගේ වයස අවුරුදු 12කි . ඒ වන විට අප ජිවත් වුයේ අපේ ගෙදර නොව තාත්තගේ මල්ලීට අයත්ව තිබු පල්ලැහැ මුත්තලා ගෙදරයි ( තාත්තලා මහා ගෙදරයි.).
මා කලින් සඳහන් කල පරිදි ඒ වනවිට අපේ ගෙදර වත්තේ ඒ තරම් පලතුරු සහ අතුරු අදායම් භෝග තිබුනේ නැත.
එහෙත් පල්ලැහැ මුත්තා හදා තිබු ගස් කොළන් වලින් පොඩි බාප්පලා ගෙදර වත්ත පිරී ඉතිරි ගොස් තිබුනා කීවොත් නිවැරදිය.
එකම අඩුව වුයේ ගුරුවරයෙකු වූ පොඩි බාප්පා හෝ ගෘහණියක වූ ඔහුගේ බිරිඳ ඒ ගස් කොළන් වලට හොඳින් සාත්තු කර නොතිබීමයි.
බාප්පලා ගේ දොර අතහැර හොරණ ප්‍රදේශයට මාරුවීමත් සමග මේ වත්තේ ගස් වැල් වලට හොඳ කාලයක් උදාවිය.
ඒ බින් ඌරෙක් මෙන් පොලවේ හැපෙන්නට ආශා කල මා ඇතුළු අපේ පවුල එහි පදිංචියට පැමිණීමයි.
පසුගිය පොස්ටුවක මෙහි තිබු ගස් වැල් හැම එකකින්ම අප ආදායම් ඉපයූ හැටි සඳහන් කලෙමි.
අද එහි තිබු කිතුල සහ ඒ වටා සිදුවූ රසවත් සිදුවීම් සමුදාය ඔබ හමුවේ තබන්නෙමි.
ඉතින්... කිතුල් .....
පොඩි බාප්පලා කුස්සිය පැත්තට වන්නට තේ වත්තේ මැද හරියේ තිබුණු කිතුල අප එහි යන විට පීදී තිබුණේ නැත.
ගහ දෙස නිතර බලා හිඳින අම්මා "මේක නම් ගෑණු කිතුලක් කුලවතී අක්කා " යැයි අල්ලපු ගෙදර සිටි ලොකු අම්මා සමග කියනු මට ඇසී තිබේ.
ඒ කිතුල් හැගේ ලක්ෂණ සලකා බැලීමෙන් පසු ගැහැණු සහ පිරිමි කිතුල් වල වෙනස හඳුනා ගන්නට උත්සාහ කලෙමි.
ඒ අනුව මා තේරුම් ගත් කිතුලේ ගැහැණු පිරිමි වෙනස් කම් මෙසේය.
ගැහුණු කිතුලක ඇති විශේෂ ලක්ෂණය වන්නේ එහි කඳ පිරිමි කිතුලක මෙන් පහළ සිට ඉහලට එකම මහතකින් යුක්ත නොවීමයි.
ගෑණු කිතුල් ගස් වල මුල හරියේදී කඳ තරමක් හිනි වන අතර මැද හරියේදී කඳ විශාල වීමක් පෙන්නුම් කරයි.
"මේකේ මලක් පීදුණු දවසට හොඳට තෙලිජ්ජ තියෙයි විමලා නංගි "
කුලවතී ලොකු අම්මා පවසන්නේ ස්ත්‍රී ලිංගික කිතුල් වල ඵලදාව හොඳ බවයි.
මේ කාලයේ කිරඹ ඔය ගම පුරාම වගේ කිතුල් ගස් තිබුණද මුළු මල්දෙණිය ගමටම තිබුණේ කිතුල් ගස් දෙකක් පමණි.
ඉන් එකක් තිබුණේ බාප්පලා නිවසට නිවෙස් දෙකක් එහායින් තිබුණු ඩිංගිරි බන් ඩේ මාමලා ගෙදරය .
අනෙක් ගහ මා මේ විස්තර කාරනා කිතුල් ගහයි.
අපේ බාප්පලා ගෙට ඉහළින් තිබු ගෙදර , ඒ කාලේ මට එතරම් වැදගත් කමක් නොදැනුන ගෙදරක් විය.
හරියටම නිච්චියක් නැතත් ඒ කාලේ ඒ ගෙදරද පොඩි කිතුල් පැලයක් තිබුණ බවක් මා මතකය පවසයි.
එහෙත් පසුකාලීනව මගේ ජිවිතයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඒ නිවසේ සිටි අය සම්බන්ධ අත්දැකීම් විය.
අපේ පොඩි බාප්පලා ගෙදරට ඉහළින් තිබු මේ නිවසේ ජිවත් වුයේ විමලා ටීචර් ඇයගේ ස්වාමියා සහ ඇයගේ දරු තිදෙනාය.
කුලවතී ලොකු අම්මා පවසන්නේ ස්ත්‍රී ලිංගික කිතුල් වල ඵලදාව හොඳ බවයි.
මේ කාලයේ කිරඹ ඔය ගම පුරාම වගේ කිතුල් ගස් තිබුණද මුළු මල්දෙණිය ගමටම තිබුණේ කිතුල් ගස් දෙකක් පමණි.
ඉන් එකක් තිබුණේ බාප්පලා නිවසට නිවෙස් දෙකක් එහායින් තිබුණු ඩිංගිරි බන් ඩේ මාමලා ගෙදරය .
අනෙක් ගහ මා මේ විස්තර කාරනා කිතුල් ගහයි.
අපේ බාප්පලා ගෙට ඉහළින් තිබු ගෙදර , ඒ කාලේ මට එතරම් වැදගත් කමක් නොදැනුන ගෙදරක් විය.
හරියටම නිච්චියක් නැතත් ඒ කාලේ ඒ ගෙදරද පොඩි කිතුල් පැලයක් තිබුණ බවක් මා මතකය පවසයි.
එහෙත් පසුකාලීනව මගේ ජිවිතයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඒ නිවසේ සිටි අය සම්බන්ධ අත්දැකීම් විය.
අපේ පොඩි බාප්පලා ගෙදරට ඉහළින් තිබු මේ නිවසේ ජිවත් වුයේ විමලා ටීචර් ඇයගේ ස්වාමියා සහ ඇයගේ දරු තිදෙනාය.
මල් කැපීමට පැමිණි "වනසා" මුත්තා
අප පල්ලැහැ බාප්පලා ගෙදර පදිංචියට විත් ගත වුයේ මාස කිහිපයක් පමණි.
දිනක් උදැසන මම දුටු දෙයින් ප්‍රීති ප්රෝමෝදයට පාත් වූ මා කෑ ගසමින් අම්මා වෙත දිව ගියෙමි .
"අම්මා .... අම්මා .. මේන් අපේ කිතුලේ මලක් පීදිලා.."
අපේ කිතුලේ මුදුණින් පැනනැගී තිබුණු මල් ගොබය යන්තමින් දුටු මා අම්මා සමග ඒ බව පැවසුයෙමි.
ඒ වෙත පැමිණි තාත්තා , අක්කා ඇතුළු අපි හැමෝම කිතුල් මල දෙස බලා සතුටු වූයෙමු.
"දැන් කාටද මේක බෙහෙත් තියන්න කියන්නේ. ? " පැනය තාත්තගෙනි.
"සුට්ටන් අය්යට හරි අප්පච්චි මුත්තට හරි කියමු "
අම්මා යෝජනා කළාය.
සුට්ටන් මාමා කිරඹඔයේ අපේ අත්තම්මාලාගේ මිදුලේ තිබු කිතුල මදින්නට ආ බව මා ඒ වනවිටත් දැන සිටියෙමි.
අපේ පංතියේ සිටි සුට්ටන් මාමගේ ලොකුපුතා අනුර බණ්ඩාර ට "රා මුට්ටියා " යැයි නමක් පට බදින්නට මා පෙළඹවුයේ උදේ හවස තෙලිජ්ජ මුට්ටියත් අතේ එල්ලන් බිමට බසිනා සුට්ටන් මාමා ගේ දර්ශනයයි.
එහෙත් සුට්ටන් මාමාට කිරඹ ඔයේ මල් කැපීම් ගණනාවක් ම තිබු නිසා අපේ මලට බෙහෙත් තියන්නට ඔහු කැමති වී නැත.
ඒ නිසා තාත්තා අම්මාගේ අනිත් යෝජිත මල් කප්පන්නා වූ අප්පච්චි මුත්තා (වනසා ) වෙත කිතුල් මලට බෙහෙත් තියා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
එදා හවස් වෙද්දී අප නිවස දෙසට ආ අමුත්තෙකි. ඔහු කළුපාට කමිසයක් සහ කැහැපට ගසා ගත් දුඹුරු පාට ඉරි ඉරි සරමකින් සැරසී සිටියේය.
උඩ බොත්තම් දෙකම ඇර තිබු අතර නිරාවරිත පපුවේ සුදු කොටි දතක් එල්ලෙමින් තිබිණි.
එකල කිරඹ ඔයේ හිටී ගණන් කාරයෙකු වූ ඔහු අප්පච්චි මුත්තා හෙවත් "වනසා" මුත්තාය.
කැහැපට ගසා තිබු සරමත් ඉනේ තිබු බඳ පටියත් අතර රඳවා තිබුණේ දිලිසෙන්නට මැද තිබු මල් පිහියයි.
එකල වනසා ජිවත් වුයේ කිරඹ ඔය පංසලට පහළින් තිබු කුඩා පැල්පතකයි.
හවස් වෙද්දී කිතුල් රා කට්ටක් තොලගා ගන්නා ඔහු ගම දෙවනත් කරමින් කෑ ගැසීම පුරුද්දක් කර ගෙන තිබුණේය.
අපේ අම්මලා මෙන් රාජපක්ෂ කෙනෙකු වූ වනසා මුත්තා එක් වරක් හිරේ විලංගුවේ වැටී සිටි අයෙක් බවද මා අසා ඇත්තෙමි.
ඒ තමා අත් අඩංගුවට ගැනිමට ආ පොලිස් රාළහාමි කෙනෙකුගේ ලිඟුව මිරිකා ඔහු ගෙන් ගැලවී ගිය වරදටයි.
මම හිතුවේ අදම කිතුල් සා ජුන්ඩක් තොල ගාන්න පුළුවන් වෙයි කියල.. කෝ තාම බෙහෙත් තිබ්බෙත් නැහැනේ..
ReplyDeleteඅනේද කියන්නේ මලට බෙහෙත් ටිකවත් තිබිබානං
Deleteරෑ එක හමාර වෙනකන් ලියලා ඔච්චර වත් කරා මදිද? එකොළහේ ඉඳලා... ඔන්න නිදසක් ලැබුණු වෙලාව..
Deleteපේනවා නේද කියලා තියනවා "රාළහාමි කෙනෙක් ගේ ජුන්ඩ මිරිකලා" අප්පච්චි මුත්තා හිරේ ගිය හැටි?
Deleteඉතිරි ටික තව ටික වෙලාවකින් දෙන්නම්..
//බින් ඌරෙක් මෙන් පොලවේ හැපෙන්නට ආශා කල මා ඇතුළු අපේ පවුල// මේ ටිකට තමයි මට ආසම හිතුනේ.. වවන්න නම් මාත් කැමතියි. පොළොවත් එක්ක ඔට්ටු වෙන්න තමයි බැරි අෆ්ෆා..
ReplyDeleteවනසා මුත්තා එල කොල්ලෙක්නේ.. අර ජුන්ඩ මිරිකපු පාර රාළහාමියා මැරිලද? මදැයි හිරේ ගිහින් එන්න ලැබුණා.. අනිවා පොලිසියේ උන්දලා වනසා ගේ ජුන්ඩා ලාච්චුවේ දාලා වහල තියන්න ඇති ආරස්සාවට.. හැක.
අපි තවමත් එහෙම තමයි. ලංකාවෙන් හොඳ කිඹුලා උදැල්ලක් ගෙනවිත් මෙහෙත් පොළව හාරනවා.මට තියෙන වර්ග මීටර් 900 ක පමණ ගෙවත්තේ ...
Deleteඔව් .. ඔව් අම්මා කියපු හැටියට නම් වනසා රාළහාමියෙක් මරලා ඒ විදිහට .
වනසා එල පොරක් තමයි. මිනිහා හැබයි එක පාරක් දඩයමේ ගිහින් ඌරෙක් කියලා වැරදිලා අපේ ගමේ මනුස්සයෙකුට ( වනසත් එක්කම දඩයමේ ගිය )වෙඩි තියලා මරලත් තිබ්බා.. ඒත් අත්වැරැද්දක් නිසා නිවරදි කරුවුණාලු
පිරිමි කිතුල් ගැහැණු කිතුල් ඇහුවමයි.
ReplyDeleteඔය කියන වර්ගයේ ගස් දෙජාතියක් ඇත්තටම තියෙනවා.. අපේ පැත්තේ ඒ වර්ග දෙක එහෙම හඳුන්වනවා..
ReplyDeleteඅප්පට සිරි, වනසා මුත්ත මාර ඩෑල් එකක්නෙ. කොටදෙනියාව පොලීසියට බුවාව අහුඋනානං තමයි වැඩේ වෙන්නෙ. හැක්..
ReplyDeleteරා බොන්න තව ටික දවසක් යයි වගේ.
වනසා නියම ගමේ චන්ඩියෙක් තමයි.. මල් පිහියත් අතේ අටරන් තමයි ගමන් බිමන් එහෙම. දැන් කිතුල් මල් මැල්ලුම ගැන ලියමින් ඉන්නේ ... රෑ බොන්න ටිකක් ඉන්න වෙයි ..
ReplyDeleteපිරිමි කිතුල් ගෑණු කිතුල් කතාව මාත් ඇහුවෙ අදමයි...අපූරු මතක සටහනක් කවිඳු...:)
ReplyDeleteස්තුතියි ... අපේ ගමේ ඒ දවස් වල එච්චර කිතුල් ගස් තිබුනේ නෑ. අල්ලපු ගම වූ කිරඹ ඔයේ හරියට කිතුල් තිබුනා ඒ වයින් වැඩි හරිය කඳ එක වට ප්‍රමාණයෙන් යුත් පිරිමි කිතුල්
Deleteතල් ගස් වලත් ගෑනු පිරිමි කියල ප්‍රභේද දෙකක් තියෙනවා කියල මම ඇහුවා.මම හිතන්නෙ තාල වර්ගයේ ගස්වල එහෙම ඇති.ඒත් පොල්ගස්වලත් මේ ප්‍රභේදය තියෙනවද?
ReplyDeleteමේ පැත්තේ ආවට ස්තුතියි.
Deleteපොල් ගස් ගැන නම් එහෙම කතාවක් අහලා නැහැ... හොයලා බලමු . වනසා ගේ ඉතිරි වැඩ කටයුතු ඉදිරියේ එනවා.
රාජපක්ශලා ඒ කාලේ ඉදන්ම හිරේනේ ඉදලා තියෙන්නේ.....
ReplyDeleteඑහෙනම් ... එහෙනම්... තව එකක් රාජපක්ෂලා ඒ කාලේ ඉඳන්ම ගමේ චන්ඩිත් එක්ක...
Deleteපාර්ලිමේන්තු යන්න සියලු සුදුසුකම් තියෙන පොරක් නෙ 'වනසා' මුත්තා.. අපරාදෙ.. හැකියාව තිබුනට කවුරුත් අත දීල නෑ වගේ.
ReplyDeleteජයවේවා..!!
ඒ කාලේ ඔය වගේ අයට අත දුන්නේ අඩුවෙන්නේ. හෙක්ටර් කොබ්බැකඩුව, සරත් මුත්තෙට්ටුවේගම , ටි. බී. ඉලංගරත්න වගේ මිනිස්සු පාර්ලිමේන්තු ගිය කාලේ නේ ඔය. අද හිටියනම් වනසා ඌවෙ මහා ඇමති
Delete