අපි කිසිදු හිතවත් කමක්, ලොකු දැනහැඳුනුම් කමක් නැති මිනිසුන් වෙනුවෙන් නිවාස හදාගන්න පටන් අරගත්තේ 2014 දි. ඒ මුල්ම නිවස හදද්දී නිවස් හිමියා ( ගෙදර පිරිමියා) සමඟ නිතර නිතර දුරකථන සංවාද කරන්නට මට සිදුවුණා . ඒ වගේම "ක්ෂුද්‍ර මූල්‍යමය ව්‍යාපෘතියක්" (Microfinance project ) ලෙස පටන් ගත් එයට මගේ පෞද්ගලික මුදල් වගේම හිතවතුන් /හිතවතියන් ගෙන් ලැබෙන උපකාරත් යොදාගන්නට සිදුවුණා. එවන් සමහර අය "ආධාරයයි" කියා ලියමින් මගේ ගිණුමට ඩොලර් පණහ , සියය වගේ මුදල් යොමු කලා නිතර නිතර මම මුහුණු පොතට ගියේ මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනා නිසා... ඔන්න ගෘහස්ත පොලීසිය කලබල වුණා .
"අහවල් දානපතියා කමෙන්ට් දානව වැඩියි"
"කෝ අද ඔයා ගේ .....පුතා කතා කරේ නැද්ද?
ඔයාට ඒ අහක යන මිනිස්සු ලොකුයි තමන්ගේ එවුන්ට වඩා"
".... මොනවා කරත් කමක් නෑ අපේ ගිණුම් වලට ආධාර කතා ගන්න එපා"
වගේ දෝස්මුර ආවා..
මට විශාල මානසික ආතතියක් ලැබුණා අහක යන පවුලක දුක බලන්න ගිහින් ( මේ වෙනකොට ඒ අය ඉතා දියුණුවෙන් දියුණුවට පත් වී අප වැනි මිනිසුන් අනවශ්‍ය තත්වයකට පත් වී සිටිනවා)
කෙසේ හෝ මගේ මානසික ආතතිය නැති කරන්නට මට ඔන්ලයින් සයිකොලොජිස්ට් කෙනෙක් ගෙන් අවවාද ගන්නට සිදුවුණා... අවවාදය තමයි
"ඔහොම තමයි ගැහැණු කට්ටිය,ගැහැනු කට්ටිය එක්ක ගණුදෙනු අමාරුයි.
තමන් , තමන්ගේ සැමියා , දරුවා ඇරෙන්න වෙන කවුරුවත් ගැන එයාලට හිතන්න ඕනේ නෑ.. නිතර එයා ලඟ ඉන්න.
ඔයා කැමති දේවල් වලට එයා අකමැති නම් ඒවා නොකර ඉන්න, හැබැයි එයා කැමැති දේවල් වලට ඔයා කැමැති වෙන්න පටන් ගන්න "
කියලා.
මම ඒ අවවාදය සියයට හැත්තෑපහක් පිළිගත්තා. ඒ කියන්නේ එයා කැමති දේවල් වලට කැමතිවෙන්න පටන් ගත්තා වගේම එයා අකමැති දේවල් එයාට නොදැනී යන ලෙස කරන්න ( මේ අපේ සමාජ සත්කාර සහ ඒවාට අදාල මිනිසුන් සමඟ දුරකතන සංවාද පැවැත්වීම පමණමයී, මේ දවස්වල කරන්නේ එසේ නොදැනෙන ලෙස කල පස් වෙනිවැඩේ)..
අන්තිමට සයිකොලොජිස්ට් කිව්වා වගේ පොලෝසියේ නම් ලොකු වෙනසක් වුණේ නෑ😛😜🤣 .
හැබැයි මම නම් දැන් නොවරදවාම "සිදූ " සහ "දෙවැනි ඉනිම " බලනවා..