මම ඇය හඳුනන්නේ නැත. කාගේ කවුරුදැයි යන්න දන්නේද නැත. ඈ ගැන දැන්ගත්තේ මෑතකදී අපේ ගමේ කෙනෙක් සමග කතා කරද්දීය.
එයත් ගමේ මිනිසුන් නිතර ගැවසෙන තැනක සිදු වූ කතාවක් හරහාය.
"දන්නවද අහවලා?
මම හරි කැමතියි එයාට ඔයාලට පුලුවන්ද අඩුම ගානේ පුවක් කොටයක් හරියට පාගගන්න?
ඒකට අහවලා?
උදේ පාන්දර බෙහෙත් ටැංකිය පිටේ බැඳන් කුඹුරට යනවා.
බෙහෙත් ගහලා ඇවිත් ළමයි තුන්දෙනා ලෑස්ති කරලා ඉස්කෝලෙ යවනවා.ඊට පස්සේ කුඹුරු ගානේ ඇවිදලා පළා ජාති, අල කොල, වට්ටක්කා දළු වගේ දේවල් හොයාගෙන එනවා.
ඒවා හන්දියට ගෙනිහින් තියාගෙන විකුණනවා.
ඔයාලත් ගෑණු නේ බලන්නකෝ ඒකෙන් සීයට පහක් වත් ඔයාලා අතින් කෙරෙනවද කියලා?
මම නම් හරි කැමතියි එයාට.
අන්න ගෑණු."
අදහස් දැක්වීම ගමේ වැදගත් තැනක් "හිමි" අයෙකු අතින් සිදු වූවකි.
අනවශ්‍ය ඕපාදූපයක් මෙන් හැඟුනද අවංකවම කිව්වොත් මා වුවද ඔහුගේ කීම අනුමත කරමි.
ඒ එවැනි කාන්තාවක් සිටින පවුලක් අනිවාර්යයෙන්ම දියුණුව කරා පිය නඟන බව හොඳින් දන්නා නිසයි.
අපේ අම්මා
දිරිය කාන්තාවක් සිටිනා පවුල දියුණුවෙන් දියුණුවට පත්වන බව ක්‍රියාවෙන් පෙන්වූ හොඳම චරිතය මට ඉතාම සමීප එකකි.
එක් දහස් නමසිය අසූ ගණන් වල කුඩා දරු දැරියන් පිරිසක් සමඟ මේ කතාවේ එන කතා නායිකාවට සමාන භූමිකාවක් ඉටු කල ඒ චරිතය අන් කවරකුගේ වත් නොව අපේ අම්මාගේය.
"හේස් ප්‍රේ" ටැංකිය පිටේ බැඳන් කුඹුරට බැස්ස ඈ ඉතා ඉක්මණින් මා සහ අපේ අක්කා ඒ රාජකාරියට පුහුණු කළාය.
මේ කතාවේ එන නැඟණිය ද ඒ චරිතයෙන් පාඩමක් ගනු ඇතැයි සිතමි.
ඒ අනුව ඇයගේ දරු දැරියන්ද අප මෙන් හැඩ ගස්වණු ඇතැයි බලාපොරුත්තුවක් මා තුල ඇතිවෙයි.
මේ නැඟණිය මෙන් පාර අයිනේ වෙළඳාමට නොගියද අපේ අම්මා මා සහ අපේ අය්යා හරහා තමා නිපදවූ එළවලු වර්ග බණ්ඩාරවෙල සතිපොළට යවන්නට වග බලා ගත්තාය.
එසේ සොයාගත් මුදල් අර පරිස්සමින් වියදම් කර තම දරුවන් ගේ අධ්‍යාපනයත් , ගේ දොර අලංකාරව තබා ගැනීමත් , අවශ්‍ය ගෘහභාණ්ඩ මිලදී ගැනීම පමණක් නොව මසකට වරක් හෝ දෙවරක් ළමයි ටිකත් රැගෙන එත්විල් එකට හෝ සීගිරියට ගොස් චිත්‍රපටියක් බලන්නටත් ඇයට මුදල් හදල් මෙන්ම වෙලාවද ඉතුරු වී තිබිණි.
මේ කියන කාලය වනවිට අපේ අම්මා වයස තිස් පහ -හතලිහ අතර වයසක පසු වූවාය.
මේ කතාවට පාදක වන අපේ ගමේ සිටිනා වර්තමාන දිරිය කාන්තාවද එවැනි වයසක පසුවන්නියක් බව මට ඈ ගැන තොරතුරු ලබා දුන් අය පවසා සිටී.
මේ කියන කාලය වනවිට අපේ අම්මා වයස තිස් පහ -හතලිහ අතර වයසක පසු වූවාය.
මේ කතාවට පාදක වන අපේ ගමේ සිටිනා වර්තමාන දිරිය කාන්තාවද එවැනි වයසක පසුවන්නියක් බව මට ඈ ගැන තොරතුරු ලබා දුන් අය පවසා සිටී.
අපේ ගමේ වර්තමාන දිරිය මව සහ අපේ කාර්යභාරය
ගමට යන හන්දියේ ඇති අපේ කතානායිකාව ගේ එලවළු තට්ටුව.
අපේ අම්මා අසූ ගණන් වල මදි නොකියා මහන්සි වීමේ ප්‍රතිඵල අද සැනසිළි සුවයෙන් භුක්ති විඳිමින් සිටියි.
ඇයගේ දූ දරුවන් සියළු දෙනා අද තම තම රැකියා අංශ වල හිණිපෙත්තටම ගොස් හෝ ඊට ආසන්නයේ පසුවෙති.
ගමක්,රටක් වෙනස් කළ හැකි තත්ත්වයේ දරු දැරියන් ඒ අතර සිටී.
එදා අසූ ගණන් වල අම්මා සමඟ එක් වී දුටු සිහිනය මෙන් අදටත් (සැමදාමත්) මා දකිනා සිහිනයක් තිබේ .
ඒ අපි සහ අපේ අම්මා එකතු වී කල වික්‍රමය කල හැකි තව තව පවුල් අප උපන් ගම් ප්‍රදේශය පුරා බිහිවනු දැකීමේ සිහිනයයි.
එවිට තම අසල්වැසියාගේ බෙල්ල කපා හෝ පොඩි පොඩි දේශපාලකයින්ට ගැතිකම් පා කේලාම් කියා යමක් කමක් උපයා ගන්නා ගැහැණුන් හා මිනිසුන් වෙනුවට අභිමානයෙන් ලෝකයට මුහුණ දිය හැකි ජනතාවක් අපේ ගම් වලද බිහිවනු ඇත.
ඒ සිහිනය සිත් හි රඳවා ගෙන කටයුතු කරද්දී හැකි පමණින් එවැනි නැඟී එන පවුල් සොයා ගොස් ඔවුනට නැගිටින්නට අතදීම මාගේ යුතුකම යැයි මට සිතේ.
මේ කතාවේ කතානායිකාවට සහ ඇගේ දරු දැරියන්ටද කිසියම් හෝ ආකාරයකින් අතදීමක් කල යුතුය.
දැනට මම ඒ ගැන සිතමින් පසුවෙමි.
ස්වයං රැකියාවකට හෝ ඇය දැනට කරනා පාර අයිනේ වෙලඳාම දියුණු කර ගැනීමට හෝ උදව් උපකාර කල යුතු යැයි මට සිතේ .
අපේ බ්ලොග් පොස්ට් කියවන ඔබගේ අදහස් ද මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.
ඔබේ අදහස් මෙහි පළ කරන්න.
ඉදිරි පොස්ට් එකකින් කළ හැකි/කලයුතු දේ මෙන්ම කල නොහැකි දේවල් ගැනත් කතා කරමු.