ඒ 1987 වසරේ මුල්භාගයයි. අප අ. පො.ස. ( සා. පෙ. ) සමත්ව උසස් පෙළ පංති ආරම්භ වෙනතෙක් ගෙදර ට වී සිටි කාලයකි .
අපේ හිතවතුන් වූ සොමිල කරඹවත්ත සහ කදුරුගමුවේ තාරක ඇතුළු අය මේ වන විට අළුතින් ආරම්භ වන උසස් පෙළ අතිරේක පංති ගැන අවධානයෙන් පසුවුහ.
දිනක් මට කතා කල තාරක
"මචං කවිඳු කැබිල්ලෙවෙල පන්සලේ අලුත් කෙමිස්ට්‍රි පංතියක් පටන් ගන්නවා මේ සෙනසුරාදා ඒකට යන්න වරෙන් "
යැයි පැවසීය.
මේ ආරංචිය කටින් කට පැතිරී අපේ අනෙක් හිතවතුන් වූ සද්දේ , ගැට්ටා , තිලාන් හේවගේ , කමල් ඇතුළු අපේ කල්ලියම මේ පංතිය යන්නට තීරණය කලෝය.
මේ බව අපේ සමන්ත හා පැවසූවෙමි.
සමන් අය්යාගේ පංති වලට ඔහු සහභාගී නොවූ බවත් එහෙත් පාසැල් කාලය අවසන් වී ගෙදර සිටි කාලයේ (විශ්ව විද්‍යාලයට යාමට පෙර ) ඔහු සමන් අය්යාට නිබන්ධන ලියා දීමෙන් උදව් කල නිසා සමන් අය්යා ඔහුව හොඳින් අඳුනන බවත් සමන්ත මා හා පැවසීය.
"හොඳ මනුස්සයා හැබයි ටිකක් කේන්ති යනවා පරිස්සමින් හිටපන්."
යැයි සමන්ත මා හා පැවසුවේ සමන් අය්යාගේ පන්තියේ කලබල නොකර ඉන්නා ලෙසයි.
පළමු හමුවීම.
අදාළ සෙනසුරාදා උදා විය . උදේ එකොළහට ආරම්භ වීමට තිබු පංතියට අප පැමිණියේ නමය හමාර දහය වෙද්දීමය.
අප එහි යන විටත් උදේ පංතිය ආරම්භ වී තිබිණි.
පන්සලේ බණ මඩුවේ කළු හීන්දෑරි මනුස්සයෙක් කළු ලෑල්ලේ යමක් ලියමින් උගන්වනු පෙනේ.
ඒ 1986 උසස් පෙළ පටන්ගත් ශිස්‍ය කණ්ඩායමටය.
1986 කණ්ඩායමේ අබේරත්න , හේම ප්‍රියන්ත , ප්‍රසන්න ඇතුළු පිරිස අප දෙස බලා සිනාසුනා මතකය.
"මචං .. ඔය ඉන්නේ සමන් අය්යා තමයි " කරඹේයා අපට අපේ ගුරුතුමා හඳුන්වා දුන්නේය.
අපි කොට බිත්ති වලින් පෙනෙන පංතිය පසුකර ගොස් පන්සලේ ගන්ටාර කුළුන ලඟ නැවතුනෙමු.
පන්තියේ දෙසීයක පමණ පිරිසක් සිටි වග මතකය.
ගන්ටාර කුළුන ලග රැස් වූ අප එකිනෙකාගේ බැගී ෂර්ට් , ෆ්ලිට් තුනේ කලිසම් ආදිය ගැන සුරාජ් කියන ඇද කුද වලට සවන් දුන්නෙමු.
හා හා පුරා පංතිය ගිය ගමනට මම ඇඳගෙන ගියේ රාජුමාමාගේ නිල්පාට "හාරා" කලිසමක් සහ ඊටම
ගැලපෙන ලානිල් පාට කමිසයකි.
කමිසය සමන්තගේය. එය යටින් හැඳි මේස් බැනියම පෙනෙන වර්ගයේ දුහුල් කමිසයකි .
සුරාජ් නිතරම් ඇන්දේ මෙවැනි කමිසයි.
සුරාජ් වැනි මොඩ් පොරවල් අතර මමද යන්තම් නොකැපී සිටියේ රාජුමාමා සහ සමන්තට පින්සිදු වන්නට කිවොත් නිවැරදිය .
මගේ ඇඳුම උස කෙට්ටු ශරීරයට ගැලපෙන ලෙස තිබුණ බැවින් සහ සුරාජ් මගේ අතිජාත මිත්‍රයෙකු බැවින් එම සභාවේ මමද පොරක් වීමි.
ඇඳුම් කතා අවසානයේ කෙල්ලෝ ගැන කතා කරන්නට පටන් ගැනුනි.
ඒ වනවිටත් පැමිණ සිටි සිසුවියන් අතර සිටි තරමක් උසින් වැඩි කෙල්ලෙක් සහ මිටි කෙල්ලෙක් එක පොදීයට සිටිනු පෙන්වූ සුරාජ්....
"මචං අර බලපන් .. අර කෙල්ලෝ ටික දිහා ..
එතන ඉන්න උසම එකියි මිටීම එකියි හරියට ගලිවර් සහ ලිලිපුට්ටි වගේ "
ඇත්ත නේන්නම්.. අනික් කොල්ලෝ හූමිටි තබති.
"හරි මචං ...ඒ නම් දෙක උන් දෙන්නට නියමෙට ගැලපෙනවා එහෙනම් අපි ඒ දෙක අදම ස්ථිර කරමු. "
මම යෝජනා කලෙමි .
එදා සිට මේ සිසුවියන් දෙදෙනා අප හැඳින් වුයේ "ගලිවර් සහ ලිලිපුට්" යන නම් වලිනි.
අප ගලිවර්ලා දෙස බලමින් සිටීනා අතර උදේ පංතිය නිමා විය.
කොල්ලෝ කෙල්ලෝ එකා දෙන්නා බණ ශාලාව ඇතුළට ගමන් කරති.
අපේ ගැන්සිය පන්තියේ මැද හරියට ගොස් වාඩිවූ අතර කමල් සසරසිංහ , පොඩි රසික වැනි උනන්දුවෝ ඉස්සරහම පේලි වල වාඩි වූහ .
ඒ අසල සිටි ආටියා , සිසිත ඇතුළු පිරිසද මගේ උකුසු ඇසට අසුවිය.
පංතිය පටන් ගැනිණි. කබෝහය්ඩ්රේට් ගැන සමීකරණ ඉගැන්වූ සමන් අය්යා පොඩි පොඩි ප්‍රශ්න ඇසිය.
ඒ හැම එකකටම වගේ පැන පැන උත්තර දුන්නේ අපට පිටුපස පේලියේ සිටි චන්දිම නාමරත්න විසිනි.
අපි වරින් වර පිටිපස්සට හිස් හරවමින් නාමරත්නගේ හරඹය රස වින්දෙමු.
" මේවා දැක්කම අපි මෙන්ස්ට්රුවලි වැටෙනවා මචං".
"තොපිට නම් කිසි ගානක් නෑ වගේ .."
සුරාජ් අපේ ළඟ සිටි කුණු කුණු ගාන්නට විය.
ඒ අපි නොදන්නා කෙමිස්ට්‍රි නාමයා දැනගෙන සිටි බව දැකීමෙන් විශ්මයට පත් වීම නිසාය.
"ගණන් ගන්න එපා බං "
අද පළවෙනි දවසනේ මම වීරයා සේ පවසා කළුලෑල්ල දෙස නෙත් යොමු කලෙමි.
යමක් තවදුරටත් පැහැදිලි කල සමන් අය්යා එක්වරම ප්‍රශ්නයක් ඇසුවේ මා දෙස බලමිනි .
"නාමරත්න මම මේ අහන්නේ ඔයාගෙන් "
ඔහු මා දෙස චෝක් කෑල්ල දික් කරයි.
මම උඩ බිම බැලුවෙමි. කොල්ලෝ සමග කයිවාරුවක සිටීමට එකවරම පිළිතුරක් හිතට ආවේ නැත.
"මට අය්යා කිව්වා ඔයා එන බව.... සමන්ත නාමරත්න ඔයාගේ අය්යා නේද? "
ඔහු මා හඳුනාගත් බව මට ඒත්තු ගැන්වූයේය.
අපේ සමන්ත මට කිවූ දෙය යලි මතක් වුයේ එවිටය.
වැඩිය දඟලන්නේ නැතිව ඉන්න ඕනෑ.
මම හිතහදා ගත්තෙමි.
මම වාසගම ලෙස පාවිච්චි කලේ ජයසිංහ නාමය වුවද අපේ අය්යා සමන්ත තම නමේ අගට යෙදුවේ අපේ තාත්තගේ නමයි .
ඒ නිසා එදා සිට අද දක්වාම සමන් අය්යා මා අමතන්නේ නාමරත්න යන නමිනි.
එහෙත් මගේ උප්පැන්නයේ පියාගේ නම කියන තැන හැර කිසිම තැනක එවැනි නමක් සඳහන්ව නැත.
එදා සිට හැමදාම සමන් අය්යාට පෙනෙන වෙලාවට මා හැසිරුනේ නියම නාමරත්න කෙනෙක් ලෙසිනි.
සමන් අය්යා අපේ සමහර පංති සගයින්ගෙන් මෙන් මගෙන් ද පංති ගාස්තු ගත්තේ නැත.
එය මගේ හිතට එක්කළේ සහනයකට වඩා ලොකු බරක් කිවොත් නිවැරදිය.
මොනවා නැතත් කෙමිස්ට්‍රි හොඳටම කලයුතු යැයි යන අභියෝගය මා හට ලැබුනේ මේ සිද්ධිය හේතු කොටගෙනයි.
පසු සටහන :
සමන් අය්යා ගැන මගේ මතකය අවධි කරන්නට හේතු වුයේ පසුගියදා අපේ හිතවත් ව්‍යිදය සාගර රත්නායක (තාරක ) මට එවූ ෆේස් බුක් පණිවිඩයකි.
"සමන් අය්යාගේ කිරීටක ධමනි දෙකක් හොඳටම බ්ලොක් වෙලා .
ලඟදි නුවර ඉස්පිරිතාලේ කරපු ඇන්ජියෝ එකකින් හොයාගෙන තියෙන්නේ .
අඩුම ගානේ ස්ටෙන්ට් දෙකක් වත් දාන්න ඕනෑලු ඉක්මනින්ම . මචං මේ පණිවිඩේ හැමෝටම යවපන් .
ලක්ෂ හත අටක් යන වැඩක්ලු. සමන් අය්යා කී දෙනෙකුට නොමිලේ ඉගැන්නුවාද?
උඹ , මම , කරඹේ අපි දන්නා අය. තව නොදන්නා දොස්තරලා ඉංජිනේරුවෝ කොච්චර ඇත්ද ? "
තාරකයා දිගින් දිගටම පණිවිඩ එවන්නට විය.
"හරි .. හරි මම මොනවා හරි කරන්නම්. අනික් එවුන්ටත් කියන්නම් " මම තාරක අස්වැසුයෙමි.
අනතුරුව පටන්ගත් ෆේස්බුක් පණිවිඩ හමුවේ උනන්දු වූ 86 කණ්ඩායමේ අබේරත්න අය්යා ( දැනට කැනඩාවේ සිටින ) සමන් අය්යා සමග සම්බන්ධ වී තිබිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස මමද සමන් අය්යා හා කතා කලෙමි. ටියුෂන් එච්චරම සරු නැති බවත් ලක්ෂ ගණනක් හොයාගැනීම ප්‍රශ්නයක් බවත් එහා අන්තයෙන් කියවිණි.
මිතුරු මිතුරියනි :
මේ අපේ කලගුණ සැලකීමේ අවස්ථාවයි. මුදලට වඩා තමන් කරනා සේවය ගැන සිතු සමන් අය්යා නිසා බිහිවූ දොස්තරවරු , ඉංජිනේරුවරු අද ලොව පුරා විසිරි සිටිති.
ගුරුවරු , බැංකු කරුවෝ , දත් දොස්තරවරුද රාශියකි.
ගුරුවරු , බැංකු කරුවෝ , දත් දොස්තරවරුද රාශියකි.
කරුණාකර හැකි ඉක්මනින් පහත බැංකු ගිණුමට ඔබේ සහය පලකරන්න .
එසේ කල පසු සාගර , අබේරත්න යන දෙදෙනාට හෝ ඉඳුනිල්ට ඔබේ සහය ගැන විස්තර දන්වන්න .
මගේ මුහුණු පොතේ පණිවිඩයක් මගින්ද අපට දැන්විය හැකිය.
මගේ මුහුණු පොතේ පණිවිඩයක් මගින්ද අපට දැන්විය හැකිය.
සමන් අය්යාද ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රගතියඅපහට පවසනු ඇත.
...................... අංක මගින් ඔහු හා සම්බන්ධ විය හැකිය.
...................... අංක මගින් ඔහු හා සම්බන්ධ විය හැකිය.
අපේ පවුලේ ළමුන් තිදෙනාට තාත්තා ගේ නම මැද නම ලෙස යොදා ඇති නිසා මාවත් කලකට ඉහත හැදින්වුනේ රසික හරිස්චන්ද්‍ර කියායි.
ReplyDeleteපසුව මම සූරියආරච්චි කියා පමණක් භාවිතා කරන්න පටන් ගත්තා.
පරණ යාළුවන් සොයා ගැනීම සදහා වත්පොතේ දි දැන් මැද නම යොදා ගන්නවා.
අපේ අය්යට විතරයි තාත්තගේ නම යොදලා තියෙන්නේ නමේ අගට. අනෙක් ළමයින් හතරදෙනාටම යොදා ඇත්තේ අපේ පෙළපත් නාමය..ලංකාවේදී වගේම මෙහෙදිත් මේ අගනමේ පටලවිල්ල නිසා ගොඩ දෙනෙක් අපි අය්ය මලෝ බව හිතන්නේ නැහැ..
DeleteThis comment has been removed by the author.
Deleteඊලියන් තොටවත්ත සහ ටයිටස් ද සිල්වා ගැන දන්නවාද?
Deleteසරත් වර්ණපුර සහ බන්ධුල ප්‍රනාන්දු?
http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html
මේ කියන්නේ රෝහන බැද්දගේ සහ බන්ධුල විජේවීර වගේ නැති ටැපලිමක් නොවෙයි.
රසික , කකා වෙලා හිටපු කාලේ කතාවක් නේද ? නම් ගම් පාවිච්චියේ වෙනස් කම් හොඳට පැහැදිලිකෙරෙනවා
Deleteme welawe pawule wadama Gahanna epa Rasika mahaththtya ella patte dannaaya innawa nam MSG eke denna..
Deleteස්තුතියි රන්සකු .. ගණන් ගන්න එපා ඇල්ල පැත්තට අපේ තාරක ( හපුතලේ ඉන්න දොස්තර කෙනෙක් ) එහෙම නිතර ගිහින් සැප දුක බලනවා සමන් අය්යාගේ. සමන් අය්යාගේ ගෝලයෝ එයා ගැන හොඳට හොයලා බලනවා..
Deleteමුල්ම ගඩොල බැන්දා ඕස්ට්‍රේලියාවේ සිටින නිර්නාමික සිසුවෙක් සමන් අය්යාගේ. ගිණුම වැඩ කරනවා .ඔබේ සහය දක්වන්න..
ReplyDeleteඅපේ අය්යා සැත්කම කීරීමට අදාල රෝහල් පහසුකම් සකසන වැඩේ කරමින් ඉන්නා බවත් ආරංචි වුනා මින් මොහොතකට පෙර
ReplyDeleteමමත් සමන් පාලිත සර්ගෙන් ඉගනගෙන තියෙනවා (පුනරීක්ෂණ පංති ගියා). සර් ගොඩාක් හිත හොඳ කෙනෙක්. හැබැයි ටිකක් දරුණුයි (පතිරණ සර්ටත් වැඩිය). ළමයිත්ට උගන්වන්න ගොඩාක් මහන්සි වෙච්ච කෙනෙක්. මමත් උදව්වක් කරන්නම්.
ReplyDeleteස්තුතියි මෙත්මා දැන් වැඩේ පටන්ගෙන තියෙන්නේ ඉක්මනින් දිනයක් ලැබෙන්න නියමිතයි . සාගර කියපු හැටියට ප්‍රධානම කිරීටක ධමනියක් (Left Anterior Descending artery ) සියයට 90% කට වඩා අවහිර වෙලා ඉක්මන් වෙන තරමට හොඳයි... ජයවේවා !!!
Deleteඔන්න මමත් සල්ලි ටිකක් දැම්මා. සර්ට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්න්ථනා කරනවා!
Deleteස්තුතිය මෙත්මා . ඔබේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජයවේවා !!
Deleteඒ වාගේම ලබන ආත්මයෙත් රසායන විද්‍යාව හොදින් සමත් වෙන්න කියලා පාර්ථනා කරන්න. පිනක් කරන ගමන්ම පර්තනාවක් කරන්න, එය ඉටු වෙනවා.
Delete// ඔබේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. ජයවේවා !!// ඒකම ඇත්තමට මට ගොඩක් වටින පාර්ථනාවක්. එක තැනක හිර වෙලා ඉන්නෙ ඉස්සරහට යා ගන්න බැරිව.
Deleteකමල්, මම හිතාගෙන ඉන්නෙ ලබන ආත්මෙදි ආට් කරන්න. ඒක නිසා රසායන විද්‍යාව ගැන හිතන්න දෙයක් නෑ. මටනම් රසායන විද්‍යාව මෙලෝ දෙයක් මතක නෑ දැත්.
//එක තැනක හිර වෙලා ඉන්නෙ ඉස්සරහට යා ගන්න බැරිව. // අපිත් ඔහොම හිටියා 2007-2008 විතර මෙත්මා PhD එකක් නේද කරන්නේ? .. ඉක්මණින් ඔය හිරයෙන් ගැලවී ඉදිරියට යන්න ලැබේවා !!! මම කිව්වේ හිර වෙලා ඉන්න තැනින්
Deleteබොහොම පිං
Deleteමේ පිනෙන් ඔබේ ප්‍රාර්ථනාව ඉටු වේවා.
Deleteසමන් අය්යාගේ පංති වලට ආවේ නැති (අයිරාංගනී ටීචර් ගෙන් ඉගෙන ගත්) කෙනෙක් වන කැන්බරා වල සිටින අපේ සගයා ලලිත් ගුණරත්න මේ වැඩේට උදව් කරන්න ඕනේ කිව්වා . අද හෙට ලලිත් ගේ සහය සමන් අය්යාගේ ගිණුමට ලැබෙන්න සලස්වන ක්‍රමයක් හදනවා..
ReplyDeleteමමත් සමන් අයගේ පන්ති ගියා 1987 september සිට 1988 september පළමු දක්වා.ඉතින් ඒ කාලේ සමන් අය්යා මගෙන් මාසයක (එකල රු 20.00)පන්ති ගාස්තු අයකළේ නැහැ. මා ගැන අනුකම්පාවෙන් තව මාස එකක පන්ති සල්ලි දුන්නේ නැහැ. අද මට අවස්තාව තියෙනවා එම මුදල ගෙවන්න. මම හිතුවේ 13% පොලිය සමග එම සල්ලි ගෙවන්න.
ReplyDeleteපොලිය ගෙවන සුත්‍රයට අනුව {ගෙවිය යුතු මුදල(1+පොලි අනුපාතය)^වසර ගණන}
රු 40(1+13/100)^27=රු 1084.37
ඔබ මේ පොලියත් මුදලේ අගය වෙනස් වීමත් සලකා 1084 වගේ පස් ගුණයකින් උදව් කරන බව මම දන්නවා. ජයවේවා !!!!
Deleteas Kavidu's instruction Rs 5,000.00 to සමන් අයියගේ ගිණුමට බැර කරා.
Deleteස්තුතියි .. ඔබට වැඩි වැඩියෙන් පාරවල්, ගෙවල් හදන්න ලැබේවා !!! ලබන ආත්මේ රසයනවිද්යාවට A ලකුණු 95ක්ම ලැබේවා !!!
Deleteමේ පිනෙන් ලබන ආත්මයේ ලැබෙන්න කියලා කරන ප්‍රර්ත්නාව මම කියන්නම් කෝ telephone එකෙන්. හැබැයි කොහොම හරි ඉටු කරලා දෙන්න ඕනි හරිද.
Deleteබලමු බලමු අපිට බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්නයි . පිරිමියෙක් ගැහැණියෙක් කරන්නයි විතරයි... අනෙක් ඕනේ ප්‍රාර්ථනාවක් ඉටු කරලා දෙනවා...
Deleteබොට්ටා සමන් අයියාගේ පන්ති ආවේ නැහැ.
ReplyDeleteඔය මෙන්ස්ට්රුවල් කතාව කිව්වේ සුරාජ් . ඒක හැදුවා දැන්....
Deleteකමල් සසරසිංහ ඉස්සර පේලියේ හිටපු උනන්දුවෙක් නෙවෙයි.
ReplyDeleteමම දන්නවා. පොඩි කතා රසයකටත් එක්ක තියලා තිබ්බා..පොඩි රසික උනන්දුවෙක් නේ ?
Deleteඔබ හරි, පොඩි රසික උනන්දුවෙක්
Deleteඉක්මන් සුවය පතමු....
ReplyDeleteස්තුතියි කුරුටු... මේ සිද්ධියේ ඉක්මන් සුවය ලැබෙන්න නම් අපේ යාලුවෝ මේකට ඉක්මනින් උදව් කරන්න ඕනේ. ශල්‍යකර්මය කරන්න අවශය වියදම් පියවා ගන්න
Deleteඅර ෂර්ට් ජාතියට කිව්වෙ රැංග්ලර් කියල නේ ද?
ReplyDeleteහරියට හරි පැරා .. රැන්ග්ලර් තමයි ෂර්ට් එක.. හාරා කලිසම.. මේ පැත්තේ ආවට ස්තුතියි
Deletehttp://www.wrangler.com/shop/men-shirts
Deletehttps://en.wikipedia.org/wiki/Wrangler_(profession)
Deletethanks Pra Jay
Deleteඔහුට අවශ්‍ය සහාය ඉක්මනින්ම ලැබේවි..
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ගස්.. සමන් අය්යාගේ ගෝලයෝ ගොඩක් ඉන්නවා ලොකු ලොකු තනතුරු වල.. මගෙත් විශ්වාශය මේක ඉක්මනින් කෙරෙයි කියලා
Deleteමාත් කාලයක් මෙතුමාගේ ටියුට් ටයිප් කෙරුවනෙ. දැං බදුල්ලේ රසායනික විද්‍යාවට නං දරාපු ගුරුවරයත් සමන් මහත්තයාගේ ගෝලයෙක්. නොයෙක් ක්‍රම දාලා ලමයින් බාගන්න යන්නෙ නැති හංද මෙතුමාගේ පන්ති වලට ලමයි අඩුයි. එයිනුත් බාගයකට විතර පිනට උගන්වන හිංදා ආදායමක් තියෙනවද මන්දා
ReplyDeleteඅහන්න සතුටුයි සුරංගත් සමන් අය්යා එක්ක ගණුදෙනු කරලා තියෙනවා කියන එක ගැන. ඔය කියන්නේ රවී ගැන වත්ද? සමන් අය්යා සල්ලි වලට වඩා ගොඩක් මිනිස්සු හම්බ කරපු මනුස්සයෙක්. එයාට ඒකේ ප්‍රතිඵල දකින්න ලැබෙයි මේ දවස් කිහිපය ඇතුලතම..
ReplyDeleteඔය මම කියපු ලානිල් පාට රැන්ග්ල්ර් ෂර්ට් එක මගේ හොඳම යාලුවා සුරංජිත් (https://helmalu.blogspot.com.au/2016/02/blog-post_20.html?showComment=1465388462888#c3854992747293107531)
ReplyDeleteමාරු කර ගත්තා එයාගේ 65යි 35 ෂර්ට් එකක් මට දීලා . සුරංජිත් 1989 භීම සමයේ අපෙන් සමුගත්තා මගේ (සමන්තගේ ) රන්ග්ල්ර් ෂර්ට් එකත් ඒ සමගම නැතිවෙලා ගියා..
may Allah grant him a speedy recovery.
ReplyDeleteThanks Azaz
Deleteසටහන රසවත්...ඒ ගුරුතුමාගේ සැත්කමට අවැසි සහයෝගය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා...
ReplyDeleteසැත්කමට දැන් සහයෝගය ලැබෙමින් පවතිනවා . මම පොඩි ලිස්ට් එකක් දාන්නම්. සාගර නම් ටිකක් එවලා තිබුනා.
Deleteමේ වන විට සමන් අය්යාගේ ගිණුමට මුදල් බැර කල අයගේ ලිස්ට් එකක් සාගර දුන්නා . මට මුදල් දුන්න බව කියූ අයත් එක්ක ලිස්ට් එක මෙන්න මේ වගේ...
ReplyDeleteනිර්නාමික ඔස්ට්‍රේලියාව- රුපියල් 10000
රවින්ද්‍ර බණ්ඩාර - රුපියල් 100000
මෙත්මා රාජමුණි ඔස්ට්‍රේලියාව රුපියල් 9400
Dr. DMCM දිසානායක රුපියල් 25000
එම්. ජනිත ශ්‍යාමාල් කටාර් - රුපියල් 25000
අශෝක වීරවන්නි අය්යා (සමන් අය්යාගේ පංති නොගිය කෙනෙක් ) රුපියල් 10000
ඉඳුනිල් විජේරත්න රුපියල් 5000
ReplyDeleteDR තිස්ස විජේරත්න ඔස්ට්‍රේලියාව - සෑහෙන මුදලක් (ගාන සඳහන් කලේ නැහැ. ශල්‍යකර්මය සංවිධානය කිරීමටත් පුද්ගලිකව ම සම්බන්ධයි කිව්වා)
DR ගංගා ඇල්ල AMOH රුපියල් 50000
DR සුරංග දියතලාව රෝහල රුපියල් 15000
DR සුපුන් දියතලාව රුපියල් 25000
DR මංගල දියතලාව රුපියල් 25000
DR සාගර රත්නායක (දියතලාව ) රුපියල් 100000 යි. මේ සම්බන්ධයෙන් අපව මුලින්ම දැනුවත් කලේ සාගර තමයි
ReplyDeleteසමන් අය්යාගේ ශල්‍ය කර්මයට දින ලැබිලා තියෙනවා . ජුනි 16 දින දීලා තියෙනවා . දැනට රුපියල් 568,000 එකතුවෙලා තිබෙන බවත් ලක්ෂ අටක මුදලක් අවශ්‍ය බවත් මේ මොහොතකට පෙර කතා කරද්දී සමන් අය්යා මට කිව්වා. අද දිනයේ අතපසු වූ අය උදව් කරාවි කියලා හිතනවා...ඉක්මන් වෙමු.
ReplyDeleteපේරාදෙණිය දන්ත ව්‍යිදය පිඨයේ DR කපිල අරඹවත්ත රුපියල් 20000 යි . කැන්බරා වල සිටින ලලිත ගුණරත්න රුපියල්ස 10000 යි (සමන් අය්යාගේ පංති නොගිය කෙනෙක් )
ReplyDeleteඔබේ ගුරුතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. ඉතාමත් විනිවිදභාවයෙන් යුතුව කෙරෙන මේ සද්කාර්යය පිළිබඳව ප්‍රසාදය පළ කරමි.
ReplyDeleteඅපේ හිතවතා රවින්ද්‍ර බණ්ඩාර ලබා දුන් අනික් නම් ලැයිස්තුව...(මේ සද් කාර්යට අත හිත දුන් අයගේ )
ReplyDeleteජනිත ශ්‍යාමල්. 25000 (ඉහතත් සඳහන් කළා )
සමන්ත ජයසේකර (ඉංජිනේරැවෙකි. ගෝලයකු නොවූවද සමන් අයියා ගැන අසා ඇති නිසා. 10400
පාලිකා ජයසේකර10000
වාසනා ධර්මදාස 10000
නිලාන් හේමචන්දු 20000
DMCM දිසානායක 25000 (ඉහතත් සඳහන් කළා )
මෙත්මා රාජමුණි 9400 (ඉහතත් සඳහන් කළා )
ජානක විජේකෝන් 5000
වජිරා මාරසිංහ 5000
බණ්ඩාරවෙල PRINCIPIA අධ්‍යාපන ආයතනයේ ටියුෂන් ගුරැවරැන් පිරිසක් සමන් අය්යාගේ සැත්කම වෙනුවෙන් මා හට මුදල් ලබා දුන්නා. ඒවා සමන් අයියාට ලබා දෙන වගකීම මා සතුවේ.
ReplyDeleteමහේෂ් දුග්ගන්නාරාල. 20000
සමිත් B අනූෂාන් 5000
රවින්දු සමරනායක 5000
මේ රවින්ද්‍ර බණ්ඩාර ගේ තවත් පණිවිඩයක්....
බොහොම හොද වැඩක්
ReplyDeleteවැඩේ ලස්සනට යනවා
ස්තුතියි රබා .. රබා බ්ලොග් ලොවේ අලුත්ම සම්ප්‍රාප්තිකයා වෙන්නේ කවද්ද?? ප්‍රචාරයක් දෙන්න බලන් ඉන්නවා ...
Delete13/06/16 Dr. ජගත් සමන්ත විතාරණ රුපියල් 10000 යි . අද වෙනකොට 605,000 කිව්වා . 16 වෙනිදා වෙනකොට මේක 800,000 දක්වා යන්න ඕනේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපත් සමග එකට සමන් අය්යාගේ උසස් පෙළ පංති ගිය ප්‍රේමිල් අත්තනායක සමන් අය්යාගේ ගිණුමට රුපියල් 10000ක් බැර කල බව සාගර රත්නායක දැනුම් දුන්නා. මේ වන විට ගිණුම රුපියල් 700000 ට ලඟා වූ බව ආරංචියි.
ReplyDelete16/06/2016 මෑතකදී අපෙන් වෙන්වී ගිය රුවන් ආටිගලගේ සොහොයුරියන් දෙදෙනා ( චමින්ද්‍රා ආටිගල /ඔස්ට්‍රලියාව සහ ඉරෝමි ආටිගල ශ්‍රී ලංකාව ) අද රුපියල් 20000 ක් සමන් අය්යාගේ ගිණුමට යොමුකළ බව මට පැවසුවා..
ReplyDeleteරබා .. අරලගංවිල මහා විදුහලෙන් බ්ලොග් ලිවීමට පැමිණි තුන්වන සාමාජිකයා .. කියවන්න http://rabaagelokaya.blogspot.com.au/2016/06/blog-post.html?m=1
ReplyDeleteලක්මිණි ධනවර්ධන රුපියල් 5000කින් සහය පල කළ බව රවින්ද්‍ර බණ්ඩාර පැවසුවා 15/06/2016
ReplyDeleteDr දේවින්ද , දියතලාව රෝහල රුපියල් 25000කින් සහය දුන් බව සාගර රත්නායක සඳහන් කළා 16/06/2016
ReplyDeleteමේ ආරංචිය ලැබුණු විගසම සමන් අය්යා හමුවූ අපේ පන්තියේ සිටි සජීවී විමලසුරිය සොහොයුරිය ඔහුට සහය පලකර තිබුණා. රුපියල් 10000කින් . සජීවී මේ වෙනුවෙන් මුලින්ම සහය දුන් අයගෙන් කෙනෙක්...
ReplyDeleteනැත රවී නම් මම අදටත් සමන් අයියාට එදා මෙන්ම ලෙංගතුව සිටිමි. ඇරත් මම chemistry gurek Novemi.
ReplyDeleteඅපේ සහ ඌව පළාතේ කාගේත් හිතවතා සමන්ත විද්‍යාරත්න සමන් අය්යාට උදව්වක් ලෙස රුපියල් 10000 ක් මේ ගිණුමට බැරකර තිබුණ බව සමන් අය්යා කිව්වා ..
ReplyDelete01/07 / 2016 - හිතවතුනි සමන් අය්යාගේ ශල්‍යකර්මය ඊයේ සාර්ථකව අවසන් වුනා කියලා කිව්වා. ඒ වෙනුවෙන් සාගර රත්නායකගේ නෑදෑ මල්ලී කෙනෙක් වූ වයිදය දීප්ති රත්නායක ගොඩක් උදව් කරලා තිබුනා. හෙට සිට සමන් අය්යා ඔහුගේ සාමාන්‍ය කටයුතු ( උසස් පෙළ රසායන විද්‍යාව පංති ) ඉදිරියට කරගෙන යනු ඇති. වචනයකින් හෝ උදව් කල සියළු දෙනාට ස්තුතියි
ReplyDelete