Sunday, 15 May 2016

සමන්ත විද්‍යාරත්න නම් "සොඳුරු මිනිසා "





සමන්ත විද්‍යාරත්න යන නම් මට මුලින්ම ඇසෙන්නේ 2010 මම ලංකාවට ඇවිත් අපේ මහ ගෙදර ගොස් සිටිද්දීය. ඒ වනවිට සමන්ත චන්ද්‍රිකා රජයේ සංස්කෘතික නියෝජය අමාත්‍ය ධුරය දරා අවසන් කර බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස සිටි කාලයයි . "මල්ලී සමන්ත ගැන අහලා තියෙනවද ? හරි දක්ෂ කථිකයා" සාකච්චාව ආරම්භ කලේ උග්‍ර ශ්‍රී ලංකා කාරයෙකු වූ අපේ සමරනායක අය්යාය ( අපේ අක්කගේ මහත්තයා ). "එච්චර ගානක් නෑ අය්යා . විමල් විරවංශ ගැන නම් නිතර දකිනවා " මම පිළිතුරු දුන්නෙමි. "විරවංශ කවුද සමන්තනේ කථිකයා . හරියට කරුණු කාරනා හොයලා කතා කරන්නේ . අර නිල්ගල කැලේ ගැන එයා පාර්ලිමේන්තුවේ කරපු කථාව බැලුවද මල්ලී?"


"ගහකොළ , සතා සීපාවා ගැන මාර දැනුමක් සමන්තට තියෙන්නේ "

අක්කලා අය්යා මට අපේ කථානායකයා ගැන තවත් විස්තර කරන්නට විය.
"ඒත් මිනිස්සු කියනවා සමන්තට නම් පිස්සු කියලා " අපේ අක්කා ද කතාවට එකතු වුවාය. "ඇයි ඒ..? මිනිහා මොනවද කරන පිස්සු වැඩ " මම කුතුහලයෙන් යුතුව විමසුවෙමි. 
"නියෝජ්‍ය ඇමති කෙනෙකුත් වෙලා ඉඳගෙන හවස් වෙද්දී ගමේ බෝක්කු ගානේ ඉඳගෙන ඉන්නවා කියන්නේ " . අක්කා සමන්ත මන්ත්‍රී තුමෙකුට තරම් නොවටිනා වැඩක් කිරීම ගැන අමනාපයෙන් මෙන් කීවාය.

මේ කතා බහ සිදු වී දින කිහිපයකින් අපි අපේ  ගමට ආයුබෝවන්  කියා නිම්මිලා ගමට  පැමිණියෙමු.

එහි දින කිහිපයක් ගෙවා  නැවත  ගුවන් ගත වුයේ  සමන්ත ගැන  වූ  කතා බහ ද මුළු මනින්ම  අමතක කරමිනි.

ඌවේ රිදිසීනුව  නැවත කරලියට 



එදිනෙදා විශ්ව විද්‍යාල  සිසුන්ගේ  කටයුතු  කරමින් කාලය ගෙවී  ගියේ  2014  වසරටද  ලඟා වෙමිනි.

අපේ අය්යා සමන්ත ( දැනට  අප ඉන්නා රටේ මහාචාර්ය වරයෙක් ) තමන්ගේ  මුහුණු පොතේ  සමන්ත විද්‍යා රත්නගේ   කථාවක්  පලකලේ 

 "කලකට පසු ඌවෙන් බිහිවූ  ගමට රටට හිතැති සැබෑ නායකයෙක් "  

යන හෙඩිම යටතේයි.

ඒ නිසාම මම පළමු වතාවට  සමන්තගේ කථාවකට සම්පුරණයෙන් සවන් දුන්නෙමි.

එය  තමන් උපන් ගම් පළාතේ අස්සක් මුල්ලක් නෑර  දන්නා සැබෑ ජනතා  සේවයෙකුගෙන් ඇසෙන වර්ගයේ  කථාවකි.





ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  දිස්ත්‍රික් බල මණ්ඩල ලේකම්  කෙනෙකුගේ  ( අපේ තාත්තා )  නිවසේ හැදුනු මා මෙවැනි අර්ථවත් , අපේ  පළාත ගැන සත්‍ය තත්වය මැනවින් පැහැදිලි කල කතාවක්  අසා තිබුනේ නැත.

මේ නිසාම ඒ කතාව මගේ මුහුණු පොතේ  පල කල මා තව තවත් සමන්ත විද්‍යාරත්න ගැන  සොයන්නට පෙළඹුනෙමි.

දුෂ්කර  කුඩා  කාලයක් 


සමන්තගේ  කුඩා කාලයද  අපේ  ළමා කාලය මෙන් විවිධ  දුෂ්කරතා  මද්‍යයේ   ගෙවී  ගිය එකකි.


දරුවන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙස ඔහු  උපන්නේ බදුල්ලේ තිබෙන දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් වූ  රිදීමාලියද්ද   ප්‍රදේශයේය.


වැඩිමහල්  සොහොයුරියක්  සහ බාල සොහොයුරියන් දෙදෙනෙක්  ඔහුගේ පවුලේ සිටි අනෙක්  සාමාජිකාවෝ  වුහ.

ඔහු ඉතා කුඩා කාලයේදී  ඔවුන්ගේ පියාණන්  මිය පරළොව ගොස් තිබේ.  ඒත් සමගම සමන්තලාගේ  දුෂ්කර ක්‍රියා කාලය ආරම්භ වී ඇත. 

පියා නැති දරුවන් හතර දෙනෙක් රක්ෂා කිරීම වෙනුවෙන්  සටනට බට තම මෑණියන්ට  සවියක් වන්නට ඔහු තීරණය කළේය.

අම්මා සමග අඳ කුඹුරේ වැඩ කළේය. හේන් කෙටුවේය.  අම්මා සමග ගඩොල් කපා විකුණුවේය.

තම සොහොයුරියන්ගේ සහ තමාගේ අධ්‍යාපනය වෙනුවෙන්  නොවිනිදිනා දුක් විඳිමින් වැඩ කළේය..


ගමේ පාසලෙන්  අධ්‍යාපනය  ලබා  විශ්ව විද්‍යාලයට  ගියේය.  උපාධියක් ලබා නැවතත්  ගමට පැමිණ එහි පාසැලක සේවය කළේය.  

පසුව දේශපාලනයට  පිවිසි ඔහු දෙදහස් පහ මහා මැතිවරණයේ  බදුලු දිස්ත්‍රික්කයේ  වැඩිම  මනාප චන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට  ගියේය. 

ඒ  රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් සමග එකඟතාවයකින් පිහිට වූ සන්ධානයකින්  චන්දයට  මුහුණ දෙමිනි. 

එදා එසේ නියෝජ්‍ය ඇමතිකම් පවා ලැබුවද  ඔහු අදටත්  එදා මෙන් සරල මිනිසෙක් ලෙස ජිවත් වෙයි. 



ඔහු තෝරා ගත් දේශපාලන ගමන් මග වෙනම දෙයකි.


මා කතා කරන්නේ සමන්ත විද්‍යාරත්න නම් සොඳුරු මිනිසා ගැන පමණි. 

සමන්ත ගැන මේ  පොස්ට් එක ලියන්න හිතුනේ  මෑතකදී  ජාතික රුපවාහිනියේ   විකාශනය  වූ අව්‍යාජ  සම්මුඛ සාකච්චාවක්.

 එහි සිටි කලාකරුවා ජයලාල්  රෝහණ  තමාගේ කුඩා කාලය ගැන කල හෙළිදරව්ව  මගේ හිත අපෙත්, සමන්තලා වැනි දේශපලනයේ දී  කලාතුරකින්  හමුවන අව්‍යාජ  මිනිසුන්ගේත්  අතීතයට  ගෙන යන්නට හේතු වුනා. 


මෙය දෙස පක්ෂ දේශපාලනයට  ආවේණික වූ  පාට කන්නාඩි වලින් නොබලා  ඉතිරි  කොටසට  සුදානම්  වන්න.....

68 comments:

  1. මේ මනුස්සයා දැකලාවත් කතාබහ කරලාවත් නැත. හැබැයි මුන්නැහැගේ ගේ තාම කපරාදු ගහලාවත් නෑ කියලා මේ පලාතෙම කෙනෙක් කියනවා මං අහගෙනයි. එක අතකිං බැලුවහම මුන්නැහැගෙ බිරිඳත් අපේ කළ්‍යාන මිත්‍රගේ බිරින්දෑ වගේම ඉවසන කෙනෙක් වෙන්නට ඇත. නැත්තං ගෙයි ගැඩොල් ගලවා මුන්නැහැගේ ඔලුවෙ ගහනවා සත්තයි සහතිකයිය.

    හැබැයි රිදීමාලියද්දෙ අනික් පාර්ශවයේ පාලුවෝ ටිකනං හොඳටම දැක ඇත්තෙමි. රාජ්‍ය උස්සවයකට එකෙක් ආවේ බලු දංවැලක් කරේ දාගෙන බොඩි පිට් ෂර්ට් එකේ උඩ බොත්තං ගලවාගෙනය. අනෙක් තඩියා ආ වෙලේ පටං කකුලක් උඩ තියාගෙන අඹහලුවා වගේ චුයිංගම් ගුලියක් හපන්නට විය. රාජ්‍ය සේවයේ ලොක්කෝ ටයි බිම ගෑවෙන්නට නැවී උං සමග කතා කලෝය.

    ReplyDelete
    Replies
    1. එහෙම ගෑනු ඉන්න ගෙවල් කපරාදු කරන්නේ නැ බං , ඒවට දොරජනෙල් ඕනත් නැ

      Delete
    2. සමන්ත සහෝදරයා ඉන්නේ බදුල්ලේ කුලී ගෙදරක, මහා විද්‍යාල පාරේ කෘෂිකර්මේ ළඟ.. ඔහුගේ බිරිඳ ගුරුවරියක්.. මගේ දුවට පහුගිය අවුරුදු දෙකම ඉගැන්නුවේ ඇය.. දෙන්නා ගැනම කියන්න කතා බොහෝමයි.. එකක් විතරක් මෙතනම කියන්නම් ඒ කැපවීම ගැන.
      වරක් 3 වසර සිසුවියන්ට දින දෙකක වැඩමුළුවක් තිබුනා හාලිඇල මහා විද්‍යාලයේ.. 'බාලදක්ෂ' වැඩමුළුවක් වගේ.. අපේ පාසලේ මෙම වැඩසටහන භාර ගුරුවරිය උනේ ඇය. වැඩමුළුවට සුදානම් වෙන අවසන් දින කිහිපය තුල ඔවුන්ගේ පොඩිම පුතා අසනීප වෙලා බදුල්ල මහා රෝහලේ නතර කරන්න උනා. රෑ එළිවෙනකම් ළමයා ළඟ ඉන්න ටීචර් උදේට කාගේ හෝ පන්තියේ ළමයෙකුගේ අම්මෙක්ව (බොහෝ විට අපේ උන්දා) ඇගේ ළමයා ළඟ නතර කරලා පාසැලට ඇවිත් ළමුන් පුරුදු පුහුණු කරනවා.. නැවත 1:30 ට ඉස්පිරිතාලෙට යනවා.. වැඩිමල් ගැහැණු ළමුන් දෙදෙනා ඥාති සොහොයුරියක් ළඟ නතර කරලා පාසැල් යැව්වා.. වැඩමුළුව පවතී සනි අන්තයේ උදෑසන ලමයව ටිකට් කපාගෙන වැඩි මහලු ගැහැණු දරුවන් දෙදෙනාත් සමඟ ඇය හාලිඇල ඉස්කෝලෙට ආවා.. පන්තියක සිතල බිමේ එලපු ඉටි කොලේක ලමයව නිදි කරලා අක්කලා දෙන්නට බලා ගන්න දීලා තමයි ඇය සම්පුර්ණ වැඩමුළුවට සහභාගී උනේ. එතනදිත් මමයි මගේ බිරිඳයි තමයි මාරුවෙන් මාරුවට පොඩි එවුන් තුන් දෙනාවම බලා ගත්තේ.. අන්තිමට කොල්ලා හිටියේ මගේ අතේමයි.. මේ සියල්ල වෙද්දී සමන්ත සහෝදරයා රට වටේ රැස්වීම් අමතමින් ගියා.. පළමු දවසේ රෑ 11 ට පමණ ඔහු හාලිඇල ඉස්කෝලෙට ආවේ කොළඹ ඉඳලා බස් එකේ එන ගමන්. අපිත් එක්ක පැයක් හමාරක් එතන හිටියා.. ඒ සම්පුර්ණ වෙලාවම පොඩි පුතා වඩා ගෙන උත්සව ශාලාවේ ග්‍රිල් වලට එළියෙන් බෙල්ල දාගෙන ඇතුලේ යන වැඩසටහන බලාගෙන හිටියා.. ඇතුලේ සම්භාවනීය අමුත්තන් උනේ විදුහල්පතිවරු, පොලිසියේ OIC හා වෙනත් සාමාන්‍ය රජයේ සේවකයෝ.. හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් එහෙම ඉඳියි කියලා දැකපු කෙනෙක් මිසක් විශ්වාස කරන්නේ නෑ.. පැයක් හමාරක් ළමයින් එක්ක ඉඳපු ඔහු ආපහු රෑ හාලිඇලෙන්ම බස් එහෙක නැගලා කොළඹ ආවා ආයෙමත් දේශපාලන වැඩ වලට.. ඊට පහු වෙනිදා උත්සවේ සියලු වැඩ ඉවර කරලා අස්පස් කිරීම් සියල්ලෙන් පස්සේ ළමයි තුන් දෙනාත් එක්ක අන්තිමට ඉස්කෝලෙන් ආවේ තිලකා ටීචර් හෙවත් සමන්තගේ බිරිඳ... ඇය හාලිඇල ඉඳන් බස් එකේ ළමයි තුන්දෙනාත් බඩු මුට්ටුත් කර තියාගෙන එනවා බලන් ඉන්නම බැරි තැන ත්‍රිරෝද රථයක් ගෙන්නලා බදුල්ලට එව්වේ මම.. ඇයට ඒවා ගානක් වත් නෑ. බදුල්ලේ ප්‍රධානම කාන්තා විදුහලේ පහල පන්තිවලට උගන්වන ගුරුවරු අතරින් ළමයෙකුගෙන් 'ටොපියක්වත්' සන්තෝෂම් ගන්නේ නැති එකම ගුරුවරිය ඇයයි. ඒ නිසාම ඇයට පාසලේ ගුරුවරුන් අතරෙන්ම බොහෝ කැපීම් තියෙනවා.. නමුත් ඇයට ඒවාත් ගැටළු නෙවෙයි.. අපි පවුල් දෙක බොහොම ලඟින් ආශ්‍රය කරන නිසා මේ තොරතුරු වල 100% ක නිවැරදිතාවය ගැන මට සහතිකයි..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. දිග කතාවක් ටයිප් කරා සමන්තගේ බිරිඳ ගැන.. නෙට් එක අවුල්වෙලා පබ්ලිෂ් උනේ නෑ.. ආයිම කොහේ හරි ලියන්නං..

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. හෑ!! එකපාරට දෙපාරක්ම පබිලිෂ් වෙලා නෙව.. මං විස්සෝපෙන් උන්නේ..

      Delete
    7. කල්‍යාණ මිත්‍රයෝ කියන්නේ මෙහෙම අයට නේන්නං ....සැමියගෙයි බිරිඳගෙයි අදහස් සහ ආශාවන් ( interests) එකවගේ වුනාම විවාහයක් අතිසාර්ථක වෙනවාලු. මේක මෙහෙ ෆැමිලි මෙඩිසින් වලත් නිතර කියන දෙයක්. ඒ අතින් බැලුවම සමන්තගේ රටාවටම හරියන බිරිඳක් ...

      Delete
    8. //හෑ!! එකපාරට දෙපාරක්ම පබිලිෂ් වෙලා නෙව.. මං විස්සෝපෙන් උන්නේ..// ඒකට කමක් නැහැ.... දෙකට තුනක් පබ්ලිෂ් වුනත් කමක් නැති තරම් වටිනා අත්දැකීමක්...

      Delete
    9. කමියා....මේ පොඩි උදාහරනය මෙතනට එකතුකිරීමට මගේ ස්තූතිය!!!!

      Delete
    10. මේ කල්‍යාණ මිත්‍රයා ගියේ නෑනේ ඡන්දේ දෙන්න.
      http://kalahitha.blogspot.com/2015/07/story-of-majority-i-see.html


      Delete
    11. /හරීන් ෆර්නෑන්ඩූ, නිමල් සිරිපාල වැනි දැවැන්තයින් නිසා මගේ ඡන්ද දෙකනම් සෑහෙන ගානකට විකුණා ගත හැකි වනු ඇතැයි සිතමි. වෙනත් මතයක් දරණ පරිත්‍යාගශීලියෙකු වේනම් මා මිතුරු සමන්ත විද්‍යාරත්න සහෝදරයා වෙනුවෙන් අනුග්‍රහයක් දැක්වීමට වුව ඉදිරිපත් විය හැක. නැත්නම් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඥානසාර සාදු වෙනුවෙන් බැරිනම් ස්වාධීන අපේක්ශකයෙකු වෙනුවෙන් වුවද කම් නැත. වටින්නේ ගාන විතරකි.//

      හැබෑමයි මේ හාදයා චන්දෙ දාලා නැහැ නේද? ඒ වගේම සමන්තට චන්දයක් දෙන්නත් ගානක් ඉල්ලලා මෑන්ස්.. අපේ පැතිවල ගොඩක් අය වගේ .. "මම දැක්කා අහවලා නම් අපේ ගම පළාත් වලට හරි ආදරෙයි වගේ ?මේ පාර චන්දේ අහවලාට දුන්නනම් අපේ පැත්තට හොඳ වෙයි නේද?..." .... "හරි හරි දෙමුකෝ මිනිහා ඇත්තටම දිනයිද? " ... දෙන්නම් අපේ දුවට රස්සාවක් ගන්න පුලුවන් වෙයි නේද එයා දිනුවොත්. ඔන්න කියන්න ඕනා " මේ අපේ ගමේ අය චන්දෙ කාලේ කියපු කතා..

      Delete
    12. I voted him for the provincial election. But not during parliamentary elections. :) and I told him that I don't come to vote.

      Delete
    13. Hih hih Kami fell into the trap

      Delete
    14. පෝස්ට් එකට එළියක් ලැබුණු කොමෙන්ට් එකක් ++++

      Delete
    15. ඔව් .. මේකෙන් අපි ඈත ඉදන් හිතින් මවාගෙන ඉන්න සමන්ත ඇත්තටම අපි හිතනවා වගේ කෙනෙක් බව ඔප්පුවෙනවා...

      Delete
  2. //බිරිඳත් අපේ කළ්‍යාන මිත්‍රගේ බිරින්දෑ වගේම ඉවසන කෙනෙක් වෙන්නට ඇත.// ඉවසන බිරින්දෑ වරු සිටීමෙන් සමාජයට මහත්ඵල මහානිසංස ගෙන දෙන දේවල් කල හැකිය... මෙතුමා , කල්යාන ඇතුළු පිරිස අපට පෙන්වා දෙන්නේ එයයි...

    ReplyDelete
  3. /හැබැයි රිදීමාලියද්දෙ අනික් පාර්ශවයේ පාලුවෝ ටිකනං හොඳටම දැක ඇත්තෙමි. රාජ්‍ය උස්සවයකට එකෙක් ආවේ බලු දංවැලක් කරේ දාගෙන බොඩි පිට් ෂර්ට් එකේ උඩ බොත්තං ගලවාගෙනය. අනෙක් තඩියා ආ වෙලේ පටං කකුලක් උඩ තියාගෙන අඹහලුවා වගේ චුයිංගම් ගුලියක් හපන්නට විය. රාජ්‍ය සේවයේ ලොක්කෝ ටයි බිම ගෑවෙන්නට නැවී උං සමග කතා කලෝය.// මෙය අද රටේ යථාර්තයයි. ඊළඟ පොස්ට් එක කියවන්න. එකේ සමන්තට අපේ ගමේ ගිහින් සිදුවූ ඇබැද්දියක් ගැන කියවෙනවා.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙනත් ජනප්‍රීය දේශපාලන ප්‍රවාහයක් නියෝජනය කලානම් මොනතරම් වැඩක් වෙයිද , බාගදා එහෙම වෙන එකකුත් නැ , හදවතට ඉබ්බෙක් දාගන ගලන අතට පාවෙලා යන්ඩ වෙයි , නැත්තං අත ඇරල දාල බෝක්කුවක් උඩටවෙලා ඉන්ඩ වෙයි

      Delete
    2. //බාගදා එහෙම වෙන එකකුත් නැ , හදවතට ඉබ්බෙක් දාගන ගලන අතට පාවෙලා යන්ඩ වෙයි , නැත්තං අත ඇරල දාල බෝක්කුවක් උඩටවෙලා ඉන්ඩ වෙයි// හිතට එකඟව කරන ජනතා සේවයකට ජනප්‍රිය ප්‍රවාහ දෙකේ ඉඩ අඩු බව එයාට තේරෙන්න ඇති...අටම් හරි ඔය දෙකෙන් එකක් තමයි කරන්න වෙන්නේ ගියානම් බොහෝවිට

      Delete
    3. සඳ වියමන් සහ කල්යාන ස්තුතියි අප නිරීක්ෂණය කල සමන්තගේ "සොඳුරු මිනිස් ගති" ඔහුගේ උපතින්ම සහ ළමා කාලයේ සිටම රැගෙන ආ සහ දැනටත් පවත්වාගෙන යන ඒවා බව ඔබලාගේ අත්දැකීමෙන්ම ඔප්පු කිරීම ගැන. ඔහු ඇත්තටම උසස් ගති ඇති මනුස්යයෙක් අද කාලයේ ඉතාමත් කලාතුරකින් තමයි එවැනි අය දේශපාලනයේදී යෙදෙන්නේ . අවාසනාවකට ඔහුගේ චන්ද දායකයින්ට මෙය තවම දැනිලා නැහැ . එහෙම නෙවයි දැනුනත් ඔවු ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂ දෙකේ නැති නිසා අර ගෝනි කොටුවේදී එය අමතක වෙනවා ..

      Delete
    4. /////වෙනත් ජනප්‍රීය දේශපාලන ප්‍රවාහයක් නියෝජනය කලානම් මොනතරම් වැඩක් වෙයිද , බාගදා එහෙම වෙන එකකුත් නැ/////

      අටමෝ......ඒක එහෙම කරන්න බැහැ බන්. උඹ හරි. දොන් නම් දොන්..දොන් සිමන් දෙකක් බැහැ.

      Delete
    5. //////අවාසනාවකට ඔහුගේ චන්ද දායකයින්ට මෙය තවම දැනිලා නැහැ . එහෙම නෙවයි දැනුනත් ඔවු ප්‍රධාන ප්‍රවාහයේ පක්ෂ දෙකේ නැති නිසා අර ගෝනි කොටුවේදී එය අමතක වෙනවා ../////////

      කවිඳු......නිවැරදි මිනිසුන් නිවැරදි ස්ථානයට ඔසවා තබන්න තරම් ජනතාව තවමත් නිවැරදිවෙලා නැහැ. ඒ නිවැරදිව හිතන දවස කවදද කියලා හිතාගන්නවත් බැහැ. පේනවනේ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට්.

      Delete
    6. //නිවැරදි මිනිසුන් නිවැරදි ස්ථානයට ඔසවා තබන්න තරම් ජනතාව තවමත් නිවැරදිවෙලා නැහැ.// හරියට හරි . ඒ විතරක් යෑ අපේ මිනිස්සු තමන්ට පුද්ගලික ව හෝ තම පවුලට ලඟ ලඟම පෙනෙන වාසියක් නැතිනම් එහෙම මිනිස්සු ඔසවා තබන්න හිතන්නේ වත් නෑ.

      Delete
    7. //ඒ කාලයේ කුඩා දැරියක් වූ මගේ නිරීෂණයන්ට අනුව ජේවීපී කාරයෙකු යනු අපරාදකරුවෙක්‍ ය. මුල් වරට සමන්ත අයියා පොලීසියෙන් රැගෙන ගිය දවසේ චාලට් ටීච ඇතුළු සෙසු ගුරුවරියන් සමග මමද ඉකිබිද හැඩූ අයුරු මට තාම මතකය. එදා ගෙදර ඇවිදින්ද මා ඇඩුවේ සමන්ත අයියා කිසිසේත්ම ජේවීපී කාරයෙකු වීමට බැරිබව කියමිනි.පසු කාලයක ඔහු ජවිපෙ නියෝජනය කරමින් මැතිවරණ වේදිකාවට නගිද්දී මට මගේ කුඩා කාලයේ ඒ සිදුවීම මතක් වී සිනහ නැගුනද ඔහු ජනතාවගේ ආදරය දිනාගෙන සිටින ජවිපෙ නියෝජිතයෙකු බව ඇසෙන දකින වාරයක් පාසා ඒ පරණ කදුළ සිනහවකින් මැකී යයි. // සඳ වියමන් , මේ විදිහටම ගමක් හඬවමින් අපේ ගමේ කෙනෙකුත් හමුදාවෙන් අරන් ගියා ඒ කාලේ දැනටත් ගමේ හැමෝම ( යු.ඇන් . පි . , ශ්‍රී ලංකා , ජේ. වී . පි බේදයක් නැතිව මිනිස්සු ආදරේ කරන මනුස්සයෙක් ) ගමේ රටේ වෙලාවට සමන්ත වගේම එයත් නැවත ජිවතුන් අතරට ආවා..ඒ කාලේ නැතිවුණ අය අතරත් මෙහෙම අය ඕනා තරම් ඉන්න ඇති...

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ස්තුතියි නංගි.. තුසිත නුගගහකුඹුර මම දන්නවා.. එයා ඉන්නේ අපේ ප්‍රන්තයෙමයි.. අපි නිතර කතා බහ කරනවා..

      Delete
  5. සමන්තලා කෑ ගහල වැඩ කරලා එකතුකරන වටිනාකම් වලින් ජවිපෙ අමු අමුවේ සූදු කෙලින එක තමයි ප්‍රස්නෙ.හොඳ මුඛරි කථිකයෙක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //සමන්තලා කෑ ගහල වැඩ කරලා එකතුකරන වටිනාකම් වලින් ජවිපෙ අමු අමුවේ සූදු කෙලින එක තමයි ප්‍රස්නෙ.//
      මෙය සමන්තත් ඔහුගේ පක්ෂයේ අනිත් අයත් අතර සාකච්චා විය යුතු කාරණයක්. එහෙම කෙරෙනවා කියලා සමන්තට හිතෙනවානම්. සමන්ත එම පක්ෂයේ මීට වඩා ඉහළ තලයක සිටිය යුතුයි කියලා නම් මට හිතෙනවා පුද්ගලයෙක් ලෙස ඔහුගේ ගති ගුණ දැක්කහම...

      Delete
    2. සමන්ත දැනටමත් පක්ෂය තුල සෙන්ට්‍රල් කොමිටි මෙම්බර් කෙනෙක් මගේ හිතේ. ඔහු දක්ෂයෙක් නිසාම තමයි පක්ශයෙන් මොහුව ඩිපියුටි මිනිස්ටර් කෙනෙක් කලේ ඒ කාලේ.

      Delete
  6. විමල් වීරවංශ වගේ රූපාන්තරණය වෙලා මිලියන ගනන් ගහන කෙනෙක් නොවෙනවානම් හොඳයි

    ReplyDelete
    Replies
    1. //රූපාන්තරණය වෙලා මිලියන ගනන් ගහන කෙනෙක් නොවෙනවානම් හොඳයි//
      මේකේ ඊළඟ කොටස්දී මම කියන්නම් අපි මේ සම්බන්ධයෙන් සමන්ත සමග කල දුරකථන සංවාදය සහ එහිදී ඔහු කිවූ දේ ගැන . මගේ පුද්ගලික නිරීක්ෂණයක් සමන්තගේ ආර්ථික විද්‍යා උපාධියත් සිත් ඇද ගන්නා සහ ගස්ලබ්බ කියන්නා වගේ තියෙන මුඛරි කථිකත්වයත් එකට එකතු කරලා ( මේ කියන්නේ තමන්ගේ සුදුසුකම් සහ දක්ෂකම් එකට එකතු කිරීමක් )ඔබ අපි වගේ ඒවා පුද්ගලීකඅදායම් උපයන මාර්ගයක යෙදුවානම් ( උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ඉස්කෝලෙක ගුරුවුර්තිය කරන ගමන් අතිරේක පංති කළා නම් ) සමන්තත් ඔහුගේ පවුලත් අද කෝටිපතියෝ.. ඒත් ඔහු ඒ වෙනුවට ඌවෙ මිනිස්සු හැමෝටම සේවය කරන්න තීරණය කරලා නේද ?

      Delete
  7. දේශපාලන දැක්ම මොකක් වුනත් පොලවේ පය ගහලා ඉන්න දේශපාලකයෝ , කලාකරුවෝ දැක්කාම ඇස් දෙකට කඳුලක් එන එක වලක්වන්න අමාරුයි. ජයලාල්ලා, සමන්තලා වගේ අපි නොහඳුනන තව නිහඬ මිනිසුන් බොහෝ ඉන්නවා. ඒ සියල්ලන්ටම මගේ සැලියුට් එක!!!!!!

    ReplyDelete
    Replies
    1. //දේශපාලන දැක්ම මොකක් වුනත් පොලවේ පය ගහලා ඉන්න දේශපාලකයෝ , කලාකරුවෝ දැක්කාම ඇස් දෙකට කඳුලක් එන එක වලක්වන්න අමාරුයි. ජයලාල්ලා, සමන්තලා වගේ අපි නොහඳුනන තව නිහඬ මිනිසුන් බොහෝ ඉන්නවා. // හැම ක්ෂේත්‍ර යක්ම ඒ වගේ මිනිසුන්ගෙන් පිරී ගිය දවසක අපේ රට කොච්චර හොඳ වෙයිද?

      Delete
    2. ප්‍රධාන ධාරාවෙන් පිටඉන්න මේ අය ගැන වර්ණනා කෝටියයි. පඩන්ගුව අස්සට වෙලා කතිරෙ ගහන්නේ රට කාපු උන්ටමයි

      Delete
    3. ඇත්ත... දුක හිතෙනවා අපි ගැන , අපේ රට ගැන

      Delete
  8. දැන් ඔය හොඳ සමන්ත ජවිපෙද පෙසපේද?

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒක වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඕනෑම පක්ෂයක හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙකොටසම ඉන්නවා. මේ කතා වලින් නම් හොඳ මනුස්සයෙක්.

      Delete
    2. සමන්ත දේශපාලනයට තෝරාගෙන තියෙන්නේ ජ වී පෙ. හැබැයි අපිට විශ්ව විද්‍යාලේදී හෝ බොහෝවිට කාර්යාලයක සේවකයෙක් ලෙස හෝ හමුවී ජීවිතේට ජවිපෙ එපා කරන්න තරම් හේතු වූ සමහර මිනිස්සුන්ට වඩා සමන්ත සම්පුර්නයෙන්ම වෙනස්. හොඳ මිනිහෙක් හොදයි කියන්න අපි මැලිවෙන්න ඕනේ නෑ කියන එකයි මගේ පුද්ගලික අදහස. එකෙන් අපි ගැනත් යමක් කියවෙනවා . අපේ පුද්ගලික දේශපාලන මත පසෙක තබා හොඳ දේ හොඳ ලෙස දකින්න අපිට පුළුවන් කියන එක ලොකු දෙයක්... අපි එහෙම කියන නිසා ඔහුට හෝ පක්ෂයකට වාසියක් හෝ අවාසියක් වෙයි කියලා අපි ඒක ගිලගන්න හෝ වෙන වැල්වටාරම් කියනවා නම් ඉන් අපේ මනුස්සකම ගැනත් ලෝකයට අදහසක් ලැබෙනවා. "මම මෙවැන්නක් දැක්කා මුහුණු පොතේ අපේ ප්‍රසිද්ධ බ්ලොගර් කෙනෙක් කරලා තියෙනවා ගස් ලබ්බ ජයලාල් රෝහණගේ ගුණ ඉස්මතු කලාම " ඒකට මම නම් කියන්නේ කුහකකම කියලා..

      Delete
    3. //එක අතකට ඒක වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඕනෑම පක්ෂයක හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙකොටසම ඉන්නවා. මේ කතා වලින් නම් හොඳ මනුස්සයෙක්.// මගෙත් අදහස මේකමයි..හොඳ මිනිසුන් දකින්න පුළුවන් හොඳ පක්ෂ දකින්න අමාරුයි... තවත් දෙයක් මේක මගේ පුද්ගලික මතය තව කෙනෙකුට හරි හෝ වැරදි ලෙස පෙනෙන්න පුළුවන් පෙ.ස . පෙ නියෝජනය කරන්නේ පැරණි ජවිපයේ දැඩිමතධාරි කොටස සහ විශ්ව විද්‍යාල සටන් ආදිය කරවන කොටස් වගේ පෙනෙනවා , ජ.නි.පෙ නියෝජනය කරන්නේ දේශ හිතය්ශි කතා , නාථ දෙවියෝ , රාවණා රජ්ජුරුවෝ ආදීන් ගැන කියමින් 1989 කාලයේ දේශප්‍රේමිත්වයට ගිය කොටසත් මුදලට තනතුරට ගිජු කොටසත් වගේ පෙනෙනවා , මේ අන්ත දෙක ඉවත් කල පසු ඉතිරිවන ජවිපෙ තමයි සමන්ත ඉන්නේ වගේ ....

      Delete
    4. ඔය පොඩිකාලේ වගේම මෑත කාලේ ඔහු ඇසුරු කරන්නට ලැබුණු අය කියලා තියෙන කතා ඇහුවට පස්සේ අජිත්ට හිතුනේ නැද්ද පෙසපේ , ජවිපෙ තියා මොකේ වුනත් කමක් නෑ මෙහෙම හොඳ මනුස්සයෙක් නම් කියලා? මම නම් හිතන්නේ මොකේ වුනාම මොකෝ මනුස්සයා මෙච්චර හොඳ කෙනෙක්නම් ..

      Delete
    5. අපොයි ඔව්. දැන් ගොඩක් කල් ඉඳල එහෙමයි. ඔයත් ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා තේරෙනවා ඇති කෙනෙකුගේ දේශපාලන පක්ෂය අදාල නැහැ කියල යහළු වෙන්න. එකට වැඩ කරන්න. මම ඒක මුලින්ම ඉගෙන ගත්තේ රුසියාවේදී. ඊට පස්සේ ලන්ඩනයේදී. මම සරද්ට කිව්වෙත් ඒකයි. කවුරු හරි මොන පක්ෂේද කියන එක වැඩ කරන්න බාධාවක් කර ගන්න හොඳ නැහැ.

      Delete
    6. මම ඔය ප්‍රශ්නේ ඇහුවේ විහිළුවට. අර ෆේස්බුක් එකේ එහෙම දෙගොල්ල වාද කර ගන්න ව දැකල. හොඳිනුත් නෙමෙයි. බ්ලොග් ඇනොල වගේ කුණුහරුප කියාගෙන.

      Delete
    7. //සරද්ට කිව්වෙත් ඒකයි. කවුරු හරි මොන පක්ෂේද කියන එක වැඩ කරන්න බාධාවක් කර ගන්න හොඳ නැහැ.//... අපි එහෙම හිතුවට පිටරටවල හිටියත් බොහෝ ශ්‍රී ලාංකිකයෝ එහෙම නෑ නේද ? කොහොම හරි තමන්ගේ මතේ හරි කියලා අනිත් මත වලට පහර ගහනවනේ? අර කිව්වා වගේ සරදත් හොඳ මනුස්සයා එයා වුනත් තමන්ගේ මතේ එහෙම තියාගෙන අන් අයට කැමති දෙයක් කරගන්න ඉඩ හරිනවානම් හොඳයි .. හැබැයි එළිපිට පෙනෙන දුර්මත තියෙනවානම් පෙන්වා දෙන එකත් කලයුතුයි හිතවත් කමෙන්ම. හොඳම උදාහරණය මේ සමන්තම තමයි.. මම දැකලා නැහැ එයා බලෙන් මිනිස්සු එයා පැත්තට අදිනවා..

      Delete
    8. //මම ඔය ප්‍රශ්නේ ඇහුවේ විහිළුවට. අර ෆේස්බුක් එකේ එහෙම දෙගොල්ල වාද කර ගන්න ව දැකල. හොඳිනුත් නෙමෙයි. බ්ලොග් ඇනොල වගේ කුණුහරුප කියාගෙන.//.. එහෙම අය තමයි ඒ ඒ පක්ෂවල ඉන්න "අන්ධානුකරණයෙන් පක්ෂේ ෆලෝ කරන අය. මේ අය තමයි ඒ ඒ පක්ෂ වල නරක අය බොහෝ වෙලාවට " එහෙම අයට සමන්ත වගේ "මිනිස්සු" ඔය කමිට වගේ ළගින් ආශ්‍රය කරා නම් තේරෙයි...මොකක්ද හොඳ මනුස්සය කරන්නේ කියල..

      Delete
  9. සමන්ත විද්‍යාරත්න හොඳ මනුස්සයෙකු බව මාත් කතා අසා නිගමනය කළා. නමුත්, මොන තරම් හොඳ මනුස්සයෙකු වුනත් පක්‍ෂයකට බැඳුණාට පස්සේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා!

    එහෙම නැතිනම් අයින් වෙන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික ...//සමන්ත විද්‍යාරත්න හොඳ මනුස්සයෙකු බව මාත් කතා අසා නිගමනය කළා. නමුත්, මොන තරම් හොඳ මනුස්සයෙකු වුනත් පක්‍ෂයකට බැඳුණාට පස්සේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවා!

      එහෙම නැතිනම් අයින් වෙන්න වෙනවා.// මේක මේ දවස් වල බොහෝ දෙනෙක් කියන දෙයක් හැබැයි ඒක එහෙමම වෙනවද කියලා දන්නේ සමන්තම තමයි. කොතරම් දුරට තමන්ගේ හෘද සාක්‍ෂිය පාවා දෙන්න වෙනවද කියන එක . ඉතිරි කොටස් කියවන ලෙස ඉල්ලා සිටිනවා. මේ දෙය ඇත්තටම සිදු වෙනවද බලන්න..

      Delete
  10. සමන්ත ගුගල් ප්ලස් වල ඉන්න බව පෙනෙනවා. එයා බ්ලොග් ලියන බවක් පෙනෙන්නේ නෑ . ඒකෙ කතා දෙක තුනක් තමයි තියෙන්නේ.. එයත් බ්ලොග් එකක් ලිව්වා නම් මේ කරුණු කෙලින්ම සංවාදයකට යොමුකරන්න තිබ්බ නේද ?

    ReplyDelete
  11. සමන්ත විද්‍යාරත්න සමග වරක් දුරකතනයෙන් කතා බහ කරලා තියෙනවා. හරි හමන් නායකත්වයක් නැති අපේ පලාතට ඔහු එළියක්. ඒත් මේ පක්ෂ ක්‍රමේ සහ අපේ මිනිසුන්ගේ කුහකකම් නිසා වැඩි යමක් ලියන්නේ නෑ . කොහොම උනත් මේ සැරේ ගියාම සමන්තට කෝල් එකක් දෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අය්යා.. මමත් සමන්ත හැබැහින් " මුහුණට මුහුණ මුණගැහිලා " දැකලා නැහැ.. දුරකතනයෙන් කතා කර තිබෙනවා..

      Delete
  12. මේ සටහන මෙතනට ගෙනාවට ඔබට අනේකවාරයක් ස්තූතියි.. නිසි ඇගයීමකට,ජනතා ඇගයීමකට පවා ලක් නොවුන මැණිකක් වගේ වටිනා මිනිහෙක් වෙනුවෙන් මේ සටහන උපහාරයක්.. මළ ගෙවල්වල,බණ ගෙවල්වල ඔහුත් එක්ක කිහිපවතාවක් කතාබහ කරල ඇසුරුකරල තියෙන නිසා මේ හැම කතාවක්ම ඇත්ත කියල මට විවෘත මනසින් කියන්න පුලුවන්.ඒත් අපේ පළාතෙ කාලකන්නි මිනිස්සු තමන්ගෙ දාඩිය සුවඳට පෙම් කරපු තමන්ගෙ මිනිහා වෙනුවට හරීන්ලගේ විලවුන් සුවඳට පෙම් කලා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොෂ් ... //නිසි ඇගයීමකට,ජනතා ඇගයීමකට පවා ලක් නොවුන මැණිකක් වගේ වටිනා මිනිහෙක් වෙනුවෙන් මේ සටහන උපහාරයක්..// මේ බව කියන්නේ ඔබ සහ මම විතරක් නෙවෙයි. ඒ බව අද හවස් වෙද්දී මගේ බ්ලොග් එකේම පෙන්නුම් කරනවා. මම මෙතෙක් ලියු බ්ලොග් පොස්ට් වලින් වැඩිම වාරයක් කියවපු බ්ලොග් පොස්ට් එක බවට පත්වෙලා තියෙන්නේ සමන්ත විද්‍යාරත්න නම් මේ අපුරු මිනිසා ගැන ලියවුනු මේ පොස්ට් එකයි ..ඒ මිට අවුරුද්දකට පමණ ඉහත ලියපු අපේ පාසැල් ජිවිතයේ අනර්ගතම කතාවක් වූ "පයිතගරස් ප්‍රමේය හා තවත් කතා" පොස්ට් එක පසු කරමින්...http://helmalu.blogspot.com.au/2015/04/blog-post_26.html

      Delete
  13. මේ කමෙන්ට්ස් වලින් පැහැදිලි වෙන දෙයක් තමයි මේ කියවෙන්නේ කලාතුරකින් හමුවන වර්ගයේ හොඳ මිනිසෙක් ජනතා සේවයට පැමිණි අවස්ථාවක් ගැන කියලා. ඔහු අනුගමනය කරන්නන් ට ඔහුගේන් උගත හැකි පාඩම් බොහොමයි. තම තම වැඩ පොලවල්වල , පාසලේ , බස් එකේ , කඩේ , වෙළඳ පොලේ මේ මිනිසා ආදර්ශයට ගෙන ඒ වගේම නැතත් ඉන් සියයට පනහක් වත් සමාන ලෙස හැසිරුනා නම් ඔහුගේ අනුගාමිකයන්ටත් මෙවැනි පිළිගැනීමක් ලැබෙයි...

    ReplyDelete
  14. අපේ පැති වල නම් හොඳයි කියන්න දේශපාලකයෙක් නැහැ. අද හොඳයි කියන එකා හෙට ගෙම්බෙක් වගේ ඔහාට හරි පැනල එපා කරපු එකෙක් වෙලා ඇති. ඉතින් කටක් ඇරලා හොඳක් කියන්න බයයි.
    මෙච්චර කාලයක් ගිහිනුත් සමන්ත මිනිසුන්ට ඇති ආදරය අඩු නොකර සිටි නම් ඔහු ඉතාම හොඳ මිනිසෙක්. තමන්ට හැකි පමණ තිබෙන රාමු ඇතුලේ ඉඳන් උපරිමය කරන්න වෙර දරන මිනිස්සු තාම ඉන්න බව දැකීම වාසනාවක්. මම රැකියාව කරන කාලේ හමුවුනා එහෙම කෙනෙක්. වෘත්තීය සමිති වල අය යම් යම් වාසි සඳහා ඒ ඒ අතට නැවෙද්දී හැමදාම සටන් කලේ හරි දේට. ඒ මනුස්සයව මේ ලඟදි දඬුවම් මාරුවකට ලක් වුනා කියල අහන්න ලැබුණ.

    ReplyDelete
  15. //තමන්ට හැකි පමණ තිබෙන රාමු ඇතුලේ ඉඳන් උපරිමය කරන්න වෙර දරන මිනිස්සු තාම ඉන්න බව දැකීම වාසනාවක්.// මේ ලක්ෂණය මනාව පෙන්නුම් කරන චරිතයක් තමයි සමන්ත කියන්නේ...

    ReplyDelete
  16. ජ වි පෙ තුළ දැනට ඉතිරිව ඉන්නා නායක මට්ටමේ පුද්ගලයින් කිහිප දෙනාගෙන මා ඉහළින්ම ගරු කරන පුද්ගලයෙක් සමන්ත.

    ReplyDelete
    Replies
    1. //ජ වි පෙ තුළ දැනට ඉතිරිව ඉන්නා නායක මට්ටමේ පුද්ගලයින් කිහිප දෙනාගෙන මා ඉහළින්ම ගරු කරන පුද්ගලයෙක් සමන්ත.// ගොඩක් දෙනා පක්ෂ භේදයකින් තොරව ආදරය කරන චරිතයක්

      Delete
  17. සමන්ත ත් දැන් අපි වගේම බ්ලොග් රචනයේ යෙදෙනවා .. මෙන්න ඔහුගේ බ්ලොග් එක. https://duishengeadawiya.blogspot.com.au/

    ReplyDelete
  18. bahutharayak JVP aya oya wage thamayi. eth owunta matketting baha. Marketting thma mulinma igena ganna oni.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

      Delete
  19. සත්‍ය ලෙසම අපූරු වටිනා මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට

      Delete