Monday, 23 May 2016

අප ලංකාවේ සෑදු දෙවන නිවස.













අප   ගම්  ප්‍රදේශයේ  මේ වන විට  නිවාස හෝ  ඉඩම්  නැති  පවුල් ඇත්තේ  අතළොස්සකි .

එයින් සමහරක් පවුල් තමන්ගේ  නෑදෑ යනට  ඉඩම්  ඕසේට තිබෙද්ද්දී  පර්චස් කිහිපයක්  වත් ඔවුන්ට නොලැබුන  අයයි.

මෙවැනි  පවුලක් අප හා  මුලින්ම  සම්බන්ධ කලේ  අපේ  තාත්තා විසිනි . ඒ 2014  මැද භාගයේදීය.   ඒ  ප්‍රේමේ අය්යාගේ  දුවගේ  පවුලයි .



ප්‍රේමේ අය්යාගේ දුව "&##" සහ ඇයගේ ස්වාමියා ට  දරුවන් තිදෙනෙකි. ඔවුන් හැමෝම පාසැල් යන්නේ  මම හතරේ පංතිය තෙක්  අකුරු කල බ/ කිරඹඔය විදුහලටයි.

"&##"ලා නිවසේ වැඩ  තරමක්  දුරට කරගෙන යද්දී අපේ උදව් උපකාර සොයා පැමිණි  දෙවන පවුල  ( HM චමින්ද පවුල ) තාත්තා   අප වෙත යොමු කළේය.

චමින්ද අපේ  මහගෙදරට  ආසන්නයේ ඇති  ආණ්ඩුවේ වත්තේ  කම්කරුවෙකි.  ඔහු විවාහ වී සිටින්නේ  ද්‍රවිඩ  කාන්තාවක්  සමගය.  මේ  දෙදෙනාද දරු  තිදෙනෙකුගේ   දෙමව්පියන් වෙති.


දැනට ඔවුන් පදිංචි  පැල්පතට  පැමිණීමට  පෙර  චමින්ද  පවුල   ජිවත් වුණේ  ආණ්ඩුවේ වත්තේ  තිබුණ ලැයිමේ  කාමරයකයි.

පසුව  තම  වුර්තිය  සමිති  බලය යොදා  ( චමින්ද  ඌවෙ  වත්මන් මහා ඇමතිට සම්බන්ධ  වතු සමිතියක  සභාපති  හෙවත් තලවර්ය )  තේ වත්ත අයිනේ  මහා පාරට  යාබද  පර්චස් කිහිපයක ඉඩමක් අල්ලාගන්නට  චමින්ද සමත් වී තිබේ.

වත්තේ  අදායමෙන්  ඒ ඉඩමේ  කොන්ක්‍රීට්  කණු ටිකක් ගැසූ චමින්ද අප හමුවන විට  ඒ  කණු ටිකට   අවුරුදු දහයක්  ගතවී තිබිණි.


චමින්දලා  මෑතක්  වනතුරු  ජිවත්  වූ  පැල්පත.

අපේ  තාත්තා  කලුලා  නිවසේ  වැඩ අතරමග  සිදුවෙද්දී  මා  චමින්දලා  නිවසට  යොමු කළේය.   පවුල් දෙකම  ළමයින් තිදෙනා බැගින් සිටිනා  නිසා ආර්ථික  අපහසුතා වලින් පෙලෙන්නෝ වෙති.  

ඔවුන්ට  දුප්පත්  යැයි  කියන්නට  මා අකමැති බව  මා සමග ළගින් ඇසුරු කරන්නෝ දනිති.  

ආර්ථික  අපහසුතා  නිසා  අමාරුවෙන් දිවි ගෙවුවද  ඔවුන්ද  ඔබ අප මෙන් රටේ ආර්ථිකයට  දායක වන්නෝ වෙති.

කෙසේ වෙතත් අපි චමින්ද නිවසේ ප්‍රගතිය බලමු.

මම  බ්ලොග් පොස්ට් එකක් සහ මුහුණු පොතේ පින්තුර කිහිපයක් දමා වැඩේ ආරම්භ කලෙමි.

ලඟ  ලඟම  කල දෙවැනි  නිවාස ව්‍යාපෘතියක් නිසා ආධාර ලැබුනේ  ඉතා සෙමින්ය .  එහෙත්  බ්ලොග් ගල්  , වැලි සිමෙන්ති  ගන්නට  තරම්  මුදලක්  එකතු විය.

මුලින්ම  කෙරුනේ  චමින්ද  දමා තිබු කොන්ක්‍රීට් කණු යා කරමින් ස්ලැබ් එකක් දැමිමයි.

මතක  හැටියට  රුපියල් ලක්ෂයකට වඩා එයට වියදම් විය.(සියළු ගණුදෙනු වියදම් තාත්තා ළඟ තිබේ ). 







තාත්තා  ඒ  අසලම සිටි නිසා වැඩේ පහසු විය.  ඔහු සියළු  විය  හියදම්  අකුරට  ගණන්  හදා තබා ගත්තේය.


චමින්දගේ  පැල්පත  ළඟ  වසර ගණනක්  තිබු  කොන්ක්‍රීට්  කණු මත අප දැමු සැල්බ් එක උඩ  කාමර දෙකක්  ගොඩ නැගෙමින්. 

චමින්ද ද  &##ලා  මෙන් නොව නිතර නිතර අපේ තාත්තා හමු  වී  තව උදව් අවශ්ය බව කියා සිටියේය  ( තාත්තා  කියන පරිදි වැඩේට  ඇති උනන්දුව පෙන්නුවේය ) .

&##ලා  අප දුන් දෙයකින් වැඩ  කළා මිස එතරම්  අපෙන් ඉල්ලීම් කලේ නැත. ( ඉන් පෙනෙන්නේ අලසකමකට  වඩා නිකන් දෙන දේ බලෙන් ඉල්ලා නොසිටීමේ  ගතියක්  බව මගේ පුද්ගලික හැඟීමයි ).

කෙසේ වෙතත්  චමින්දගේ උනන්දුවත්   අපේ තාත්තගේ උද්යෝගයත්  මගේ මිතුරන්ගේ  හොඳ හිතත් එක්වී  චමින්ද නිවසේ බිත්ති ඉහලට එසවිය.





බූරුවෙක්

පෙනෙන  අපගේ සහ අප මිතුරන්ගේ  සරණට  වඩා  නොපෙනන  සරණක්  ද  ලැබෙන බවක්  නිවසේ   ප්‍රගතියත්  සමග පෙනෙන්නට  විය  

පාරට  මුහුණලා ඇති  බිත්තිය.



(මේ පින්තුරයේ  ඇති  ලයිට් කනුව චමින්දගේ  නිවසට ඇති භාදකයකි.

එය ඉවත්  කර  ගැනීම  වෙනුවෙන් අපේ තාත්තා  සමන්ත විද්‍යාරත්න ( ඌව  පළාත් සභා මන්ත්‍රී ) සෑහෙන වදයක් දුන්නේය )


මේ වන විට  අපට  රුපියල් ලක්ෂ එක  හමාරක්  පමණ එකතු වී  ආධාර  ගලා ඒමද  අඩු වෙන්නට  විය.  චමින්ද  මෙන්ම  අපේ  තාත්තාද  තරමක්  නොසන්සුන් වූ  බවක් පෙනිණි.

එහෙත්  අපේ තාත්තා මා වැනිම අයෙකි.  පටන් ගත් දෙයක් ලෙහෙසියෙන් අතෑරලා යෑම ඔහු අකමැතිම දෙයකි.

මා මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ ඉල්ලීම් කරන අතර තාත්තා තමන් සභාපතිත්වය  දරන ප්‍රදේශයේ විශ්‍රාමික  සංගමය  ඇමතුවේය.

තම හිතවත් සමාජිකයින් ගෙන්  චමින්දගේ  කාමර දෙකේ නිවසට අවශ්‍ය සෙවිලි තහඩු වලට උපකාර ලබා ගන්නට  ඔහු සමත් විය .



අපේ  අම්මා  චමින්දලා  ගෙදර  ගිහින්  අලුත්  වහලේ  චයාරුප  ගනිද්දී ඇයවත්  කැමරාවට  හසුවී . 


මේ අතර චමින්ද  ගම පුරා ගොස්  තම වහලයට අවශ්‍ය  යටලි, පරාල ආදිය එකතු කර ගත්තේය.  ඒ අනුව මුල්‍යමය උපකාර  අපේ හිතවතුන්  ලබා දෙද්දී  චමින්ද  තමන්ට  හැකි පමනින්  තම නිවස වෙනුවෙන් වෙහෙසුණේය.

දෙවන වටයෙන් පසු නැවතත්   යම්  මන්දගාමී බවක් දුටු මම භාගෙට වැඩ කල නිවසේ පදිංචි වෙන ලෙස ( ගෙට ගෙවදින ලෙස  ) චමින්දට උපදෙස් දෙනමෙන් තාත්තාගෙන් ඉල්ලා සිටියෙමි.












පන්සලේ  හාමුදුරුවෝ  සහ  තාත්තලා විශ්‍රාම සමිතියේ  සාමාජික මහතෙකුද  උත්සවයට  සහභාගී වූහ. 



අසල් වාසීන්   අතර  සිටි  පුෂ්ප රාජාගේ  බිරිඳද   ගෙවදීමේ  උළෙලට ඇවිත්  ( උළුවස්ස  අසලම  ඉන්නේ  පුෂ්පෙගේ බිරිඳයි ) 

චමින්දලා  ගෙට ගෙවදීමේ  චයාරුපද   මගේ මුහුණු පොතේ පළකලෙමි. ඒ  මගේ ප්‍රචාරයකට  ඇති කැමැත්තට වඩා උදව් උපකාර කල මිතුරන්ට  දැන ගැනීම  සඳහාය.  

ඊට අමතරව  ප්‍රගතිය දැක සතුටු වන එහෙත් සහභාගී නොවූ පිරිස් ඇවිස්සිමක්ද ඉන් බලාපොරොත්තු වුයෙමි. 

කාලය  කෙමෙන් ගෙවී ගොස්  අප්‍රේල් මාස්යටද  ලඟා විය. හදිසියේ මට ලැබුණු දුරකථන  ඇමතුමකි .

ඒ  අප සමග  එකට පාසැල් ගොස් එකම වෙද විදුහලටද  ගිය හිතවතෙකුගෙනි.  

"මචං කවිඳු  ..උඹේ අර ගෙවල් දෙකේ වැඩ ඉවරද?"  එහා පැත්තෙන් ඇසෙන්නේ  කාලිංග ප්‍රනාන්දු  නම්  පවුලේ  ව්‍යිදය වරයෙකුගේ  ( GP)  කටහඬයි.

" නෑ මචං... දෙකම  භාගෙට කරලා  ඇදගෙන යනවා.. "

"මට සුද්දියෙක්  $ 1100ක් ගෙනැත් දුන්නා  ඊයේ.. කාලිංග  මේක  ඔයාගේ  යාළුවගේ  ලංකාවේ  වැඩ වලට  ගන්න කියලා  "

"නියමයි නේ  මචං  ගෙවල්  දෙකේ  කපරාරුවයි  .. ජනෙල්  දොරවල්  , වයරින් වැඩ  තාම තියෙනවා ඒවාට  යොදා ගනිමු."

මේ අනුව නැවත තාත්තා ඇමතු මා  රුපියල්  57000 ක පමණ මුදලකින්  චමින්ද නිවසේ මේ වැඩ කරන්න  පුළුවන් දැයි ඇසුවෙමි.

$ 1100 කතාව අපේ චමින්ද රාජපක්ෂටද  කිව්වෙමි. 

" නියමයිනේ  මචාන්හ්...  බැරිද බන් ඕකෙන් කියක් හරි  අර  ඤන් ඤඋන් ආතාලා  
වහලේ  හදවන්න  දාන්න "

චමින්දයා තවත්  මරාලයක්  මගේ ඇඟට  දැම්මේය.. ඒ හා සම්බන්ධ සිදුවීම්  වෙන බ්ලොග් පොස්ට් එකක පළකලෙමි. 

ඔක්කොම නැතත්  කාලිංග දුන් මුදලෙන් රුපියල් 10000 ක් අපේ  චමින්දයා  කිව් දෙයට යොමු කලෙමි.

ඒ අනුව H M චමින්ද  නිවසට  දෙන්නට හැකිවුයේ රුපියල්  50000 ක් පමණි. 


ඒ මුදලින් මට  අවශ්‍ය වුයේ හැකිනම් කපරාරුව සහ ජනෙල්
පමණකි.

එහෙත් තාත්තා ඒ මුදලින් වයරින් ජනෙල් සහ කපරාරු යන වැඩ තුනම  කර ගත්තේය.










  
මේ චමින්දගේ  කාමර දෙකේ  නිවසේ  අද  තත්වයයි.  

12 comments:

  1. නියමයි. චමින්දලගෙ නිවස මේ තත්වෙට ඉක්මනින් පත්උනේ එයාගෙ වැඩේට තියෙන උනන්දුව හින්ද කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න .. //චමින්දලගෙ නිවස මේ තත්වෙට ඉක්මනින් පත්උනේ එයාගෙ වැඩේට තියෙන උනන්දුව හින්ද කියලයි මට හිතෙන්නෙ.// මටත් එහෙම හිතෙනවා.. අනෙක් ගෙදරත් අද මේ වෙනකොට ජනෙල් සවි කරනවා... අද හෙට විස්තරේ ලියන්නම්..

      Delete
  2. මචං.... උබට ගොඩාක් පිං මේ වගේ වැඩක් කරපු එක ගැන..... මමත් හිතගෙන ඉන්නව අපේ ගමේ ඉන්නව පවුල් දෙක තුනක් නිවාස නැති, ඉතාමත් දුක්බරව පවුල් ජීවිතේ ගෙවන.,.... මම හිතාගෙන ඉන්නව කොහොම හරි ඒයින් එක් පවුලකට හරි ගෙයක් හදල දෙන්න... මාව පොඩ්ඩක් කන්ටැක් කරගන්න පුලුව්න්ද..... මට ඔන උබෙන් උදවු... මට ඔන උබට කීයක් විතර ගියාද කියල දැන් ගන්න...

    https://www.facebook.com/P.L.S.L.P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. kawinduj70@gmail.com එකට ඉ මේල් එකක් එවන්න. නැතිනම් ඔබේ ඊ මේල් එක දෙන්න . මේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ

      Delete
  3. ඔබ සියලු දෙනාගේම කැපවීම අගය කරනවා!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ... අපේ ඉදිරි වැඩ වලට හය්යක්....

      Delete
  4. යහපත් චේතනා මල්ඵල ගැන්වීමට, දැඩි උත්සාහයෙන් හා කැපවීමෙන්, කලක් තිස්සේ කටයුතු කලාම, ඉන් ඉදිරි කාලයේදී ආධාර උපකාර ලැබෙන්නේ, නිරායාසයෙන්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක ... //දැඩි උත්සාහයෙන් හා කැපවීමෙන්, කලක් තිස්සේ කටයුතු කලාම, // මේක තමයි අපේ මොටෝ එක...

      Delete
  5. හොඳ දිරිගන්වන සුළු ලිපියක්..වියහියදම් ගැන දැනගන්න ඔබව සම්බන්ධකරගත යුතුමයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වැඩේට මේක අත්‍යාවශ්‍යයි.. අපි මුහුණු පොතේ ඉන්න වෙලාවක කතා කරමු..

      Delete