1. ඔබේ බර අඩු කරගන්න නම් දවසකට අඩුම ගානේ පැය භාගයක් හෘදස්පන්ධනය වැඩි වෙන ලෙස ව්‍යායාම කරන්න (දිවීම, බයිසිකල් පැදීම වේගයෙන් ඇවිදීම වාගේ)
2.ඔබේ ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රෙට් ප්‍රමාණය අඩු කරන්න (බත්, පාන්,පීට්සා වගේ කෑම ප්‍රමාණය ) අඩු කරන්න
කියලා කියන එක.
ඒත් මේ වැඩේ අපිම කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නේ. පසු ගිය මාස තුනක කාලයක් මේ විදිහට බර/බඩ අඩු කරගන්න ගිහින් මම ඉගෙන ගත් දේ මේකයි. වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. මම පහුගිය මාස තුන ඇතුලත කිලෝ පහක් අඩු කරගත්තේ ඒ විදිහට
1. හැමදාම හෝ අඩුම ගානේ සතිය ට දවස් පහක් කඳු නැගීම , බයිසිකල් පැදීම , ශීතල දවසක නම් ට්‍රෙඩ් මිල් එකේ දිවීම හෝ මේ දවස්වල වැඩි පුරම කරන්නාවාගේ වේගයෙන් ඇවිදීම කරා.
2. කෑම වේලකට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රමාණය ( මම බත්ගුල්ලෙකුගේ නිසා බත් ප්‍රමාණය) පිඟානේ මුළු ප්‍රමාණයෙන් තුනෙන් එකකට සීමා කරා. ඉතිරි හරිය එලවළු සහ මස්,මාළු, සැමන්, බිත්තර වැනි ප්‍රෝටීන් වලින් පිරෙව්වා.
වැඩේ සාර්ථකයි.
ලංකාවේ එලවළු ගණන් අඩු කාලේ මේ ක්‍රමේ අත්හදා බලන්න. අත්දුටුවයි , සත්‍යයි. ප්‍රතිඵල සැණෙකින්..