මේ දිනවල මම තරමක් විවේක සහිත සේවා මුර කිහිපයක් ආවරණය කරන්නෙමි. උදේ අටේ සිට පහ දක්වා සේවයේ යෙදෙන බැවින් මට සෙනසුරාදා සහ ඉරිදා මෙන්ම සතියේ දිනවල හවස් කාලයේද සුපුන් සමග කාලය ගත කරන්නට පුළුවන .
ඒ නිසා නිම්මි සාමාන්යෙන් වැඩ කරන සති අන්ත වල මටත් සුපුන්ටත් "කුස්සියේ පර්යේෂණ" කිරීමේ ඉඩකඩ හිමිවේ.
සුපුන් බිත්තර ඔම්ලට් හැදීමේ කෙළ පැමිණ ඇති අතර මම තක්කාලි ඇඹුල හැදීමේ ශිල්පය අතැඹුලක් ලෙස ප්‍රගුණ කළෙමි.
මේ තක්කාලි ඇඹුල හැදීමේ වට්ටෝරුව මා අද ඊයේ දැනගත්තක් නොවේ.
කුඩා කල මල්දෙණියේ නිවසේ දීත් ඉවුම් පිහුම් ගැන යම් යම් අත්හදා බැලීම් කර ඇත්තෙමි.
පසුගිය සෙනසුරාදා සුපුනුත් මමත් මෙසේ නිම්මිගේ කුස්සියේ හරඹ කරන අතර මගේ සිත එක්වරම අතීතයට දිව ගියේ එබැවිනි.
"ක්‍රින්.. ක්‍රින්.. "කුකුළා කොටන ටයිම් පීස් එක අතොරක් නැතිව නාද දෙයි .
"ඒයි චුටි නැගිටපන් .. නැගිටපන් .. "
"අර කොල්ලෝ දෙන්නට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා ..උන්දෙන්නට තේ දෙකක් හදලා දීපන් ".
අපේ අම්මා නිදි ඇඳේ සිටම අක්කාට කතා කරන්නේ සමන්තටත් මටත් උදේ තේ එක හදලා දෙන්නැයි ඉල්ලමිනි.
අක්කා තවම නැගිටින පාටක් නැත. ඇය නැවතත් අනෙක් පසට හැරී නිදා ගත්තාය.
මම කුස්සියට ගොස් කේතලය ලිපේ තිබ්බේ අක්කා නැගිට්ට වෙලාවක තේ හදා දෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.
ඊයේ රෑ උයපු බත් ඇති ඒවා කන්න මොකක් හරි මාළුවකුත් හදලා දීපන් ඔය දෙන්නට.
"යකෝ කොල්ලෝ දෙන්නට පරක්කු වෙනවා . නගිටපන්කෝ බන් .."
අම්මා නැවතත් අක්කා වෙත තම නෝක්කාඩුව පල කලාය.
අක්කා ගේද ඉවසීමේ සිමාව ඉක්මවා ගියේ ඈ මෙසේ පිළිතුරු දුන්නාය.
"මට බෑ.. මෙච්චර උදෙන් නැගිටින්න .. මොකෝ මමයැ ටවුමේ ඉස්කෝලෙට යන්නේ ? මට හතට නැගිට්ටම හොඳටෝම ඇති. "
කතාව ඇත්තය. ඒ වන විට නගරයේ පාසලට ගියේ මමත් සමන්තත් පමණි .
පසු කලෙක ඒ දෙදෙනාත් අප සමග නගරයට ගියේ වුවද මුල් කාලයේ අක්කත් ලොකු නංගිත් ගියේ අපේ ගමේ ඉස්කොලේටයි.
වෙලාව උදේ හයයි විස්ස පමණ වන්නට ඇත. සමන්ත ඉස්සරහ කාමරේට වී ඔහුගේ පොත් පත් වැඩ වල යෙදේ.
අක්කා නැතිව කහට එකක් පෙරා ගැනීම මහා දෙයක් නොවුවද උදේට බත් නොකා යන්නට මගේ සිත ඉඩ නොදේ.
ප්‍රාථමික පංතියේ බටු බැදුම
මේ වන විට මම අරලගංවිල කනිෂ්ට දිවියිතික විද්‍යාලයේ හතරේ පන්තියේ සිසුවෙකි.
සමන්ත එම විද්‍යාලයේම නව වන ශ්‍රේණියේ දීප්තිමත් සිසුන්ගෙන් අයෙක් විය.
අප දෙදෙනා නගරයට පැමිණ ගතවී තිබුනේ මාස කිහිපයක් පමණි.
සමන්ත එම විද්‍යාලයේම නව වන ශ්‍රේණියේ දීප්තිමත් සිසුන්ගෙන් අයෙක් විය.
අප දෙදෙනා නගරයට පැමිණ ගතවී තිබුනේ මාස කිහිපයක් පමණි.
අක්කා නැගිටින්නේ නැතිබව සහසුද්දෙන් දැන ගත් මම අම්මාගේ එළවළු රාක්කය වෙත ඇදුනෙමි.
බටු ගෙඩි කිහිපයක් සහ රතුළුණු ගෙඩි කිහිපයක් අතට ගත්තෙමි.
ඒ කෙසේ හෝ සමන්තටත් මටත් උදේ ආහාරයට ගත හැකි එළවළුවක් සදන්නේමියි යන අධිෂ්ඨානය ඇතුවයි.
වක් පිහියක් බිම තබා එහි මිට මත පාදය තබා තද කරගත්තෙමි. බටු ගෙඩි තුනක් දිගටි අතට කැපුවේ හිනි පෙති ගොඩක් වන ලෙසිනි.
බටු වල කහට යන්නට අම්මා සහ පල්ලැහැ ගෙදර ජේන් අක්කා යොදා ගන්නා උපක්‍රමය භාවිතා කලෙමි.
ඒ ලුණු මිශ්‍ර වතුර භාජනයක පෙති ගැසූ බටු ගිල්වා මිරිකා ගැනීමේ ක්‍රමයයි.
"ටවුමේ ඉස්කෝලේ යන එවුන් ඕනෑ විදිහකට ලෑස්ති වෙලා යන එකයි මම යන්නේ කිරඹ ඔය ඉස්කෝලෙට නේ "
අක්කා අම්මාට ගෝරනාඩු කරන හඬ තවමත් ඇසෙයි.
බටු පෙති ටිකට රතුළුණු ගෙඩි කිහිපයක් කපා දැමු මා තාච්චියක් ලිප තැබුවේ බටු බැදුමක් හදන අපේක්ෂාවෙනි.
ලිප ළඟ රත්වෙන්නට තබා තිබු පොල් තෙල් බෝතලය ගත්තේ එහි ඊළඟ පියවර වශයෙනි.
"දෙය්යනේ.. තෙල් බින්දුවක් වත් නෑ.." මට දෙවියන් සිහි වුයේ දැන් බටු බදින්නේ කෙසේදැයි යන ගැටළුවට පිළිතුරක් දෙන්නට කිසිවෙක් නැති බව වැටහිමෙනි.
උදේ පාන්දර නෙවෙයි නම් ජේන් අක්කලගෙන් වත් නයට තෙල් ටිකක් ගේන්න තිබුනා.
"ඇයි චුටි මහත්තයා කිලාක් මහත්තයට තව පඩි හම්බ වුනේ නැද්ද පොල් තෙල් බෝතලයක් ගේන්න.."
බුලත් විටක් හපමින් ජේන් අක්කා අසන හැටි මට මැවී පෙනේ..
හරි මම කොහොමහරි හදන්නම් කෝ බටු මාළුව.
රත්වූ තාච්චියට ලුණු ටිකක් දැමු මා රත්වූ ලුණු එකට බටු සහ රතුළුණු මිශ්‍රණය දැමුවෙමි.
ටික වෙලාවක් මද ගින්නේ බටු එක තැම්බෙන්නට හැරියෙමි.
"ඒයි සමන්ත බත් කන්න වරෙන් "
"කෝ චුටි නැගිට්ටේ නෑනේ "
"මම බටු එකක් හැදුවා ඒකත් එක්ක කාලා යමන් "
මම බෙදා දුන් බත් එක හිස පහත් කරගෙන කටට දෙකට ගිල දැමු සමන්ත පාසැල් බසයට දිව යන්නට සුදානම්ය.
" කොහොමද මගේ බටු එක ?"
"හොඳයි වරදක් නෑ.. චුට්ටක් ලුණු වැඩියි වගේ ඒත් නරක නෑ.."
මගේ ප්‍රථම එළවලු අත්හදා බැලීම ගැන සමන්ත ඉතා සතුටින් කතා කලේ එලෙසිනි.
ඒ නමසිය අසුගණන් වල මැද භාගයයි .
මේ වන විට මම නමය දහය වැනි පංති වල ඉගෙන ගනිමින් සිටියෙමි. නැවතත් අම්මා සහ අක්කා අපේ ඉවුම් පිහුම් වලින් ( විශේෂයෙන් දිවා ආහාරය ) ඈත් මෑත්වූ යුගයකි.
ඒ මා හතරේ පන්තියේ සිටිද්දී මෙන් උදේම නැගිටින්නට බැරි කමකට නොව දෙදෙනාම වගා සටනේ යෙදී සිටි නිසා මාරගස්වැල්ල කුඹුරට සිරවී සිටීම ට සිදුවූ බැවිනි,
සමන්තත් මමත් නිවසට එන විට අම්මා උදේ උයා තබා ගිය බතත් එලවලුවකුත් අපේ දිවා ආහාරය ලෙස තබා තිබේ.
ඒ වන විටත් කිරඹඔයේ රත්තා මුත්තාගේ රටබටු මාළුව රසබලා සිටී මට ඒ මාළු පිණි එතරම් ප්‍රිය ඉපදුවේ නැත.
ඒ නිසාම පාසැල් ඇරී නිවසට ආ සැනින් තක්කාලි ගෙඩි දෙකක් කපා ගන්නා මම මුත්තාගේ ක්‍රමයටම තක්කාලි බැදුමක් හදන්නෙමි.
යහමින් ළුණු , මිරිස් , කරපිංචා ආදිය දමා සකස් කරන මේ තක්කාලි බැදුමඇඹුල් රස කරන්නේ තක්කාලි තෙලට දැමීමට ගන්නා අබ අහුරක් මගිනි.
මගේ හතරේ පන්තියේ බටු බැදුම සමග මෙන් නොව මේ තක්කාලි බැදුම සමග ඕනා තරම් බත් කෑමට පුළුවන.
මම හැමදාම තක්කාලි ගෙඩියක් තෙල් දාගන්නා බව දැන ගත් අම්මා පසු කලෙක මා භය කලේ.
"චුටි පුතා ඔය හැටි තක්කාලි කන්න එපා...... කාපන් තව තක්කාලි .. ඕවා හරි උෂ්ණයි ..
"තක්කාලි කාලා කාලා අන්තිමේට උඹේ බඩ වැල් ඔක්කොම පිච්චිලා යයි "
යනුවෙන් අනතුරු හඟවමිනි.

ඉහළ පංතියේ තක්කාලි ඇඹුල

තක්කාලි වනාහි චූටි මැණිකේටත් නැතුවම බැරි ජාතියකි.
ReplyDeleteචුටි මැණිකේ වනාහි සුපුන් මා හා නිම්මි වැනිම තක්කාලි රස දන්නා රසවතියකි.
Deleteතක්කාලී....මගෙත් ෆේවරිට්.හැබැයි අමුවෙන්නම් නෙමෙයි....
ReplyDeleteඅපේ සුපුන් ගොය්යා තක්කාලි අමුවෙන් කන්න rusiya.....
DeleteThakkkali wedipura dala wangediye kotala hadana lunumirisata thamayi man kemathi. Thakkali gedi deka thunak unu alu yata dala puchchla ganna oni. :)
ReplyDeleteකොහොමද ගස් තක්කාලි පුච්චලා දාලා හදන ලුණු මිරිස?.
Deleteඔය තක්කාලි අළු යට දාලා පුච්චලා හදන ලුණු මිරිස බදුල්ල බණ්ඩාරවෙල වැලිමඩ පැත්තට ආවේණිකද කොහෙද?. ඒ වගේ පොළොන්නරුවෙ කට්ටිය වේලිච්ච මිරිස් පුච්චලා දාලා රසම රස ගොටුකොළ සම්බෝලයක් හදනවා
ගස් තක්කාලි ලුනුමිරිසට අනිවාර්යයෙන්ම ගස් තක්කාලිය පුච්චන්න ඕනේ. නැත්නම් නියම රහ එන්නෙ නෑ. අනික ඒ ගෙඩියේ පොත්තත් ටිකක් හයියයි නේද ? මමත් හිතන්නේ තක්කාලි පුච්චන එක අපේ පැත්තේ විතරයි කරන්නේ කියලා...
DeleteApi me Lunu mirisa hadanawa alu nathi lipaka thakkali puchchala .. Mageth aasama kaamak e Lunu mirisa
ReplyDeleteකවිඳුගේ තක්කාලි ඇඹුල මමත් හදල බැලුව.. රසම රසයි.. මමත් තක්කාලි උයලා සහ අමුවෙන් කියන දෙවිදියටම කන්න ආසයි.. පොල් සම්බෝලේට නම් තක්කාලි නැතුවම බැහැ මට..
ReplyDeleteස්තුතියි... අම්බලන්ගොඩ..
Deleteඔබගේ ඉල්ලීම වෙනුවෙන් හදපු තක්කාලි ඇඹුල තමයි මේ චායාරුප වල තියෙන්නේ.. ඊයේ නිම්මි තව තක්කාලි ඇඹුලක් හැදුව මට අමතක වෙච්ච අඩුම කුඩුමත් ( උම්බලකඩ සහ කුරුඳු ස්වල්පයක් ) දාලා ඒක නම් පම්කදු පහයි.
අපේ අම්මත් පොල් සම්බල් හදනවා තක්කාලි කෑලි ටිකකුත් දාලා හරි රසයි තමයි එහෙම හදන පොල් සම්බල්
Deleteපොඩි කාලෙ සුදු බත් එක්ක (කුඹුරේ හාල්) මෙ වගේ සම්බෝලයක් අපේ අම්මත් හදනවා. මිරිස් නොකන අපිට ස්පෙසල් වෙච්ච. අද වගේ දාහක් දේවල් කරලා ළමයින්ට කවන්න ඕන උනේ නෑ අපේ අම්මලාට එතකොට.
Deleteමම හිතන්නේ අපේ ගෙදර නම් ඒක හැදුවේ ගලේ ඔක්කොම අඹරලා වෙනන් ඕන.
දැනටත් මම ගෙදර ගියෑම ඔය නොස්ටැල්ජික් ෆූඩ් හොයාගෙන කනවා.
එතකොට තාමත් මම පොඩි එකා...!
ඔන්න අපේ නිම්මි අද තක්කාලි දැමු ලුණු මිරිසක් හදලා තියෙනවා කෑමට... ඒකට ළුණු වැඩියෙන් දාලා තක්කාලි තරමක් අඩුවෙන් දැමෙන්නේ....
Deleteඉවුම් පිහුම් පාඩමක්...
ReplyDeleteස්තුතියි. ඔව් එක විදිහක ඉවුම් පිහුම් පාඩමක් . අම්බල්න්ගොඩ තමයි මගේ "වට්ටක්කා දළු මැල්ලුම සහ ගොඩහොද්ද" කියවලා මේ වට්ටෝරුව ඉල්ලා සිටියේ...
Deletehttp://helmalu.blogspot.com.au/2015/09/blog-post_8.html
Deleteතක්කාලිනං පේවරිට්ම කෑමක් තමයි.
ReplyDeleteතෙල් නැතුව බැදුමක් හදපු කෙනෙක් ගැන ඇහුවමද කොහෙද.
ඔන්න ඔහොමයි අපේ හතරේ පන්තියේ ඉන්දැද්දී ඉවුම් පිහුම් ගැන පර්යේෂණ කලේ..
Deleteතෙල් නැතිව බිත්තර බදින්න ඇහැකි.
Deleteතාච්චියෙන් බාගයක් විතර වතුර පුරවලා ගින්දර දාන්න ඕනෙ.වතුර නටන සයිස් වෙනකොට බිත්තරේ දාපුවාම යස අගේට සෙට් වෙනවා.. බයිට් එකට මරු.
ඔය ක්‍රමේට බිත්තර හදන උපකරණයක් අපේ ගෙදර උන්දැ කඩෙන් ගෙනැත් තියෙනවා බිත්තර 5-6 ක් එක පාර හදත හැකියි ඒකෙන්..
Deleteමමත් පලවෙනි කුකින් අත්දැකීම ලැබුවේ 4 වසරේදී...
ReplyDeleteඑදා මම බතක් උයලා, රට ළුණු දාල අල හොද්දක් හැදුවා...
බතට වතුර තියන්න විතරයි එදා අසනීප වෙලා නැගිට ගන්න බැරුව හිටපු අම්ම ගාවට ගියේ...
මේ විදිහට තක්කාලි බැදුමක් හදල බලන්න ඕනේ...
බතට වතුර තියන්නේ ඇඟිලි පුරුක් දෙකක් උසට කියලා මම ඉගෙන ගත්තේ අපේ අම්මගෙන් .
Deleteඔවු මේ විදිහට තක්කාලි බැදුමක් හදා ගන්න වෙන මොන එලවලු නැතත් බත් කන්න පුළුවන් එකත් එක්ක. මතක ඇතුව තෙල් දමද්දී යහමින් අබ එකතු කරන්න..
කවින්දුගේ ගාර්ඩන් එක දැක්කම පොඩ්ඩක් ඉරිසියාවකුත් ආවා.
ReplyDeleteතට්ටු ගෙවල් වල ඉන්න අපිට මොන වගාද?
ඒ වුනාට හිතින් මම හැමදාමත් ජීවත් වෙන්නේ අපෙ ගමේ වත්තේ. කොටින්ම කොළ පාටක් දැක්කත් මට නිකම් මොකක්ද වෙනවා වගේ...
තක්කාලි කියන්නේ මගේ ප්‍රියතම කෑමක්.
තක්කාලි නොකන විදියක් නෑ මට. අමුවෙන් උයලා සැලඩ් හදලා ඩ්‍රින්ක් හදලා හා එක එක විදියට. කොටින්ම මම ඉන්න රටේ තක්කාලි නොකෑවොත් කන්න දෙයකුත් නෑ වෙන්න ඕනේ.
අක්කර තක්කාලි බැදුම කීවම මතක් වුනේ පොඩි කාලෙ මම බට්ටා කාලේ අපේ මාමලගේ ගෙදර ගියාම එහෙ තියෙන අක්කර ගාණක් දිග තක්කාලි කොටු වලින් අපේ නැන්දා අමු තක්කාලියි තව මොනා හරියි දාලා තෙල් දාල බත් දෙනවා. අම්මෝ එකේ රහ. (මම හිතන්නෙ කරවල හරි උම්බලකඩ හරි වෙන්න ඕනේ මික්ස්චර් එක. ) අවුරුදු තිහකටත් එහා කෑව කෑමක් උනාට මේක කියවනකොටම මතක් උනේ ඒ කෑම එක. මේ පාර ගෙදර ගියාම යනන් ඕනේ ඒ අතීත රහ හොයාගෙන.
ඒත් මම හිතන්නේ නෑ ඒ අතීතය එක වගේ කියලා නම්...
මගේ ගෙවත්තේ ලංකාවේ ගෙදරදී වත් නොතිබුණු ජාති තියෙනවා. කරපිංචා, සේර, නිවිති, ගොටුකොල , මුකුණු වැන්න , ගෙන්දපලා , කනකුන් කියන කොලජාතිත් එළබටු, වම්බටු , අමුමිරිස්, මාළු මිරිස් , තක්කාලි, අර්තාපල් , බෝංචි, කොලගෝවා සහ අලකොල හෙවත් කිරිඅලත් තියෙනවා. මට ඔබේ මුහුණු පොත් ලිපිනය දැන්ව ඉ ලිපියක් එවන්න.. එතකොට මගේ ගෙවත්තේ පින්තුර බැලියහැකියි..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteවැඩිපුර තක්කාලි කෑම අගුනද?
ReplyDeleteමම හිතන්නේ නෑ... අපි කාපු තක්කාලි වල හැටියට අර කිව්වා වගේ අපේ බඩවැල් පිච්චිලා යන්න එපැයි.. මම තවම මේකට ජේන් අක්කගේ අලකොල ඇඹුල ගැන ලිව්වේ නෑ.. ඒවා කනවට අපේ අම්මා කියපු කතා ඇහුවනම් ජීවිතේට අලකොල කන්නේ නෑ..
Deleteමම බල්ලන්ම්කො අලකොළ ඇඹුලත් මේකට එකතුකරන්න...
ඔය තක්කාලි සම්බෝලෙට නයි මිරිස් ජුණ්ඩක් ලයින් උනා නම් හප්පේ.... කෙල උනනවා..
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ගස් ලබු.. ඔව් ඔව් නයි මිරිස් දැම්මම මාර රසයි තමයි. කාලා නැද්ද නයි මිරිස් දාලා වංගෙඩියේ කොටලා හදන මන්න්චෝක්කා දළු මැල්ලුම??? මම හරිම ආසා කෑමක් ඒ... මල්ලුමයි කිරිහොදියි එක්ක බත්...
Deleteඅලුත් කෑමක් දැන ගත්ත. මම තක්කාලි කපලා උම්බලකඩ , මිරිස් දාල කනවා. අබ දමල නැහැ.
ReplyDeleteඅබ දැම්මහම අමුතුම රසයක් එනවා..
ReplyDeleteගොඩක් කොල්ලො ගෙවල්වල අම්මල අක්කලට කියල උයවගන්න පුරුදු වෙලා තියෙන්නෙ.ගෑණු විතරයි උයන්න ඕන වගේ අදහසක් සමාජගත වෙලා තියෙන නිසා වෙන්නැති.ඒත් අද කාලෙ නම් හුඟක් කොල්ලො උයන්න දන්නවා.ඒක වාසනාවක්..
ReplyDeleteඅපිටත් නෝනා එහෙ මෙහෙ වුන වෙලාවට උයාගන්න පුළුවන්.. ඒකයි අද කාලේ වෙනස.. හැබැයි කන්න බැරි එක වෙනම ප්‍රශ්නයක්...
Delete