Saturday, 8 February 2020

පුටු කතාවක්



මම මහාවිද්‍යාලයට ආවේ හයේ පංතියේදී වුණාට පල්ලැහැ ඉස්කෝලේ ( ධර්මාශෝකේ) ඉඳලා උඩහ ඉස්කොලේට එද්දි මම ආවේ අනික් අයට පස්සේ. සාලියලා , ලක්සිරිලා , ඉන්දික කටුගහලා ,අපේ රුවන් ආටිගලලා වගේ කට්ටිය උඩහ ඉස්කෝලේට ඇතුළත් වෙන විභාගේ ලියලා මහා විද්‍යාලෙට ගියා . මම විතරයි පහේ ශිෂ්‍යත්වේ පාස් අයගෙන් ජනවාරියෙම උඩහට නොයා ශිෂ්‍යත්වයේ ප්‍රථිපල  වලට ඉස්කෝලේ ලැබෙනකං ඉඳලා උඩහට ගියේ.

ඔන්න මාර්තු අප්‍රේල් වගේ  කාලේක අම්මා මාවත් එක්කන් උඩහ ඉස්කෝලෙට  ගියා අර තිලකසිතේ තිලකසිරි අය්යා කිව්වා වගේ ඒ කාලේ අපි පුටුවක් ගෙදරින් ගේන්න ඕනේ. අපේ තාත්තා ඒ කාලේ තාවකාලිකව වැඩ නැතිව හිටපු ලිපිකරුවෙක්  ( ඊට කලින් බණ්ඩාරවෙල අධ්‍යාපන කාර්යාලයේ හිටියේ) කොහොමහරි ඉස්කෝලෙට යන දවසේ පුටුවක් ගෙනියන්න ඕනෑ නෑ කියපු තාත්තා එයාගේ ඒ කාලේ හිතවතෙක් වෙච්ච එතකොට  බණ්ඩාරවෙල මමවි හිටපු  නියෝජ්‍ය විදුහල්පතිතුමාට දෙන්න කියලා තුණ්ඩු කෑල්ලක් දුන්නා ( මට පුටුවක්  ලබාදෙන්න ක්‍රමයක් කියලා වෙන්න ඕනේ ඒකෙ තිබුණේ)
කොහොමහරි නි. විදුහල්පතිතුමා " මේ කවුද මෙයා මම අඳුරන්නේ  නෑ කියලා තුණ්ඩු කෑල්ල විසිකරා"
දැන් මට පුටුවක් නෑ, හා පුරා කියලා ඉස්කෝලෙ ගිය දවසෙම  හිටගෙන  ඉන්න වෙන හැඩක් තියෙන්නේ..

ඔන්න  මම නිල්පාට බෑග් එකත් පිටේ එල්ලගෙන අම්මත් එක්ක අර ලෝහ වැඩ කාමරේට පහලින් තිබ්බ බිල්ඩිම අයිනෙන් 6  බී එක හොයාගෙන   යනවා කොට බිත්ති උඩින් පල්ලැහැ ඉඳන් උඩට ආපු අපේ ගැංසිය කෑ ගහනවා .

" මචං කිටී , මචං කිටී අපේ පංතියට වරෙන් අපේ පංතිය වරෙන්" කිය කියා

අන්තිමට  &*&** ටීචර් ( අපේ තාත්තගේ යාළුවා  &*&** අංකල් ගේ නෝනා , අපේ  &*&** ගේ ම්මා) භාරව හිටපු පංතිය මම ගියා .

මට පුටුවක් නැතිබව දැක්ක සාලිය ලා ඇතුළු ගැංසියේ කොල්ලෝ මට අයිනකින් වාඩි වෙන්න ඉඩ දුන්නා මුල්ම  දවසේ. දෙවැනි දවසේ අම්මා ගෙදර කෑම මේසේ තිබ්බ ලී පුටුවක්  ගෙනියන්න දුන්නා .. ඒක ඉස්කෝලේ තිබ්බ අනික් පුටු එක්ක ගත්තම ටිකක් වෙනස්. ඒත් ඒක ඉස්කෝලට ගිහින් දාලා සාලිය, ලක්සිරි , කට්ටා , මාබොට්ටා ඇතුළු අපේ කට්ටියගේ සහයෙන් හොඳ පුටුවක්  සොයාගත්තා.
කොහොම හරි ගෙදරින් ගෙනා ලී පුටු කබල පැත්තකට දාලා ඊට වඩා ලස්සන පුටුවක තමයි මම ඊට පස්සේ  දිගටම වාඩි වුණේ

2 comments:

  1. මමත් ඔය ඉස්කෝලෙට ගිය මුල්ම දවසේ හිටියේ තව එකෙක්ගේ පුටුවක කෙළවරක් ණයට ඉල්ලගෙන තමයි

    ReplyDelete
  2. ඔය ‌ගෙනියන පුටු ‌මේස ආපහු ඉස්කෝලෙන් අයිං ‌වෙද්දි ආපහු ‌දෙන්නෙත් නෑ. එතකොට පුටු ‌මේස අතිරික්තයක් ඇති ‌වෙනවනෙ ඉස්කෝලෙ?

    ඔය ප්‍රස්නෙ මට කල්පනා වුනේ මම හයවසරට ගලහිටියාව ‌ෙසෙන්ට්‍රල් එකට යද්දි. ‌හොඳ ‌වෙලාවට අපේ නෑදෑ ‌කෙනෙක් ‌වෙන කුමාර අයියා (දැන් ‌දොස්තර ‌කෙනෙකි.) එයාගෙ ‌ඩෙස් එකයි පුටුවයි මට ‌දෙනව කියල අපේ පන්තිභාරට කියලා, මාව ‌බේරගත්තා.

    මහ කුහක ක්‍රමයක් ඔ්ක. අලුතින් එන ළමයිවයි, ‌දෙමාපියන්වයි බුලි කරන්න...

    ReplyDelete