Friday, 31 January 2020

පල්ලැහැ වත්තේ අල කොටුව


පසුගිය කාලේ බ්ලොග් ලිවිල්ලත් යලට මහට වගේ කෙරෙමින් තිබිලා හෙමින් හෙමින් අඩුවීගෙන ගියා . රැකියාවේ කාර්යබහුලත්වයත් පෞද්ගලික වගේම පොදු කටයුතුවෙනුවෙන් යන කාලය වැඩිවීමත් අස්සේ බ්ලොග් පැත්තේ එන්න වෙලාවක් එන්නේ නෑ.
ඒත් තිලකසිතේ තිලකේ අය්යා ආපහු තමන්ගේ බ්ලොග් එක යාවත්කාලීන කරද්දි පොඩි පොඩි උත්තේජන ඇතිවුණා.ඔහුගේ නවතම ලියවිල්ල "අර්තාපල් මුත්තාපල්" නිසා අපේ අර්තාපල් කථා ටික පෙළගස්වන්නේ නැතිව  ඉන්න බෑ කියලා හිතුනා . එහෙම නම් අර්තාපල්  වගාව සහ අපේ බාල කාලේ ගැන කතා කරන්න පටන් ගනිමු

පල්ලැහැ වත්තේ අල කොටුව

නමසිය අසූ ගණන් වල මුල් හරියේ අපේ තාත්තාගේ රස්සාව හදිස්සියේ නැතිවෙනවා. ඒ ආසන්න කාලයකදී අක්කා මම සහ ලොකු නංගී එකතු කරගෙන (අපේ අය්යා මේකාලේ සාමාන්‍ය පෙළ කරන්න ලඟයි ඒ නිසාදෝ කොහෙද වගාවැඩවලට එයා සම්බන්ද නොවුණ කාලයක් )අම්මාඅපේ ගෙදරවත්තේ පොඩියට වගාවක් පටන් ගන්නවා . ගෙට උඩහ පැත්තේ දැන් තේ හදලා තියන කොටසේ ඒ කාලේ තිබ්බේ උක්වගාවක් .. උක්ගස් ගලවලා බිම්සකස් කරේ තාත්තා , අම්මා සහ අපි .. ඊට පස්සේ හා හාපුරා කියලා බෝංචි වගාවක් දැම්මා ඒ කෑල්ලේ .. වගාව කරගෙන යද්දි වැස්ස නැති කාලයක් ආවා මට මතකයි .. මීටර් තුන්සීයක් විතර දුරක තිබුණු ගල උඩ ලිඳෙන් (උඩහා ලිඳ ) තමයි අපි වතුර ගේන්නේ    අක්කයි මමයි  ලොකු නංගියි තුන්දෙනා කළගෙඩි වලින් වතුර ගේනවා  තාත්තයි අම්මයි මල්බාල්දි වලට ඒ වතුර පුරවලා වතුර දානවා. මේ විදිහට හැමදාම හවසට වතුර දානවා.  ඔන්න ඔහොමයි  අපේ මුල්ම වගාව 1980-81 කාලයේ සිද්ධ වෙන්නේ

මේ අතරේ අපේ අම්මා සහ තාත්තාට සිතක් පහළ වෙනවා වගාව තවත් ව්‍යාප්ත කරන්න. ඒත් අපේ ගෙදර වත්තේ එච්චර ඉඩක් තිබ්බේ නෑ තවමත් ඉතිරි වීතිබුණු උක්වගාව නිසා. ඊට පස්සේ තමයි එයාලා තීරණය කරන්නේ ඒ වෙනකොට කැලේට ඇරලා තිබ්බ පල්ලැහැවත්ත් එළිපෙහෙළි කරන්න.
අම්මා අක්කා , මම සහ ලොකු නංගී ඇතුළු බැටෑලියන් එකත් අරගෙන  වැඩේට බැස්සා . උසට උසේ වැවී තිබුණු කැලෑ ගස් එක්ක අපිටික ඔට්ටු වෙනවා තරමක් උස පැල බෝංචි කෝටුවලට එකතු කරා .. එරමුදු , දඹ ගස්, අළු බෝම්බු ගස් දිය  සීරාවට වැදගත්  නිසා ඒවාට අත තිබ්බේ නෑ. දින කිහිපයක් කට්ටිය වැඩ කරද්දි  වත්ත සම්පූර්ණයෙන් එළිපෙහෙලි වුණා. කාලයක් කැලේ වෙන්න ඇරලා තිබ්බ නිසා පස කළුම කළුයි, සරුසාරයි.

මේ වෙනකොට අපට  ගමේ තවත් හොඳට  එළවලු වගා කරන කෙනෙක් වූ කිරිඔරුවේ මහවත්තේ නැන්දා  එක්ක එහෙමත් ගණුදෙනු තියෙනවා

අප බිම් සකස් කරාට පස්සේ පල්ලැහැ වත්තේ හදන්න සුදු අර්තාපල් අල  ගෙඩි සීයක් දුන්නේ මේ මහවත්තේ නැන්දා තමයි . එයා අපට ගෝවා පැළ සීයකුත් දුන්නා ඒ කෑල්ලේ හදන්න . ඊට අමතරව අපි තක්කාලි සහ බෝංචි ටිකකුත් පල්ලැහැ වත්තේ හිටෙව්වා මතකයි හා හා පුරා කියලා කරපු වගාවට..

මහවත්තේ නැන්දා දුන්න අල ගෙඩි  අල පැල තුන්සීයක් පමණ ගන්නා තත්ත්වයට පත්කරනවා මට මතකයි අපේ අම්මා විසින් . ඒ බීජ අල ගෙඩි මොටෙය්යන් එකක් හෝ දෙකක් ඇතුළත් වෙන ආකාරයෙන් පිහියකින්පෙති ගසා කපා ගනිමින් . එසේ කපපු පෙති වලට අළු හෝ දියකරගත් ඇන්ට්‍රකෝල් ගාන්නත් ඕනේ . එහෙම කරලා බීජ අල කැලී තුන්සීයක් පමණ ඇඳක් යට වේලෙන්න තියලා තිබ්බා.

අල හදන්න බිම් සකස් කරද්දි අළු හුණු මිටි කිහිපයකුත් පොළවට ඉසිනවා .. මුල්වේයෝ ගහන එක ඒකෙන් අඩුවෙනවා කියලා තමයි ඒ කාලේ විශ්වාස කලේ අලුහුණු වලින්..
ඉරිගසා සකස් කර කාණු වල පේළියට තබා කැපූ බීජ අල පෙති තියලා පස්වලින් වහනවා .. ඊට පස්සේ දිනපතා වතුර දානවා.. උඩහ අපේ ගෙදර වත්තේ වගේ නෙවෙයි මේ වත්තේ වතුර ගන්න කුඩා ලිඳක් තිබුණා අපි කැලේ එළිකරන්නත් කලින්ම ... තව අම්මයි ,මමයි  අක්කයි එකතුවෙලා වත්තේ තිබූ දඹ ගහක් යට අළුති ලිඳක් හෑරුවා . ඒකෙත් වතුර පිරුණා .. මෙ ලිංවලින් වතුර ගෙනැත් තමයි  අපේ අලවගාවට වතුර දැම්මේ.

අල හිටවපු දවසේ රෑම පැල් රකින්න වෙන බව අම්මා කිව්වා මතකයි .ඒ අසල ඇති කැලයෙත් ඊට ඉහළින් ඇති තේවත්තෙත් සිටින ඌරන් ඇවිත් අල ගලවා දමනු ඇතැයි යන භිය නිසා.. කොහොම හරි අල හිටවපු දවසේම කටුමැටි ගහලා  මානං වහලා පොඩි පැල් කොටයකුත් හැදුවා ...ඊට පස්සේ පැලේ නිදා ගන්න ගෙදර තිබුණු මුත්තාගේ ලණු ඇඳ ගිහින් තිබ්බා ..

පල්ලැහැ වත්තේ පැල් රැකීම 

කිරිඔරුවේ ගම මැද වගේ නෙවෙයි අපේ ගෙවල් තිබ්බ මාරබැද්දේ කඳු මුදුනේ ඒ කාලේ කව් රුවත් එළවළු හැදුවේ නෑ .. අපි පටන් ගත්තට පස්සේ වත්තක් දෙකක් හැදුනත් මේ කියන කාලේ අහල පහළ කොහේවත් එළවළු වගාවක් කෙරුණේ නෑ.
ඔන්න අපි පල්ලැහැවත්තේ ගොඩ අල හිටවලා (මෙහෙම වත්තක හිටවන අර්තාපල් වලට ඒ කාලේ කියන්නේ ගොඩ අල කියලා .. මේවාගෙන් තමයි ඊලඟ කන්නයේ කුඹුරේ හිටවන්න බීජ අල හදාගන්නේ කුඹුරේ හිටවන අල වලට කියන්නේ මඩ අල , ඒවායින් ආයිත් බීජ අල ගන්න බෑ ) පැල් රකින්න යන්න ලෑස්තිය.

මුල්ම දවසේ ගියේ තාත්තයි මමයි  . අම්මා අපට ගෙනියන්න තේ, කොළ සීනී , බිස්කට් එහෙම දාපු මල්ලක් හදලා දුන්නා.
ගෙදර ඉඳලා පල්ලහැවත්තට වැඩිදුරක් නෑ .. එහා ගෙදරයි .. ඊටත් එහායින් තියෙන රාජලා ගෙදරයි පහු කරාම එන්නේ අපේ පල්ලැහැවත්ත .. හැබැයි පල්ලැහැ වත්ත අනෙක් පැත්තෙන් මායිම් වෙන්නේ ජලරක්ෂිත කැලේකට .. ඒ කැලේ අවුරුදු තිස්ගණනකට පස්සෙත් තාමත් ඉතුරුවෙලා තියෙනවා..

අපි පැලේ යනකොට වෙලාව රෑ අටට විතර ඇති ..තාත්තයි මායි පැළට ගිහිල්ලා එළියේ ලාම්පුවක් එල්ලුවා ඌරො භයවෙන්න .. තවත් ලාම්පුවක් එල්ලුවා අල හදපු කෑල්ල මැද්දේ.. ඊට පස්සේ පැලේ එළියේ තිබුණ කෑල්ලේ හොඳ ගිණි මැලයක් ගැහැව්වා.. දැන් තාත්තා අර ලණු ඇඳේ දිගාවෙලා ඉන්නවා .. මම එළියේ ගිනි මැලයට දර දදා ඉන්නවා ඔය අතරේ මට සිංදුවක් දෙකක් කිව්වා නම්  හොඳයි  කියලා හිතුණා...මම පැල අයිනේ තිබුණ පරණ  මල් බාල්දි කෑල්ලක් හොයා ගත්තා පොඩි කෝටු කෑලි දෙකක් දෑතට  අරන් වැඩේ පටන් ගත්තා .. මුලින්ම .. ගෝවේ .... ගෝවේ ගෑණු පරාදයි... කියන එක තමයි කිව්වේ .. මල් බාල්දියට තඩි බබා.  ඊට අමතරව ඒ කාලේ මම කියන සිංදු තමයි "බැරිබර  කරේ තියන්", "කවාලා විලඳ ජාතී..."  වගේ සිංදු ... 

මගේ සංගීතය  යන අතරේ පැල ඇතුලේ ඉන්නා තාත්තා සැරින් සැරේ... "හුයි.. අ..හුයි"  කියමින් ඌරෝ එලවනවා...

මෙහෙම ටික වෙලාවක් යද්දී පැලට උඩ පැත්තෙන් සද්දයක් එනවා.. ඒ හරියේ තියෙන අසල්වැසි  ගෙවල්වල මිනිස්සු යන පාර හරියෙන් ... "මාමා .. මාමා දොරේ මාමා".... මමත් සංගීත සාජ්ජය නවත්වලා අහගෙන ඉන්නවා.. තාත්තා නින්දත් නොනින්දත් අතරද කොහෙද ..දැන් ඒ කටහඬ මට කතා කරනවා "චූටි මල්ලී ...චූටි මල්ලී" ... මම පැල ඇතුළට  ගිහින්තාත්තව කූද්දනවා.. "තාත්තා... තාත්තා ....කවුද ගෑණුකෙනෙක් කතාකරනවා උඩ පැත්තෙන් මට හිතෙන්නේ උඩහ  ගෙදර මල්ලිකා අක්කා"
... තාත්තත් නැඟිටලා "කවුද? කවුද? "කියමින් හඬ එන පැත්තට ගියා  අපි දෙන්නම .. තාත්තගේ අතේ ටෝච් එක. "

"ආ මේ මල්ලිකා දුවනේ.. ?"
කතා කල කෙනා හඳුනා ගත් තාත්තා කියනවා.. "

"මාමලා පැල් රකින්න ඇවිත් ඉන්නවා ඇහිලා තේ එකක් හදාගෙන ආවා මාමා "

මල්ලිකා අක්කා අපට තේ  අරන් ඇවිත් ....

Friday, 13 September 2019

ද වීඕජී සීන් ... පීවී ටුමෝරෝ.. (වෛද්‍ය සාෆීගේ කතාවට ඌණපූරණයක්)

වෛද්ය සාෆී
ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්රසිද්ධ යැයි මත පලව
වෛද්‍ය සාෆී ලංකාවේ පමණක් නොව දැන් ලෝකප්‍රසිද්ධ චරිතයකි. හොඳ දේට වඩා නරකදේට ප්‍රසිද්ධ ‍යැයි මත පලවුණු  මේ වෛද්‍යවරයා හිතාමතා ඇළුත උපන් දරුවෙකුගේ කකුලක් කැපු බව තවත්ප්‍රසිද්ධ  ආගමික දේශපාලන චරිතයක් විසින් සමාජගත කරමින් තිබුණි.  සිසේරියන් සැත්කමක් කරද්දී එවෙලේ උපදින බිලිඳාගේ කකුලේ කැපුමක් අතිකරේ සාෆී පමණැක් නොවේ එසේ කරන්නට ප්‍රසිද්ධ වී සිටි වීඕජී තුමෙක්  ගැනයි මේ කථාව..
"ඩොක්ටර් ඔන්න ඩොක්ටර්ගේ තෑග්ග"
 මලක් වැනි රෝසම රෝස පාට බිලිඳියක් කොළපාට රෙදි ගොඩකින් ඔතා ම අසළ ට්‍රොලිය මතින් තැබුවේ තියෙටර් සිස්ටර් විසිනි. මම උඩ බිම බැලුවේ අනුන්ගේ ළමයෙක් මට තෑග්ගක් ලෙස දෙන්න හේතුව කුමක්දයි යන විමතිය මගේ දෑසින් පළකරමිනි. "ඇයි සිස්ටර් මට තෑග්ගක් උදේ පාන්දරම ?  "විමතිය සඟවමින් ප්‍රශ්න කළෙමි.. නෑ සර් අතින් මේ බබාගේ කකුල කැපුණා ඒකට ස්ටිච් එකක් දාන්න ... "උපන් හැටියේ ළමයෙකුගේ කකුලට මැහුම් දාන්න ?" මම වික්ෂිප්ත වූයේ  දෙමව්පියන් මොනවා නොසිතයිද ඉපදෙනකොටම  කකුල කැපුණම ? යන ගැටළුවද  මා සිත තුළ දෝංකාර දුන් නිසාය.. "ඩොක්ටර් අදද මේක දැක්කේ ? අපි නම් සෑහෙන්න වාරයක් දැකලා තියෙනවා සර් කළබලෙන් සීසර් එක කරද්දි සමහර බබාලගේ අත පය කැපෙනවා.. "මා වෙත  මැහුම් දාන්නට අවශ්‍ය උපකරණ ගෙනැත් දෙන අතරරේ සිස්ටර් කියයි.

. වීඕජී  තුමා සහ එස් එච් ඕ කෙනෙක් තියෙටර් ටේබල් එකේ වැඩය දෙන්නාම ආර්ය සිංහල වාසගම් සහිත වෛද්‍යවරු දෙදෙනෙකි .. ඔවුන්ගේ ඉන්ටර්න් වූ මම අපේ බොස් අතින් කැපුණු ළමයාගේ කකුලට මැහුමක් දැම්මෙමි, මව සහ අළුත උපන් බිලිඳියද සිංහල  බව මගේ මතකය පවසයි. ඒ කෙසේ වෙතත්මෙළොව එළිය දුටු මොහොතේම  මැහුම් දැමීමක් සිදුවූ ඓතිහාසික බිලිඳුන් අතරට  ඇයද එක්වන්නට ඇත.

සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි.  මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා  නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"
සිද්ධිය සිදුවන්නේ මීට අවුරුදු බරගාණකට පෙර දවසකයි. ස්ථානය බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ කාන්තා රෝහලකි.  මා මේ රෝහලේ මේ වීඕජී තුමා යටතේ සීමාවාසික කාලය ගතකරන්නට යොමුවන්නේ මා කොළඹ පැත්තේ ඉන්ටර්න් කරන්නට තීරණය කල නිසයි .. මට කලින් එහි සිටි ඉන්ටර්න් වරයා ( මගේ බැචා) මට වී ඕ ජී වරයා ගැන සහ ඔහුත් සමඟ පරිස්සමින් වැඩ කරන්නේ කොහොමද යන්න ගැන උපදෙස් රාශියක් දුන්නා මතකය . "මචං සර්ට ඕනේ ප්‍රචාරය තමයි .. පොර ලෙඩා බලල තියෙනව කියන එක හරි වැදගත්.. වෝඩ් රවුන්ඩ් එකේ පොර ලෙඩා බලලා ගියාට පස්සේ බී එච් ටී එකේ ලොකුවට ලියපන් " ද වී ඕ ජී සීන් .. පී වී ටුමාරෝ" කියලා  නැත්නම් පහුවදා පී වී කරන්න ඉන්න කට්ටිය හොයනකොට උඹට හොයාගන්න බැරිවෙයි එහෙම වුණොත් පොරට මළ පනිනවා . ඔය ගොඩගම , හෝමාගම වගේ දුරපළාත්වලින් ආපු අම්මලා ගේ විස්තර මතක තියා ගනින්"කුලක් කැපු බව තවත්ප්රසිද්ධ ආගමික දේශපාලන චරිතයක්

Friday, 23 August 2019

එක හීනෙන් එළිවුණු ඇල්ල රොක් සිහිනය


සතියේ වැඩ ඉවර වෙලා ගෙදර ආවා හයට හය හමාරට විතර. බිරිඳත් එක්ක සතියේ විස්තර සාකච්චා වෙද්දි ඇල්ල රොක් ගිණි ගැනීම , ලංකාවේ දේශපාලන තත්ත්වය අපේ යාළුවන්ගේ අදහස් සිරිසේන මොනවා කරයිද? ඔන්න ඕවා තමයි කථා කරේ . එයා දෙවැනි ඉනිම බලද්දී ධර්මප්‍රිය ඩයස්ගේ දක්ෂ කම් ගැන කිය කියා හිටි මම ආපහු මගේ කාමරයට ගිහින් මුහුණු පොතේ සැරිසරණවා .

තව ටිකක් රෑ වෙලා ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් කෙටි පණිවිඩ එවනවා  ආධාර රැස් කිරීමේ ලන්ච් එකක් ගැන (ඔයත් එන්න බලන්න පුළුවන්නම් පුතාගේ චිත්‍රයකුත් ගේන්න අපේ වෙන්දේසියට තියන්න)
  මම: " ඔයා දන්නවද ඔය කට්ටිය ගියපාර එකතු කරලා  යවපු රෝහල් උපකරණ ඔක්කොම රේගුවේදිම විනාශ කරනවා කියලා ?"
"  අම්මෝ ඔයාට කොහොමද ඒ ගැන දන්නේ ? "
"මට මිනිස්ට්‍රියෙන් තොරතුරු එනවා "
".. අය්යෝ ඔය වැඩේට මම මහන්සි වෙච්ච තරමක් . මේ වෙලාවේ ඔයාට කරදර කරාට කණගාටුයි  අපි හෙට කථා කරමු ඔය ගැන".  ( මේ වෙලාවෙත් ලංකාවෙ වැඩ කෙරෙන හැටි , දේශපාලනය  වැඩ වලට බලපාන හැටි  මෙකී නොකී කුණු කන්දල් මගේ ඔළුවට එනව ස්වභාවයෙන්ම)

ඔය කතා බස්  පණිවිඩ හුවමාරු එහෙම ඉවරවෙලා  කොහොම හරි නින්දට වැටුණා කියමුකෝ .



ඔන්න සාගර රත්නායක මම  සුසිල්  විජේරත්න රෝහණ   වණසිංහ, සුජිත් රත්නායක ඇතුළු කොල්ලෝ රෑණක් ඇල්ල රොක් නඟින්න යනවා( මේ කට්ටිය තමයි මාත් එක්ක එකට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් මෙඩිසින් තේරුණේ). ටික වෙලාවක් යද්දී කොල්ලෝ රෑණ මට මඟ හැරෙනවා . මම එයාලට වඩා ටිකක් පහුවෙලා එන්නේ   කොහොම හරි මුං ටික අල්ලනවා කියලා මමත් හය්යෙන් හය්යෙන් කිතල් ඇල්ල පැත්තේ ඇල්ල රොක් බලා යනවා.


පුදුමෙකට වගේ මගේ ලඟ හොඳ මොබයිල් ෆෝන් එකකුත් තියෙනවා.. ඔන්න දැන්න ඇල්ල රොක් පැත්තට යන්න ඕනි පාර දෙකට බෙදෙනවා එක පැත්තක් ( වම ,පුළුල් එහෙත් නොගැඹුරු ඔයක් හරහා එගොඩවෙලා යන්න ඕනේ) මේ වැඩේට මට සපත්තු මේස් එහෙම ගලවලා අතට ගන්නවෙනවා . කළිසමේ කකුලුත් නමන්න වෙනවා .. අනික් පැත්ත වියළි ගිරිදුර්ග සහිත පාරක් .. මම එතැන ඉන්න ගම්වැසියෙක් ගෙන් අහනවා "මෙහෙම මහත්තුරු කට්ටියක ආවා කොයි පැත්තෙන්ද යන්න ඇත්තේ?  කියලා . සාගරලා වමට ගිය බව තමයි ඔහු හඟවන්නේ . මමත් වමට හැරිලා ඔයෙනුත් එගොඩවෙලා ආපහු ඇල්ල රොක් බලා යනවා .

ටික දුරක් යද්දී මට ඇලකණ්ඩියක් උඩින් යන්න වෙනවා . තවමත් සාගරලා නෑ.. දැන් මම සෑහෙන්න කළබල වෙලා එයාලාගේ නම් මොබයිල් එකේ  හොයන්න උත්සාහා කරනවා "රත්නායක සාගර , රත්නායක සුජිත්" එකක් වත් එන්නේ නෑ .. අහළ පහළ් ඉන්න මිනිස්සුත් මා දිහා බලනවා.

මේ අතරේ අපේ ලසිත් ගේ වගේම චිත්‍රයක් මට විකුණන්න හදනවා එක්කෙනෙක් .. මම අර මහත්තුරු කොහෙද අහ අහා දඟලනවා..

දැන් මට වෙහෙසයි ඒ වගේම  භයයි  කන්ද උඩට යන්න හදනවා හදනවා යැවෙන්නේ නෑ .. සාගරලා පේන තෙක් මානෙක ඇත්තෙත් නෑ මොබයිල් එකේ එයාලගේ නම් වදින්නෙත් නෑ .ඔහොම අතරමං වෙලා ඉද්දි එකපාරම අපේ අම්මා මතුවෙනවා

සාගර ලා එහෙම හොයාගන්න බැරුව ඇල්ල රොක් එකේ අතරමං වෙලා ඉද්දි පිහිටට එන්නේ අපේ අම්මයි අය්යයි . මුලින්ම අම්මා පුදුමයි එයා අතෙත් මොබයිල් ෆෝන් එකක් තියෙන්න ව පොඩ්ඩක් හිටපන් ආ මේ තියෙන්නෙ නොම්බරේ .. රත්නායක ඔන්න ලියාගනින් අම්ම කියනවා.


අම්මත් එක්ක මම ඇල්ල රොක් එකේ පහළට එද්දි මහ සෙනඟක් කොල්ලෝ කෙල්ලෝ , ලොකු පොඩි හැමෝම ඇල්ල රොක් එක නගින්න එනවා

ඒ අතරේම අම්මා වැද්ගත්ම ප්‍රශ්නේ මගෙන් අහනවා .. සාගරයලා එක්ක කෙල්ලොත් හිටියද ? පිස්සුද අම්මා කොල්ලෝ ටික විතරයි ..

අම්ම මාව පල්ලෙහාට අරන් එද්දී ඇල්ල් ප්‍රදේශයේ තියෙන ගෙයක් ලඟින් අපි යනව පෙනෙනවා.  ඒ ගෙදර ජනේලෙන් පෙනෙන රූපවාහිනී තිරයේ මුස්ලිම් පල්ලියක දර්ශනයක් තමයි තියෙන්නේ ඒකේ මහා හය්යෙන් "අල්ලාහ් අක්බර්" කියලා අර පැය කිහිපයකට වතාවක් ආගම කියන එක යනවා මේ අතරේ රැවුළත් වවාගත්තු අපේ බැචෙක් මටත් අත වනාගෙන ඇවිත් සිමෙන්තියේ දණ ගහගෙන යාතිකා කරනවා..

ඔන්න ඒත් එක්කම අල්ලපු කාමරෙන් ( ඒ ගෙදරම ) "යංකිච්චි විත්තං ඉධවා හුරංවා"  කියලා අර සද්දෙටම සමාන හඬකින් ගුවන්විදුළි යන්ත්‍රයක හඬ ඇහෙනවා  . ඔය අතරේ අපේතවත් බැචෙක්  කතාකරනවා ඇහෙනවා " මොනවද ඔය හ්තලා ගගා කියන කුණුහරුප ? කියා උස් හඬින් හිනාවෙන ගමන්


ටික වෙලාවක් යද්දි මම ලෙඩ වෙලා  ඒ අතරේ අම්මගේ උදව්වට අපේ අය්යත් ඇවිත් (හැමදාම වගෙ එදත් අපේ අය්යගේ වධානය යොමුවෙනවා මම ලෙඩ වුණාම ).
ඔන්න දැන්  අය්යයි අම්මයි මාව රෝදපුටුවක තියන තල්ලු කරන් යනවා. ටික දුරක් යද්දි රෝද පුටුවම ටොයිලට් එකකුත් වෙනවා.
 ටික වෙලාවකින් මහජන වැසිකිළියක බිම කහපාට පැල්ලම් දැක දැක මම හිරිකිතේ ඉන්න බැරුව රෝද පුටුවෙන් යනවා (මගේ කකුල් දෙකේ සෙරෙප්පුත් නෑ).. එක පාරම ඇහැ ඇරිලා බලද්දි මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ කාමරේ ජනේලෙන් එළියේ කුරුල්ලෝ සිංදු කියන සද්දේ ඇහෙනවා.

අවසානයේ වම් පැත්තෙන් ගිය මම අතරමං වෙලා එක්කන්  එන්නේ අම්මයි අය්යයි .. අපේ යාළුවෝ ගියෙ වමෙන්ද දකුණෙන්ද  ගියාද නැද්ද ආපහු ආවද මොකුත් පැහැදිළි නෑ  .. ආගම් දෙකකට අධිකව ආදරේ කරන අපේ බැචාලා දෙන්නෙක් ( ඔබ අපි කවුරුත් හොඳින් හඳුනන ) එකම ගෙදරක ඉන්නවා .. මම ලංකාව , යාළුවෝ, පරිසරය , නෑදෑයෝ , ජාතිය , ආගම දේශපාලනය සියල්ල එකට කැටිවුණු හීනයක් දැකලා අවධිවෙනව. මගේ හීනේ  සත්‍ය තත්ත්වයට කොච්චර සමීපද කියලා හිතා බලන එක ඔබ සැමට භාරයි

Sunday, 18 August 2019

ඈ කටකාරී .... ඈ හැඩකාරී..

 ඈ කටකාරී .... ඈ හැඩකාරී..


අපිට පරිවාස භාරයට යන්න බෑ . අම්මයි තාත්තයි එක්ක ලුණුයි බතුයි කාලා හරි අපිට එකටයි ඉන්න ඕනේ.. ශ්රී ලංකාවේ ප්රසිද්ධ රූපවාහිනි නාලිකාවක බණ්ඩාරවෙල වාර්තාකරු ඉදිරියේ ඇය තම අදහස ඉදිරිපත් කලේ එලෙසිණි . අනතුරුව ගතවූ දින කිහිපයේදී අපි අපේ බණ්ඩාරවෙල හිතවතුන් හරහා ඇයගේ පවුළේ විස්තර හොයන්නට ගත්තෙමු. අවසානයේ ඇයත් මල්ලිලා තුන්දෙනත් අම්මත් තාත්තත් එකට ගුළිවී එක ඇඳක මෝඩ ගඩොලින් තැනූ තනි කාමරයක සිටින කාලය අවසන් වන බව ඇයට දැනගන්නට ලැබිණි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ පවුළේ දියුණුව වෙනුවෙන් ගැනෙන්නට නියමිත වෙනත් පියවරවල් ද ඈ හට දැනගන්නට ලැබී තිබුණි. වෙනදා අම්මා හා තාත්තට එන දුරකථන ඇමතුමට ඊයේ ඇය උත්තර දෙන්නේ අහම්බයකිනි.
"හෙලෝ කව්ද කථා කරන්නේ?"
" හෙලෝ අම්මා හරි තාත්තා හරි නැද්ද?"
" අංකල් අම්මා මේ ලඟ කඩේට ගියා බඩු ගේන්න තාත්තා නම් වැඩකට ගියා, උදේම. අම්මා තව ටිකකින් එයි එතකොට කථා කරන්න "
".. හරි හරි පුතා ඔයා මම කව්ද කියලා දන්නවද?"
"අම්මලා කියලා තියෙනවා අපිට උදව්කරන මාමලා කට්ටියක් කියලා "
".. පුතා ඔයාගේ නම මොකක්ද?"
" බී සමෘධිකා "
" වයසකීයද? ඉස්කෝලේ කීයේ පන්තියෙද ඉන්නේ? .."
" මට එකොලහයි ඉන්නේ හයේ පංතියේ ."
". ශිෂ්යත්වේ ට මොකද වුණේ පුතා ? "
"මට ලකුණුඑකසිය තුනයිනේ තිබ්බේ අංකල් ."
". ඔයා මොනවගේ කෙනෙක් වෙන්නද කැමැති ?"
" ටීච කෙනෙක් වෙන්න"
" .. හරි හරි පුතා ටීච කෙනෙක් වෙන්න ශිෂ්යත්වේ පාස්වෙන්නම ඕනේ නෑ දැන් ඉඳලාම හොඳට පාඩම් කරොත් පුළුවන්.. මල්ලී කීයෙද ඉන්නේ? ""එයා දෙකේ , එයා නම් ටිකක් දඟයි.. "
"ඒක නෙවෙයි ඔයා නේද ටීවී එකේ මාමලා ආවම අම්මලා දාලා යන්න බෑ කියලා ඇඬුවේ? "
"ආහ් ඔව් ඔව් ඉතිං සමෘද්ධි නෝනා එහෙම කිව්වම මට භය හිතුනනේ?"
"ඒක නෙවෙයි තාත්තා බොනව නේද?"
" ඉස්සර බිව්වා දැන් බොන්නේ නෑ. ගේ හදලා දෙනවා කිව්ව දවසේ ඉඳන් තාත්තා බීලා එන්නේ නෑ ."
" ඒ කාලේ තාත්තා අම්මට ඔයාලට එහෙම බීලා ඇවිල්ලා කරදර කරාද?" " නෑ එහෙමටම නෑ .. "
"අම්මට එහෙම ගහන්න හැදුවද?"
" නෑ එච්චරම කළබල කරේ නෑ . එයාට අපිට ඉන්න ගෙයක් හදාගන්න බැරිකම ගැනම තමයි කිය කියා හිටියේ.. "
මේ අවුරුදු එකොළහක කෙල්ලෙකි . ගෙදර වැඩිමහළු ගැහැණු ළමයා ඇයයි . අවුරුදු තිස්දෙකක් වූ තරුණ බිරිඳත් සමඟ එකම කාමරයකින් යුතු නිවසක කුඩා දරුදැරියන් හත්ර දෙනෙකු සමඟ වෙසෙනා දිනපතා කුලී වැඩ කරනා තිස් හය හැවිරිදි මිනිසෙකුගේ සිතැඟි තේරුම් ගන්න බලමු. මේ තියෙන්නේ ගෘහස්ථ හිංසනයට අවශ්ය සියළුම අඩුම කුඩුමය . සමාජයක් ලෙස අප මේ දරු දැරියන්ට අසාධාරණයක් කරන්නේ කොතැනද බලන්න.
"ඔයා අපි කරන්න යන්නේ මොකක්ද කියලා දන්නවද? "
"ඔව් අපිට සල්ලි හොයාගන්න ක්රමයක් හදලා දෙන්න යනවා කියලානේ අම්මා කිව්වේ? "
"අන්න හරි ... ඔයාලාට දැන් පොත් පත් එහෙම තියෙනවද? "
"ඔව් .. ඊයේ පෙරේදා ගොඩක් කට්ටිය ගෙනැත් දුන්න නේ? '
"එහෙනම් ආයේ පොත් පත් වැඩියේ ඕනේ නෑ? "
"ඔව් ඕනේ නෑ.."
" හරි එහෙනම් ඔයා දැන් කැමැති මොනවා වෙනවටද? "
"අපේ ගේ හදාගෙන අම්මාට මොකක් හරි සල්ලි හොයාගන්න ක්රමයකුත් ලැබෙනවානම් හරි .. "
සමෘධිකා .. ඈ කටකාරියකි .. එමෙන්ම හැඩකාරියක්ද බවට මට ඔවුන්ගේ නිවස බලා ගිය අපේ හිතවතා එවූ චායාරූප සාක්ෂි දරයි..
මම අප ඔවුන් වෙනුවෙන් කරන්නට යනදේ වෙනුවෙන් සියයට දෙසීයක් කැපවෙන්නට තීරණය කළෙමි ( විස්තර පසුවට )

Saturday, 8 June 2019

හොඳම දේ දරුවන්ටයි



අපේ මී මැසි පාලක කරුණාරත්න මහතා වගේම බණ්ඩාරවෙල මී මැසි පාලනය කළමණාකරණය කරන වසන්ත සංජීවත් මේ දවස්වල මී මැස්සෝ වගේම කඩිසරයි . එහාට දුවනවා මෙහාට දුවනවා. අද උදේ වරුවේ කරුණාරත්න මහත්මා හිටියේ බණ්ඩාරවෙල වලස්බැද්දේ. ඊයේ හිටියේ දෝව උඩුකුඹල්වෙල. 
මීට සුළුමොහොතකට පෙර වසන්තත් කරුණාරත්නත් යන දෙදෙනාම හිටියේ මී මැසි පෙට්ටි මිලදී ගන්න ගිහින් . අද දවසේ වලස්බැද්දට ගිය කරූ මහතාට දැක ගන්න ලැබුණු දේවල් ඔහුවත් ඒ හරහා වසන්තලා සහ අපිත් ඉතාමත් සතුටුදායක තත්ත්වයකට පත්කලා .
1. වලස්බැද්දට දුන්න පෙට්ටි 22 කම දැන් ජනපදවලින් පුරවලා ඉවරයි. ( අභයරාජා ප්‍රමුඛ වල්ස්බැද්දේ සමිති සාමාජික සාමාජිකාවන් විසින්)
මේ සමිතියේ වැඩිපුර ඉන්නේ සාමාජිකාවෝ.
2. කරූ මහතා එහි යනතෙක් බලාගෙන හිටපු අමුත්තෙකුගේ කථාව. 
ඔහු පහළොස් හැවිරිදි පාසැල් දරුවෙක් අම්මාට උදේම කියලා පාසැල් නොගිහින් නැවතිලා කරූ මහතා දෙන මී මැසි පාලන අධ්‍යාපනයට වහවැටිලා. 
කරූලා , වසන්තලා අභයරාජලා ඇතුළු අපෙන් පස්සේ පරිසරයට ,ගහටකොළට සතා සීපාවට ආදරේ කරන ළමයෙක් හැදෙන බව දුටු කරූට හරි සතුටුයි. අපි වැය කරන කාළය , ශ්‍රමය සහ මිලමුදල් අපතේ නොයා අනාගත පරපුරටත් යමක් යනවා දැක්කම සතුටු නොවී කොහොමද ?

Monday, 3 June 2019

සොඳුරු සිහිනයක් -"ගමන් ගෙඩියක්"





සති අන්තයේ මහ අමුතු හීනයක් දැක්කා . ගුමු ගුමු ගාගෙන අපේ වත්තේ ( බණ්ඩාරවෙල මාරබැද්දේ මයෙ හිතේ ) පහළට "ගමන් ගෙඩියක්" යනවා . මගේ අතේ තිබ්බේ පෑණක් විතරයි . 
මම හනි හනිකට අම්මාටත් කෑගහගෙන ගෙට දුවනවා "අම්මා ඉලත්තට්ටුවක් ගේන්න .. ඉලත්තට්ටුවක් ගේන්න ." මොකද චූටි පුතා උඹ මේ ආඟිරි දෙන්නේ ? මොන මල යකෙක් වැහුණද උඹට? "
" නෑ නෑ මේ "ගමන් ගෙඩියක්" යනවා අම්මා ඉකමණට ඉලත්තට්ටුවයි යකඩ ඇණයකුයි ගේන්න. මේ මී මැස්සෝ ටික කොහේ හරි ගහක නවත්ත ගන්න. "
අම්මා එනපාටක් නෑ මම ලඟ තිබ්බ ටකරම් කෑල්ලකට ගගහා ගමන්ගෙඩිය පස්සෙන් දුවනවා. මී මැස්සො පස්සේ දුවලා දුවලා මහන්සියටම මට ඇහැ ඇරුණා.
බලනකොට මම ඔස්ට්රේලියාවේ මගේ ගෙදර ඇඳේ . කොහොමවුණත් "ගමන්ගෙඩිය" එක්ක මම බණ්ඩාරවෙලටම ගිහින් ..
මේ දවස් වලවෙන මොනවා ගැනද ඉතිං හීන දකින්නේ? මී මැස්සන් ගැන මිසක්. ........



ඔන්න ඕකයි ගමන් ගෙඩියේ කථාව

Friday, 17 May 2019

මහමෝදර බත් අම්මා තම්බි ඇන්ටී


රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය කරාපිටියේ තිබෙද්දි එහි ප්‍රධානම ශිෂ්‍ය නේවාසිකාගාරය ආරම්භ වන්නේ මහමෝදර රෝහල් භූමියේ පිහිටි වෛද්‍යපීඨය මුලින්ම පැවැති ගොඩනැඟිල්ලේ . ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල අග භාගයේ.

අපි එක්දාස් නමසිය අනූ තුනේ කරාපිටියට එන වෙලාවේ ( පළමු වසරේ වෛද්‍ය සිසුන් විදිහට ) මහමෝදර නේවාසිකාගාරය හොඳ පදනමක් ඇති සිසුන් හතලිහක් පණහක් තම තාවකාලික වාසස්ථානය ලෙස තෝරාගෙන තිබුණු තැනක්.

මම මුලින්ම මහමෝදරට එද්දි අපේ වසරේ කිසිකෙනෙක් එහේ හිටියේ නෑ . අපට ඉහළ වසරවල් වල ජේෂ්ඨ සිසුන් රාශියක් තමයි හොස්ටල් එකේ හිටියේ .
පළමුවසරේ නවකවද සමයේම හොස්ටල් එකට ගියනිසා පොඩි පොඩි නවක සංග්‍රහ ලබාදුන්නත් ඉතා ඉක්මණින් මගේ හොස්ටල් ජීවිතය පිළිවෙලක් කරගන්නට සහය වෙන්නට ඔවුන් අමතක කලේ නෑ .

 ඒ අතරින් සුවිශේෂ චරිත කිහිපයක්  වූ බුලත් , සෙට්ටි නන්දේ ඇතුලු  12 වෙනි කණ්ඩායමේ අයත්  පැණියා , ගල්ලන්ගොඩ ඇතුළු 13 වෙනි කණ්ඩායමේ අයත් තමයි මගේ අසල්වාසීන් ලෙස මට හඳුනාගන්නට ලැබුණේ.

මුල් දවස් වල නේවාසිකාගාරයේ අප සිටි අන්තයේ සිටි පියා , කේ බී , නිලාන් ඇතුළු බොහෝ පිරිසක් අපත් සමඟ ආශ්‍රයට වැටුණා. හොස්ටල් එකේ ගතකල මුල්ම දිනවලදී මා හට කෑම ලබාගන්නේ කෙසේද යන්න ගැටළුවක් ව තිබුණා .  ඒ නිසා මම ඒ ගැන අපේ අසල්වාසී හිතවතුන් වූ බුලත් , පැණියා ඇතුළු පිරිසකගෙන් විමසා සිටියා පිළිතුර ලැබුණේ අපේ හිතවත් බුලත් අය්යාගෙන්  " මූණා උඹත් වරෙන් අපිත් එක්ක තම්බි ඇන්ටිලා ගෙදරින් කෑම ගන්න "

ඔහු එසේ පවසා සිටියේ ඒ වෙනකොටත් හොස්ටල් එකේ සිටි වැඩි පිරිසක් තුන්වේලටම කෑම ගත් මහමෝදර රෝහල පිටිපස්සේ පිහිටි මුස්ලිම් ඇන්ටිකෙනෙක් ගේ නිවස ගැනයි. එක්දහස් නවසිය අසූගණන් වල අගභාගයේ සිට 2004 සුනාමියෙන් පසු මහමෝදර හොස්ටල් එක ඉවත්කරන තුරුම අපේ වෛද්‍යශිෂ්‍යන් වැඩි පිරිසකට කෑම දුන්නේ මේ තම්බි ඇන්ටිලා ගෙදරින්.

ඊට අමතරව උපුල් චන්දන නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ මාමාකෙනෙක් සහ හොස්ටල් එක පිරිසිදු කරන්නාගේ ගෙදරින් ඉතාම සුළු පිරිසක් කෑම ගත්තා . මට මතක හැටියට 13 කණ්ඩායමේ අය සහ තරමක් පොෂ් ගතියක් පෙන්නූ කිහිපදෙනෙක් තමයි මේ දෙන්නාගෙන් කෑම ගත්තේ . බහුතරයක් සිසුන්ගේ ආහාර පාන සැපයීමේ වගකීම දැරුවේ මේ මුස්ලිම් ඇන්ටී සහ ඇගේ පවුල විසින්.

හොස්ටල් එකට එන්නට පෙර මම කෑමගත්තේ කරාපිටිය වෛද්‍ය පීඨය අසල සිටි තරමක නගරං කාරයෙකු වූ හැන්ඩි අය්යාගෙන්.  "උඹලට ඕනෑනම් කෑම  එකක් ගනිල්ලා නත්නම් නිකං ඉඳපල්ලා , මම තමයි කරාපිටියේ චණ්ඩියා " යන ආදර්ශය පාඨයට කෑම විකුණූ හැන්ඩි ගෙන් පසු මේ මුස්ලිම් පවුලේ කෑම ගණුදෙනු කෙසේ වේ දැයි  යන සාධාරණ සැකයක් මා තුල හටගත්තා.

දුර බැහැර පළාත්වලින් පැමිණි අහිංසක ගැමි සිසුන් ලෙස අප දුටු පළාතේ බොහෝ මිනිසුන් අතර හැන්ඩි තවත් එක්කෙනෙක් විතරක් බවද අප වටහාගෙනයි තිබුණේ.

"හරි හරි මම  එහෙන් කෑම ගන්න කැමැතියි කොහොමද ඒ බව මුස්ලිම් ඇන්ටිලාට කියන්නේ ? "
ඇන්ටිත් හැන්ඩියා වගේම කෑම වෙලෙන්දෙක් වෙන්න ඇති යැයි සිතූ මම බුලත් ගෙන් විමසා සිටියා.
"වැඩි විස්තරයක් කරන්න ඕනේ නෑ උඹ අපිත් එක්ක අද රෑ ඇන්ටිලා ගෙදර කෑම කන්න යන්න වරෙන් . එතනදි අපි උඹව ඇන්ටිට අඳුන්වලා දෙන්නම්කෝ. "
.... යකෝ එහෙට ගිහිල්ලත් කෑම කන්න පුළුවන් ද? අපිට ඕන හැටියට බෙදා ගෙන?....... මම කල්පනාවට වැටුණේ අපේ හාදයන්ගේ බඩගින්නේ තරමට එහෙම කෑම දෙන්න ගියොත් මොනවායින් මොනා වෙයිද කියලයි.

මොනවද උඹකල්පනා කරන්නේ. අපි ඇන්ටිලාව මරාගෙන කනවා කියලා හිතුවද?

අපේ බඩපිරෙනකම් විතරයි බං අපි බත් කන්නේ .වැඩිම වුණොත් තුන් හතරපාරක් බත් බෙදාගයි නැද්ද මචං ? බුලත් තමා අසලම සිටි "වන්නකු " දෙසට හැරුණා.

මේ අතර 13 කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඇන්ටිලා ගෙදර කෑම පිරිසිදු නැති බවත් ඊට වඩා මිලෙන් තරමක් වැඩි වුණත් උපුල් චන්දන අංකල් ගේ කෑම හොඳ බවත් කැමති නම් චන්දන අංකල් ගෙන් කෑම ගන්න එක්වෙන ලෙසත් කියා සිටියා.

ඒ වෙනකොට මුස්ලිම් ඇන්ටී බුලත් ලාගෙන් මුලු මාසයටම කෑම සඳහා අය කරේ රුපියල් හයසිය පණහක් වැනි සුළු ගාණක් . චන්දන අංකල් එක කෑම පාර්සලයක් විතරක් දෙන්න ( ඔහු කෑමදුන්නේ දවල්ට පමණය රුපියල් පහළොවක් අයකරනවා.
රුපියල් දහසක් වූ මගේ මහපොළට    ගැලපුණු හොඳම තැන, ඒ වගේම විශේෂයෙන් රාත්‍රියට  බඩකට පුරා කෑමට ඉඩක් ලැබෙන තැන, මහමෝදර මුස්ලිම් ඇන්ටිලා ගෙදරින් කෑම ගන්නට මමත් තීරණය කලා.



ඒ දවස්වල මහමෝදර හොස්ටල් එකේ තිබුණේ අමුතු දිනචර්යාවක්.  හවස හත හතහමාර පමණ වන්විට  බුලත් , ජගත්, පියා ඇතුළු පිරිස මුස්ලිම් ඇන්ටිලා ගෙදර යන්නට ලැහැස්ති වෙනවා. ඒ ෆැකල්ටියේ සිට ආවාට පස්සේ තේ එකකින් එහෙම සප්පායම් වෙලා , බාත් රූම් එකට පැනලා වතුර ටිකක් එහෙම නාගෙන  රාත්‍රී ආහාරයට සූදානමින්

මේ අතරේ බොහෝ සැන්දෑ කාලවල හොස්ටල් එක පැත්තේ කැරකෙන තවත් චරිතයක් තියෙනවා. ඒ තමන්ගේ ඇඟේ අමාරුව යන්න  හොස්ටල් එකේ කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහන්න හෝ වොලිබෝල් ගහන්න එකතුවෙන කෙනෙක් .

අප හොස්ටල් එකට එන්නට බොහෝ  අප හොස්ටල් එකට එන්නට බොහෝ කලකට පෙර එහි සිට ඉවත්ව ගොස් ඒ වනවිටත් වෛද්‍යවරෙයෙක් ලෙස සේවය කල ඔහු තමයි  බෝනා අය්යා.

 හොස්ටල් එකේ සිටි සියළුම දෙනා  බෝනා අය්ය ගැන දන්නවා ඒ ක්‍රිකට ගහන්න , වොලිබෝල් ගහන්න එහෙමත් නැත්නම් ටේබල් ටෙනිස් හරි ගහන්න තමන්ව ඇදලා ගන්න ක්‍රීඩාවටම බර කෙනෙක් හැටියට

බෝනා අය්යා ආපු දවසට හොස්ටල් එකේ ඉන්න පහළ බැච් තුනේ කොල්ලෝ බොහෝ දෙනෙක් ක්‍රිකට ගහන්න හෝ වොලිබෝල් ගහන්න සෙට් වෙනවා.

හොඳටම කරුවල වෙනතෙක් සෙල්ලම් කරන බෝනා ඇතුළු ඔහුගේ ක්‍රීඩා නඩයත් ක්‍රීඩාවෙන් පසු නා පිරිසිදු වී  තම්බි ඇන්ටිලා ගෙදරට  රාත්‍රී කෑමට එක් රොක් වෙන එක සිරිතක්.

ඔන්න එදා හවස හතහමාර විතර වෙද්දී බුලත්ලා කට්ටිය මගේ කාමරේ ලඟට ඇවිත්  සද්දයක් දානවා .

"අඩෝ උඹ අද අපිත් එක්ක එනවා කිව්වා නේද? අපි දැන් යන්න හදන්නේ  තම්බි මරන්න . උඹත් එනවානම් වරෙන් . "

රෑට කෑම කන්න යන්න හිතාගෙන හිටියත් තම්බි මරන්න යන කථාවේ අගක් මුලක් තේරුම් ගත නොහැකි වූ මම

"මොකක්ද බුලත් අය්යා ඒ තම්බි මරණ කතාව ? "

 යැයි ප්‍රශ්නාර්ථයක් මතුකලා.

"ඇයි යකෝ ඕකවත් තේරෙන්නේ නැද්ද ?  අපේ එවුන්  එතන ගිහිල්ලා කන කෑමේ හැටියට තම්බි ඇන්ටිලා ඉතුරුවුණොත් නේ පුදුමේ . අපේ එවුන් එහේ ගිහිල්ලා කෑම කනවා කියන්නේ ඉතින් ඒ මිනිස්සු මරණවා වගේ වැඩක් තමයි බං"

දණි පනි ගා කලිසමක් සහ ටීශර්ට් එකක් දාගත්ත මම බුලත්, පියා සහ වන්නකු ඇතුළු කල්ලියට එකතුවුණා . අපි තවම හොස්ටල් එක ඇතුළේ එක පාරම අසල ඇති මුස්ලිම් පල්ලියකින් මහා දවසට හතර පස් සැරයක් ඇහෙන , ඔවුන්ගේ  දෙවියන් ගැන කියවෙන  අල්ලාහ් අක්බර් නම් වාක්‍ය ඛන්ඩය ඇහෙනවා.

ඊට අනුකූලව එහි හොස්ටල් එකේ පරිවර්තනය අප අසළ සිටි  බුලතා යටිගිරියෙන් ගායනා කරනවා " අය්යා අරන් පලෝ , අය්යා අරන් පලෝ.. අල්ලා හු අක්බර් .. අල්ලා..// අල්ලන්න එන්නේ .. අල්ල්ලන්න එන්නේ"  අල්ලා හු අක්බර් .. අල්ලා..//
බුලත්ගේ දේව කන්නලව්වත් අහගෙනම අපි මුස්ලිම් ඇන්ටිලා ගෙවල් බලා පිටත්වෙනවා.

මීටර් පන්සියයක පමණ දුරක් ගෙවා මහමෝදර -කරාපිටිය පාර අයිනේ පිහිටි කුඩා නිවසක් වෙත අප ලඟාවෙද්දි බුලතා සහ වන්නකු ඉස්සර වෙනවා.

ඒ අතරේ ආධුනිකයා වූ මට ඇන්ටිලා ගෙදර හැසිරෙන පිළිවෙල කියලා දෙන්නෙත් බුලතා විසින්.

"අපි ආව බව ඇන්ටිට ඇඟෙව්වාම අර මැද කාමරේ තියෙන මේසෙට කෑම ගෙනත් තියෙනව. එතකන් මෙන්න මේ සාලෙට වෙලා ඉන්නයි අපිට තියෙන්නේ.

අපි එනකොට කෑම  මේසේ කට්ටිය පිරිලා නම් උන්ටික කාලා යනකම් සාලෙට වෙලා ඉන්නයි තියෙන්නේ ,ඔය මිරානියා, රිස්වානා , ෆයාස්, මුෆාස් ලාට එහෙම විහිළුවක් කරගෙන."
ගොඩක් වෙලාවට ඔය යට තට්ටුවේ ඉන්න වයසක සින්නෝ ටික එහෙම කලින්ම ඇවිල්ලා කෑම මේසේ අල්ලාගන්නවා . උන්ටික ගිය ගමන් අපිට වැඩේට බැස්සහැකි .
බුලතා කිව්වා වගේම අප එහි යනවිටත් පහත මාලයේ කාමරවල සිටි අවසන්වසරේ සිසුන් කිහිපදෙනෙක් මුස්ලිම් ඇන්ටිලා ගෙදර කෑම ගනිමින් ඉන්නවා .

"ඇන්ටී මෙන්න අපි අළුත් යාළුවෙක් එක්කං ආවා . මෙයා අද ඉඳලා ඇන්ටිලාගෙන් කෑම ගන්නවා."

"ඒයි උඹට දවල්ට ෆැකල්ටි ගෙනියන්නත් කෑම එකක් ඕනෙනම් ඇන්ටිට කියපං එතකොට හෙට උදේ ෆයාස් අතේ කෑම එක කාමරේට එවයි  උදේ කෑම එක එවනකොටම "

එදා බුලත්ලා එක්ක මුල්ම කෑම වේලට මුස්ලිම් ඇන්ටිලා ගෙදර ගිය මම එදාසිට හැමදාම රාත්‍රී ආහරය ගන්න එහාට ගියා .

මාද ඇතුළුව අපේ හොස්ටල් මිතුරන් බත් පිඟන් , හරක්මස් දීසි , මාළු දීසි හිස්කරන වේගය දෙස බැලු ඕනෑම කෙනෙකුට අපට කෑම දී තම්බි ඇන්ටී නොමැරී ඉතුරුවුණොත් ඇති යන හැඟීම ඇතිවෙනවා නියතයි .

ඒ වගේම පසු කාලෙක තම්බි ඇන්ටිගේ මහත්තයා කුවේට් බලා යද්දී අපේ කොල්ලෝ තවත් කතාවක් හැදුවේ "ඔන්න අපිට කන්න දෙන්න සල්ලි හොයා ගන්න බැරුව ඇන්ටී අන්කල් රටයවලා" යනුවෙනි