පසුගිය කළාපයෙන්
මේ කියන්නේ 1989 වසරේ මැද භාගය ගැනයි. මේ වන විට මම අපොස උ.පෙ පන්තියේ ඉන්න කාලයයි. එළවලු වගාවට අමතරව දෙමල ඉස්කෝලේ විද්‍යා පංතියත් , ජිනදාස මාමලා ගෙදර පංතිත් කලේ මේ දිනවලයි.
දෙමළ ඉස්කෝලේ පංතිය සහ ජයංගනී නංගි.
දෙමල ඉස්කෝලේ පංතියට අපේ ගෙවල් තිබු මල්දෙණිය පැත්තෙනුත්, චමින්දලා ගෙවල් තිබු කිරඹ ඔය පැත්තෙනුත් සිසු සිසුවියන් 10-15 ක් පමණ පැමිණියහ.
මේ අය අතර චමින්දගේ මල්ලි කුමාර සහ අපේ ඇතිමලේ බාප්පලා දුවලා දෙන්නාද වුහ. මම බාප්පලා නංගිලාගෙන් මුදල් අය නොකලෙමි.
අනෙක් අයගෙන් අය කල පංති ගාස්තුව වුයේ මසකට රුපියල් 25 කි.
මේ සිසු සිසුවියන් අතරට මල්දෙණිය පැත්තෙන් පැමිණි සුවිශේෂී අක්කා නගෝ දෙදෙනෙකි. ඒ අයත් ඇතිමලේ නංගිලා දෙදෙනා සමගම අරලගංවිල සුජාතාවට ගිය අය අයයි.
වැඩිමහල් නංගි ඉන්ද්‍රා ලාලනී හිටියේ ඇතිමලේ ලොකු නංගිගේ පන්තියේමය. ඒ අතර පොඩි නංගි ජයංගනී සිටියේ ඇතිමලේ පොඩි නංගි රන්දුගේ පන්තියෙයි.
මේ දෙදෙනා බෝනික්කියන් දෙදෙනෙක් වැනි යැයි අපේ ගමේ කොල්ලෝ කොච්චර වත් කියනු මට ඇසී තිබේ.
එමෙන්ම කොල්ලෝ මේ දෙදෙනාගේ තාත්තා වූ ජයරත්න අය්යාටද නමක් පට බැඳ තිබුනා මතකය.
ජයරත්න අය්යාට වැඩිවිය පැමිණි දුවලා දෙදෙනෙක් සිටියද ඔහු ගමේ කොල්ලෝ හැම එකෙකුටම මල්ලී කියා අමතන්නට පුරුදු වී සිටියේය.
වෙනෙකක් තබා ඔහුත් ඔහුගේ බිරිඳත් අපේ අම්මාට හා තාත්තාට ආමන්ත්‍රණය කලේ ද මාමා හා නැන්දා යනුවෙනි,
ගුරුවරියක වූ ඔහුගේ බිරිඳට අපි කිව්වේ විමලා අක්කා ( ඇයගේ නමත් අපේ අම්මාගේ නමමය ) කියලයි.
මේ ආමන්ත්‍රණ එසේ තිබුනද ජයරත්න අය්යාට ගමේ කොල්ලෝ " අය්යා මාමා " කියා කිව්වේ ඇයි දැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැක.
හේතුව ඔහුගේ දියණියන් දෙනෙනායි.
මගේ පන්තියට ආ ඔහුගේ දුවලා ඇමතීමට " අය්යා මාමගේ ලොකු දුව සහ පොඩි දුව "යන යෙදුම ගමේ ගැටවරයින් අතර නිතර භාවිතා වුයේ එබැවිනි..
ගමේ කොල්ලෝ බොහෝ දෙනෙක් මේ දෙදෙනා ගැන උනන්දුවෙන් පසු වුවද ඒ වනතෙක් කිසිවෙකුටත් ඔවුන්ට ලං වන්නට හැකි වී තිබුනේ නැත.
එහෙත් කවිඳු ජයසිංහ ට නම් දෙන දෙය්යෝ ගෙදර ළඟටම කට්ටිය ගෙනත් දී තිබුණි .
හැබැයි ඒ ගුරු ගෝල සම්බන්ධයක් සඳහා පමණි.
සති කිහිපයක් පංතිය කරගෙන ගියෙමි.
කිසියම් හේතුවක් නිසා විමලා අක්කා තම ලොකු දුව ගණිතය විෂයට පමණක් එවන්නට තීරණය කලාය.
එහෙත් ඇය පොඩි දුව ජයංගනී පංති දෙකටම සහභාගී කලාය. ඒ අනුව විද්‍යාව ඉගැන්වූ මට මුණ ගැසුනේ ජයා නංගි පමණි.
සුරේඛා අදහසද පහව ගොස් තිබුණි. මල්දෙණියේ කොල්ලෝ එකෙක් දෙන්නෙක් නොව කිහිප දෙනෙක්ම අය්යා මාමාගේ දුවලා මගේ පංති පැමිණීම ගැන මට මතක් කර දුන්හ.
ඒයි කවිඳු " අර බෝනික්කි ඔයාගේ පංති එනවා නේද ?" දවසක් අපේ ලොකු තාත්තගේ පුතා ශ්‍රියන්ත මගෙන් ඇසුවේය.
" බෝනික්කි..? ඒ කවුද? ඇයි අය්යා මාමාගේ පොඩි දුව? " ශ්‍රියන්ත කියන්නේ ජයංගනී ගැනයි.
ඔයින් මෙයින් මගේ ඇස පංතියට එන ජයංගනී දෙස වැඩි පුර යොමුවෙන්නට පටන් ගත්තේය..
මේ අතර ඒ පන්තියටම කිරවනබිස්සේ සිට පැමිණි ලක්ශේ මල්ලී සහ අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටි ස්වර්ණපාල මල්ලිගේ ඇසුත් ඈ දෙසටම යොමුවනු දුටුවෙමි.
දිනක් චමින්ද සහ සුරාජ් හමු වූ මා සිද්ධිය ඔවුන්ට පැහැදිලි කලෙමි.
ඔවුන් දෙදෙනාගේම අදහස වුයේ තවත් ප්‍රමාද කල හොත් පසුතැවෙන්නට සිදු වනු ඇති බවයි.
මම ගුරුවරයෙක් ලෙස මගේ සිසුවියට ආදරවන්තියක් වෙන්නැයි ඉල්ලන් නේ කෙසේදැයි දහ අතේ කල්පනා කලෙමි.
අපහසුව චමින්දටත් දැනුම් දුන්නෙමි.
ත්‍රි පුද්ගල කමිටුව ඉතා වැදගත් සාකච්චා වට කිහිපයක්ම මේ වෙනුවෙන්ම වැය කලා මතකය.
චමින්දගේ කපුකම
කමිටුවේ අවසන් තීරණය ඉදිරිපත් කලේ චමින්ද විසිනි.
" කවිඳු ඔහොම බය වෙලා කොහොමද බන් " " උඹට ඇත්තටම එයා යාළු කර ගන්න ඕනෙද.. ? "
"හරි මම කරන්නම් වැඩේ මේ සෙනසුරාදා කෙල්ල පංති එයි නේද?"
"නැති වෙන්න හේතුවක් නෑ. "
යටි හිතේ සතුට , බිය සහ කුකුස මිශ්‍ර වූ තත්වය පිටට නොපෙන්වමින් මා පැවසුයෙමි.
සෙනසුරාදාට උදා විය. මම සුපුරුදු ලෙස පන්තියට ගියෙමි. ජයංගනී පමණක් නොව ස්වර්ණපාල, ලක්ශේ , රන්දු ඇතුළු බොහෝ දෙනෙක් පංතියට පැමිණ සිටියහ.
කොල්ලෝ කෙල්ලෝ දෙමල ඉස්කෝලේ මිදුලේ කතා කර කර සිටිති. චමින්දයා එනවා නම් හොඳ වෙලාව දැන් ය.
චමින්දයෙක් පෙනෙන තෙක් මානයක නැත. මම ආයුබෝවන් කියා පාඩමට බැස්සෙමි.
ප්‍රභා සංස්ලේෂණය එදා මාතෘකාව යි. හිරු එලිය, කාබන්ඩයොක්සයිඩ් වායුව ආදී සංඝටක ගැන කියමින් පසු වූයෙමි.
මේ වනවිට චමින්ද එනවා ඇත්තේ පංතිය අවසාන වෙන වෙලාවට විය යුතුයි කියා සිතාගෙන සිටියෙමි.
" මචං කිටී.. කියාගෙන චමින්දයා පංතිය මැදට කඩා පැන්නේ මේ අතරයි"
කොල්ලෝ කෙල්ලෝ යමක් ඉව වැටුන ගතියක් පෙන්වුයේ එකිනෙකා සමග කුටු කුටු
ගෑම ආරම්භ කරමිනි.
" මට මේ නංගිට පොඩ්ඩක් කතා කරන්න ඕනෑ.." චමින්ද පැවසුයේ ජයංගනී දෙසට අත දිගු කරමිනි.
"නංගි පොඩ්ඩක් එලියට එන්න." චමින්ද කියයි. කියනකම් සිටියා වාගේ සිටි ජයන්ගනී ද සැනෙන් එලියට ගියාය.
සසල වූ සිතින් වුවත් කිසිත් නොවූ පරිදි පංතිය කරගෙන ගියෙමි. විනාඩි කිහිපයක් චමින්දගේ බණ අසමින් සිටි ජයා නංගි බීම බලාගෙන විත් පංතියේ වාඩි වුවාය.
කිසිත් නොවූ පරිද්දෙන් දිනයේ පාඩම අවසන් කලෙමි.
"කවිඳු අය්යා එන්නැද්ද අපිත් එක්ක යන්න " ස්වර්ණපාල මල්ලි අසයි.
සාමාන්‍යයෙන් මා ආපසු ගෙදර යන්නේ එහා ගෙදර ස්වර්ණපාල මල්ලිත් සමගය.
"නෑ මල්ලිලා යන්න මම අද සිරිමල්වත්තට ගිහිල්ලා එන්නේ"
මම කිවේ චමින්දලා ගෙදරටත් ගොඩවී යන්නට ඇති නොනිත් ආශාව සඟවා ගෙනයි.
ළමයින්ට ආපහු ගෙවල් බලා යන්න හැරි මා ඩන්ලොප් වත්තෙන් පැන පිම්මේ දුව ගියේ මගේ සගයින් දෙදෙනා වෙතයි.
" ඔය එන්නේ මනමාල සර්" "දීපන් අපිට මොනවා හරි"
චමින්දයා කල වැඩේට තෑගි ඉල්ලන්නේ වෙන කවුරුත් නොව අපේ බණ්ඩාය.
ඉතින් කියපන් මොකද වුනේ? මම චමින්ද දෙසට හැරුනෙමි.
"වැඩේ හරි යයි වගේ " "ටිකක් ඉවසපන්කෝ "
."..කියපන් කියපන් උඹ මොනාද එයාට ඔච්චර වෙලා කිව්වේ ? "
නොඉවසිල්ලෙන් සිටි මා ඇසුවේ චමින්ද ගේ හැටි දන්නා නිසාය.
" අපේ කිටී ගැන මම වග කියනවා.. මිනිහ ඔයා අමතක කරොත් මම බලාගන්නම් ...
ඔන්න නංගි ඔයාගේ වචනේ අකුරටම රකින්න බලා ගන්න ඕනේ.. "
චමින්ද මහදෑනමුත්තෙකු වගේ කියා තිබුනේ එදා ගැන නොව අපේ ඉදිරි අනාගතය ගැනය..
Best selection
Best selection කියා කීවේ මේ යුවතියට වත් දෝයි ඔබ සිතන බව මම දනිමි. එය ඊළඟ පොස්ටුවෙන් හෙළි කරන්නෙමි.
එතෙක් මේ ගීතය ඔබට බෙස්ට් සිලෙක්ෂන් එක ගැන යම් අදහසක් ලබා දෙනු ඇත.
1. මගේ සිත පිරී තිබෙන්නේ.
ඊළඟ කොටස-- මෙන්න මගේ පළමු බෙස්ට් සිලෙක්ෂන් එක
කෝ බං සින්දුව..බලාගෙන ගියාම චමින්දයා අපි හැමෝටම කපු කම් කරලනේ..ඕකා ඔය වැඩේට මාර දක්ෂයා..අහපංකො උගෙන් මගේ බිරිඳගේ ගෙදර ගිය පලමු දවසේ විස්තර...මට තාම මැවිලා පේනවා...
ReplyDeletechaminda assign you to teach computer. But you teach but nothing in computer...
Deleteඔය එන්නේ තව තව විස්තර අපේ මෑන්ස් ගේ වැඩ ගැන. සොරිවෙන්න ඕනෙ කලින් සින්දු ලින්ක් එක වැඩ කරන්නේ නෑ නේද? දැන් බලන්න..
ReplyDeleteගුරු ගෝල මෙව්වා එක කරන්න ගිහින් ගමේ ගෑනු රෙදි උස්සගෙන ආවේ නැත්තම් එච්චරයි... ඔව්ව චරිත සහතිකේ කෙස් ගහෙන් මිස් වෙන අවදානම් වැඩ අප්පා ..
ReplyDeleteඒක එච්චර බරපතල ප්‍රශ්නයක් නොවුනේ කවිඳු කියන චරිතයට ගමේ පුදුම පිළිගැනීමක් තිබුණ නිසා වෙන්න ඕනේ.. ඔය අය්යා මාමා කියා කියා බෝක්කු උඩ හිටපු කල්ලි වලට අපි කෙලින්ම සම්බන්ද වෙලා හිටියේ නෑ.. ඉස්කෝලේ ඇරලා යන ගමන් පොඩ්ඩක් ඒ කොල්ලෝ කල්ලියට කථා කරලා මාරු වෙනවා.. ඇත්තම කියන්න ඒ සම්බන්ධය අවුරුදු පහක් ඇදගෙන ගිහිල්ලත් ගමේ හොඳම චරිත සහතිකයක් කවිඳුට තියෙනවා... ඉතිරි කොටස් කියවන්න ගමේ ගෑනු ප්‍රතිචාර දැක්වූ හැටි බලන්න...
ReplyDelete