මේ කියන්න යන්නේ මට සිදු වූ ඇබැද්දියක් සහ ඒ ඇබැද්දිය නිසා මම සූපවේදියෙක් වුණ හැටි ගැන කතාවක්.
දිනය 2014 අගෝස්තුමාසේ දිනයක්. මේ වෙනකොට මම අපේ පළමු නිවාස ව්‍යාපෘතියට බැහැලම වැඩ.
ඒ මදිවට වැඩ කළේ නිවසේ සිට කිලෝමිටර් 200 ක් දුරින් පිහිටි රෝහලක.
සතියට දෙවතාවක් විතර ගෙදර එන මම ආපු වෙලේ ඉඳන් කරන්නේ පරිගනකය ලඟට වී නිවාස ව්‍යාපෘතිය ගැන ලියන එක හෝ මුහුණු පොතේ මිතුරන් මිතුරියන් ඊට උනන්දු කරවන එක
මේ අතර සමහර "මිතුරියන්" ව්‍යාපෘතියට උදව් කරන අතරම මගේ ගුණ වයමින් බ්ලොග් වල හෝ මුහුණු පොතේ කමෙන්ට්ස් එහෙමත් දානවා.
කලින් කියන්න බැරි වුණා මම මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කලු සහ අලෙක්ස් පවුල වෙනුවෙන් අපි පටන් ගත් නිවාස ව්‍යපෘතියට මිනිස් රැස් කර ගන්න
මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි නිම්මි ටිකෙන් ටික මගේ සමාජ සේවා වැඩ ගැන කළබල වෙනවා.
ඇයි යකඩෝ කොයි නෝනද කැමති තමන්ගේ මහත්තයා කලාතුරකින් ගෙදර ඇවිත් මුහුනට මුහුන හමුවී නැති මිනිස්සුන්ට ගෙවල් හදන්න ස්යිබර් අවකාශයේ හමුවු එවැනිම නොදුටු මිතුරු මිතුරියන් ඇසුරු කරමින් කල් ගෙවනවාට.
මේ කලබළ ගතිය නිසාම මේ කියන දවසේ
"මට බෑ අද උයන්න . පුලුවන් විදිහට කෑම හදාගෙන කන එකයි තියෙන්නේ .කොච්චර වත් අහක ඉන්න මිනිස්සු ගැන හොයනවා. ගෙදර ඉන්න මිනිස්සු ගැන වගක් නෑ"
කියමින් එදින මගේ දවල් ආහාරය පිලියෙල නොකල නිම්මි කාමරයට වි සිටියා.
මේ වෙනකොටත් වාද විවාද කොට සිටි මම
" මම ආශ කරන දේවල් තමයි මම කරන්නේ.
මේ ගෙදර හදන වැඩේට මම ආශයි. ඒවට භාදා කරන්න එපා "
යැයි කියමින් ඇය තව තවත් තරහා ගන්වලයි තිබුණේ.
......දැන් ඉතින් මොනවා කරන්නද?
පුලුවන් විදිහකට මොනවා හරි හදනවා......
රයිස් කුකර් එකේ බතක් ගැසු මම ශීතකරණය ඇරියේ මොනවා හරි එක එලවලුවක් හදනවා යැයි සිතමින්.
අතට අහුවුණේ ලොකු ගෝවා බෑයක්.
අද අලුත් ක්‍රමෙකට ගෝවා එකක් හදන්න ඕනේ .. මම වැඩ පටන් ගත්තා.
මෙන්න මේවා තමයි මම යොදා ගත් දෙවල්
1. හොඳින් කොල තද වුණ ගෝවා බෑයක්
2. හොඳට ඉදුනු තක්කාලි ගෙඩියක්
3. ලොකු රතුලූණු ගෙඩියක් (රතුපාට බී ලුණු ගෙඩියක් )
4. සුදුලූනු, කරපිංචා,අබ ,අමු මිරිස්, උලුහාල්, කහ සහ ගම්මිරිස් කුඩු
5. උම්බලකඩ ස්වල්පයක්
මුලින්ම අපේ අම්මා කියන "ගොන්කුට්ටි වගේ" සයිස් එකට ගෝවා කෑල්ල කපා ගත්තා.
ඊට පස්සෙ තක්කාලි, ලූනු ආදියත් මේ විදිහට කපා ගත්තා.
කපාගත් ගෝවා එකට කහකුඩු යහමින් එකතු කලා, ගම්මිරිස් කුඩු ස්වලපයකුත් උම්බලකඩත් ඒකටම දැම්මා.
මේ අතරේ තක්කාලි, අම්මුමිරිස්, ලූනු සහ සුදුලූනු වෙනම තියා ගත්තා.
ෆ්‍රයින් පෑන් එකක් අරන් යහමින් තෙල් දමා රත්වෙන්න තිබ්බා.
හොඳට රත් වු තෙල් එකට "චෝස්" යන චයිනිස් හඬ එන පරිදි තක්කාලි, ලූනු , අමු මිරිස් සහ කරපිංචා මිශ්‍රණය එකතු කලා.
හැන්දක් අරන් මිශ්‍රණය එහා මෙහා කරන අතරේ ගෝවා ටික ලිප ලඟට ගත්තා.
විනාඩි දෙකක් පමන තක්කාලි මිස්‍රනය බැදුණු පසු ගෝවා ටික ඒකට එකතු කලා.
තව විනාඩි පහක් පමණ ගෝවා ටික හැන්දෙන් එහා මෙහා කරමින් තැම්බෙන්න තිබ්බා.
අවසානයේ නියම ගෝවා බැදුමක් එක්ක බත් කෑවා.
ටික වෙලාවකට පසු කුස්සියට පැමිණි නිම්මී මගේ ගෝවා එක සමඟ බත් කනවා දැක්කත් එහි ගුණ අගුණ එදා දැන ගන්න බැරි වුණා.
"ඒයි අර වගේ ගෝවා එකක් හදන්න කෝ ආයෙත්"
කියමින් ඈ මගේ සූප සාස්ත්‍රය වර්ණනා කලේ මම ඊලඟ වතාවේ නිවාඩු ආවහම.
මේ තියෙන්නේ ඒ මගේම රෙසිපියට ගෝවා එකක හදන හැටි . මේක හැදුවේ 2017 පෙබරවාරි 28වෙනිදා
ෂැහ්, ගෝවත් කෑමක් ද?
ReplyDeleteඅන්න ඒකට පරිප්පු.
අපි කන්න ආසම පරිප්පුනේ. මම පරිප්පු ක්‍රම කිහිපයකට හදනවා. ක්‍රමේ ලියන්නම් කෝ වෙලාවක
Deleteඔය ගොං කුට්ටි සයිස්සෙකට ගෝවා කපලා උයන්න අපිටනං කවදාකවත් වෙන්නේ නැත. අපි ගෝවා උයන්නට පෙර කොලෙං කොලේ ගලවා අධිසැර වතුර පාරට අල්ලා, ගැඹුරු දියේ ගිල්ලා හුස්ම හිරකර ගෝවා ගෙඩිය නොමරා මරනවා නොවැ. නැත්තං කොහොමද ඒවයෙ අස්සෙ තියෙන පෝර, බෙහෙත්, සත්තු, මඩ ආදිය අයිං කරන්නේ. ඒ හංදා ලංකාවෙ වගාකරපු ගෝවා ගෙඩ්ඩකිං මේ කෑම හදන්න බැරිවෙයි. හැබැයි ඉතිං අපේ ගෙදර නං ඔය කෑම අද හෙටම හැදෙන්නත් පුළුවං.
ReplyDeleteඒ කියන්නේ සුරංගටත් හාමිනේගෙන් රතු එළියක් වැටිලද? හි හි
Deleteහැක්.. හැක්... මට හිතුන බළල් තඩියත් ලං කොරගෙන මොනිටරේ අස්සෙ ඔළුව ගහගෙන ඉන්නකොට.
Deleteකතාව ඇත්ත සුරංග අපේ රටේ ගෝවා ගෙඩි මෙච්චර තද වෙන්නේ නැතිදත් මන්දා. ඒ ගෝවා ගෙඩි අස්සට සේවලයෝ එහෙම කොහොම හරි රිංගාගෙන ඉන්නවානේ.. අපේ කට්ටිය බෙහෙත් එහෙම වුනත් නාවනවා අස්වනු නෙලන්න ඔන්න මෙන්න කියලත්.. මට මතකයි අපි එළවලු හදන කාලේ අපේ ගමේ කට්ටිය වැහි කාලෙට තක්කාලි අමුවෙන් කඩලා ගෙදර තියෙද්දිත් අන්ට්‍රකොල් කියන දිලීරනාශකය ගහනවා තක්කාලි ඉදෙන්න කියලා
Delete//ඒ කියන්නේ සුරංගටත් හාමිනේගෙන් රතු එළියක් වැටිලද?// නෑ. නෑ ලිඛිතා මම මුහුණු පොතේ දැක්කා සුරංගගේ හාමිනේ ( චුටි මැණිකේ ) මගේ ක්‍රමේට තක්කාලි ඇඹුලක් හදලා තියෙනවා. මං හිතන්නේ මේ ගෝවා එකත් හදලා බලන්නයි යන්නේ.
Deleteඅල වගෙනං නෙමෙයි ගෝව. හැක්..
ReplyDeleteබුකියෙ හිටියයි කියල නරකක් වෙලා නෑ එහෙනං.
ඔය සුදුළූනු කපන්න ඉස්සෙල්ල බික පිටිංම පිහිතලෙන් තලාගෙන කැපුවනං රස වැඩියෙන් ලැබෙ බවයි ප්‍රවීන සූපවේදීන් ප්‍රකාශ කරන්නෙ
බුකියේ හිටියොත් ඉතිං ඔහොම දේවල් ම තමයි කඩා පාත් වෙන්නේ පරිස්සම් නොවුණොත්. අපි ලැජ්ජා භයට හැදිච්ච කොල්ලෝ හිංදා හොඳයි.
Deleteඔව් ඔව් මමත් අහලා තියෙනවා ඔය ප්‍රවීණ සූපවෙදින් සුදුළූනු තලලා ගන්නවා කියලා . මම පරිප්පු තෙම්ප්රාදුවක් හදන කොට සුදුළුණු තලලා දානවා තෙලට
Deleteමට ඕක කියලා දුන්නේ අපේ බැංකුවේ අයියා කෙනෙක්. පීටර් කුරුවිටත් ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්නේ. මම විශ්වාස කරන විදියට පිහියෙන් කාපුවම ඒවායේ කෙළවරවල් තද වෙලා රසය නැති වෙනවා. පරාටා සමහරු අතින් කඩලා කන්නේ ඒ හේතුව හින්දා වෙන්න පුළුවන්, පීටර් කුරුවිට කරපිංචා දාන්නෙත් අතින් පොඩි කරලා. අර කෝච්චියට අහු වුණාම ළේ එන්නේ නෑ වගේ, පිහියෙන් කාපුවම රසය එලියට එන්නේ නැතිවා වගේ.
Deleteඒ අරවට කියන්නේ ලොකු රතුළුණු නෙවෙයි බී ළුණු නැත්නම් ලොකු ළුණු කියල..
ReplyDeleteඅපි ගෙඩි ගෝවා කන එක අත ඇරලම දැම්ම.. ඔය උඩින් සුරංග කියල තියෙන බෙහෙත් කේස් එක නිසා..
https://en.wikipedia.org/wiki/Red_onion
Deletehttps://en.wikipedia.org/wiki/Shallot
Deleteස්තුතියි ප්‍රා ජේ. ලොකු බි ලුණු හැබැයි රතුපාට ඒවා . මෙහේ සුදු පාට බි ලුණුවගයකුත් තියෙනවා මෙලෝ රහක් නැති.
Deleteඒ කියන්නේ ඒ විදියටත් චෙෆ් ලා බිහිවෙනවා..
ReplyDeleteඋඹේ කතාව කියෝලා ඉවරවෙන කොට මට පොඩි ප්‍රශ්නයක් නැගුනා බන්..
ඒ කියන්නේ මේකයි...
පත්තර කොලේ ඇරෙන්න අනිත් හැම කොලෙන්ම විකාර කෑම හදන පබිලිසා කොහොමද චෙෆ් කෙනෙක් වුනේ..
ඌ හදාපු පලවෙනි කෑම එක මොකක්ද?
ඔව් ඔව් "ට්‍රයල් ඇන්ඩ් එරර්" තමයි ක්‍රමේ.. පබිලිස් ගොය්යත් ඉගෙන ගත්තේ එහෙමයි කියලා තමයි මට හිතෙන්නේ.. මනුස්සයා හදපු පමුවෙනි කෑම මොකක්ද කියන එක නම් අහලා බලන්න වටිනවා
ReplyDeleteආවා මමත් මේ පැත්තට කඩිමුඩියේ
ReplyDeleteකෑව වගේ රහ කෑමක් පෙනි පෙනියේ
ගෝවා කන්න අකමැති මුත් මා දිවියේ
කීවා මෙලෙස රහ බේරෙයි මේ ලිපියේ.......
ජයවේවා!!!
ස්තුතියි .. නියම කවිය...
Deleteඑබිලා මගේ බ්ලොග පැත්තේ බැලූවොතින්
ReplyDeleteපිරිලා තියෙන කවි බැලුමට හැකිය ඉතින්....
ගිය මුත් ඒ පැත්තේ එබෙන්න සිතා ගෙන
Deleteපැය ගණනක් ම ගත කෙරුවා " දුමී" ළඟ
පිරිමි උයන කෑම රස වෙන්නේ, ලෝබ නැතිව අඩුම-කුඩුම දාන නිසා. හැබැයි අර ඔයා උයන කෑම රසයි කියන එක පොඩි ඇමක්. කෑවොත් කෑවා. කොයි කෙනා වුණත්, දිගටම උයන්න ගත්තම අත් ගුණේ එනවා. නෝනා කම්මැලි වෙනවා.
ReplyDelete