මෙතෙක් කතාව .... (පසුගිය කලාප වලින්)
1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්
2. පුවක් බාස් දෙවන කොටස
3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස
4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී
5. ගම නැගුම - පළමු කොටස
6. ගම නැගුම දෙවන කොටස
7. ගම නැගුමෙන් මග නැගුමට
8. මග නැගුම - දෙවන කොටස
සමථ මණ්ඩල සාකච්චාවෙන් අනතුරුව පියතිලක මාමා තම වත්තේ පුවක් බාස්ලා ගෙවල් පැත්තේ අයිනෙන් නිම්මිලාට පාරක් දෙන්නට පොරුන්දු විය.
එය අප ඉල්ලා සිටි පරිදි අඩි හයක පාරක් නොව අඩි තුනක පාරකි. මෙය නිම්මිලා අම්මාටනම් ලොකු ජයග්‍රහණයක් සේ පෙනුණි.
එහෙත් ලෙනදොර මල්ලී මෙන්ම ගෙදර අනිත් අයත් අළුතින් පාරේ ගණුදෙනු වලට සම්බන්ධ වූ මමත් අඩි තුනේ පාර දුටුවේ වැඩකට නැති දෙයක් ලෙසයි.
හේතුව එය ගෙදරට වෑන් එකක් නොව ත්‍රී විලරයක් වත් ගේන්නට තරම් ප්‍රමාණවත් නොවීමයි.
මෙසේ හිතේ අමාරුවෙන් දිනය ගත කල ලෙන්දොරත් මමත් කල කී දේවල් අසා සිටියේ පුවක් බාස් , ගනේවත්ත ඇතුළු අපේ පොල් වගා කල්ලියයි.
සුපුරුදු ලෙස දවස අවසානයේ රැස්වීම සඳහා පුවක් , ලෙනදොර සහ මා රැස් වුයේ නිම්මිලා වත්තේ උඩහ කොටසේය.
මේ වන විට පුවක් අපේ පාර ගැන අපටත් වඩා උනන්දුවකින් පසු වුවා කීවොත් නිවැරදිය.
"අද උදේ මොකද වුණේ? පියතිලක අය්යා ඉඩමෙන් පාරක් දෙන්නම් කිව්වද ?" පුවක් අපෙන් විමසා සිටියේය.
"මොන පිස්සුද ? මිනිහා අඩි තුනකට වඩා අඟලක් වත් වැඩියෙන් දෙන්න කැමති වුණේ නෑ.. " ලෙනදොර කීවේ බලවත් කණසල්ලකිනි.
"ඉතින් ඒ පාර ලකුණු කර ගන්නනේ තියෙන්න ?"
"වැඩක් නෑ.. අඩි තුනක් ලකුණු කරගෙන මොනවා කරන්නද ? " මම පිළිතුරු දුන්නෙමි.
"දැන් කොයි පැත්තෙන්ද පාර දෙන්නේ ? ඩිංගිරි බන්ඩේ අය්යලා පැත්තෙන්ද නැත්නම් අත්තනායක ගේ ඉඩම පැත්තෙන්ද ? "
පි. බී . ඉතා උනන්දුවෙන් විමසා සිටියේය.
"ඩිංගිරි බන්ඩේ ලා පැත්තෙන් නෙවෙයි අනික් පැත්තෙන් .. අර පුංචි ත්‍රිකෝනේ වගේ ඉඩම් කෑල්ල කාගේද අත්තනායක ගේද ?"..
මා විමසා සිටියේ නිම්මිලා ඉඩමත් , පුවක් බාස් ගේ ඉඩමත් සහ කක්කුට්ටා ( පියතිලක මාමා ) ගේ ඉඩමත් අතර තිබු කුඩා ඉඩම් කෑල්ල ගැනයි.
"ඔව් .. ඔව් .. ඒක අයිති අත්තනායක ට තමයි .."
"අය්යා ඔය අත්තනායක නේ අර වෙලට උඩ පැත්තේ ගෙදර ඉන්නේ.. මිනිහා පෙන්ෂන් ගිය පොලිස් කාරයෙක් නේ "
ලෙනදොර ගම රට ගැන තමා දන්නා තොරතුරු මට ඉදිරි පත් කළේය.
"මේකයි වැඩේ ඔය අඩි තුන පියතිලකගෙන් අරගෙන ඉතිරි අඩි තුන අත්තනායක ගේ පැත්තෙන් ඉල්ලන්න බලමු.. පොඩි ගානක් වියදම් වුනත් කමක් නෑ නේ.. "
පුවකා මේ ත්‍රිකෝණාකාර ඉඩමෙන් අපට ඇති වැදගත් කම පැහැදිලි කර දුන්නේය.
ඒ අනුව සාකච්චාවේ අවසාන ප්‍රතිඵලය වුයේ පසුදා උදැසනම කක්කුට්ටාගේ අඩි තුනේ කොටස නූල් ගසා වෙන් කර ගැනීමට අප දෙදෙනා එකඟ වීමයි.
එමෙන්ම ඉන් අනතුරුව අත්තනායක හමුවී සුළු ගණනක් ගෙවන පොරොන්දුව පිට ඉතිරි අඩි තුන ඔහුගේ පැත්තෙන් ඉල්ලන්නටත් අප තීරණය කළෙමු.
අදහස පුවක් බාස් ගේය . ක්‍රියාවට නගන්නනේ ලෙනදොර , මා සහ නිම්මිලා අම්මාය.
විය හියදම් සියල්ල මගේ පොකැට්ටුවෙන්නය.
දිය යටින් ගින්දර
මේ වන විට ඩිංගිරි බන්ඩේ මාමා ගමේ හැම තැනම යමින් නිම්මිලා ගෙදරට පාරක් නොලැබෙන තැනට කටයුතු කරන බව අප දැන සිටියෙමු.
ඒ පුවකාගේ නොමඳ සහය ඇතිව අපට ලැබෙන බුද්ධි අංශ වාර්තා නිසාමය.
පුවකා කියන පරිදි ඩිංගිරි බණ්ඩා අපට ඔහුගේ ඉඩමෙන් පාර නොදුන්නට අමතරව පාරක් ගත් හැකි අනික් ක්‍රම වලටද අකුල් හෙලන තත්වයකට පත් වී සිටියේය.
ඒ මෙවැනි ගම් වල සිටින බොහෝ දෙනා කරන පරිදි උඩින් අපට පුතේ කියා කතා කරන අතර යටින් ගින්දර අවුළුවමිනි.
මේ වන විට අපි පාරේ පහළ කොටස හදන හැටි සාකච්චා කරමින් සිටියෙමු.
එය නිම්මිලා කුඹුර මැදින් ඇති ඇල දිගේ පුවක් ලා ගෙවල් දෙසට ගෙන එන්නට අදහස් කරගෙන සිටියෙමු.
එහෙත් ඒ අදහසද ඩිංගිරි ගේ අනුමැතියට යොමුකළ යුතු වුයේ ඔහුද නිම්මිලා අම්මාගේ කුඹුරු කෑල්ලේ හවුල් කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් වූ බැවිනි.
ඩිංගිරි දිය යටින් ගින්දර ගෙන යන්නෙකු බව වටහා ගත් මා ඔහුගේ අය්යා හමුවී කුඹුරේ කතාව කියන්නට තීරණය කලෙමි.
නිම්මිලා "සුදු මාමා " ලෙස හැඳින්වූ ඔහු එකල අරණායක ප්‍රාදේශීය සභාවේ ලේකම් ලෙස සේවය කල අයෙකි.
සුදු මාමා සහ මා අතර ඇති වුයේ මෙවනි කතා බහකි.
" මාමා අපි ගෙදරට පාරක් ගන්නයි යන්නේ .. මාමලා මල්ලිගෙන් ඉල්ලුවා දෙන්න බැහැ කිව්වනේ "
"ඔව් ආරංචියි .. ආරංචියි .. ඔය මනුස්සයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ අපේ උඩහ තියෙන රබර් ඉඩමටත් ඔය වැඩෙන් වාසියි කියලා."
" ඒක තමයි සුදු මාමා මමත් කියන්නේ"
"කොහොම හරි අපි දැන් ඒ පැත්තෙන් පාර නොගෙන කුඹුර ගොඩ කරලා ගන්නයි හිතාගෙන ඉන්නේ මාමාලා ටත් කොටසක් තියෙන නිසයි කියන්න ආවේ. "
"හරි ඒ පැත්තෙන් පාර ගත්තා කියමුකෝ .. එතකොට අර පුවක් බාස්ටත් නිකන්ම පාරක් එනවනේ ?"
සුදු මාමා ගත් කටටම කිවේ මාව විමතියට පත් කරමිණි.
ඔහුගේ තර්කයද ඩිංගිරි බණ්ඩාට දෙවැනි නැත. මේ අදහසම ඩිංගිරි බණ්ඩාද අප කුඹුර පිරවීම ගැන කියද්දී පළ කළා මට මතකය.
මට මේ මිනිසුන් තේරුම් ගත නොහැක. පුවක් යනු ඩිංගිරි බණ්ඩාගේ හොඳම මිතුරාය. එහෙත් අප පාරක් කැපීමේදී පුවක්ට වාසි වෙන එකට ඩිංගිරි බණ්ඩා අකමැතිය.
ඔහු පමණක් නොව රජයේ ඉඩම් කඩම් පිලිබඳ ඉහළ නිලයක් ( ප්‍රාදේශීය ලේකම් ) දරන ඔහුගේ වැඩිමහල් සොහොයුරාද අකමැතිය.
මේ දෙසොහොයුරන්ට අනුව පුවකාට නොමිලේම පාරක් ලැබෙන නිසා අප කුඹුර පැත්තෙන් පාර හැදීමෙන් වැලකී සිටිය යුතුය.
"හරි හරි ඒකට කමක් නෑ කියමුකෝ.. මාමගේ අකමැත්තක් නෑ නේද අර ඇල අයිනෙන් උඩහට කුඹුර ගොඩ කරලා පාර හදනවට ?"
මම මගේ අදහස ඔහුගේ අනුමැතිය සඳහා ඉදිරි පත් කලෙමි.
" ඔය කුඹුර අපි හැමෝටම අයිති වුනාට ඩිංගිරි මල්ලී තමයි ඒක වැඩ කරන්නේ .. මේ පාරත් ගොයම් හදලා තියෙන්නේ එයානේ.. එයාගෙන් ම අහලා බලන්න පුතේ.."
සුදු මාමා නැවතත් අප ඉබ්බන් ගෙන් පිහාටු ඉල්ලන තත්ත්වයට පත් කළේය.
Now I think it's time to do it by force. . He he.. we had a little similar case in our wife's place in galle where the border of land goes very close to the wall. Could not build the parapet wall. I took a different approach to the land Lord who is more a kind of Dingiri Banda.. and was successful :)
ReplyDeleteIt feels like that isn't it? You have done almost everything possible in usual way with negotiations still some barriers ... let's see what will happen...
ReplyDeleteමට හිතෙන්නෙම මේ පාර හැදෙන්නති එකක් කියල. හැදුවේ නැත්තේ ඇයි කියල තමා ලියවෙන්නේ.
ReplyDeleteBalamu Balamu issarahata mokakda wenne kiyala .
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletethawa tikak wadipura liyala kotas ganana adu unoth hondhai kiyaa sithenawa. (After you)
ReplyDeleteස්තුතියි.. මම එදිනෙදා ඔහේ ලියනවා මිසක් එච්චර සැලසුම් කරන්නේ නෑ.. විශේෂයෙන් මේ කතාව.. ඉදිරියේදී හරි ගස්සසන්නම්
Deleteලස්සනට ලියනවා, ජයවේවා.
ReplyDeleteස්තුතියි... නැවත එන්න...
Deleteටිකක් වැඩිපුර ලියහංකො වාහේ
ReplyDeleteස්තුතියි.. ටිකක් ඉවසන්න වෙනවා ..තවම හිට්ස් 90යි...
Deleteස්තුතියි.. ටිකක් ඉවසන්න වෙනවා ..තවම හිට්ස් 90යි...
Deleteවෙලාව තියෙන හැටියට එපැයි බං ලියන්න.. ඊළඟ එක ටිකක් දිගට දෙන්නම් කෝ...නිවාඩුවක් එනවා...
ReplyDelete