Wednesday, 6 January 2016

ගම නැගුමෙන් මග නැගුමට




පසුගිය කලාපයෙන්.


මිස්ට පෝල්  ගේ හමුවෙන් පසු නිම්මිලා ගෙදරවත්ත  වගාවට සූදානම් කරමින් සිටි ලෙනදොරටත් මටත් තවත් වත්තකට ඔට්ටු වෙන්නට සිදුවිය.

ඒ "අඹ ගහමුල හේන " නම් අක්කර හතර -පහක්  පමණ විශාල ඉඩමයි.

පොල් මහත්තයා ඒ ඉඩ මටත් පැල ලබා දෙන්න එකඟ වුයේ ලෙනදොර සහ මම ගෙදර ඉඩම සකස් කර තිබු සිරියාව දැකීමෙන් පසුවයි.

අපි අඹ ගහ මුල හේනටත් අත තියන්න යන බව නිම්මිලා අම්මා සහ නංගි සමග සාකච්චා කලේ  රාත්‍රී ආහාරයෙන් පසු කෙරෙනඅල්ලාප සල්ලපයේදීය.

"පොල් මහත්තයා අඹ ගහමුල හේනටත් පොල් පැල දෙනවා කිව්වා . අපි එකත් එළි කරමුද ?"  මම කතාව ආරම්භ කලෙමි.

" පුතේ ඔය ඉඩම විකුණලා වාහනයක් වත් ගමු කියලයි මම නම් කියන්නේ " නිම්මිලා අම්මා  මගේ යෝජනාවට වැඩි කැමැත්තක් නොදක්වමින් පැවසුවාය.


"ඔවු අය්යේ අපිට වෑන් එකක් වත් ගන්න තිබුණා ඔය ඉඩම විකුණුවා නම් " අමරා නංගිත් අම්මාගේ යෝජනාවට එකතු වුවාය.

"වෑන් ගන්න ඉස්සෙල්ලා පාර හදා ගන්න එපැයි . ඉස්සෙල්ලා පාර හදාගන්න තියෙන්නේ.."

ලෙනදොර තරමක් මගේ පැත්තට සමීප අදහසක් ඉදිරිපත් කළේය.

මේ සාකච්චාවේ අවසාන නිගමනයට එළැඹෙන්නේ මගේ අදහස කුමක්ද යන්න මතයි.

ඒ අන්කිසිවක් නිසා නොව වැඩේට යන මුළු වියදමම පියවෙන්නේ මගේ අතින් වීමයි.

"එහෙම නෙවෙයි .. අපි මේක ටිකක් කල්පනා කරලා බලමුකෝ.. "

"වාහනයක් ගත්තොත් ඒක පවත්වා ගෙන යන්න මුදල් ඕන වෙනවා. වාහන කියන්නේ සල්ලි එන ඒවා නෙවෙයි වියදම් වෙන ඒවානේ. "

"අපි පොල් හදලා ඒවගෙන් අදායමක් එන කොට වාහනයක් ගන්න එක තමයි හොඳම වැඩේ."

"හොඳට පොල් හරි ගියොත් අපි ගානෙම  ඔයාලට වහනයක් අරන් දුන්නහැකි."

මම පොල් හදලා ඉවර වෙලා වාහනයක් ගැනීමේ ආදීනව පැහැදිලි කලෙමි.

මග නැගුම යෝජනාව 


















මේ අතර ලෙනදොරගේ අදහස ගැනත් යමක් පැවසිය යුතුයයි සිතුවෙමි.

ඔහු ගම නැගුමේ වැඩ සටහනේ මගේ පැත්තේ ඉන්න එකම සහකරුවාය.

ඔහුගේ හිත සතුටින් තැබීම මේ වැඩසටහනේ සාර්ථකත්වයට ඉතාමත්  අත්‍යවශ්‍ය  කාරණයකි.

"ඒක නෙවෙයි මල්ලී කියපු කතාව  වැදගත් එකක් .

පොල් හදන අතරේම ගෙදරට එන පාරත් හැදුවා නම් හොඳයි "

"එත් කොහොමද පාර හදන්නේ .. පුවක් ලා ගේ ලඟට එනකන්ම වෙල නේ තියෙන්නේ ".

මම පිටගම්කාරයෙක් හැටියට මට පෙනුන දේ පැහැදිලි කලෙමි.

"වෙල පුරවන්න පුළුවන් ඒකෙන් තුනෙන් එකක් අපේ අම්මාට අයිතියි නේ.. නේද අම්මා ? "

අමරා සාකච්චාවට එකතු වුවාය.

" ඔව් .. ඔව් .. ඕක අයිති මටයි, ඩිංගිරි බන්ඩේ මල්ලිටයි  අර පල්ලැහැ ඉන්න සුගතේ මල්ලිටයි නේ "

අම්මා අමරා ගේ  යෝජනාවට වැඩි අකමැත්තක් නැති පාටය.

" අර ඩිංගිරි බන්ඩේ මාමලා ගෙදරටම පාර තියෙනව නේද ? එයාල ගෙදරින් මෙහාට පාරක් ඉල්ලා ගත්තා නම් වෙල අහු වෙන්නේ නෑ "

ලෙනදොර ගමේ වාසය කිරීමෙන් ලද පළපුරුද්ද ප්‍රයෝජනයට ගෙන තිබේ.

"හැබැයි වෙල පැත්තෙන් ආවත්  . ඩිංගිරි බන්ඩේ  මාමලා දිහායින් ආවත් කක්කුට්ටා ගේ වත්තෙන් එන්න වෙනවා අන්තිමේට "

නිම්මි පැවසුවේ මේ වැඩේට කක්කුට්ටා ගෙන් නම් ඉඩක් නොලැබෙනු ඇති බවයි .

මේ අතර මම ඉතා සාවධානයෙන් කරුණු කාරනා පැහැදිලි කර ගත්තෙමි.

මේ කාර්යයට ඩිංගිරි බන්ඩේ  මාමා නැතුවම බැරි බවත් සමහර විට ජයතිලක මාමා මෙයට විරුද්ධ විය හැකි බවත් මට වැදගත් වූ කාරණා දෙකකි.


මේ සාකච්චාව අතර තුර මගේ කපටි සිතට තවත්වැදගත්  යමක් පැහැදිලි විය.

ඒ පොල් වගාවට මෙන් නොව පාර හදන වැඩේට නම්  නිම්මිලා ගේ අම්මාගේ සිට බන්ටියා දක්වා වූ සියළුම සාමාජිකයෝ එක පයින්ම  කැමති බවයි.

 . දැනටමත් අම්මා සහ අමරා තමන්ට වැඩ කරන අයට කෑම හැදීම වැනි දේවල් කර ගන්න අමාරු බව හඟවා තිබේ.

මාලක බලා ගැනීමට තිබීම ඔවුන්ට තිබු ලොකුම  රාජකාරියයි .

අමරා සහ අම්මා විරසක කර නොගෙන මේ වැඩේ කල යුතුය.

ඒ  නිසා ඔවුන් දෙදෙනාම කැමති දේ වූ පාර හැදීම ඉක්මනින්ම ආරම්භ කල යුතුය.

හොඳම ක්‍රමේ නම් පොල් වගාව යන අතරේ පාරේ වැඩෙත් ආරම්භ කිරීමයි

ගෙදරට පාර හැදෙන අතරේ කට්ටියගෙන් ලොකු විරෝධයක් නොමැතිව  අපේ පොල් වගාවත් කර ගැනීමට එයින් ඉඩ කඩ සැලසෙනු ඇත.

"හරි හරි අපි මෙහෙම කරමු .  ඉස්සෙල්ලාම ඩිංගිරි බන්ඩේ  මාමා ගෙන් අහලා බලමු ඒ පැත්තෙන් පාර දෙන්න පුලුවන්ද කියලා.  "

"ඊට පස්සේ කක්කුට්ටට කතා කරමු".

"අම්මාට පුළුවන් නේ ඩිංගිරි බන්ඩේ  මාමාට කතා කරන්න. අපිදෙන්නත් අම්මා එක්ක යමු මල්ලී ".

යෝජනාව සම්මත විය . පසුදා පාන්දරම ඩිංගිරි බන්ඩේ  මාමා හමුවී කතා කිරීමෙන් පාරේ වැඩට අත ගසන්නට තීරණය කළෙමු.

ඊලග කොටසට ...


12 comments:

  1. මේක දැක්කම මම කරපු වැඩක් මතක් වුණා. ඒ ගැන පොස්ට් එකක් දාන්නම්. හැබැයි මෙහෙම පොරොන්දු වෙච්ච අපමණ පොස්ට් දැම්මේ නෑ.

    ReplyDelete
    Replies
    1. මම වගේම තමයි.. මාත් පොරොන්දු වෙච්ච එවා නොදා වෙන අලුත් අලුත් මාතෘකා ලියනවා.

      Delete
    2. පොරොන්දු වෙච්චි ඒවා නොදා අලුත් මාතෘකා ලියන එක කොච්චර හොදයිද මචෝ. එතකොට තමයි ලස්සන පෝස්ට් ලියවෙන්නේ..

      Delete
    3. කතාව ඇත්ත. අපිට තියෙන මාතෘකා බැලුවහම එකම කතාව දිගට ලියනවට වඩා අලුත් මාතෘකාවකින් රසවත් යමක් එකතු කල හැකියි. මේ ගම සහ මග නැගුමේ කතාව එහෙම රසවත් එකක්.. ගම් තුලානේ වැඩක් කරන්න ගියාම ඇතිවෙන ගැටළු සාකච්චා කෙරෙනවා මේකේ..

      Delete
  2. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මග නැගුමේ ඉතිරි කොටස් සහ ගම නැගුමේ ඉතිරි කොටස් හරි රසවත්. ඒ වාගේම ගමේ ගොඩේ වැඩ කරන අයට ගත යුතු පාඩම් ගොඩක් එනවා මේ කොටස් වල

      Delete
  3. වැඩක් කරන එකත් කියන තරම්ම ලේසි නෑ කියන්නේ ඉතින් නිකන්ද.

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා... ඉතරි කොටස් කියවන්න .. වැඩ කිරීමේදී එන අභියෝග සහ ඒවා අනෙක් අය දකින විදිහ බලාගන්න පුළුවන්..

      Delete
  4. කියලා වැඩක් නෑ සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . මග නැගුම දෙවැනි කොටසෙන් ඉතිරි ටික දෙන්නම්..

      Delete