පසුදා උදෑසනම ලෙනදොර සහ අම්මා සමග අපේ පාරේ ගණුදෙනුව ගැන වැඩි දුරටත් කතා කළෙමු.
ඩිංගිරි බන්ඩේ මාමා මොන වගේ කෙනෙක්ද යන්න මට දැන ගැනීමට අවශ්‍ය විය. ඔහු අසල ගමක ඇති පාසැලක වඩු වැඩ ගුරුවරයෙක් ලෙස සේවය කරන බවත් ඔහුගේ බිරිඳද ගුරුවරියක් බවත් මා දැන ගත්තේ එදාය.
පුවක් බාස් සහ ඩිංගිරි බන්ඩේ මාමා දිනපතා හවස් වරුවේ රබර් වතු වල හෝ අසල ඇති කුඹුරේ වැඩ කරන හැටි දැක තිබුණෙමි.
එමෙන්ම නිම්මිලා ගෙට පහළ තිබු වෙල් යායේ ඔහු සහ ඔහුගේ පවුලේ අය එකාවන්ව වැඩ කරන අයුරු මගේ නෙතට රසඳුනක් මෙන් විය.
ඔහු ඉතා කඩිසරය. කළුම කළු ශරීරය ඉහළ කෙළවරේ තිබුනේ කෙස්ගස් එකක් වත් නැති තට්ට හිසකි.
එතරම් උස මහත මිනිසෙකු නොවූ ඔහු රජයේ පාසැල් ගුරුවරයෙකුට වඩා අපේ ගමේ උක්කු බණ්ඩා මාමා වැනි නියම ගැමියෙකුගේ ලක්ෂණ විදහා පෑවේය.
ඩිංගිරි බන්ඩේ මාමාට තව සහෝදරයින් දෙදෙනෙකි . ඔවුන් දෙදෙනාම රජයේ කාර්යාල වල ඉහල නිලතල දැරූ අය වුහ.
ඔහු මෙන්ම රජයේ සේවකයන් වූ ඔහුගේ සහෝදරයන් දෙදෙනාද හොඳ ගොවි මහතුන් වුහ.
සොහොයුරන් තිදෙනා සහ ඔවුන්ගේ බිරින්දෑ වරු එකතු වී නිම්මිලගේ ගෙට පහල තිබු වෙලේ ගොයම් කපන හැටි දකින මට මේ මාමලා තිදෙනා ගැන බලවත් ආදරයක් ඇති වූ බව නොකියාම බැරිය.
මම නිම්මි සමග මේ පාරේ පයින් යද්දී මේ තිදෙනා ම වතු කුඹුරු වල වැඩ කරන අයුරු දැක ඔවුන් ප්‍රශංසාවට ලක් කල වාර ගණන අප්‍රමාණය.
ඇත්ත වශයෙන්ම ඩිංගිරි බණ්ඩේ මාමා ගැන මගේ හිතේ ඇඳි තිබුනේ ඉතා පැහැපත් චිත්‍රයකි.
මග නැගුම යෝජනාව ඩිංගිරි බංඩේ මාමා වෙත
එදා උදේ පාන්දර අපට කිරි තේ කෝප්පය බැගින් සදා දුන්නේ නිම්මි විසිනි.
අනතුරුව නිම්මිලා අම්මා ඉස්සර කර ගත් ලෙනදොරත් මමත් ඩිංගිරි බණ්ඩේ මාමලා ගෙවල් පැත්තට පල්ලම් බැස්සෙමු.
නිම්මිලා නිවසත් ඔහුගේ නිවසත් අතර දුර මීටර් දෙසීයක් දෙසිය පනහක් පමණ විය.
මාමා පාර දෙන්න කැමති වුව හොත් නිම්මිලා ගෙදරට වාහනයක් ගේන එක දින දෙක තුනකින් කල හැකි තරම් පහසු වැඩක් විය.
කක්කුට්ටා ගේ වත්ත මැදින් වැටි තිබු අඩි පාරෙන් ගිය අපි විනාඩියක් දෙකක් යන්නට පෙර ඔහුගේ දොරකඩට ලඟා වීමු.
ඒ යන අතර තුර ලෙනදොරත් මමත් කතා කල යුතු දේවල් සාකච්චා කළෙමු.
ඒ අතර සාකච්චා වූ තවත් වැදගත් කරුණක් වුයේ මාමා කැමති වුව හොත් අපේ වැඩේ කෙතරම් පහසුවෙන් නිම කල හැකිද යන්නයි.
මේ අතර මා තනිවම කල්පනා කල දෙයක් විය.
"නිම්මි නෙදර්ලන්තයේ මා සමග විඳි දුක් ගැහැට වලට හරියන්නට ඇගේ නිවසට යන පාර වෙනුවෙන් ලක්ෂ පහක් වුවත් වියදම් වුනාට කමක් නැහැ.."
ඒ මගේ පාර වෙනුවෙන් පැන නැගුණු අදහසයි.
"මල්ලී .. මල්ලී .. ගෙදර කවුද? ගෙදර කවුද ? " ඒ නිම්මිලා අම්මාගේ කට හඬයි.
" ආ .. මම මේ කවුද බැලුවා උදේ පාන්දරම.. මේ අපේ කරුණක්කයි පුතාලා දෙන්නයි නේ .."
"මොකෝ මේ පැත්තේ ? "
ඔහු අප තිදෙනාට ගෙට එන්න යැයි ආරාධනා කළා දැයි මට මතක නැත.
ගෙදර දොරකඩ සන්ෂෙඩ් එකේ කුලුණකට හේත්තු වී ඔහු අප හා කතා කල බව මාගේ මතකයයි.
"නෑ .. මල්ලී මේ පුතාලා අපේ ගෙදරට යන පාර හදා ගනිමු කියනවා " නිම්මිලා අම්මා ලෙනදොරටත් මටත් කතාවට ප්‍රවිෂ්ටයක් ලබා දුන්නාය.
මාත් ලෙනදොරත් සන්ෂෙඩ් එකේ සිට පහලට දිවෙන තාර දමා සකස් කල පාර දෙස බැලුවෙමු.
" ෂා .. මාමා ගෙදරටම පාර ෂෝක් එකට හදා ගෙන නේ .."
"කියක් ගියාද මේ ටික හදන්න ?"
මම කතාව පටන් ගත්තෙමි.
මෙයින් මා අදහස් කලේ ඩිංගිරි බන්ඩේ මාමා ලස්සනට තාර දමා සකස් කර තිබු අඩි එකසිය පණහක් පමණ පාර කොටසයි.
එය වැටි තිබුනේ ඔහුගේ ඉඩමේ අයිනෙන් නිම්මිලා අම්මාට අයිති කුඹුරු කෑල්ලට ඉහලින් තිබු පස් කණ්ඩිය දිගේය.
ඔහුත් බොහෝ ගම් වැසියන් මෙන් තම ඉඩම ඇතුලත වූ පාර කොටස බත් දාගෙන කන්න පුළුවන් තරමට පිරිසිදුව සකස් කර ගෙන තිබේ.
එහෙත් ඉඩම අවසානයේ ඇති නිම්මිලා ගේ අම්මා සහ ඔහුටත් පොදුවේ අයිති කුඹුරු කෑල්ලේ අයිනේ ඇති පාර කොටස මඩ වලවල් වලිනි පිරුණු එකකි.
මල්දෙණියේ අපේ ගෙදරට යන පාර වාගේම මේ ගමෙත් පොදු පාර කොටස ගන්නට දෙයක් නැත.
එහෙත් පොදු පාරෙන් පැන නැගී තම තම නිවාස වලට යන කොටස් ඉතා පිළිවෙලට සකස් කර ගෙන තිබෙණු පෙනේ.
" ඕකට මට ලක්ෂ එක හමාරක් විතර ගියා පුතා " ඔහු ආඩම්බරයෙන් උත්තර දුන්නේය.
"එකනේ .. මාමා ත්‍රි වීල් එක ගනිද්දීද මේක හැදුවේ " ඒ පැනය ලෙනදොර ගෙනි.
"නෑ.. නෑ .. මම ත්‍රී වීල් එක ගන්න ඉස්ස්ලෙල්ලා පාර හදා ගත්තා"
මට පෙනෙන හැටියට ඩිංගිරි බන්ඩේ මාමා වැඩ කරන්නේද මම ලෙනදොරලාට කියා දෙන්නට හැදු ක්‍රමයටමය.
මුලික සුදුසුකම් සපුරාගෙන ගෙදරට රෝද තුනක් හෝ හතරක් ගැනීම ඒ ක්‍රමයයි.
නිම්මිලා අම්මලාට මෙන් නොව ඔහුට ඔහුගේ ඉඩම් කඩම් වලින්ද හොඳ අදායමක් ලැබේ.
මගේ ගම සහ මග නැගුමේ ව්‍යායාමය සාර්ථක වුවහොත් ලෙනදොරලාටද මෙවැනිම දියුණුවක් ලබා ගත හැකිය.
"ඒක නෙවෙයි අය්යා.. අපි ආපු කාරණේ කියමු නේද ? " ලෙනදොරගේ හඬින් මම සිහින ලොවින් මිදී පියවී ලොවට පැමිණියෙමි.
" මේකයි මාමා අපි අපේ ගෙදරටත් පාර හදන්න යන්නේ .. පහළ පොදු පාරේ ඉඳලා පුවක් බාස් ලා ගෙවල් පැත්තෙන් උඩට පාර හදන්න ගියොත් අපිට ලක්ෂ තුන හතරක් යනවා."
"ඊට වඩා අපට ලේසියි මාමලා ඉඩමෙන් පාර ගන්න එක. "
"අපි කැමතියි මාමට යෝජනාවක් කරන්න" .
"මාමා අපිට මෙතැනින් එහාට පාර දික්කර ගන්න ඉඩ දෙන්න එහෙම දුන්නොත් අපි තනියෙන් පාර ගන්න යන සල්ලි වියදම් කරලා මාමාගේ ඉඩම ලඟට එනකන් පොදු පාර කොන්ක්‍රිට් කරලා දෙන්නම් "
"එතකොට අපි දෙගොල්ලන්ටත් ගමේ අනිත් අයටත් හැමෝටම වාසියක් නේ වෙන්නේ "
මම මට සධාරණ යැයි සිතුණු ආකාරයේ යෝජනාවක් ඔහු හමුවේ තැබුවෙමි.
"එහෙම නැත්නම් අපි මාමාට ගිය සම්පුර්ණ වියදම ලක්ෂ එක හමාරම මාමාට දීලා ඉතිරි ටිකෙන් පොදු පාර හදන්නත් කැමතියි. "
ලෙනදොර , අම්මා මෙන්ම ඩිංගිරි බන්ඩේ මාමා ද කිසි හා හුවක් නැත.
මම කතා කරන්නේ ලක්ෂ 4 ක් හෝ පහක් ගැනය. ඒ මම අනුමාණ කල හැටියට පාරට යන වියදමයි.
ඩිංගිරි බන්ඩේ මාමා යහපත් පිළිතුරක් දෙනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වූයෙමි.
"අය්යා මෙච්චර ගාණක් මේකට යට කරයිද ?" ලෙනදොර විපිළිසර වනවා ඇත. එහෙත් මම කතා කලේ ඇත්ත ගණන් ය.
ඩිංගිරි බන්ඩේ මාමා හා.. කිව්වොත් හෙටම වැඩේට බහින්න මම සුදානම්ය.
කරන්නට ඇත්තේ Sparebanken Vest එකේ තියෙන නිම්මිගේත් මගෙත් නෙදර්ලන්ත සල්ලි ( ක්‍රෝනර් ටිකක් ) ලංකාවට අදින එක පමණි.
මාමාගෙන් එක එල්ලේ පිළිතුරක් ලැබුනේ නැත.
මාමාගෙන් එක එල්ලේ පිළිතුරක් ලැබුනේ නැත.
"හරි මාමා මේ ගැන හිතලා බලන්නකෝ එහෙනම් .. අපි ගිහිල්ලා එන්නම් මාමා "
ඩිංගිරි බන්ඩේ මාමා ට හිතන්නට ඉඩ දී අපි එතැනින් පිටත් වීමු.
දැන් ඉන්න රජයේ සේවකයින්ට හරිහැටි උදැල්ලක් වත් අල්ල ගන්න තේරෙන්නෑ.
ReplyDeleteඒකනේ කියන්නේ.. ඒකට අපි "කැනඩාවටත් " කිඹුලා උදැල්ලක් ගෙනැත් තියෙන්නේ ඔන්න..
Deletelipipela agei godaak lipi kiyewwa.
ReplyDeletejayangani,lage kathawa ganath nawathwapu thana endala ediriyata liyanna adahasak nadda?
මගේ අවංක ආදර ස්තුතිය ... තියෙනවා තියෙනවා ඒ ගැනත් අදහසක් .. හිමින් හිමින් ලියමු..
Deleteකතාව නම් ලස්සනට කියාගෙන යනවා...
ReplyDeleteඉතුරු කොටහත් කියවන්න එන්නම්...
ස්තුතියි... තව කොටස් දැම්මා..
DeleteHardest part of the project. . Land acquisition. .
ReplyDeleteLand is closer than father and mother to some people
Delete