පසුගිය කළාපයෙන්
අපේ මස්සිනාලා තුන්දෙනා ටත් නිම්මිගේ මස්සිනාටත් අප සිටිනා රටට පැමිණීමට අවශ්‍ය මුලිකම සුදුසු කම ලෙස certificate IV brick layering ( Masonry) පාඨමාලාවක් සකස් කර ගත් හැටි පසුගිය කලාපයෙන් ඉදිරිපත් කළෙමි.
එම පාඨමාලාවට අවශ්‍ය ගාස්තුව මා විසින් ගෙවූ අතර අවසානයේ අපේ අරලගංවිල මස්සිනා ලා තුන් දෙනාත් මාවනැල්ලේ නිම්මිගේ මස්සිනාත් යන සහභාගිකයින් හතර දෙනෙක් මේ සඳහා ඉදිරිපත් වූහ.
පාඨමාලාව සැලසුම් කල ඉඹුලාන මහතා මම ගෙවූ රුපියල් ලක්ෂ එක හමාරට සහභාගිකයින් 10 දෙනෙකුගේ උපරිමයකට සහභාගී විය හැකි බව ලෙනදොරට දන්වා තිබිණි.
මේ වන විටත් අපේ ගමේ සමාජ පරිවර්තනයක් ( ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් ) සැලසුම් කරමින් සිටි මගේ හිත එක්වරම ඇදී ගියේ එහි මූලික අරමුණ වෙතටයි.
ගමේ ළමයින්ට අධ්‍යාපනයට රුකුලක් දෙන අතරේ ඔවුන්ගේ දෙමව්පියනට නව අදායම් අවස්ථා සලසා දීම මගේ මූලික අරමුණ වී තිබිණි.
ඉඹුලාන මහත්මා අපේ අය වෙනුවෙන් ආරම්භ කරන ගඩොල් ඇතිරීමේ පාඨමාලාවටට දහදෙනෙකුගේ උපරිමයක් පැමිණිය හැකියි කී සැණින් මා සිත් මේ ගමේ අනෙක් අයට රැකියා අවස්ථා සැලසීම වෙත ඇදුනේ ඉබේටමය.
මේ නිසා සුවඳේ අය්යට කතා කල මා දැනට අපේ මස්සිනාලා මගේ වියදමින් යවන මේ වැඩ පිළිවෙල ඉදිරියේදී ගමේ තරුණ පියවරුන්ට හෝ රැකියා විරහිත තරුණයින්ට රට යාමේ වැඩ පිළිවෙලක් ලෙස තබා ගතයුතු බව දැනුම් දුන්නෙමි.
මේ අතර ලෙනදොරට අපේ ගම නැගුමේ වැඩ කල සුසන්ත සහ කැමතිනම් පුවකා ( මොවුන් දෙදෙනාම අ. පො. ස. උසස් පෙළ වාණිජ විෂයයන් තුනක් සමත් අය වෙති ) ඔහුත් සමග කොළඹ යෑමට එකතු කර ගන්න ලෙස කීවෙමි.
අපේ විපුල් ට කතා කර මල්දෙණියේ මා සමග පාසැල් ගිය එහෙත් ඒ වන විට එලවලු වගා කරමින් හෝ සුළු රැකියා කරමින් සිටි වීරරත්න, ශාන්ත සහ කවිඳු දිසානායක වැනි අයට මේ ගැන දන්වා 10 දෙනා සම්පුර්න කර ගන්නා ලෙස පැවසුවෙමි.
"පුවකලා සුසන්තලා ඕවට එන එකක් නෑ අය්යා " යැයි ලෙනදොර කිව් අතර "මම හිතන්නේ නෑ විරරත්නලා ( මොහු 1990 අ. පො. ස. උ.පෙ. කළා අංශයෙන් ලකුණු 224 ක් ගත් අයෙකි ) ඕවට කැමති වෙයි කියලා අය්යා " යැයි අපේ මල්දෙණියේ මස්සිනා ගේ අදහස විය.
ඒ අනුව දසදෙනෙකුට ඉඩ ඇති පාඨමාලාව හතර දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
මට අවශ්‍ය වුයේ මගේ මුදලට උපරිම සේවය ඉඹුලාන මහතාගෙන් ලබා ගැනීම සහ අපි ගිය පාරේ ගමේ සිටිනා අනෙක් අයත් යැවීම වුවත් අපේ මස්සිනාලා මගේ සිතැඟි තේරුම් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.
ඒ නිසාමදෝ ඔවුන් අපේ ගම් දෙකේ අනෙකුත් තරුණයින් ඒ පාඨමාලාවට එකතු කර ගත්තේම නැත.
මේසන් වැඩ ඉගෙනගන්න කොළඹ ගිය මල්ලිලා
මේ අපේ විපුල්ට ලැබුණු සහතිකය ( ඔහුගේ නම මකා මෙය සකස් කල අපේ හිතවතාට ස්තුතියි)
මේ වන විට අපේ තාත්තා අප නිවසට පැමිණ මාස කිහිපයක් ගතවී තිබිණි. අම්මා නංගිලා , අක්කලා සහ ඔවුන්ගේ දරුවන්ගෙන් ඈත්ව ගෙවන මේ ජීවිතය ඔහුට තරමක් අපහසු බව මට තේරුම් ගිය දෙයකි.
එහෙත් මගේ ග්‍රාමීය සංවර්ධන වැඩ සැලසුම තුලින් පටන් ගත් තාත්තා සහ ලංකාවේ සිටි අපේ අය නැවතත් ඔහු සමග සම්බන්ධ කිරීමේ වැඩ පිළිවෙල මේ අපහසු ගතිය තරමක් මග හරවන්නට හේතු විය.
නොඑසේනම් ලංකාව ගැන නිතර සාකච්චා කිරීම අපේ තාත්තා නිතර සතුටින් තබන්නට හේතුවක් විය.
ඒ සතුට මෑතකදී ආරම්භ කල විපුල් ඇතුළු අපේ මස්සිනා ලා කොළඹ යැවීමේ වැයමත් සමග තවත් පියවරක් ඉදිරියට ගියේය.
ඒ දිනවල මා විශ්ව විද්‍යාලයේ සිට නිවසට පැමිණි වහාම කරන්නේ ස්කිය්ප් හෝ මගේ ජංගම දුරකතනයෙන් විපුල් ට හෝ ලෙනදොරට කතා කිරීමයි.
එවැනි එක් දවසක ලැබුන දුරකථන ඇමතුමකි. එහා පැත්තෙන් ඇහුනේ මෙවැන්නකි.
"අය්යා මේ මල්ලී කතා කරන්නේ . මම කොළඹ ගිහිල්ලා ඔක්කොම දේවල් කතා කරගෙන ආවා."
ඒ කතා කරන්නේ නිම්මිගේ මස්සිනා හෙවත් ලෙනදොර මල්ලියාය.
"නියමයිනේ මල්ලී . මොකද ඉඹුලාන මහත්තයා කියන්නේ. ?"
"අපි හෙට ගිහිල්ලා සල්ලි බඳිනවා. අර පැත්තෙන් රාමනායක අය්යා , විපුල් අය්යා එහෙම එනවා කිව්වා. "
"කොහෙද මල්ලිලා නවතින්නේ ? "
"ආ ... අය්යට මම කියන්නමයි හිටියේ මේ ගැන . අපි ඉන්න යන්නේ අත්තිඩිය පැත්තේ පංසලක "
"දැනටත් එතන කට්ටිය ඉන්නවා . ඒ හාමුදුරුවෝ මාසෙට රුපියල් පන්සීය ගානේ එක්කෙනෙක් ගෙන්ගන්නවලු "
"ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ට අපි කතා කරා ".
"හාමුදුරුවන්ට අය්යා ගැන කිව්වහම මාර සන්තෝෂයි පිටරටක ඉන්න දොස්තර මහත්තයෙක් මෙහෙම වැඩක් කරවනවා කියලා .
මම කිව්වා අපේ අය්යා හාමුදුරුවන්ට හරි කැමතියි එයා ළඟදීම ඔබ වහන්සේට කතා කරයි කියලා "
"ඒක නෙවෙයි .. මම හාමුදුරුවන්ගේ මොබයිල් එක ඉල්ලා ගත්තා අය්යට දෙන්න කියලා . අය්යා කෝල් එකක් ගන්නවද එහෙනම් ?"
"හරි හරි මම කතා කරන්නම් කෝ . නොම්මරේ කියන්නකෝ එහෙනම් ?"
ලෙනදොර මා ලවා හාමුදුරුවන්ට කතා කරවන්නට හදන්නේ කිසියම් යටි අරමුණක් ඇතිව විය යුතුය.
එය මා ලවා හාමුදුරුවන්ට කතා කරවිම මගින් ඔවුන්ගේ බෝඩින් ගාස්තු ව අඩු කර ගැනීම වැනි දෙයක් විය හැකිය.
ඒ සැණින් මම අත්තිඩියේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇමතුවෙමි. උන්වහන්සේ අත්තිඩියේ පුණ්‍යරතන නම් හිමි නමකි.
"හාමුදුරුවනේ මම කවිඳු ජයසිංහ අහවල් රටේ ඉඳන් කතා කරන්නේ. ඔබ වහන්සේ අපේ මල්ලිලාට ලොකු උදව්වක් කරනවා කියලා ආරංචියි. "
මම කතාව පටන් ගත්තෙමි. ඉස්කෝලේ යන කාලේ ඇත්තලපිටිය පන්සලේ ගිය කතා .
අපේ ගමේ පන්සලේ රාත්‍රී තුන්සුත්‍රය කී හැටි වැනි දේවල් හරහා මගේ පන්සල් වලට ඇති නැඹුරුව උන්වහන්සේ සමග පැවසුවෙමි.
සකච්ච්චාව අවසාන හරිය සිදු වුයේ මෙලෙසය.
"මහත්තයා හරි පින් ඇති වැඩක් කරන්නේ. තමන්ගේ නෑදෑයින් ට හොඳ රැකියාවක් කරන්න අවශ්‍ය පාර පෙන්නන එක එහෙම වැඩක්..
බලමුකෝ අපිට ඔබතුමා වෙනුවෙන් කරන්න පුළුවන් උදව්ව මොකක්ද කියලා. මහත්තයෝ ඔය ලමයි හතර දෙනා කොච්චර කල් කොළඹ ඉන්නවාද?"
"මාස දෙකක් විතර අපේ හාමුදුරුවනේ "
"එහෙනම් අපි මෙහෙම කරමු දොස්තර මහත්තයා. මම මේ ළමයින්ට නොමිලේ ඉන්න ඉඩ දෙන්නම් මාස දෙකටම. මේ ඔබතුමාගේ හොඳ වැඩේ වෙනුවෙන් මට කරන්න පුළුවන් එක උදව්ව තමයි ".
"එහෙමයි අපේ හාමුදුරුවනේ.. ගොඩක් පිංසිද්ධ වෙනවා ඔබ වහන්සේට. අපි ලංකාවේ ආවහම එන්නම්කෝ පංසල බලන්න. "
මම ඉතා සතුටින් එසේ පැවසුවේ හාමුදුරුවන් කෙරෙහි ඇතිවූ සැබෑම ලෙන්ගතු කමකින් යුතුවයි.
මස්සිනාලගේ පන්සලේ චමරිය
පසුදා ලෙනදොරට දුරකථන ඇමතුමක් ගත් මා ඔවුන්ට පන්සලේ නොමිලේ නවාතැන් ලැබෙන බවත් ඔවුන් පන්සලේ කුස්සියේ තම තමන්ගේ කෑම බිම පිළියෙළ කර ගත් යුතු බවත් සඳහන් කළෙමි.
ඉන් අනතුරුව රුපියල් පනස් දහසක මුදලක් මල්දෙනියට යැව්වේ අරලගංවිල සිට කොළඹ යන බස් ගාස්තුවත් පංසලේ සිටින අතර හතරදෙනාගේ ඉවුම් පිහුම් වියදම් ආවරණය කර ගැනීමත් වෙනුවෙනි.
ලෙනදොරගේ බස් ගාස්තුව මාවනැල්ලට යැව්වෙමි.
කොළඹ ගිය මස්සිනාලා ටික පන්සලේ චමරියක් පටන් ගත්තා මතකය. අපේ අක්කගේ මහත්තයා චමරියේ මුදල් පරිපාලනයට ස්වෙච්ච්වෙන් ඉදිරිපත් වුවේ මගේ මුදල් අර පරිස්සමින් වියදම් කරන්නට විය යුතුය.
කාලය සෙමින් ගලා යයි දැන් අපේ කට්ටිය උදෙන්ම අවධි වී ටෙක්නිකල් එකේ මේසන්රි හෙවත් ගඩොල් ඇතිරීමේ පාඨමාලාවට පිටත්ව යති.
හවසට පැමිණ පන්සලේ චමරියේ උයාගෙන කති. පන්සලේ බෝධි පුජා ආදියටද සහභාගී වෙති.
සෙනසුරාදා දිනයක උදෑසන විපුල්ට දුරකථන ඇමතුමක් ගත්තෙමි.
"හලෝ.. කොහොමද ? මේ අය්යා කතා කරන්නේ "
"හලෝ හොඳින් ඉන්නවා. අද නිවාඩුනේ... "
කුක් කු කූ... කුක් කු කූ...
"කොහෙන්ද මල්ලී ඒ කුකුලෝ අඬලන සද්දේ එන්නේ ? "
"පන්සලේ කුකුලෝ ඉන්නවනේ අය්යා.. "
සරස්.. සරස්.. ස්රාස්.. සරාස්.....
"ඒ සද්දේ මොකක්ද විපුල් ?"
"ඒක නෙවෙයි කොහොමද brick layering වැඩ ? නැගලා යනවද? ඉඹුලාන මහත්තයා ඔයාලට හොඳට උගන්වනවද? "
"ඔව් .. ඔව්.. ඊයේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තිබ්බා . අපි එක එක්කෙනාට අඩි 6 X 8 බිත්තියක් ගානේ බඳින්න දුන්නා "
"නියමයිනේ විපුල් දැන් ඉතින් තියෙන්නේ හිමින් හිමින් ඉංග්‍රීසි කර ගන්න එක.
"ඔව් .. ඔව් . විභාග ගාස්තු හරි සැරයිනේ අය්යා . රුපියල් පහළොස් දාහක් වෙනවා එක පාරක් කරන්න.. "
"හරි හරි .. ඔයාලට ඒකෙ ප්‍රශ්නයක් නැහැනේ.. මම දෙනවා විභාග ගාස්තු ඔක්කොටම . ඔයාලට තියෙන්නේ මහන්සිවෙලා ඉංග්‍රීසි කර ගන්න විතරයි."
"ඒ වුනාට අපරාදේ නේ සල්ලි ෆේල් වුනොත් එහෙම ?"
"හරි ..හරි උඹලට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ . මම කියන විදිහට කරපල්ලා..
මම විභාග ගාස්තු ගෙවනවා .. උයනහේවා සර් කට්ටියට උදව් කරයි ඉංග්‍රීසි කර ගන්න.. "
"කෝ රාමනායක අය්යා ? "
මම එසේ අසත්ම විපුල් දුරකථනයත් රැගෙන පන්සලේ වෙන තැනකට යන හඬක් ඇහෙන්නට විය..
"බ්රාස්.. බ්රාස්..බ්රාස්.. බ්රාස්..බ්රාස්.. බ්රාස්.."
"මේ ඉන්නේ අපේ අය්යා . එයා පොල් සම්බෝලයක් හදන්න පොල් ගානවා. ලෙනදොර අරහේ දර පලනවා.."
නියමයිනේ යකෝ. උඹලා නෝනලා ළමයි අරහේ දාලා මෙහෙ ජොලියේ ඉන්නවා මට පින් දීපල්ලා පොඩි වෙනසක් හදලා දුන්නට...
මම දුරකථනය විසන්ධි කලේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු මසිතේ රඳවාගෙනයි...
මේ කියන පාරෙං එන්න දැනටමත් අනුගාමිකයන් පෙළ සැදී ඉන්න බව කියන්න ඕනාය. හතර දෙනෙක්ට කන්න බොන්න, ගමන් ගාස්තු, ඉගෙනීමේ ගාස්තු දීලා උගන්වන මේ වගේ මස්සිනෙක් මට හිටියානම් සුරංගයා මෙලහකට රජෙකි.
ReplyDeleteදැනටත් ඔබ මේ බ්ලොග් එක කියවන ප්‍රජාවට ලබාදී ඇති පණිවුඩය සහ පෙන්වා ඇති මාර්ගය සහෝදරයෙක්වත් පෙන්වන්නේ නැත. ඒ අතිං ඔබ අපට සහෝදරයෙක්ටත් එහාගිය උදව්වක් කර ඇත. ඔබ වැනි මොලේ ඇති මනුස්සයෙක් ලංකාවේ විදේශ ඇමති වුනානං මේ ලංකාවෙ රස්සා ප්‍රශ්ණයත් විසඳලා රටට විදේශ විනිමයකුත් ගේන්න තිබුණා.මිනිස්සුන්ට රස්සාවල් නැතිවා නොවේ. මිනිස්සු එනතෙක් රැකියා බලා සිටී. “නැත්තේ රස්සාවල් වෙත මිනිස්සුන්ට පාර පෙන්වන මනුස්සයෝය.“
සහතික ඇත්ත. මටත් කියන්න තියෙන්නේ සුරංග කිවා වගේ අපෙත් එකෙක්හරි ඔහොම හිටියානම් අපිත් ගොඩ කියාය.
Delete//මේ කියන පාරෙං එන්න දැනටමත් අනුගාමිකයන් පෙළ සැදී ඉන්න බව කියන්න ඕනාය.//
Deleteඅහන්න සතුටුයි.. අපේ උත්සාහයේ ප්‍රතිඵලයක් තිබෙන බව...
//මොලේ ඇති මනුස්සයෙක් ලංකාවේ විදේශ ඇමති වුනානං මේ ලංකාවෙ රස්සා ප්‍රශ්ණයත් විසඳලා රටට විදේශ විනිමයකුත් ගේන්න තිබුණා.මිනිස්සුන්ට රස්සාවල් නැතිවා නොවේ. මිනිස්සු එනතෙක් රැකියා බලා සිටී. “නැත්තේ රස්සාවල් වෙත මිනිස්සුන්ට පාර පෙන්වන මනුස්සයෝය.“// ඇත්ත කතාව.. තමන්ගේ වගකීම දන්නා අමතිකෙන්ක් සහ ඔහුට ඒ කාර්යය පාඩුවේ කරන්න දෙන ජනතවක් ඉන්න ඕනේ.. පාර පෙන්වද්දී මේ පෙන්නන්නේ පාරක් කියන එක තේරෙන්නත් ඕනේ ඉතින්..
//මිනිස්සුන්ට රස්සාවල් නැතිවා නොවේ. මිනිස්සු එනතෙක් රැකියා බලා සිටී. “නැත්තේ රස්සාවල් වෙත මිනිස්සුන්ට පාර පෙන්වන මනුස්සයෝය.“//
Delete+++++++++++++++++++++++++
නැත්තේ රස්සාවල් වෙත මිනිස්සුන්ට පාර පෙන්වන මනුස්සයෝය.“++++++++
ReplyDelete//නැත්තේ රස්සාවල් වෙත මිනිස්සුන්ට පාර පෙන්වන මනුස්සයෝය.“++++++++// මේ වා කියවා බලා එවැනි පාර පෙන්වන තව තව මිනිසුන් බිහිවනු දැකීම අපේ පැතුමයි...
Deleteමරු බන්. මටත් ඔයිට හා සමාන රත්තරන් මස්සිනා කෙනෙක් ඉන්නව. ඉස්සර ඌ මගෙ වැරදි පෙන්නනකොට පෙන්නන්න බැරි උනත් දැන් ඌ කියපු දේවල් හරි නිසා අදටත් දෙයක් කොරන්ට කලින් බුවාගෙන් අහනව. 👌
ReplyDeleteලෙනදොරත් ඔය කාලේ මා සමග හිටියේ එහෙම තමයි.. මම කියන දෙයින් එහා දෙයක් නෑ මෑන්ස්ට... හරි මස්සිනා අනුගමනය කලොත් හරියන බව ෂුවර් ..ජයවේවා !!!
Deleteබ්‍රික් ලේයරින් වගේම ගෙදර දොරේ වැඩත් කට්ටිය හරි හරියට පුරුදු වෙනව වගෙයි.
ReplyDeleteනැතුව නැතුව.. අපේ පොඩිම මස්සිනයි.. ලෙන්දොරයි දෙන්නා කොහොමටත් උයන්න දක්ෂයෝ දෙන්නගෙම නෝනලා නර්ස් නෝනාලා නේ ..
Deleteනියමයි කවිඳු.. ටෙක් වල තියනවා ඇලුමිනියම් කෝස් එකක්.පොඩ්ඩක් අත හුරු කෙනෙක් ඉගෙන ගත්තොත් හොඳට ආදායමක් ගන්න පුළුවන්.හැබැයි ළමයි නැතුව කෝස් එක ගෙනියන්න විදිහක් නෑ ලු.එලියෙ බලපුවාම ඇලුමිනියම් වැඩ දන්න කෙනෙක් හොයාගන්න අංජනම් බලන්න ඕනෙ.
ReplyDeleteඋඹ කරන මේ වැඩේ අර පාර කපපු එක වගේම තමා... හොඳ පාරක් කපන්නෙ.
ජයවේවා..!!
//නියමයි කවිඳු.. ටෙක් වල තියනවා ඇලුමිනියම් කෝස් එකක්.පොඩ්ඩක් අත හුරු කෙනෙක් ඉගෙන ගත්තොත් හොඳට ආදායමක් ගන්න පුළුවන්.හැබැයි ළමයි නැතුව කෝස් එක ගෙනියන්න විදිහක් නෑ ලු.එලියෙ බලපුවාම ඇලුමිනියම් වැඩ දන්න කෙනෙක් හොයාගන්න අංජනම් බලන්න ඕනෙ.// ඔව් ඔව් ඔය වගේ තව මෙහෙ එන්න පුළුවන් විවිධ පාඨමලා තියෙනවා.. ගැහැණු පිරිමි දෙගොඅල්ලන්ටම මේ සීරිස් එක අවසානයේ මේ පැත්ත ගැන උනන්දු පිරිස එකතුවුනාම ඒ වගේ පොස්ට් එකක් ලියන්නම් .. ඔස්ට්ර්ලේලියාවට සංක්‍රමණය වීමට ප්‍රයෝජනවත් කුසලතා .. කියලා...
Deleteමේ අත්තිඩියේ තියෙන පන්සලට කියන්නේ කැලේ පංසල කියලාලු. කැලේ පංසලේ පොඩි හාමුදුරුවන්ගේ මොබියිල් ෆෝන් එකෙන් තමයි අපේ අයත් එක්ක ඉස්සර කතා කලේ. මේ පාර ලංකාවේ අවහම යන්න ඕනේ ඒ පැත්තේ..
ReplyDelete