Stories of my life from childhood , experiences I had as a child as well as an adult ....මට මතක ඇති අතීතයේ සිදු වූ රසබර සිදුවීම් වල එකතුවක්
Sunday, 29 January 2017
'Across Puwakdeniya Village' a Painting by Lasith Kulasekara
මේ වීඩියෝවේ තියෙන්නේ නිම්මිලා ගෙදරට යන පාර අපේ පුතා චිත්‍රයට නගපු හැටියි. ඔබ මගේ මග නැගුම බ්ලොග් පොස්ට් ටික කියවා තිබේනම් මේ තියෙන්නේ ඒ "මග නැගුම " වැඩ සටහනෙන් හදපු පාර ( 2005 දී)
Wednesday, 25 January 2017
වියලුණු හීල් ඔය සහ අපේ පංතියේ මුණසිංහ
පසුගිය මාසයක කාලය පුරා කිසිම බ්ලොග් පොස්ට් එකක් ලියවුණේ නෑ. හේතුව අවුරුදු තුනකට පස්සේ සිදුවන අපේ ලංකාගමනය .
යන්න ගමන් බිමන් ගොඩයි. ඒ වගේම කරන්න වැඩත් එමටයි.
ඒ අස්සේ බ්ලොග් ලියවුණොත් ඒක ඉතිං නොලියාම බැරි දෙයක් ගැන තමයි.
මේ ගමෙනේදී තම තමන් කරන්නේ මොනාද ? යන්නේ කොහේද ? මුණ ගැහෙන්නේ කවුද කියන එක ගැන නිම්මිට වත් මටවත් එච්චර ගාණක් වුණේ නෑ.
ඒත් අපේ පුත්‍රයා සුපුන් නම් මාස ගාණක් තිස්සේ ශ්‍රී ලංකාවේ විවිධ පළාත් ගැන අධ්‍යනය කරමින් හිටියේ.
කොහොමින් කොහොම හරි ලංකාවට ආවට පස්සේ කල කී දේවල් , ආ ගිය ගමන් බිමන් සහ මුණගැසුණු හිතවතුන් නිසා බොහෝ අතීත සිදුවීම් මතක් වුණා .
මේ ලියැවෙන්නේ ඒවායින් එකක් ....
මෙවර ලංකාවට ගිය ගමනේදී අපට මුලින්ම හමුවූ කෙනෙක් තමයි ඌව පළාත් සභාව නියෝජනය කරමින් පළාතේ ප්‍රශ්න ගැන නිතර කතා බහ කරන සමන්ත විද්‍යාරත්න.
සමන්ත මේ දිනවල අපේ පළාතට බලපෑම් කරන ලොකුම ප්‍රශ්නය වූ උමා ඔය ව්‍යාපෘතියේ අහිතකර බලපෑම් ( ගෙවල් දොරවල් ඉරිතලා පුපුරා විනාශ වීම, ලිං සහ දිය උල්පත් සිඳී යෑම වගේ ) දේවල් ගැන බලධාරීන් සමග කතා කරමිනුයි ඉන්නේ.
ඇත්තටම කියනවා නම් බණ්ඩාරවෙල , වැලිමඩ ඇතුළු ඌව පළාතේ එලවලු වවන ප්‍රදේශ වලට ඉතා අහිතකරව බලපා ඇති මේ ව්‍යාපෘතියේ නරක පැත්ත ගැන මිනිස්සුන්ගේ පැත්තෙන්, මිනිස්සු වෙනුවෙන් හඬක් නගන එකම දේශපාලකයා සමන්ත පමණයි.
මම සමන්තගේ මේ වගේ ජනතාවාදී වැඩ ගැන ඉතා කැමැත්තෙන් හිටියේ දැන් අවුරුදු ගණනනාවක ඉඳලා.
ඒත් සමන්ත සහ ඔහුගේ පවුලේ අය මම ,සුපුන් සහ නිම්මි ඇතුළු "අපේ කණ්ඩායම" මෙතෙක් හමුවී තිබුනේ නෑ . අප දෙගොල්ල ප්‍රථම වරට මුහුණට මුහුණ හමුවුයේ මේ වතාවේ අපි ලංකාවට ගිය වෙලාවේ .
ඒ අපි නිම්මිලා ගෙදර දවසක් ගතකිරීමෙන් පසු අපේ ගෙදරට පැමිණ ගතවූ පළමු රාත්‍රියේදී.
සමන්තත් ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනාත් එදා අපේ නිවසට පැමිණියේ සමන්තලා පක්ෂයේ අපේ පළාතේ නියෝජිතයා වූ වසන්ත නම් ගණිත ගුරුවරයෙකුත් එකතු කරගෙනයි.
ඒ විතරක් නෙවෙයි ඔබ අපි කවුරුත් දන්නා බ්ලොග් කරුවෙක් වන සුරංග මලයා සහ ඔහුගේ "යාන්හැල්ල" වගේම ප්‍රසිද්ධ ඔහුගේ බිරිඳත් සමන්තලා සමග පැමිණ සිටියා.
මේ කියන දවසේ "යාන්හෑල්ල" ලියන සුරංගත් ඔහුගේ බිරිඳ චුටි මැණිකෙත් අපිට මුණ ගැහුණේ සමන්තලා වගේම ජිවිතේ ප්‍රථම වතාවට.
මේ හමුවීම් දෙකම ඉතාම සුන්දර ඒවා වූ නිසා ඒ ගැන වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියවෙන්න ඉඩ තියෙනවා.
ඒ නිසා ඒ සුහද හමුවේ විස්තර පසෙකට තබා අද බ්ලොග් පොස්ට් එකේ නිමිත්තට යොමු වෙමු.
සමන්තලා සහ අපගේ මේ හමුවීම හරහා සිදු වූ තවත් හමුවීම් සහ සිද්ධි දාමයක් වෙනුවෙනුයි අද බ්ලොග් පොස්ට් එක වෙන්වන්නේ .
මේ දිනවල අපේ පළාතට තදින්ම දැනෙන ගැටළුවක් වන වතුර හිඟයත් , ඒ වතුර හිඟය වෙනදාට වඩා තදින් පළාතට දැනෙන්නට හේතුවක් වී ඇති පළාතේ භූ ගත ජලය හිඟවීමත් මා මේ කියන්නට යන කතාව හා සම්බන්ධයි.
එමෙන්ම අපේ පැත්තේ ලිං , දිය උල්පත් සහ ඇල දොළ බොහොමයක් හිඳීයමින් පවතින්නේ හරියටම උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගය වැටි තිබෙන ප්‍රදේශ හරහාම කියලයි තතු දත් අය පවසන්නේ .
හීල් ඔය සහ අපේ අතීත මතක
හීල්ඔය නමැති ගම මගේ මතකයට මුලින්ම ඇතුළු වන්නේ නමසිය අසුවේ මුල් භාගයේ , ඒ කියන්නේ මම ගමේ පාසැලින් ඉවත්වී නගරයට ඔබ්බෙන් පිහිටි කිණිගම ප්‍රදේශයේ තිබු බණ්ඩාරවෙල කණිස්ටයට ආපු මුල්ම කාලයේ.
මා හතරේ පංතියේ සිටි කුඩා කොලුවෙකු වූ ඒ කාලයේ අපේ පාසල් බසය ලෙස තිබුණේ අංක 325 මකුල් ඇල්ල නමැති බස් රථයයි .
උදේ හතට පමණ වරකා දන්ඩේ සිට මල්වත්තට පැමිණෙන බස් එක මල්වත්තෙන් අපත් නංවාගෙන කිණිගම පිහිටි අපේ පාසල බලා පිටත් වෙනවා.
අනෙක් පාසල් බස්මෙන් කිණිගමෙන් නතර නොවෙන මේ 325 බස් එක හීල් ඔය නමැති මනරම් තැනිතලා ප්‍රදේශයක් පසු කර මකුල් ඇල්ල දක්වාම ගමන් කරනවා.
ඒ නිසාම මල්වත්තෙන් පාසල් බසයක් ලෙස ළමුන් පමණක් රැගෙන එන මේ බසයට බණ්ඩාරවෙල නගරයේදී හිල්ඔය , මකුල් ඇල්ල වැනි ගම් බලා යන ගොවි ජනතාවත් ගොඩ වෙනවා.
බණ්ඩාරවෙල තොගපොළ පැවැත්වෙන බ්‍රහස්පතින්දා දවසට මේ ගොවිජනතාව අපේ සිසුන් ට වඩා වැඩි සංක්‍යාවකින් බස් එක අරක් ගෙන ඉන්නවා දකින්න පුළුවන් .
හේතුව ඒ කාලේ බණ්ඩාරවෙල තොගපොළට බෝංචි, තක්කාලි, අල , ගෝවා , කැරට් වගේ එළවළු රැගෙන එන බොහෝ පිරිසක් හීල්ඔය අවට වගා කරන්නන් වීමයි.
හීල්ඔය ප්‍රදේශයට ඒ නම ලැබී තිබෙන්නේ එහි තිබුණු සශ්‍රික කුඹුරු යාය සහ එළවළු කොටුවලට ජලය සැපයු "හීල් ඔය" ගලා යන්නේ මේ ප්‍රදේශය හරහා වීම නිසයි.
අපේ ගමේ තියෙනව හීල් ඔයේ නැන්දලා ගෙදර කියලා ගෙදරක්.
ඒ ගෙදරට මේ නම ලැබිලා තිබුණේ මේ කියන ගමේ කාන්තාවක් වූ "හීල් ඔයේ නැන්දා" අපේ ගමේ ඩේවිඩ් මාමාගේ සහකාරිය ලෙස පැමිණීමත් සමගලු.
ඒ ගෙදරට මේ නම ලැබිලා තිබුණේ මේ කියන ගමේ කාන්තාවක් වූ "හීල් ඔයේ නැන්දා" අපේ ගමේ ඩේවිඩ් මාමාගේ සහකාරිය ලෙස පැමිණීමත් සමගලු.
ඒ වගේම අපේ ගෙදරට ගෙවල් දෙකක් පහළින් තිබු ගෙදරක විසු සැම්සන් අය්යා ඔහුගේ භාර්යාව ලෙස රැගෙන ආවේත් හීල්ඔය ප්‍රදේශයේ කාන්තාවක් .
මේ දෙදෙනාම අපේ අම්මාගේ හිතවතියන් නිසා ඒ අය අපේ ගෙදර ඇවිත් හීල් ඔයේ එළවළු වගාව වර්ණනා කරන හැටි මම හොඳට අහලා තියෙනවා.
විශේෂ යෙන් ගමේ හොඳ පම්පෝරි කාරියක් වූ පොඩ්ඩි අක්කා හීල්ඔයේ සිටි ගොවි තරුණයින් දෙදෙනෙක් වූ ඇගේ සහෝදරයන් දෙදෙනා ගේ තක්කාලි වගාව විස්තර කරන්නේ පදමට පොහොර බෙහෙත් දමමින් .
ඒ කාලේ මම අවුරුදු දහයක කුඩා ළමයෙකු වුණත් අපේ පාසල් බස් එක යන ගමත්, හීල්ඔයේ ගෙදර නැන්දගේ ගමත් , සැම්සන් අය්ය ගේ නෝනා වූ පොඩ්ඩි අක්කා ගේ ගමත් එකම "හීල්ඔය" බවහොඳින් තේරුම් අරන් තිබුණා.
හිල්ඔය ගම මැදින් ගලාගිය මනරම් "හීල්ඔය " මම පොඩි කාලේ දැකලා තිබෙනවා. ඒ ඔයේ සෙල්ලම් කරන්න. ඉස්ගෙඩි අල්ලන්න , කීටියෝ හොයන්න වගේ දේවල් කරන්න තරම් ළඟක නෙවෙයි අපි හිටියේ.
කුඩා අපි ඒ කාලේ වතුරත් එක්ක සෙල්ලම් කලෙත් දියබල්ලෝ , දියනයි, ඉබ්බෝ වගේ ජලාශ්‍රිත සත්තු දැක්කත් අපේ ගම වූ කිරිඔරුව මැදින් ගලාගිය "කිරිඔරුවේ ඔය" තුලින්.
මා කිරිඔරුවේ ඔයේ දුටු මේ දේවල් ඒ කාලේ හීල්ඔයේ සිටි මගේ සම වයසේ අය දකින්න ඇති.
ඒත් මට මතක හැටියට බණ්ඩාරවෙල කනිෂ්ටයේ අපිත් එක්ක හිටි කල්ලියේ හීල් ඔයේ අය හිටියේ නෑ.
ඒ නිසා හීල්ඔයේ තිබු සුන්දරත්වය අත්විඳි හැටි අහගන්න තරම් මට කුඩා කාලයේදී අවස්ථාවක් ලැබුනේ නැහැ.
එහෙත් හිල්ඔය ගැන සැම්සන් අය්යාගේ අක්කා කියන විස්තර මම අහලා තිබෙනවා . ඇය කියූ හැටියට ඇයගේ මල්ලිලා දෙන්නා හීල්ඔයේ වතුරෙන් කල එළවලු වගාව ඉතා සරුසාර එකක් .
ඒ බව සනාථ කරමින් පොඩ්ඩි අක්කාගේ මල්ලිලා දෙන්නා තක්කාලි වගාවෙන් හම්බ කරගත් මුදල් යොදවා රෝසා බස් එකක් ගත්තෙත් මේ කාලයේදී මයි.

මට හීල්ඔය මතක් කරවන හිතට සමීප පංති සගයෙක් හමුවන්නේ නමසිය අසු හතේදී .ඒ අපි උසස් පෙළ ජීව විද්‍යා පංති වලට යද්දී.
ඊට කලිනුත් අපේ පංති වල හීල්ඔයේ අය හිටියට ඒ අයකිසියම් හේතුවක් නිසා අපේ ලඟම මිතුරන් වුණේ නෑ.
හීල්ඔයේ සිට අප සිටි 12 වසර සී පංතියට ආපු "උපුල් මුණසිංහ" ඒ කාලේ හරි අහිංසක කොල්ලෙක්.
තුනී තඹ පාට ගැහුණු කොන්ඩේ පැත්තට පීරලා සිටි මුණසිංහ හරි නිහඬ චරිතයක්.
වැඩි කතාවක් බහක් නෑ. ලොකුවට මොඩ් කිරිලි නෑ .
කිසිම කෙල්ලෙක් මිනිහා දිහා වැඩි උනන්දුවකින් බලන්නේ නෑ.
කොටින්ම කිව්වොත් පංතියේ සිටි ගණන් කාරයන් ගේ අවධානයට ලක්විය හැකි කිසිම ලක්ෂණයක් නෑ.
පංතියේ හිටි ගණන් කාර සෙට් එකේ සිටියා වුනත් ( හයේ පංතියේ සිටම ඒ පාසලේම සිටි අය නිසා ) මමත් , දිළුම් සෙට්ටිනායක නම්වූ මගේ ලඟම හිතවතාත් ඉතා ඉක්මණින් මුණසිංහ, වෙලේවත්ත ඇතුළු නවකයින් සමග සමිපවුණා.
ඒ කාලේ මම හිටියේ පංතියේ මුල්ම පේලියේ උහනේ පුතා සහ තාරක මගේ පේලියේ හිටපු හතර දෙනා අතර හිටියා.
තුන්වෙනි පේලියේ හිටියේ පිලිවෙලින් හීල්ඔයේ උපුල් මුණසිංහ, සුරංජිත් රත්නායක , වෙලේවත්ත සහ දිළුම් සෙට්ටිනායක යන සිසුන් බව මගේ මතකයයි.
අසුහතේ නිශ්ශබ්ද චරිතයක් වූ මුණසිංහ කොල්ලන් අතර ප්‍රසිද්ධියට පත්වන්නේ අසු නමයේදී.
ඒ පාසලේ රජයට විරුද්ධ දේශපාලනයේ යෙදුන පිරිසත් සමග උපුල් මුණසිංහත් ගණුදෙනු කරන බව සැලවීමත් සමගයි .
පැවතුණ කළබලකාරී වාතාවරණය නිසා සී සී කඩ විසි වී ගිය අපට මුණසිංහ පුනරුත්ථාපන කඳවුරකට ගෙන ගිය බව ආරංචි වෙන්නේ මේ කාලයෙදී.
ඒ වනවිට මුණසිංහ සමග එකම පේළියේ සිටි සුරංජිත් රත්නායකත් පාසැල් ආවේ මුණසිංහ ලා ගෙදර ඉඳන්.
සුරංජිත් කළබල සමයේදීම යෝධඇල මෝටර්ස් කඳවුරේ සිටි හමුදා අණුකණ්ඩය විසින් අත්අඩංගුවට ගෙන පරලොව යැවූ බව ඒ වනවිට පුනරුත්ථාපනය වෙමින් සිටි මුණසිංහටත් දන ගන්න ලැබී තිබුණා.
මා ඒ බව දැන ගත්තේ මෙවර අපගේ ලංකාගමනයේ මැදදී සිදුවූ මුණසිංහ සහ මාගේ සුහද හමුව දවසේ.

වසර තිහකට පසු සිදුවූ හීල්ඔය ගමන.
එදා රාත්‍රී අප මුණගැසෙන්නට පැමිණි සමන්ත සහ ඔහුගේ සගයන් සමග මම කල කතා බහේදී සුරංජිත් සහ හඳපානගල ජයරත්න වැනි අපේ පාසැල් හිතවතුන් ගැන කතා කරන්නත් මා අමතක කලේ නෑ.
ඒ ඔවුන් ගැන සමන්ත නොදැන සිටිය හැකි වුනත් ඔහුගේ බණ්ඩාරවෙල නියෝජිතයා දැනගත යුතු යැයි මට හැඟී ගිය නිසා.
එහිදී හදිසියේම උපුල් මුණසිංහ යන නම මතක් කරමින් මම ඔවුන්ට පැවසුවේ
"උපුල් මුණසිංහ 1989 හමුදාවෙන් අල්ලන් ගියාලු . මට හිතෙන විදිහට මිනිහත් ජිවතුන් අතර නෑ " කියලයි.
" නෑ.. නෑ .. උපුල් මුණසිංහ ඉන්නවා. තවමත් හීල්ඔයට වෙලා එළවළු ටිකක් එහෙම හදාගෙන "
සමන්තගේ බණ්ඩාරවෙල හිතවතා වසන්ත කියනවාත් සමගම මට 1987 -89 අපේ පංතියේ සිටි ඒ නිශ්ශබ්ධ චරිතය නැවතත් මතකයට ආවා.
" උපුල් මුණසිංහගේ ටෙලිෆෝන් අංකෙ හොයාගන්න බැරිද?
මිනිහා අපේ ලඟම හිතවතෙක් ඒ කාලේ "
යැයි මම ඉතා උනන්දුවෙන් පැවසුවේ . අසුනමයේ භීම සමයේ ඉතිරි වී ඇති නටඹුන් අතර වැදගත් සාක්ෂි කිහිපයක් උපුල් ළඟ තිබිය හැකි බව මට තදින්ම දැනුන නිසයි.
"තියෙනවා . තියෙනවා . දෙන්නම් .
මුණසිංහට කෝල් එකක් දෙන්න . එයා ගොඩක් සතුටු වෙයි "
මුණසිංහට කෝල් එකක් දෙන්න . එයා ගොඩක් සතුටු වෙයි "
එසේ මා හට ලැබුණු මුණසිංහගේ දුරකථන අංකය ඔස්සේ මම මුණසිංහ හා සම්බන්ධ වුනෙමි.
පසුදා හවස් කාලයේ අපේ තාත්තාත් මෝටර් රථයට දමා ගත් මම උපුල් මුණසිංහ සොයා හීල්ඔය බලා ගියෙමි.
එදා මා මුණසිංහ නිවසට පිය මැන්නේ ජිවිතයේ ප්‍රථම වතාවටයි.
එහිදී දැනගත් කරුණු අනුව මුණසිංහ ගේ මා නොදැන සිටි ජිවන තොරතුරු දිග හැරෙන්නේ මෙලෙසයි.
අසු නමයේ අත්අඩංගුවට පත් ඔහු දවුලගල කොබෝදයිෂි කඳවුරේ දිනපතා ගුටි කමින් ( මස් මාළු ආහාරයට ගත්තේ නැති නිසා ) වසරකට නොඅඩු "පුරුත්ථාපනයක් " ලබා තිබේ .
ඒ පුනරුත්ථාපනයේ ප්‍රතිඵලයක් ලෙස ඔහු හීල්ඔය ට පැමිණ නැවතත් සුපුරුදු එළවළු වගාවට බැස ඇත.
අප මෙන් දෙවන වතාවටත් උසස් පෙළ කරනු වෙනුවට තම අසල් වැසි නිවසක වූ කාන්තාවක් සමග විවාහ වී ඇති උපුල් මුණසිංහ දැන් දරුවන් තිදෙනෙකු ගේ පියෙකි.
ඉන් දෙදෙනෙක් දැන් විශ්ව විද්‍යාල සිසුන්ය . ලොකුපුතා දෙවන වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙකි . ලොකු දුව ඊයේ පෙරේදා කළමනාකරණය හැදෑරීම සඳහා විශ්ව විද්‍යාලයට ගියේය.
බාලම දුවත් , බිරිඳත් වියපත් මවත් සමග උපුල් මුණසිංහ ජිවිත සටනට මුහුණ දෙමින් හීල්ඔයට වී සිටි.
ඒ සුපුරුදු එළවළු වගාව කරමිනි.
මුල්කාලයේ මුණසිංහ ලාත් සැම්සන් අය්යා ගේ මස්සිනා ලා මෙන් ජයටම එළවලු වවා ඇත.
ඒ බව යන්තමින් හෝ සනාථ කරන්නේ ඔහුගේ භාගයට වැඩ නිමකළ නිවසත් විශ්ව විද්‍යාලයට ඇතුල්වීම තෙක් අධ්‍යාපනය නිමකල ඔහුගේ දරු දෙදෙනාත්ය.
මුල්කාලයේ මුණසිංහ ලාත් සැම්සන් අය්යා ගේ මස්සිනා ලා මෙන් ජයටම එළවලු වවා ඇත.
ඒ බව යන්තමින් හෝ සනාථ කරන්නේ ඔහුගේ භාගයට වැඩ නිමකළ නිවසත් විශ්ව විද්‍යාලයට ඇතුල්වීම තෙක් අධ්‍යාපනය නිමකල ඔහුගේ දරු දෙදෙනාත්ය.
ඒත් 1989 උපුල් මුණසිංහට සරදම් කල ඔහුගේ දයිවය නැවතත් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සරදම් කරන්නට පටන්ගෙන තිබේ.
ඒ එළවළු වගාවට තබා බිමට වත් වතුර පොදක් නැතිවෙන තරමට හිල්ඔය සහ භූ ගත ජල මුලාශ්‍ර හින්දවිම මගින්.
වතුර හිඟකමින් වගා කල නොහැකිව වැස්සක් වැටෙන තෙක් බලා සිටිනා හීල්ඔයේ එළවළු කොටුවක්
වතුර හිඟකමින් වගා කල නොහැකිව වැස්සක් වැටෙන තෙක් බලා සිටිනා හීල්ඔයේ එළවළු කොටුවක්
මුණසිංහ ඇතුළු හිල්ඔය ප්‍රදේශයේ ගොවියන් අමාරුවේ දැමීම ගැන චෝදනා එල්ල වන්නේ හරි සක්‍යතා අධ්‍යනයකින් තොරව ආරම්භ කල "උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමය" සංවර්ධන වැඩ සටහනටයි.
වැරැද්ද කාගේ වුනත් උපුල් මුණසිංහ නැවතත් පරද්ද වන්නට මේ බලවේගයට බැරි කමක් නැත.
ඒ ඔහුගේත් තම වැඩි දුර අධ්‍යාපනය කර ගන්නට මහන්සි ගන්නා ඔහුගේ දරුවන්ගේත් අදායම් මාර්ග බිංදුවට බැස්සවීම මගින්ය.
මට උපුල් මුණසිංහ සහ ඔහුගේ නැගිටින්නට වෙර දරන පවුල ගැන තදබල අනුකම්පාවක් ඇතිවිය.
ඒ අනුකම්පාව අපත් සමග උසස් පෙළ කල අපේ සියලුම සගයන් අතරටත් පැතිර ගියහොත් අපට උපුල් මුණසිංහ පවුල වෙනුවෙන් යමක් කල හැකි වනු ඇත.
අපට සිඳී ගිය හිල්ඔය නැවත පිරවිය නොහැක.
එහෙත් හීල්ඔය හිඳී ගිය නිසා තම ජීවනෝපාය නැති වූ මිනිසෙකුට සහ ඔහුගේ උත්සාහවන්ත පවුලට සහනයක් වීම කල නොහැක්කක් නොවේ.
එහෙත් හීල්ඔය හිඳී ගිය නිසා තම ජීවනෝපාය නැති වූ මිනිසෙකුට සහ ඔහුගේ උත්සාහවන්ත පවුලට සහනයක් වීම කල නොහැක්කක් නොවේ.
මම ඔබේ ප්‍රතිචාර දෙස බලා සිටිමි. '
මෙහි පළකර ඇති හිල්ඔය ප්‍රදේශයේ චයාරුප ලබා ගත්තේ "සුරන් චානක " ගේ මුහුණු පොතේ පලකල පොස්ටුවකින් .
ප. ලි. උපුල් මුණසිංහට අලුත් රැකියාවක් සොයාදීම සහ ඔහුගේ දරු තිදෙනාගේ වැඩිදුර අධ්‍යාපනයට සහය දැක්වීම කියන මාතෘකා දෙක ගැන මේ ශ්‍රී ලංකා සංචාරයේදීම සාකච්චා කරන්න අවස්ථාවක් ලැබුණා. දැනට අපේ ගම් ප්‍රදේශයේ දොස්තර කෙනෙක් ලෙස සේවය කරන තාරකත් , නව මහාමාර්ග හදමින් සිටින ඉංජිනේරුවරයෙක් වන කමල් සසරසිංහත් මේ වෙනුවෙන් උනන්දුව දැක්වුවා ( දෙදෙනාම මුණසිංහ සහ අප සමග එකට උසස් පෙළ පංතිවල සිටි අය ) . ඉදිරියේදී මේ සම්බන්ධයෙන් යමක් සිදුවෙන්නට ඉඩ තියෙනවා. අප තිදෙනාගේම මතය වුනේ පහුගිය දේවල් ගැන කියමින් එකිනෙකාට දොස් කියනවාට වඩා ඉදිරියට කරන්න පුළුවන් දෙයක් කරන එක අපේ වගකීම විය යුතු බවයි .
04/02/17
ඉහත සාකච්චා වල ප්‍රතිඵලයක් ලෙස මුණසිංහගේ දරුවන් දෙදෙනාට ඔවුන්ගේ ලංකා බැංකු ගිණුම් දෙකට මුදල් තැන්පත් කිරීම මගින් උදව් කල යුතු බව අපි තීරණය කළෙමු.
ඒ අනුව කමල්ගේ යෝජනාව වුයේ මුලින් මුදල් පොදු ගිණුමකට රැස් කර අනතුරුව ඒවා ළමුන් දෙදෙනාගේ ගිණුම වලට බැර කලයුතු බවයි .

Tuesday, 24 January 2017
වියලුණු හීල්ඔය සහ වැහැරුණු මුණසිංහ
ළඟදීම එනවා...
එදා ලස්සනට තිබුණු හීල්ඔය දැන් වියළිලා ගිහිල්ලා .. එදා අහිංසක කොල්ලෙක්ව සිටි මුණසිංහ දැන් වැහැරිලා ගිහිල්ලා .
අපිට දැන් හීල්ඔයට වතුර පුරවන්න බෑ.. ඒත් හීල්ඔයේ මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ...
ඒ වගේම අපිට දැන් මුණසිංහ මනුස්සයෙක් කරන්න ( මුදල් හදල් , රැකි රක්ෂා වලින්) වෙලාවක් නැහැ ..
ඒත් මුණසිංහගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵල ලෙස විශ්ව විද්‍යාලයට ගිය ඔහුගේ දුවටත් පුතාටත් උදව් කරන්න අපි තවමත් ප්‍රමාද නැහැ කියලයි මට හිතෙන්නේ......
හීල්ඔයේ චායාරූපය ගත්තේ "සුරන් චානක " ගේ මුහුණු පොතෙන්
Tuesday, 27 December 2016
..ජු මාමා අංජු මාමා වෙයි
මා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නෙමි.
ඒ මගේ වාර්ෂික නිවාඩු සති පහ අපේ ගමේ සහ නිම්මිලා ගමේ ගත කරන බලාපොරොත්තුවෙනි.
මේ ගමනේදී මා ලියන "සොඳුරු අතීතයට " සම්බන්ධ බොහෝ චරිත සහ ඔවුන්ගේ බිරින්දෑ වරු දුවා දරුවන් මුණ ගැසුණෙමි.
එමෙන්ම සුරංග , කල්යාන , ලොකුපුතා, දුයිෂෙන් වැනි බ්ලොග් රචකයින්ද මුණගැසුණෙමි.
සුරංග දුයිෂෙන් සහ ඔහුගේ පවුලේ අය සමග මා මුණගැසෙන්නට අපේ නිවසටම පැමිණියේය.
ඒ මා ජිවිතයේ මුහුණ දුන් සොඳුරුතම අවස්ථාවකි.
ලොකුපුතා මට ගාලු මුවදොරදී මුණගැසී රංජිත් රාජපක්ෂගේ නිවසට අවශ්‍ය ෆිලර් ලබා දුන්නේය.
ලොකුපුතා මට වඩා අවුරුදු බර ගණනකින් බාල පුතෙකි.
කලන සුපුරුදු පරිදි ඔහුගේ අහස සූරන මැදුරක සිට ( තවමත් ගොඩනැගෙමින් පවතින ) මා මුණගැසුනේ බ්ලොග් වසන්තය සම්මාන ඵලකයද මට ලබා දෙමිනි.
මේ අපේ නෑදෑයින් නොවන එහෙත් සමීප සබඳකම් ඇති හිතවතුන්ය.
මේ අතර අපේ ... ජු මාමාගේ බිරින්දෑ අපේ අම්මාට ඇමතුමක් ගෙන මගේ කතාවේ ඔහුගේ නම පමණක් ගමේ භාවිතා වන සත්‍ය නාමයෙන්ම සඳහන් කිරීම ගැන නෝක්කාඩු කියා තිබේ.
මා ඇය මුණගැසුණු මොහොතේද ආ ඒ බව සඳහන් කලේ
"අනිත් අය ගැන බොරුනම් දාල තියෙනවලු ඒත් ..ජු මාමාගේ නම විතරක් ඒ විදිහටම ලියලා " කියමිනි
"හරි හරි මං එයාගේ නම වෙනස් කරන්නම් කෝ. එයා තමයි මගේ වැඩ වලට ගොඩක් සම්බන්ධ . ඒ නිසා ඒ නම නිතරම ලියවෙනවා. .
හැබැයි නැන්දා එයාගෙන් අහලා බලන්න .
ඔය ලියලා තියෙනවට වඩා ගොඩක් අකටයුතු කම් ඔය කට්ටිය කරලා තියෙනවා. "
ඒ අනුව අද සිට මගේ බ්ලොගයේ අංජු මාමා නම් චරිතය මතුවනු ඇත.

Tuesday, 6 December 2016
නමුණුකුල බාප්පා ( ලොකු අප්පා )
උදේ පාන්දරම මගේ මොබයිල් එකට මිස් කෝල් එකක් ඇවිත් . බලනකොට අපේ ගෙදරින්
" ඒයි දැන් ලංකාවේ වෙලාව කීයද ?
රෑ දෙකයි වගේ නේද ?
මොකද දන්නේ නෑ අපේ කට්ටිය මට රින්ග් කට් එවන්නේ
කාට වත් කරදරයක් වත්ද ? " මම නිම්මිගෙන් ඇසුවෙමි. ඇය සිටියේ මගේ උදේ තේ එක හදමිනි.
" ලොක්කා වත් අසනීප වෙලාද දන්නේ නෑ එහෙනම් ? "
ඈ මා දෙස ගැටළු සහගත බැල්මක් හෙළුවාය.
" කෝ දෙන්න ඔයාගේ ෆෝන් එක .
කෝකටත් මොකද කියලා බලන එක හොඳයිනේ "
මම අපේ ගෙදරට ඇමතුමක් ගත්තෙමි.
" හලෝ අම්මා .. මොකද මේ රෑ දෙගොඩහරියේ නැගිටලා ? කාටවත් කරදරයක් වත්ද ? "
එහා පැත්තෙන් දුරකතනයට පිළිතුරු දුන්නේ මා ඇමතු වහාම දුරකථනය ට පැමිණ සිටි අපේ අම්මා විසිනි .
" ඔව් පුතා නමුණුකුල ලොකු අප්පා නැති වෙලා .
උණ හැදිලා හිටියේ කිව්වා . ඊයේ රෑ හදිසියේම නැතිවුණා ලු"
අම්මා ශෝක බරිත හඬකින් තම නැගණියගේ ස්වාමි පුරුෂයා මියගිය බව මට සැලකර සිටියාය.
මේ ශෝකාකුල ආරංචියත් සමගම මම අවුරුදු බර ගණනක් අතීතයට ගමන් කළෙමි.
නමුණුකුල විස්තර
අපේ අම්මාගේ ලොකුම නංගි විවාහ වී සිටියේ නමුණුකුල සිටි තැපැල් පියුම් මහත්තයෙක් සමගයි.
කණවැරැල්ල උප තැපැල් කාර්යාලයට අනුයුක්තව සිටි නමුණුකුල බාප්පා අපේ පුංචිට වඩා අවුරුදු පහළොවක් පමණ වයසින් වැඩි කෙනෙක් බව මගේ මතකය පවසයි.
වයස අවුරුදු දහහතරක් හෝ පහළොවක් වැනි අඩු වයසකදී අපේ මුත්තලා විසින් ඇය විවාහ කර දී තිබුණේ අපේ අම්මා හා තාත්තා විවාහ වන්නටත් අවුරුදු හතර පහකට පමණ පෙර කාලයකයි.
ඉස්කෝලේ නිවාඩු කාල වලදී නමුණුකුල බාප්පලා ගෙදර යන්නට පුරුදු වී සිටි මට ඔහු තැපැල් පියුම් කෙනෙක් ලෙස සේවයට ගිය හැටි තාමත් මතකය .
කාකි කොට කලිසමක් සහ පිත්තල බොත්තම් ඇල්ලු කාකි කෝට් එකකින් සැරසෙන බාප්පා පොලිස් කාරයින් පළඳින වර්ගයේ තඩි සපත්තු දෙකක්ද පළඳියි.
ඊට අමතරව ලොකු කාකි පාට තොප්පියක් පැලඳ උදේ හය හය හමාර වනවිට බයිසිකලයත් රැගෙන කනවැරැල්ල බලා පිටත් වෙයි.
එසේ වැඩට පිටත් වෙන බාප්පා හවස තුන තුනහමාර පමණ වන විට නැවත නිවසට පැමිණෙන්නේ
"සුගුණෝ හරි මහන්සියි බන් ඔය කහට ඩිංගක් වක් කරලා ගනිං කෝ " කියමින් අපේ පුංචි අම්මා අමතමිනි.

නමුණුකුල බාප්පා තද යුඇන්පී කාරයෙක් වු අතර එය අපේ අම්මලාට ප්‍රයෝජනවත් වුයේ 1977 චන්දයෙන් පසු උදාවූ භීම සමයේදීය .
තාත්තා සමග ශ්‍රී ලංකා රැස්වීම් වල කවි කියූ නිසා චන්දයෙන් පසු කිරඹඔයේ සිටි එක්සත් ජාතික පාක්ෂිකයින් අපේ සමන්තව පැහැර ගෙන යන බවට තර්ජනය කර තිබිණි.
කිරඹ ඔයේ අයටත් වඩා තදබල එක්සත් ජාතික පාක්ෂිකයෙකු වූ නමුණුකුල බාප්පා අපේ අම්මලාගේ පිහිටට එන්නේ මේ වේලාවේදීය .
සමන්තත් අපේ ලොකු අක්කත් නමුනුකුලට රැගෙන ගිය ඔහු අපේ ගමේ ඔහුගේ පාක්ෂිකයින්ට අමතක වනතෙක් ඒ දෙදෙනා ඔහුගේ නිවසේ සිට පාසැල් යැව්වේය.
නමුණුකුල නැවතී පාසැල් ගිය අක්කත් සමන්තත් බලන්න අම්මා නිතර නිතර බාප්පලා ගෙදර ගියාය.
ඒ ගිය හැම වතාවකම බාප්පා සමන්ත ගැන අම්මා සමග ගතු කීවේය. හේතුව තද බල එක්සත් ජාතික පාක්ෂිකයෙකු ගේ නිවසේ සිටිනා අතර සමන්ත දිගටම තාත්තලා ගේ ප්‍රගතිශීලි දේශපාලනය ගැන කතා කිරීමයි.
ඊට අමතරව ඒ වන විට පහේ පන්තියේ සිටි අපේ අය්යා නමුණුකුල මහා විද්‍යාලයේ ප්‍රථම වතාවට බිත්ති පුවත් පතක් ආරම්භ කර තිබිණි.
සමන්තගේ ලිවීමේ හැකියාව දුටු විදුහල්පති තුමා ඔහු බිත්ති පුවත් පතේ කතෘ තුමා බවටද පත් කර තිබිණි.
එක් වරක් තම දුව සහ පුතා බලන්නට නමුණුකුල ගිය අම්මා බාප්පා ගෙන් ඔවුන්ගේ වැඩ ගැන අසා ඇත.
"අය්යා කොහොමද කොල්ලගෙයි කෙල්ලගෙයි ඉස්කෝලේ වැඩ එහෙම ? "
"කෙල්ල ගෙන් නම් කරදරයක් නෑ නංගි හැබැයි කොල්ලා නම් ගානට වැඩියි "
"ඒ කිව්වේ අය්යා ? "
"නංගි උඹේ කොල්ලා හිතන් ඉන්නේ එයා මහලොකු ලියන්නෙක් කියලා . ඔය හැමතැනම කතුරු කතුරු ගගා ලිය ලියා ඉන්නේ "
" මම නම් දන්නා කතුරක් නෑ හැබැයි ඔහොම ගියොත් මහා අමාරුවක තමයි මෙයා වැටෙන්නේ "
එසේ කියමින් සමන්තගේ බිත්ති පුවත් පත් කලාව ඇතුළු ලිවීමට විරුද්ධව කතා කර ඇති නමුණුකුල බාප්පා එක් වරම තම කේන්තිය පිට කර ඇත්තේ
මෙයා ගේ ඉතින්
"අතන කතුරු , මෙතන කතුරු , පුකේ කතුරු "
කියමින් අතක් හරහට අතක් යවා " පුකේ කතුරු කොටස" රඟ දක්වමිනි.
ගෙදර පැමිණි අම්මා ඒ රඟ දැක්වීම එලෙසම අප හට රගපා පෙන්වූ මොහොතේ මමත් චුටි නංගිත් බඩ අල්ලාගෙන සිනාසුනෙමු.
Friday, 2 December 2016
පුංචි චන්දය
දැන් කාලේ අපේ රටේ චන්දයක් තිබ්බොත් එය කුඩා යුද්ධයක ස්වරුපය ගන්නා බව නොරහසකි.
අපේ අම්මලා තාත්තලා කියන්නේ 1977 ට පෙර තිබු චන්ද ව්‍යපාර ඉතා විනෝදජනක ඒවා වූ බවයි.
අවාසනාවකට මට සහ අපේ පවුලේ සියළු දරු දැරියන්ට මතකයේ රැඳී ඇත්තේ 1977 ජන්දය සහ ඉන් පසුව පැවති ලාම්පු -කළගෙඩි ජන්දය වැනි යම් යම් කළබල කාරී සිදුවීම් ඇතුළත් ජන්ද ව්‍යාපාරයි.
ඔබ දැන් මා නැවතත් දේශපාලනය සම්බන්ධ ලියවිල්ලකට යොමුවනවා යැයි හිතනවා ඇති.
නෑ මේ කියන්න යන්නේ අපේ සමන්ත , අක්කා , චුටි නංගි සහ මා සම්න්ධ වූ "පුංචි චන්දයක් " ගැනයි.
ඒ වනවිට කුඩා දරුවන් වූ අප නිවසේදී එකිනෙකට වෙනස් ආකාරයේ සෙල්ලම් වල යෙදෙන්නෙමු.
"ඒයි චුටි , චුටි පුතා වරෙල්ලා සෙල්ලම් කරන්න "
කණඩායමේ නායකයා වූ සමන්ත අය්යා අප සෙල්ලමට කැ ඳවුයේය.
"අද මොකක්ද අපි කරන සෙල්ලම? "
"අපි මගුල් ගෙදරක් තියමු " යෝජනාව අපේ චුටි නංගි ගෙනි.
" නෑ ඒක හරියන්නේ නෑ ඒකට මනමාලියෙක් , මනමාලයෙක් වගේම අෂ්ටක කියන්න කට්ටියත් එපැයි.
මල්කා, කළු එහෙම මෙහේ ආපු දවසක ඒ සෙල්ලම කරමු.
අද අපි වෙන සෙල්ලමක් කරමු. "
සමන්ත චුටි නංගි ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එය ක්‍රියාත්මක කිරීම පසුවට කල් දැම්මේය.
"ඒයි ශාන්ත ඒක නෙවෙයි අපි අද චන්දයක් තියමුද? "
යෝජනාව ලොකු අක්කා ගෙනි.
"අන්න හොඳයි . අපි චන්දයක් කරමු .
හරි දැන් පක්ෂ දෙකට කට්ටිය බෙදෙන්න වරෙල්ලා "
සමන්ත අය්යා අපි කට්ටිය චන්දයට සහභාගී වන පක්ෂ දෙකට වෙන් කල යුතු බව සඳහන් කළේය.
චන්ද සෙල්ලමට අප කණ්ඩායම් දෙකකට බෙදිය යුතු විය.
බොහෝ විට පිරිසේ නපුරුම සහ ගණන් කාරම සාමාජිකයා වන්නේ වයෙසෙන් වැඩිම කෙනා වූ සමන්තයි.
ඔහු අප සියළු දෙනා භය කරගෙන ඉන්නා නිසා මා බොහෝවිට සිට ගන්නේ අක්කා සමගය.
එදත් මම ඉක්මණින්ම අක්කාගේ පක්ෂයට එකතු වුයේ චුටි නංගිට විකල්ප පක්ෂයක් ඉතිරි නොකරමිනි.
ඇය වෙනදා මෙන්ම එදත් සමන්තගේ පැත්තේ කණ්ඩායමට එකතුවුවාය.
ප්‍රධාන පක්ෂ දෙක එක්සත් මහජන පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පෙරමුණ වැනි අමුතු නම් දෙකක් ලබා දෙමින් වෙන් කෙරුවේ සමන්ත විසිනි.
ලොකු අක්කා එක්සත් මහජන පක්ෂයේ නායිකාව වුවාය . මම එම පක්ෂයේ ලේකම් තුමා වුයෙමි.
සමන්ත පෙරමුණේ සභාපති වූ අතර චුටි නංගි එහි ලේකම් තුමිය වුවාය.
ඉන් අනතරුව සිදු වුයේ පක්ෂ ලකුණු තෝරා ගැනීමයි. එය පක්ෂ නායකයාට අයිති කාර්යක් බව ශ්‍රී ලංකා මහජන පෙරමුණේ සභාපති තුමා විසින් දැනුම් දුන්නා පමණි.
"අපේ පක්ෂේ ලකුණ බෝතලය " ලොකු අක්කා වහාම තම පක්ෂ ලකුණ සභාවට හෙළි කලාය.
" සමන්ත උඹලා ගේ පක්ෂේ ලකුණ මොකක්ද ? " ඇය තම ප්‍රතිවාදියා ගෙන් විමසා සිටියාය .
"අපි තවම ලකුණක් ගැන හිතනවා . නේද ලොකු අය්යා ? "
චුටි නංගි හඬ ඉස්සර කලාය.
"හු... හු .. මෙන්න මුන් දැන්මම පැරදිලා . තවම තමන්ගේ පක්ෂේ ලකුණ ගැනවත් හිතලා නෑ. "
මම චන්දය ආරම්භ වන්නටත් මත්තෙන් අපේ පැත්තේ සටන් ව්‍යාපාරය පටන් ගත්තෙමි.
"අනේ පලයන් බන් යන්න . බෝතලේ දිනන්නේ කොහෙද ?
අපි ලකුණක් හිතා ගෙන හිටියේ අපේ ලේකම් තුමියට දැනුම් දෙන්න බැරිවුණාට.
අපේ ලකුණ තමයි පනාව.
අපි පාටකුත් තේරුවා අපේ පාට නිල් "
සමන්ත මට සමච්චල් කරමින් සිය පක්ෂයේ චන්ද ලකුණ සහ වර්ණය ජනතාව හමුවේ තැබීය.
"උඹලා එහෙමනම් කොළ පාට ගනිල්ලා " ඔහු අපේ පක්ෂයේ පාටද තීරණය කර තිබිණි.
"හා.. හා නිල් පනාව ? හරියට පල්ලැහැ පොඩි බාප්පාගේ හිල් පනාව වගේ "
මම නැවතත් සමන්තලා ගේ චන්ද ලකුණ සමච්චලයට ලක් කෙළේ අපේ තාත්තගේ මල්ලි කට කොණකින් දානා සමච්චල් හිනාවද මතක් කරමිනි.
"හරි හරි බලමුකෝ පනාවද බෝතලේද දිනන්නේ කියලා. නේද ලොකු අය්යා ? "
"නිල් පනාව" පක්ෂයේ ලේකම් තුමිය පක්ෂ දෙකේම ලොක්කා වූ සමන්ත දෙස බලමින් පැවසුවාය.
ඇය කවදත් ලොක්කා සමග එකතු වුයේ ඔහුට ඇති භය වගේම ඔහු හොඳින් හෝ නරකින් සෙල්ලම් ගෙදර ජයග්‍රාහකයා වන බවද හොඳින් දන්නා නිසාය.
චන්ද සටන ඇරඹේ
මුලික පක්ෂ වැඩ වලින් පසුව එළැඹියේ චන්ද ප්‍රචාරක වැඩ පිළිවෙලයි. පුංචි චන්දයක් වුවද මහා චන්දයකට නොදෙවිනි පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කෙරිණි.
සුදු පාට හාෆ් ෂිට් කොළ ඉවර වෙන තෙක් නිල් පාටින්
"පනාව දිනවමු",
"පනාවට ජය"
"අපි පනාවට , පනාව අපිට " වැනි සටන් පාඨ ලියවුණේ මුතු කැට වන් අකුරිනි.
ඒ පක්ෂ නායක සමන්තගේ අත් අකුරුය.
අපේ පැත්තේ සටන් පාඨ සකස් කලේ අක්කා විසිනි
සමන්තලාගේ මෙන් තම චන්ද ලකුණ ඉල්ලක්ක කර නොගත් ඒවා විරුද්ධ පක්ෂයේ ලකුණට මඩ ගහන වර්ගයේ ඒවා විය .
හාෆ් ෂිට් එකක් පුරා
"හිල් පනාව අපට එපා "
"කුණු පනාව අපට එපා"
වැනි සටන් පාඨ ලියන ලෙස මට උපදෙස් දුන්නේ සභාපති අක්කා විසිනි.
මමත් සමන්තට නොදෙවිනි මුතුකැට අකුරින් අපේ පක්ෂයේ පෝස්ටර ව්‍යාපාරය ආරම්භ කලෙමි.
ගෙදර එළිය පැත්තේ බිත්ති වල , කක්කුස්සියේ බිත්තිය ආදී තැන් වල පෝස්ටර් ඇල වීම සිදු විය.
අප පෝස්ටර් ඇලවූ වහාම නිල් පක්ෂයේ කට්ටිය ඒ දෙස බලා ගෙන ගියේ අධික කෝපයකිනි.
හේතුව අප ඔවුන්ගේ චන්ද ලකුණ අපහාසයට ලක් කිරීමයි .
අක්කත් මමත් අපේ පක්ෂ කාර්යාලය ( ලොකු කනප්පුව උඩින් රෙද්දක් දමා සකස් කල ) අසලට වී සිටිද්දී කෝපයට පත් අනෙක් පක්ෂයේ අය වහ වහා පෝස්ටර් අඳිනු පෙනුණි.
සුළු මොහතකින් දෙවන වටයේ පෝස්ටර් ව්‍යාපාරය ඇරඹුණේ තරමක් සැර බර සටන් පාඨ වලිනි.
ඉන් මගේ සිත්ගත් සටන් පාටයක් වුයේ සමන්ත විසින් නිර්මාණය කල බෝතලයක් ඇඳ ඒ වටා
"බෝතලයට ගූ පුරවමු "
යන ආකර්ශනීය චන්ද පෝස්ටරයේ වූ සටන් පාඨ යයි.
පෝස්ටර් බලමින් යන අතරේ මේ දුටු සභාපති අක්කා වහ වහා අපේ කනප්පු කාර්යාලය වෙත දුව ගියාය.
මම ලියන්නටත් පෙර කොලපාට පැලැටිග් නම් එක අතට ගත් ඈ පොල්ගෙඩි අකුරින් හාෆ් ෂිට් ගණනාවකම තම පිළිතුරු පෝස්ටරය ඇන්දාය.
බෝතල් සටන් පාඨය මෙන්ම ආකර්ශනිය වූ එම පෝස්ටරයේ ලියා තිබුනේ
"පනාව කක්කුස්සියට දමමු " කියාය.
පනාවේ සහ බෝතලයේ ගුණ අගුණ විස්තර කරමින් රැස් වීම් කිහිපයක් ද මේ වන විට පැවැත් වී තිබුණි.
එහෙත් වලියට බර පෝස්ටර් ව්‍යාපාරය නිසා චන්දය පවත්වන්නත් පෙර උදා වුයේ චන්ද ගැටුම් ව්‍යාපාරයයි .
කුස්සිය පැත්තේ අගුව දෙසට ගිය අපේ පක්ෂ සාමාජිකයින් බිත්තිය මුල්ලට වී සැඟවී සිටියේ අනෙක් පක්ෂයේ අයට පහර දීමටයි.
සැඟවී සිට පහර දීමෙන් ආරම්භ වූ චන්ද ගැටුම් උත්සන්න වීම නිසා සෙල්ලම් කිරීම නවතා පැනයාමට මුලින්ම තීරණය කලේ චුටි නංගි විසිණි.
දෙවනුව සමන්තත් ඉවත් වීමත් සමග පුංචි චන්දයේ වැඩ කටයුතු නිමාවට පත් විය.
Tuesday, 15 November 2016
ලලිත කලා සහ කලාත්මක වෛද්‍ය ශිෂ්‍යයා
මේ සිද්ධිය සිදුවුණේ මම නුවරට ඇවිත් මාස කිහිපයක් ඇතුළත.
ඒ වනවිට මම කඩුගන්නාව පාරෙන් කුලියට ගෙයක් හොයාගෙන ගතවී තිබුනේ දින කිහිපයක් පමණයි.
එමෙන්ම මා නැවතී සිටි නිවසේ සරප් මහතා හා සාකච්චා කර ගත් පරිදි ප්‍රධාන පාර අයිනේ කඩයක උඩ තට්ටුව මගේ පුද්ගලික බෙහෙත් ශාලාව ආරම්භ කරන තැන ලෙස තෝරාගෙනයි හිටියේ.
බෙහෙත් ශාලාවට ලැබුණු ගොඩනැගිල්ල අළුතින්ම සදා කළු පැහැති දිග විදුරු දැමු ලස්සන තැනක්.
ඒ නිසාම වෙන්න ඇති අයිතිකාර මුදලාලි මගෙන් මාසික කුලිය විදිහට රුපියල් 3500ක් අය කරන්න තීරණය කලෙත්.
පොලේ ඉදිරි වැඩ කටුයුතු ගැන සාකච්චා කරන්න මම දවසක් මා සිටි නිවසේ උඩ තට්ටුවට පිය මැන්නා .
"තාත්තේ මෙන්න ඩොක්ටර් අය්යා ඇවිත් " සුනන්ද මහත්තයා ( සරප් මහතා ) ගේ පොඩි දුව මා පැමිණි බව ඔහුට දැනුම් දුන්නා.
" ආ.. එන්ට ඩොක්ටර් වාඩි වෙන්න . කොහොමද අලුත් ගොඩනැගිල්ල බලන්ට ගියාද ? "
"ඔව් ඔව් සුනන්ද මහත්තයා. ඒ ගැන කතා කරගන්නත් තමයි මම මේ ආවේ "
" ඒ කිව්වේ ඩොක්ටර් ? තැන හරි නැද්ද ? "
" නෑ .. නෑ තැන හොඳයි . ඒකෙ පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න "
"පළවෙනි එක ඒ කාමරේ පාටිෂන් කර ගන්න ඕනේ. මම ඉන්න තැනයි . ලෙඩ්ඩු බලන තැනයි වෙන් කරලා .
තව එකක් බිල්ඩිමට වතුර සප්ලයි එක තිබ්බට මගේ කාමරේට සින්ක් එකක් නෑ ඒක හදා ගන්න ඕනේ"
"හරි ඩොක්ටර් මට මතක් වුණා .
ඕකට හරියනම මනුස්සයා තමයි අර කැම්පස් එකේ වැඩ කරන සෝමදාස වඩු බාසුන්නැහැ.
අපි මිනිහට කියමු එයා ඔය වැඩ ටික කරලා දෙයි. ඩොක්ටර් කැමති නම් මම කතා කරන්නම් . "
සුනන්ද මහත්තයා මා වෙනුවෙන් ඒ ගණුදෙනුව කතා කර ගන්නට පොරුන්දුවිය.
"ඒක නෙවෙයි ඩොක්ටර් ඕකට ලස්සන බෝඩ් එකකුත් දාන්න වෙයි නේද ?
සුදුපාට එළිය පෙට්ටියක් වගේ බෝඩ් එකක් දැම්මා නම් ඈතට පෙනෙන විදිහට ? "
සුනන්ද මහත්තයා මා කතා කරන්නට පැමිණි අනික් කාරණය මටත් කලින්ම සාකච්චා මේසයට ගෙනාවේය.
"ඔව් ඔව් මමත් ඔය ගැන හිතුවා . බෝඩ් අඳින්න හොඳ තැනක් හොයාගන්න ඕනේ .
මම අද හවස කිරිබත්කුඹුරේ ගියාම දුමි අය්යා ගෙන් අහන්නම් මිනිහා දන්නවා ඇති"
'ඩොක්ටර් නමක් එහෙම හිතලද තියෙන්නේ ? "
" ඔව් ඔව් මම හිතුවා Family Care Medical Center නම දාන්න .ඒක හොඳයි නේද ? "
"හොඳයි හොඳයි ඩොක්ටර් එහෙනම් මෙහෙම කරමු .
මම සෝමදාස බාස් එක්ක කාමරේ පිළිවෙලක් කරන එක කතා කරන්නම් ඩොක්ටර් බෝඩ් එකේ වැඩේ බලන්නකෝ "
ඒ අනුව සුනන්ද මහත්තයා මගේ පොල අලංකාර කිරීමේ ගණුදෙනුව සෝමාදාස බාසුන්නැහැට භාර දී තිබුනේ රුපියල් දහදාහකටය.
ඒ ගාස්තුවට හාර්ඩ් බෝර්ඩ් ගසා කාමරය පාටිෂන් කිරීමත් , කොලපාට තිර දමා එය අලංකාර කිරීමත් , අත් සේදීමට සින්ක් එකක් සහ ලෙඩ බැලීමට ලෙඩ ඇඳක් සකස් කිරීමත් ඇතුලත් විය .
අනෙකුත් අවශ්‍ය උපකරණ වූ වෛද්‍යවරයාගේ මේසය සහ හාන්සි පුටුව මම නුවර ගෘහ භාණ්ඩ කඩයකින් මිලදී ගත්තෙමි.
ලලිත කලා කලා ආයතනය
සුනන්ද මහත්තයා සමග කතිකා කරගත් පරිදිම බෝඩ් ඇඳීම ගැන විමසන්නට මම දුමි අය්යා හමු වුනෙමි.
"ආ මල්ලි කොහොමද ? කාලෙකින් ? උඹලට අලුත් තැන් හම්බ වුණාම අපි අමතකයි ආ ? "
දුමියා පුරුදු භාෂාවෙන් මා ඇමතුවේ වින්කලයේ වැඩ මදකට නවතා රෙදි කඩ මාල්ලකින් අත පිහින ගමන්මය.
" නෑ දුමි අය්යා කැම්පස් එකේ වැඩයි අලුත් ප්‍රයිවෙට් එක පටන් ගන්න එකේ වැඩයි නිසා මේ පැත්තේ එන්න වෙලාවක් වුනේ නෑ "
" කොහොමද උඹ දැන් පොළ පටන් ගත්තද මචං ?
ඔන්න පටන් ගත්තු ගමන් කියන්ට ඕනෑ.
අපිත් එනවා පොඩි උන් දෙන්නට එහෙම උඹෙන් බෙහෙත් ගන්ට ඈ "
"හරි හරි ඒවා බැරියැ පස්සේ ඉස්සෙල්ලා මට බෝඩ් එකක් ඇඳ ගන්ඩ තැනක් කියපන්කෝ ? "
මම දුමි අය්යාට මා ඔහු හමුවීමට පැමිණි කාරණය පැහැදිලි කලෙමි.
" මල්ලි ඔය කිරිබත්කුඹුරේ හන්දියේම ලලිතකලා කියලා බෝඩ් එකක් ගහලා පොඩි කඩයක් තියෙනවා උඹට මතකද? "
" ඔව් ඔව් අර බස් හෝල්ට් එකට පොඩ්ඩක් උඩහින් තියෙන්නේ ?"
"ඔතන ඉන්න පොර බෝඩ් අඳිනවා මචං . හැබැයි පොර ගෑණිට බයයි ගෑණි හා කිව්වොත් තමයි මෑන් වැඩේ බාර ගන්නේ "
" ඉතිං අය්යා මම ගෑණි තියා මිනිහා වත් අඳුරන්නේ නෑ නේ ? "
" හරි හරි හිටපන්කෝ ඉතිං කියනකන් පනින්නේ නැතිව .
මම උඹත් එක්ක ඇවිල්ලා කට්ටිය අඳුන්වලා දෙන්නම් . හැබැයි ඉතිරි හරිය උඹට කරගන්න වෙයි මස්සිනා "
දුමි අය්යා කියාගෙන ගියේ නියම වින්කල් බාස් කෙනෙක්ගේ භාෂාවෙනි.
දුමියා ගේ බයික් එකේ පිටිපස්සේ එල්ලුණු මම ඔහුත් සමග කිරිබත්කුඹුර හංදියට ගියෙමි.
" ගෙදර කවුද ? ගෙදර කවුද ? "
කොළඹ- නුවර පාරේ තිබු ලලිතකලා ගෙදර/කඩේ දොර ලෑලි දෙකක් ඉවත් කල තැනින් ඔලුව දැමු දුමි අය්යා නිවැසියන් ඇමතුවේය.
" ආ මම මේ කවුද බැලුවා දුමින්ද මල්ලිනේ එන්න එන්න "
"කෝ අය්යා ? "
එයා අන්න පිටිපස්සේ බෝඩ් වගයක් අඳිනවා .
"මේ මගේ යාළු දොස්තර මහත්තයෙක් එයත් ලයනල් අය්යාට කියලා බෝඩ් එකක් හදව ගන්න ආවේ "
දුමි ගෙදර ගෘහ මුලිකාවට මා හඳුන්වා දුන්නේය.
"එන්න මහත්තයා වාඩි වෙන්න මං ලයනල් ට එන්ට කියන්නම් "
" නෑ නෑ ඕනේ නෑ එයා වැඩ කරන තැනට අපි එන්නම් කෝ " කියමින් මම බෝඩ් අඳින්නා සිටි ඇතුල් කාමරය දෙසට පිය මැන්නෙමි .
ඉරි ඉරි සරමක් හැඳ ගත් කුඩා මිනිසෙක් බිම දන ගසාගෙන ලොකු නාම පුවරුවක් අඳිමින් සිටියි.
දුමි අය්යා ලයනල් ට අප පැමිණි කාරණය කියන්නට විය .
"මේකයි අය්යා ඩොක්ටර් ට ඕනේ කියන්නේ අර ටියුබ් ලයිට් දෙකක් ඇතුලට දාලා හදන ලස්සන සුදුපාට බෝර්ඩ් එකක් .
සයිඩ් එකෙනුත් පොඩි එකක් එල්ලන්න පුළුවන් නම් හොඳයි නේද මල්ලි ? "
යැයි ඔහු මා ගෙන් විමසුවේ පාරේ ඈතට පෙනෙන්නට එල්ලන දැන්වීම් පුවරුවක් ගැනයි.
අවසානයේ එලෙස බෝඩ් දෙකක් සකස් කරදෙන ලෙස ලලිතකලා ට ඕඩරයක් භාර දුන්නෙමු.
ඒ අතර මා නෙත ගැටුනේ කාමරයේ අනෙක් කොණේ ලයනල්ට උදව්වට බෝඩ් අඳිනා තරුණ කොළු ගැටයෙකි.
ඔහු සිටියේ බිම බලාගත් වනම නිසා මුහුණුවර හරියට පෙනුණේ නැත.
"ලයනල්ට උදව්වට කෙනෙකුත් ඉන්නවා වගේ ? "
කියමින් මම නිහැඬියාව බින්දේ තරුණයාගේ මුහුණ බලා ගන්නට අවශ්‍ය වූ නිසයි .
බොකුටු හිසකෙස් සහිත ඒ හීන්දෑරි කොළු ගැටයා මගේ ගැටයට අසුවුයේ එක් වරම හිස ඔසවා බැලිය.
"සර්"
"ආ ඔයා කොහෙද මෙහේ ? ඔයා අපේ ෆස්ට් ඉයර් එකේ ස්ටුඩන්ට් කෙනෙක් නේද? "
තරුණයා හඳුනාගත් මම විමතියට පත්වුනෙමි.
"ඔව් සර් මගේ ගෙවල් නම් මෙහේ නෙවෙයි ගම්පොළ .
හවසට හවසට පොඩි පාර්ට් ටයිම් එකක් කරනවා සර් ලයනල් අංකල් ට උදව් කරනවට මට පොඩි ගෙවීමක් කරනවා "
ඔහු ලලිතකලා ළඟ කලා කරුවෙක් ලෙස අතිරේක රැකියාවක් කරනා බව මා සමග පැවසිය.
හොඳයි හොඳයි එහෙනම් අංකල් එක්ක එකතුවෙලා මගේ වැඩේ කරලා දෙන්නකෝ .
කියමින් මා එතනින් සමුගත්තේ මගේ ශිෂ්‍යයෙක් ලලිතකලා ළඟ වැඩ කරන බව දුමිටද ඒත්තු ගන්වමිනි.
ගුරු ගෝල ගණුදෙනු
පසුදා විශ්ව විද්‍යාලයට ගිය මා වෙනදාට වඩා උවමනාවෙන් සිසුන් දෙස බැලුවා කිවොත් නිවැරදිය .
ඒ ගම්පොළ පැත්තේ සිට එන බොකුටු කොණ්ඩයක් ඇති උස කෙට්ටු සිසුවා සොයා ගන්නා අරමුණ ඇතිවයි.
උදේ වරුවම ගතවුයේ මගේ උත්සාහයේ කිසිදු ප්‍රතිඵලයක් නැතිවයි.
වැඩේ හරියන පාටක් නැතිබව දැනගත් මම මගේ හිතවතා ප්‍රේමදාස ගේ සහය පතන්නට තීරණය කලෙමි.
ප්‍රේමදාසත් වැඩට එන්නේ ගම්පොළ පැත්තේ සිට නිසා වැඩේ සාර්ථක විය හැකිය.
"ප්‍රේමේ මෙහේ එනවකෝ ? "
"ඇයි සර් හදිස්සියක්ද? "
" නෑ නෑ මට ස්ටුඩන්ට් මහත්තයෙක් හොයා ගන්න ඕනේ "
" සර් අර කාර් විකුණන මහත්තයද ? එයා නම් නිතරම කැම්පස් එන්නේ නෑනේ "
" නෑ නෑ අයිසේ මම නම නම් දන්නේ නෑ.
ගම්පොළ පැත්තේ ඉඳලා එන්නේ උස සුදු කොන්ඩේ පොකුටු ස්ටුඩන්ට් කෙනෙක් , ෆස්ට් ඉයර් එකේ ඉන්නවා කිව්වේ ."
හරි සර් අද හවස ප්‍රැක්ටිකල් එක තියෙනවා නේ එකේදී බලමු මම සර්ට පෙන්නන්නම් කෝ ගම්පොළ ඉදන් එන මහත්තුරු ටික "
අන්න හරි තමුසේ එනවා අද ප්‍රැක්ටිකල් එකට අපි එකතුවෙලා හොයමු මෑන්ස් ව ."
දිවආහාරය ගත් මම ප්‍රායෝගික පංති තිබෙන ගොඩනැගිල්ල වෙත පියමැන්නෙමි. කතා කරගත් පරිදි ප්‍රේමදාසද ඒ පැත්තේ කැරකෙමින් සිටිනු දුටුවෙමි.
"සර් සර් අර මහත්තයද බලන්න "
ප්‍රේමදාස මට අවශ්‍ය පුද්ගලයා යැයි කිව හැකි ශිෂ්‍යයෙක් වෙත මගේ අවධානය යොමු කළේය.
"ඔව් ඔව් මට හිතෙන්නේ මෑන්ස් තමයි . ප්‍රේමේ ගිහිල්ලා ඒ සර්ව මෙහාට එක්කං එන්නකෝ "
"කවිඳු සර් මට කතා කලාද? "
" කොහොමද ඔයා නේද ඊයේ කිරිබත්කුඹුරෙදි මට මුණ ගැහුණේ ?"
"ලලිතකලා එකේදී නේද සර් ? ඔව් මම තමයි ."
" ඔයා එතන වැඩ කරනවට හොඳට ගෙවනවද ? "
"පොඩි ගාණක් දෙනවා සර් . එදිනෙදා වියදමට ඇති ඉතිං "
"ඒක නෙවෙයි . ඔයා තනියෙන් වැඩ භාර ගන්නේ නැද්ද ?
මගේ ප්‍රයිවෙට් එකේ විදුරුවල අකුරු ලියන්න වැඩකුත් තියෙනවා "
"නෑ සර් දැනට නම් ලයනල් අංකල් ගේ වැඩ වලට උදව් වෙන එක තමයි කරන්නේ "
"හරි ළමයා ලයනල්ට දෙන මුළු ගානම මම ඔයට දෙන්නම්.
ඇවිල්ලා මගේ පොලේ ලේ මුත්‍රා පරික්ෂා කරනවා, ඊ සී ජී කරනවා එහෙම කියලා අකුරු ටිකක් වීදුරුවේ ගහනවා "
එහෙනම් අද හවසට එනවද තැන බලන්න. ඊට පස්සේ මම ඔයාට වැඩේ භාර දෙන්නම්."
ඒ අනුව ලොකු බෝර්ඩ් දෙක ලලිත කලාට භාරදුන් මා ඉතිරි වැඩ ටික මගේ ශිෂ්‍ය යාට කෙලින්ම භාර දුන්නෙමි.
එදින හවස මා කුලියට ගත් අළුත් බිල්ඩිමට පැමිණි ඔහු දින කිහිපයක් තුල
" ලේ සහ මුත්‍රා පරික්ෂා කරනු ලැබේ ",
"නෙබියුල්යිස්ර් ප්‍රතිකාර , රුධිර සීනි පරික්ෂාව , පවුල්සැලසුම් එන්නත් "
කරනු ලැබේ වැනි වාක්‍ය රාශියක් පාරට පෙනෙන ලෙස කළු විදුරු මත ඇන්දේය.
මා ඊට අදාළ මුදල් මා අතින් කෙලින්ම ඔහුවෙත ලබාදුන්නේ ලලිතකලා අයකරනු ලබන කොටසද ඔහුටම ලබා ගන්නට ඉඩ සලසාදෙමිනි.
Subscribe to:
Posts (Atom)